Skip to main content

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 14

වර්චුවල් කොන්සෝල් (Virtual Console)

සීඑල්අයි එකක් සමග වැඩ කිරීටම වින්ඩෝ එකක් ආකාරයෙන් පවතින ටර්මිනල් එක ප්‍රයෝජනවත් වූවා. එහෙත් සමහර අවස්ථාවලදී (විශේෂයෙන් සමහර බරපතල සෙටිංස් සෑදීමට) අපට සම්පූරණයෙන්ම X System එක නතර කිරීමට සිදු වෙනවා. ඒ කියන්නේ ටර්මිනල් එකෙන් වැඩ කරන්නත් බැහැ. (මොකද සීඑල්අයි එකක් ලෙස පෙන්නුවත්, ටර්මිනල් එක යනු තවමත් ග්‍රැෆිකල් ක්‍රමය යටතේ පවතින දෙයක්. ඒකනේ වින්ඩෝ එකක් ආකාරයට එය අපට ලබා දුන්නේ.) මේ සඳහාද කදිම ක්‍රමයක් ලිනක්ස් හඳුන්වා දී තිබෙනවා. එය virtual console කියායි හැඳින්වෙන්නේ. සාමාන්‍යයෙන් කොන්සෝල් එකක් යනු මොනිටර් එක හා කීබෝඩ් එක යන දෙකෙහි එකතුවට කියන නමක්. පැරණි කාලයේ පරිගණකයක් පරිහරණය කරන යූසර් කෙනෙකු මොනිටරය බලාගෙන කීබෝඩ් එකෙන් තමයි සියලු දේවල් කළේ. මෙම නම සෑදුණේ එකලයි. එකල තිබුණේ මේන්ෆ්‍රේම් වැනි දැවැන්ත පරිගණකයි. එවැනි එක් පරිගණකයක් සමග යූසර්ලා සිය දහස් ගණනක් එකවර සම්බන්ධ වී වැඩ කිරීමට හැකි වූවා. මේ සෑම යූසර් කෙනෙකුට තමන්ගේ ඩෙස්ක් එක මත මොනිටරයකුත් කීබෝඩ් එකකුත් (ඒ කියන්නේ කොන්සෝල් එකක්) බැගින් තිබුණා. එහෙත් පරිගණක තාක්ෂණය දියුණු වත්ම (හා ලාභදායි වත්ම) Personal Computer (පෞද්ගලික පරිගණක) හෙවත් PC නිර්මාණය වූවා. කොන්සෝල් එකක් වෙනුවට වෙනමම (කුඩා) පරිගණක ලබාදීමට හැකි වූවා. එමනිසා, වර්තමානයේ ඔබ අප කොන්සෝල් දැක නැති වන්නට හා ඒ සමග වැඩ කර නැති වන්නට පුලුවන්. එහෙත් සමහර අවස්ථාවල මෙම කොන්සෝල් සංකල්පය ප්‍රයෝජනවත් වෙනවා. එනිසා වෙන වෙනම මොනිටර් හා කීබෝඩ් සවි කරන්නේ නැතිව, තිබෙන තනි මොනිටරය හා තනි කීබෝඩය යොදාගනිමින්ම කොන්සෝල් එකක කරපු විදියටම කටයුතු සිදු කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඇත්තටම කොන්සෝල් එකක වැඩ කරනවා ලෙස දැනුනත් ඇත්තටම තිබෙන්නේ එකම පරිගණකය (මොනිටරය හා කීබෝඩය) නිසා, ඊට වර්චුවල් කොන්සෝල් ලෙස නම ලැබී තිබෙනවා. (සාමාන්‍යයෙන් වර්චුවල් යන්නෙහි තේරුම "සත්‍ය ලෙසම නොපවතින, නමුත් ප්‍රායෝගිකව සත්‍ය ලෙසම පවතින බව දැනෙන" යන්නයි. “අතථ්‍ය” යන තනි බර වචනය ඒ සඳහා භාවිතා කෙරෙනවා.)
ඔබ කීබෝඩ් එකේ control key, alternate key, F1 key යන තුනම එකවර එබූ විට (එනම්, alt හා ctrl කී දෙක ඔබාගෙන F1 කී එක ඔබන්න), ඔබට එකවරම වර්චුවල් කොන්සෝල් එකක් දිස් වේ. මෙය tty1 ලෙස හැඳින්වේ. එය පෙර දුටු සේම සීඑල්අයි ඉන්ටර්ෆේස් එකක්. එහිදී ඔබෙන් යූසර්නේම් එකක්ද ඉන්පසු පාස්වර්ඩ් එකක්ද අසනු ඇත. ඒ දෙක නිවැරදිව දුන් විට, ඔබ පරිගණකයට ලොග්ඉන් වේ. දැන් ඔබට සීඑල්අයි ඉන්ටර්ෆේස් එකෙන් තමන්ට කැමැති කැමති දේවල් සිදු කරගත හැකියි. අවසානයේ ඉන් ලොග්අවුට් වීමට logout හෝ exit යන කමාන්ඩ් එක රන් කරන්න. ඔබ යම් වර්චුවල් කොන්සෝල් එකක වැඩ කරමින් සිටින අතරේ, අවශ්‍ය නම් තවත් වර්චුවල් කොන්සෝල් එකක් සාදාගන්න (ඕපන් කරගන්න) පුලුවන්. ඉහත ලෙසම alt, ctrl ඔබාගෙන F2 ඔබන්න. දෙවැනි වර්චුවල් කොන්සෝල් එකක් (tty2) ඕපන් වේවි, tty1 කොන්සෝල් එක වෙනුවට. මේ ආකාරයට F3, F4, F5, F6 යන කී එබීමෙන් tty3, tty4, tty5, tty6 ලෙස තවත් කොන්සෝල් ඕපන් කළ හැකියි. ඒ විතරක්ද නොවේ. ඔබේ මොනිටරයේ වරකට පෙන්විය හැක්කේ එක කොන්සෝල් එකකි. ඒකෙන් කියන්නෙ නැහැ ඔබ කලින් යම් කෝන්සෝල් එකක් හෝ කිහිපයක් ඕපන් කර ඇත්නම් ඒවා නිකංම මැකී යන බව. ඒවා තවමත් එලෙසම පසුබිමේ පවතිනවා. ඔබ එවැනි කොන්සෝල් එකක යම් කාලයක් පුරාවට සිදුවන යම් ප්‍රෝග්‍රැම් එකක් රන් කළා නම්, එය දිගටම රන් වේවි (එහෙම වෙන්නේ එම කොන්සෝල් මැකී නොගිය නිසයි). දැක්ක නේද ඔබේ තනි මොනිටරය මත දැන් කෘත්‍රිම ලෙස මොනිටර් කිහිපයක් තිබෙනවා (ඒකයි වර්චුවල් යනුවෙන් විශේෂණයක් යෙදුවේ). මොනිටරය පමණක් නොව, කොන්සෝල් එක මාරුවන විට, කීබෝඩ් එකද ඊට සමගාමිව මාරු වෙනවා.

