Skip to main content

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 14

වර්චුවල් කොන්සෝල් (Virtual Console)

සීඑල්අයි එකක් සමග වැඩ කිරීටම වින්ඩෝ එකක් ආකාරයෙන් පවතින ටර්මිනල් එක ප්‍රයෝජනවත් වූවා. එහෙත් සමහර අවස්ථාවලදී (විශේෂයෙන් සමහර බරපතල සෙටිංස් සෑදීමට) අපට සම්පූරණයෙන්ම X System එක නතර කිරීමට සිදු වෙනවා. ඒ කියන්නේ ටර්මිනල් එකෙන් වැඩ කරන්නත් බැහැ. (මොකද සීඑල්අයි එකක් ලෙස පෙන්නුවත්, ටර්මිනල් එක යනු තවමත් ග්‍රැෆිකල් ක්‍රමය යටතේ පවතින දෙයක්. ඒකනේ වින්ඩෝ එකක් ආකාරයට එය අපට ලබා දුන්නේ.) මේ සඳහාද කදිම ක්‍රමයක් ලිනක්ස් හඳුන්වා දී තිබෙනවා. එය virtual console කියායි හැඳින්වෙන්නේ. සාමාන්‍යයෙන් කොන්සෝල් එකක් යනු මොනිටර් එක හා කීබෝඩ් එක යන දෙකෙහි එකතුවට කියන නමක්. පැරණි කාලයේ පරිගණකයක් පරිහරණය කරන යූසර් කෙනෙකු මොනිටරය බලාගෙන කීබෝඩ් එකෙන් තමයි සියලු දේවල් කළේ. මෙම නම සෑදුණේ එකලයි. එකල තිබුණේ මේන්ෆ්‍රේම් වැනි දැවැන්ත පරිගණකයි. එවැනි එක් පරිගණකයක් සමග යූසර්ලා සිය දහස් ගණනක් එකවර සම්බන්ධ වී වැඩ කිරීමට හැකි වූවා. මේ සෑම යූසර් කෙනෙකුට තමන්ගේ ඩෙස්ක් එක මත මොනිටරයකුත් කීබෝඩ් එකකුත් (ඒ කියන්නේ කොන්සෝල් එකක්) බැගින් තිබුණා. එහෙත් පරිගණක තාක්ෂණය දියුණු වත්ම (හා ලාභදායි වත්ම) Personal Computer (පෞද්ගලික පරිගණක) හෙවත් PC නිර්මාණය වූවා. කොන්සෝල් එකක් වෙනුවට වෙනමම (කුඩා) පරිගණක ලබාදීමට හැකි වූවා. එමනිසා, වර්තමානයේ ඔබ අප කොන්සෝල් දැක නැති වන්නට හා ඒ සමග වැඩ කර නැති වන්නට පුලුවන්. එහෙත් සමහර අවස්ථාවල මෙම කොන්සෝල් සංකල්පය ප්‍රයෝජනවත් වෙනවා. එනිසා වෙන වෙනම මොනිටර් හා කීබෝඩ් සවි කරන්නේ නැතිව, තිබෙන තනි මොනිටරය හා තනි කීබෝඩය යොදාගනිමින්ම කොන්සෝල් එකක කරපු විදියටම කටයුතු සිදු කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඇත්තටම කොන්සෝල් එකක වැඩ කරනවා ලෙස දැනුනත් ඇත්තටම තිබෙන්නේ එකම පරිගණකය (මොනිටරය හා කීබෝඩය) නිසා, ඊට වර්චුවල් කොන්සෝල් ලෙස නම ලැබී තිබෙනවා. (සාමාන්‍යයෙන් වර්චුවල් යන්නෙහි තේරුම "සත්‍ය ලෙසම නොපවතින, නමුත් ප්‍රායෝගිකව සත්‍ය ලෙසම පවතින බව දැනෙන" යන්නයි. “අතථ්‍ය” යන තනි බර වචනය ඒ සඳහා භාවිතා කෙරෙනවා.)
ඔබ කීබෝඩ් එකේ control key, alternate key, F1 key යන තුනම එකවර එබූ විට (එනම්, alt හා ctrl කී දෙක ඔබාගෙන F1 කී එක ඔබන්න), ඔබට එකවරම වර්චුවල් කොන්සෝල් එකක් දිස් වේ. මෙය tty1 ලෙස හැඳින්වේ. එය පෙර දුටු සේම සීඑල්අයි ඉන්ටර්ෆේස් එකක්. එහිදී ඔබෙන් යූසර්නේම් එකක්ද ඉන්පසු පාස්වර්ඩ් එකක්ද අසනු ඇත. ඒ දෙක නිවැරදිව දුන් විට, ඔබ පරිගණකයට ලොග්ඉන් වේ. දැන් ඔබට සීඑල්අයි ඉන්ටර්ෆේස් එකෙන් තමන්ට කැමැති කැමති දේවල් සිදු කරගත හැකියි. අවසානයේ ඉන් ලොග්අවුට් වීමට logout හෝ exit යන කමාන්ඩ් එක රන් කරන්න. ඔබ යම් වර්චුවල් කොන්සෝල් එකක වැඩ කරමින් සිටින අතරේ, අවශ්‍ය නම් තවත් වර්චුවල් කොන්සෝල් එකක් සාදාගන්න (ඕපන් කරගන්න) පුලුවන්. ඉහත ලෙසම alt, ctrl ඔබාගෙන F2 ඔබන්න. දෙවැනි වර්චුවල් කොන්සෝල් එකක් (tty2) ඕපන් වේවි, tty1 කොන්සෝල් එක වෙනුවට. මේ ආකාරයට F3, F4, F5, F6 යන කී එබීමෙන් tty3, tty4, tty5, tty6 ලෙස තවත් කොන්සෝල් ඕපන් කළ හැකියි. ඒ විතරක්ද නොවේ. ඔබේ මොනිටරයේ වරකට පෙන්විය හැක්කේ එක කොන්සෝල් එකකි. ඒකෙන් කියන්නෙ නැහැ ඔබ කලින් යම් කෝන්සෝල් එකක් හෝ කිහිපයක් ඕපන් කර ඇත්නම් ඒවා නිකංම මැකී යන බව. ඒවා තවමත් එලෙසම පසුබිමේ පවතිනවා. ඔබ එවැනි කොන්සෝල් එකක යම් කාලයක් පුරාවට සිදුවන යම් ප්‍රෝග්‍රැම් එකක් රන් කළා නම්, එය දිගටම රන් වේවි (එහෙම වෙන්නේ එම කොන්සෝල් මැකී නොගිය නිසයි). දැක්ක නේද ඔබේ තනි මොනිටරය මත දැන් කෘත්‍රිම ලෙස මොනිටර් කිහිපයක් තිබෙනවා (ඒකයි වර්චුවල් යනුවෙන් විශේෂණයක් යෙදුවේ). මොනිටරය පමණක් නොව, කොන්සෝල් එක මාරුවන විට, කීබෝඩ් එකද ඊට සමගාමිව මාරු වෙනවා.

