Skip to main content

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 19

ADSL කනෙක්ෂන් එකක් සාදා ගැනීම

අන්තර්ජාලයට සම්බන්ධ වීමට පවතින ඉතාම හොඳම හා ලාභදායිම ක්‍රමය මෙයයි. මේ සඳහා රැහැන් දුරකථන සම්බන්ධතාවක් (wire line connection) අවශ්‍ය කරනවා. (දැනට ලංකාවේ රැහැන් දුරකථන සේවාවක් ලබාදෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් පමණි. ඒ කියන්නේ දැනට ඒඩීඑස්එල් සේවාව ලබා දෙන්නේද එම සමාගම පමණි.) තවද, සෑම ප්‍රදේශයකම මෙම පහසුකම ලැබෙන්නේ නැති වීමටද පුලුවන්. එනිසා, පළමුව ටෙලිකොම් එකට කතා කර, එම පහසුකම තමන්ට ලබාගත හැකිදැයි විමසිය යුතුය. ඉන්පසු ඔබ අදාල ෆෝම් පුරවා එය ලබාගත යුතුයි (විවිධ ගාස්තු යටතේ පැකේජ ගණනාවක්ම පවතී). එවිට, ඔබට vr221234567@sltadsl වැනි යූසර්නේම් එකකුත් පාස්වර්ඩ් එකකුත් ලැබේ. එම යූසර්නේම් හා පාස්වර්ඩ් ආරක්ෂා කරගන්න. වෙන අයකු ඒවා දැනගතහොත් ඔවුන්ට ඒවා හොරෙන් පාවිච්චි කළ හැකියි (එවිට, ඔබට හිමි ඩේටා ප්‍රමාණයයි අඩු වන්නේ). නිකමට හෝ කවුරුන් හෝ ඔබේ පාස්වර්ඩ් හොරෙන් පාවිච්චි කරනවා යැයි සිතුනොත් වහම පාස්වර්ඩ් වෙනස් කරන්න. එය ඔබට ටෙලිකොම් වෙබ්සයිට් එකට ගොස් කරගත හැකියි. ඒ විතරක්ද නොවේ, ඔබට දැනට ඉතිරි ඩේටා ප්‍රමාණයද ඔවුන්ගෙ වෙබ්සයිට් එකෙන් දැක ගත හැකියි. තවද, ඔබට ADSL modem/router එකක්ද මිලදී ගැනීමට සිදු වේ (මෙය ටෙලිකොම් එකෙන්ම හෝ වෙනත් කඩයකින් මිලදී ගත හැකියි).
සටහන
සාමාන්‍යයෙන් ඒඩීඑස්එල් සම්බන්ධතාවක් දෙයාකාරයකින් ලබාගත හැකියි. එකක් නම්, මාසයකට යම් දත්ත ප්‍රමාණයක් (data bundle) පමණක් ලබාදෙන පැකේජ. උදාහරණයක් ලෙස මාසයකට 2GB, 10GB වැනි දත්ත ප්‍රමාණයක් ලැබේ. මෙවිට, එම දත්ත ප්‍රමාණය ඉක්මවා ගියොත්, එතැන් සිට සෑම බයිට් එකක් පාසාම මුදලක් ගෙවීමට සිදු වේ. මෙවැනි පැකේජයක් කිසිසේත් නොගත යුතුය. දෙවැනි පැකේජ ක්‍රමය හැඳන්වෙන්නේ unlimited data පැකේජ ලෙසයි. ඇත්තෙන්ම මෙහි යම් ප්‍රෝඩාවක් ඇත. අන්ලිමිටඩ් කිව්වට මෙහිද ඉහත මෙන්ම ඩේටා සීමා (data cap) කිරීමක් තිබේ. එම ඩේටා ප්‍රමාණය ඔබට සාමාන්‍ය (ඉහළ) ස්පීඩ් එකකින් ලැබේ. එහෙත් එම දත්ත ප්‍රමාණය ඉවර වූ විට, ඔබට සෑම බයිට් එකක් පාසාම කිසිදු අය කිරීමක් නොවූවත්, ස්පීඩ් එක ඉතාම පහළ අගයකට යයි. මෙම ක්‍රම දෙක අතරින්, කැමැති වුවත් අකමැති වුවත් ඔබට දැනට ලබාගත හැකි හොඳම පැකේජ ක්‍රමය මෙයයි.