ඔබ දැන් සිටින යම් වර්චුවල් කොන්සෝල් එකක සිට තවත් කොන්සෝල් එකකට මාරු වීමටත් ඔබ එබිය යුත්තේ ඉහත කීමයි. උදාහරණයක් ලෙස, ඔබ දැන් සිටින්නේ tty3 නම්, tty1ට මාරු වීමට, ctrl+alt+F1 ඔබන්න. ඔබ එම කොන්සෝල් එකේ කර කර හිටපු ඒවා එහි දිස්වේවි. එය හරියටම ඔබ සාමාන්‍යයෙන් කරන (ග්‍රැෆිකල්) විදියට පරිගණකයේ ෆෝල්ඩර් කිහිපයක් හෝ ප්‍රෝග්‍රැම් කිහිපයක් රන් කර, මවුස් එකෙන් ඒ එක් එක් වින්ඩෝ එක මත ක්ලික් කර බලනවා වැනි වැඩක් නේද? ඉහත සඳහන් කළ ලෙසම සාමාන්‍යයෙන් F1 සිට F6 දක්වා ඇත්තේ සීඑල්අයි ක්‍රමයට සෑදූ කොන්සෝල් වේ. ඔබ සාමාන්‍යයෙන් වැඩ කරන ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකට ඒමට ctrl+alt+F7 ඔබන්න. මේ අනුව පෙනෙන්නේ ග්‍රැෆිකල් එකද තවත් වර්චුවල් කොන්සෝල් එකක් බව නේද? F7 කොන්සෝල් එක අනෙක් කොන්සෝල්වලින් වෙනස් වන්නේ ඒ මත X System එක ක්‍රියාත්මක වීමයි.