ඔබ දැන් සිටින යම් වර්චුවල් කොන්සෝල් එකක සිට තවත් කොන්සෝල් එකකට මාරු වීමටත් ඔබ එබිය යුත්තේ ඉහත කීමයි. උදාහරණයක් ලෙස, ඔබ දැන් සිටින්නේ tty3 නම්, tty1ට මාරු වීමට, ctrl+alt+F1 ඔබන්න. ඔබ එම කොන්සෝල් එකේ කර කර හිටපු ඒවා එහි දිස්වේවි. එය හරියටම ඔබ සාමාන්‍යයෙන් කරන (ග්‍රැෆිකල්) විදියට පරිගණකයේ ෆෝල්ඩර් කිහිපයක් හෝ ප්‍රෝග්‍රැම් කිහිපයක් රන් කර, මවුස් එකෙන් ඒ එක් එක් වින්ඩෝ එක මත ක්ලික් කර බලනවා වැනි වැඩක් නේද? ඉහත සඳහන් කළ ලෙසම සාමාන්‍යයෙන් F1 සිට F6 දක්වා ඇත්තේ සීඑල්අයි ක්‍රමයට සෑදූ කොන්සෝල් වේ. ඔබ සාමාන්‍යයෙන් වැඩ කරන ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකට ඒමට ctrl+alt+F7 ඔබන්න. මේ අනුව පෙනෙන්නේ ග්‍රැෆිකල් එකද තවත් වර්චුවල් කොන්සෝල් එකක් බව නේද? F7 කොන්සෝල් එක අනෙක් කොන්සෝල්වලින් වෙනස් වන්නේ ඒ මත X System එක ක්‍රියාත්මක වීමයි.

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...