ඉහත පැකේජ ක්‍රම දෙකෙහිම කිවයුතු තවත් දෙයක් ඇත. එනම් දවල් කාලයට (peak time) වඩා රාත්‍රී කාලයට (offpeak time) වැඩිපුර ඩේටා ප්‍රමාණයක් ලබාදීමයි.
ඒඩීඑස්එල් කනෙක්ෂන් එකක් සාදන ක්‍රම දෙකක් ඇත. ඉන් එකක් නම්, ඔබේ ඒඩීඑස්එල් රවුටරයේ සිට ටෙලිකොම් එකේ පරිගණකයට/ගේට්වේ එකට කනෙක්ට් වී, ඉන්පසු ඔබේ පරිගණකය සාමාන්‍ය ඊතර්නෙට් නෙට්වර්ක් එකකට කනෙක්ට් වන ආකාරයටම ඔබේ ඒඩීඑස්එල් රවුටරයට කනෙක්ට් වීමයි (මෙය NAT (Network Address Translation) ක්‍රමය හෝ PPPoE (PPP over Ethernet) ලෙස හැඳින්විය හැකියි). අනෙක් ක්‍රමය බ්‍රිජ් (bridge) ක්‍රමයයි. එහිදී ඔබේ පරිගණකයේ සිට ටෙලිකොම් පරිගණකයට (ගේට්වේ එකට) කනෙක්ෂන් එක ඍජුවම සාදයි. එහිදී රවුටරය තිබුණත් නැහැ වගේ තමයි දැනෙන්නේ. ඒ කියන්නේ මෙවිට රවුටරය නිකංම පාලමක් (බ්‍රිජ්) බවට පත් වේ. මේ ක්‍රම දෙක සඳහාම රවුටරය අත්‍යවශ්‍ය වේ. නැට් ක්‍රමයේදී ඔබේ ඒඩීඑස්එල් රවුටරයට තමයි ටෙලිකොම් එකෙන් ලබාදෙන අයිපී ඇඩ්‍රස්, ඩීඑන්එස් ඇඩ්‍රස්, ගේට්වේ ඇඩ්‍රස් ආදී සියලුම සෙටිංස් සෙට් කරන්නේ. බ්‍රිජ් ක්‍රමයේදී ටෙලිකොම් එකෙන් ලැබෙන ඒ සියලුම සෙටිංස් සෙට් වන්නේ රවුටරයේ නොව, ඔබේ පරිගණකයේය.
ඉහත ආකාරයට මුදල් ගෙවා ඒඩීඑස්එල් පහසුකම ගත් විට, ඔබට යූසර්නේම් එකක් හා පාස්වර්ඩ් එකක් ලැබේ. ඉන්පසු ඔබේ ඒඩීඑස්එල් රවුටරය පරිගණකය අසලින් තබා විදුලියට සම්බන්ධ කර, ටෙලිෆෝන් ලයින් එක (එනම් ටෙලිෆෝන් ලයින් එකේ RJ11 ජැක් එක) ටෙලිෆෝන් එකෙන් ගලවා, රවුටරයට ප්ලග් කරන්න. මෙවිට, ඔබට ටෙලිෆෝන් එක භාවිතා කිරීමට බැරි වෙනවා. එය වැලැක්වීමට (එනම්, එකවරම ඒඩීඑස්එල් පහසුකම හා ටෙලිෆෝන් පහසුකම යන දෙකම භාවිතා කිරීමට) ඔබට පෝට් තුනක් සහිත splitter යන කුඩා උපාංගයක් භාවිතා කරන්නට පුලුවන්. මෙයම ADSL Filter යන නමිනුත් හැඳින්වෙනවා.