Comments

Popular posts from this blog

දෙවැනි ගෝටාගමනය

මාලිමා ආණ්ඩුවක් පතමින් විශාල පිරිසක් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන බවක් පෙනෙන අතර, ඇත්තටම මට ආයේ මතක් වන්නේ ගෝඨාභය ජනපතිවරණයට තරග වදින කොට තිබුණු තත්වයමයි.  මාලිමාව ගෙඩි පිටින්ම කරන්නේ එකල රාජපක්කලා කරපු ප්‍රචාරණ වැඩපිලිවෙලමයි. එහෙත් කිසිදු විමසිල්ලක් නැති සිංහල තරුන වහල්ලු ජවිපෙ/මාලිමා රජයක් ආ විට බොහෝවිට ඇති විය හැකි දේවල් ගැන සිතා බලා තිබේද? ගෝඨාභය ඇන ගත් දේවල් අතර ලොකුවටම තිබුනේ විදෙස් විනිමය හිඟ වීමය. එම නිසා රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, බෙහෙත් හා තවත් අත්‍යවශ්‍ය දේ රටට ආනයනය කිරීමට බැරි විය. එනිසාම විදුලිය කපන්නට සිදු විය. තෙල් පෝලිම්වල වරුගනන් සිටින්නට සිදු විය. ඒ අත්දැකීම් එකින් එක නැවත මතක් කිරීමට අවශ්‍ය නැත මොකද අප එය හොඳටම විඳෙව්වෙමු.  එහෙත් එම අත්දැකීමට ආයේ මුහුන දීමට සිදු විය හැකි බවක් පෙනේ. කවදත් විදෙස් ණය වලින්ම විදෙස් ණය සේවාකරණය කරමින් සිටි ලංකාව මෑත ඉතිහාසයේ කිසිදා දේශීය නිෂ්පාදනය ඉහල දැමීමෙන් එම ණය ගෙවන තත්වයක සිටියේ නැත. එමනිසා නිරන්තරයෙන් අප විදෙස් ණය උගු​ලේ සිර වී සිටියා. මාලිමා රජයක් ආ සැනින් එම තත්වය කනපිට පෙරලෙන්නේ නැත. ඒ සඳහා වසර කිහිපයක් ගත වනු ඇත (ඔවුන් ...

අව් කන්නාඩියක් (sunglass) තෝර ගන්නා හැටි

මෑතකදී මා මිල දී ගත් අව් කන්නාඩියේ ප්‍රමිතිය ගැන මට ගැටලුවක් ඇති විය. දැන් මා එම ගැටලුව මුලු මනින්ම විසඳා ගත් අතර, එහි ඇති වැදගත්කම නිසා ඒ ගැන කෙටි ලිපියක් ලියන්නට සිතුනා. සමහර අය සිතන්නේ අව් කන්නාඩි පලදින්නේ සෝබනේට බවයි. ඔව්, සෝබනේටත් එය පැලදිය හැකි අතර මා සිතන්නේ ලංකාවේ බොහෝ අය එය පලදින්නේ ඇත්තටම සෝබනේට තමයි මොකද ඔවුන් මිල දී ගන්නා අව් කන්නාඩියේ තිබිය යුතු වැදගත් අංග මොනවාද යන්න ගැන අවබෝධයක් නැති අතර, හුදෙක්ම එහි හැඩය ගැන පමනයි සලකන්නේ. පලමුව කිව යුත්තේ ප්‍රමිතිගත අව්කන්නාඩි පැලදීම ඇත්තටම ඉතාම හොඳ සෞඛ්‍යසම්පන්න පුරුද්දක් බව. ඊට හේතු කිහිපයක් තිබේ. එලිමහනේ යද්දී හෝ සිටිද්දී අපේ ඇසට සාමාන්‍ය ආලෝකයට පමනක් නොව පාරජම්බූල කිරන (ultraviolet rays - UV rays) පවා ඇතුලු වේ. පාරජම්බූල කිරන යනු ඇසට පමනක් නොව, බොහෝ දේවලට අහිතකර කිරණ විශේෂයකි (හරියට එක්ස්රේ වගේ දරුනුයි යැයි සිතන්න). ඉතිං, එක්ස් කිරණ මෙන්ම පාරජම්බූල කිරණද අපේ ඇසට කොතරම් ඇතුලු වුවත් අපට එය තේරෙන්නේ නැත (ඇස සංවේදී නැත). ඉතිං, පාරජම්බූල කිරණ ඇසට ඇතුලු වූ විට ඇසේ සුද මතු වේ. අද එය සුලභ රෝගයකි (බොහෝ අය කාච දමන්නේ එම රෝගය නිසාය).  ඉති...

ලංකාවේ දේශපාලන පවුල්

තරමක ඕපාදූපයක් ගැන ලියන්නට හිතුනා. මේක දේශපාලන ඔපාදූපයක්. ලංකා දේශපාලනය හැඩගැස්වීමට (හොඳට නරකට) මූලික වූ දේශපාලන චරිත හා පරම්පරා කිහිපයක තොරතුරු ටිකක් ගැනයි මේ සටහන. ඔවුන් එකිනෙකා නෑයෝ. අන්න ඒ නෑදෑකම් ගැන පමනයි මා මෙහිදි සටහන් කරන්නට සිතන්නේ. සේනානායක, බණ්ඩාරනායක, ඔබේසේකර, විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල ආදී පරම්පරා අතර තිබෙන නෑ සබඳතා ගැනයි මේ විමසුම. එහෙත් ඒ ගැන ලිවීමට පෙර මේ මොහොතේ සමාජ මාධ්‍ය තුල පක්ෂ විපක්ෂව කතා කෙරෙන ජනපති අනුර හා පිරිසගේ විදෙස් සංචාර වියදම හා ඊට සාපේක්ෂව හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාරක වියදම ගැනත් කෙටියෙන් සටහනක් තැබීමට කැමතියි. හිටපු ජනපතිවරුන්ගේ, විශේෂයෙන් මහින්ද රාජපක්කගේ විදෙස් සංචාර ගැන අපට ඇත්තටම ඇත්තේ පිලිකුලකි. උන් රටේ දුප්පත් ජනයාගේ වියදමින් එම ගමන් බිමන් ගියේ හා විනෝද වුනේ ධනවත් කුවේරයන් මෙනි. ඒ ගැන තිබෙන පිලිකුල එලෙසම නොවෙනස්ව තිබේ. ඊට සාපේක්ෂව අනුර කුමාරගේ වියදම රුපියල් ලක්ෂ 18ක් බව පැවසේ. මේ ගැන චාමර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කලා. අනුරට බාගේ ටිකට් කඩලද දන්නේ නැහැ යනුවෙන් ඔහු කල හාස්‍යජනක ප්‍රකාශය ඇත්තටම ඇසිය යුතු ඉතාම නිවැරදි ප්‍රකාශයය...