එවිට, ඔබේ නිවසට එන මුල් ටෙලිෆෝන් වයර් එක කෙලින්ම ස්ප්ලිටර් එකට කනෙක්ට් කරන්න (එහි Line හෝ Line in හෝ IN ලෙස හැඳින්වෙන පෝට් එකට). ස්ප්ලිටර් එකෙන් කරන්නේ ඔබේ තනි ටෙලිෆෝන් ලයින් එක කොටස් (ලයින්) දෙකක් බවට පත් කිරීමයි. ඉන් එකක් (ස්ප්ලිටර් එකේ phone හෝ Tel යන පෝට් එකෙන් එන වයර් එක) සුපරුදු ලෙසම ටෙලිෆෝන් එකටත් , අනෙක් එක (ADSL හෝ Modem යන පෝට් එකෙන් එන වයර් එක) රවුටරයටත් සවි කරන්න. කිසිවිටක ස්ප්ලිටර් එකෙන් පිටතට එන මොඩෙම් හා ටෙලිෆෝන් ලයින් දෙක මාරු කර සම්බන්ධ කරන්න එපා.

ඇත්තටම ස්ප්ලිටර් එකක් යනු නිකංම ලයින් එකකට තවත් වයර් එකක් සම්බන්ධ කර එය ලයින් දෙකක් බවට පත් කිරීමක් නොවේ. එහි තුළ කුඩා ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකක් තිබේ. එනිසා ඉතා ලාභ කොලිටිය අඩු ස්ප්ලිටර් එකක් මිලදී ගන්න එපා; (රුපියල් 500කට පමණ) හොඳ එකක් ගන්න. ගුණාත්මකබව අඩු එකක් ගතහොත්, ඔබ ඒඩීඑස්එල් පාවිච්චි කරමින් ඉන්න අතරතුර ෆෝන් එකෙන් කෝල් එකක් ගතහොත් බොහෝ විට ඔබේ ඒඩීඑස්එල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙනවා.
තවද, සමහර අය එකම ලයින් එකට ටෙලිෆෝන් කිහිපයක් සවි කර ගන්නවා (සාලෙට එකක්, කුස්සියට එකක්, කාමරයට එකක් ආදී ලෙස). මෙය කිරීම ඉතාම පහසුයි (රොසෙට් ලෙස හැඳින්වෙන රුපියල් 50කට පමණ මිලදී ගැනීමට හැකි කුඩා පෙට්ටියකින් තමයි මෙය සිදු කරන්නේ). මෙලෙස සමාන්තර ටෙලිෆෝන් (parallel telephone lines) භාවිතා කරනවා නම්, ඒඩීඑස්එල් ස්ප්ලිටර් එකේ ෆෝන් පෝට් එකෙන් පිටවන වයරය තමයි රොසෙට් එකට ඇතුලු කළ යුත්තේ. පහත දැක්වෙන්නේ රොසෙට් දෙකකි (රොසෙට් එක phone (line) splitter කියාද හැඳින්විය හැකියි).



අවසානයේදී රවුටරයේ සිට පරිගණකයේ නෙට්වර්ක් පෝට් (RJ45) එකට කැට් 5 (හෝ කැට් 5e) කේබල් එකක් (පැච් කෝඩ් එකක්) කනෙක්ට් කර වයර් සම්බන්ධතා සියල්ල සම්පූර්ණ කරන්න. බොහෝ විට ඒඩීඑස්එල් රවුටරයේද RJ45 පෝට් ඇත්තේ එකක් පමණි. එහෙත් සමහර අවස්ථාවල පෝට් 4ක් පමණද තිබිය හැකියි. එවිට, මෙම රවුටරයට පරිගණක 4ක් දක්වා කනෙක්ට් කළ හැකියි. ඇත්තෙන්ම මෙහිදී සිදු වී ඇත්තේ ඒඩීඑස්එල් රවුටරයටම ඊතර්නෙට් ස්විචයක් මුසු කර තිබීමයි. "පරිගණක දෙක තුනක් තිබෙන ගෙදරක හෝ කුඩා කාර්යාලයකට" (Small Office Home Office – SOHO යන නමින් මෙම අවස්ථාව නම් කෙරේ) මෙය කදිමයි. මීටත් අමතරව, වයිෆයි හැකියාවද තිබෙන ඒඩීඑස්එල් රවුටර් තිබෙනවා. එවිට, එම රවුටරයට වයිෆයි ක්‍රමයට පරිගණක දහයක් පහලොවක් පමණ කනෙක්ට් කළ හැකියි (මෙයද SOHO විසඳුමකි). වයිෆයි ලෙස හෝ කේබල් ක්‍රමයට හෝ ඒඩීඑස්එල් රවුටරයකට කෙලින්ම සම්බන්ධ වන සියලු පරිගණකවලට ඉන්ටර්නෙට් යෑමට පහසුකම ඉබේම ලැබේ. රවුටරය පමණක් තිබුණි නම් (එවිට එක පරිගණකයකට පමණක් කනෙක්ට් වීමට එක් RJ45 (ඊතර්නෙට්) පෝට් එකක් තිබේවි), ඔබට ඉන් පරිගණක කිහිපයකටම ඉන්ටර්නෙට් පහසුකම සපයා දීමට අවශ්‍ය නම්, පළමුව එම පරිගණක සියල්ලම තනි ඊතර්නෙට් එකකට සම්බන්ධ කළ යුතුයි (කේබල් හෝ වයිෆයි ක්‍රමයට). ඉන්පසු ඔබේ ඒඩීඑස්එල් රවුටරයේ සිට එන එකම ඊතර්නෙට් කේබල් එක ඔබේ පරිගණක සම්බන්ධ කර තිබෙන ඊතර්නෙට් ස්විචයට සවිකළ යුතු වෙනවා (පහත රූපය). ඔබට පරිගණක තුනකට අඩු ගණනක් නම් ඇත්තේ, වෙන වෙනම රවුටර් එකක් හා ඊතර්නෙට් ස්විචයක් මිලදී ගන්නවාට වඩා, ඉහත අාකාරයේ SOHO රවුටරයක් ගැනීම ලාභදායක මෙන්ම පහසුද වේ.

දැන් කරන්නට යන්නේ ඉහතදී ඊතර්නෙට් හා වයිෆයි කනෙක්ෂන් සෑදූ ලෙසම ඒඩීඑස්එල් කනෙක්ෂන් එකක් (බ්‍රිජ් ක්‍රමයට) සෑදීමයි. පෙර ලෙසම Network Connection එකේ Add මත ක්ලික් කර, ඉන් DSL යන ඔප්ෂන් එක තෝරා Create… බට්න් එක ඔබන්න. එවිට පහත රූපයේ ලෙස වින්ඩෝ එකක් ඒවි. එහි General, IPv4 Settings, Ethernet යන ටැබ් ඕපන් කර බලන්න. ඒවායේ තිබෙන සෙටිංස් ගැන දැනටමත් ඔබ ඉගෙන තිබෙනවා නේද? විශේෂයෙන්ම IPv4 settings හි තිබෙන Method යන්නෙන් Automatic (PPPoE) යන්න තෝරන්න. ඔබේම ඩීඑන්එස් ඇඩ්‍රස් ඇතුලු කිරීමට අවශ්‍ය නම්, Automatic (PPPoE) Addresses only යන්න තෝරන්න (එවිට, ඊට යටින් ඩීඑන්එස් ඇඩ්‍රස් ඇතුලු කරන්න). DSL ටැබ් එකේ username හා password යන ටැබ්වල ඔබට ටෙලිකොම් එකෙන් ලබා දුන් යූසර්නේම් හා පාස්වර්ඩ් ඇතුලු කරන්න. Service යන්නට කැමැති නමක් දෙන්න. එහි PPP Settings ටැබ් එකේ තිබෙන්නේ සික්‍යුරිටි සම්බන්ධ සෙටිං කිහිපයකි. එහි වෙනස් කිරීමට දෙයක් නැත. සියලු සෙටිංස් සකසා Save… යන්න ක්ලික් කරන්න. එච්චරයි.

ඉහත ක්‍රමයට සෑදූවේ බ්‍රිජ් ක්‍රමයේ ඒඩීඑස්එල් කනෙක්ෂන් එකකි. මෙලෙස සාදන විට, ඔබේ ඒඩීඑස්එල් රවුටරයේ සාමාන්‍යයෙන් වෙනත් සෙටිංස් සැකසීමට දෙයක් නැත (මොකද අලුතින් එන රවුටර් ඉබේම බ්‍රිජ් ආකාරයට වැඩ කරන විධියටයි සෙටිංස් සකස් කර තිබෙන්නේ (default settings හෙවත් factory settings)). තවද, බ්‍රිජ් ක්‍රමයට ඇති රවුටරය භාවිතා කරන විට, තනි පරිගණකයකට පමණයි රවුටරය හරහා ඉන්ටර්නෙට් යෑමට හැකි වන්නෙත් (ඉහත පෙන්වාදුන් ලෙසට බ්‍රිජ් කනෙක්ෂන් එක සාදා ඇති පරිගණකයට).

ඉහත SOHO රවුටරයක් හරහා පරිගණක කිහිපයකටම එකවර ඉන්ටර්නෙට් යෑමට අවශ්‍ය නම්, අනිවාර්යෙන්ම NAT ක්‍රමයට එය සකස් කළ යුතුයි. ඒ සඳහා රවුටරය තුළට ලොග් වී සෙටිංස් සැකසීමට සිදු වේ. නැට් මෝඩ් එක රවුටරයේ එනේබල් කළ පසු, ඉහත ආකාරයේ කිසිදු ඒඩීඑස්එල් කනෙක්ෂන් එකක් සෑදීමට අවශ්‍ය නැත. නිකංම මුලු ඊතර්නෙට් නෙට්වර්ක් එකටම අන්තර්ජාල පහසුකම ලැබේ (අමුතුවෙන් කනෙක්ෂන් සෑදීමට දෙයක් නැත).

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...