Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 18

WiFi කනෙක්ෂන් එකක් සාදා ගැනීම

WiFi යන්නටම WLAN (Wireless LAN) යන නමද භාවිතා කෙරෙනවා. වයිෆයි ස්විච් එකක් (මෙය WiFi Access Point (AP) එකක් කියාද හැඳින් වෙනවා) හා වයිෆයි පහසුකම සහිත නෙට්වර්ක් කාඩ් එකක් පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබිය යුතුයි මේ සඳහා. මෙවැනි වයිෆයි නික් wlan0, wlan1 ආදී ලෙස හැඳින්වෙනවා. බොහෝ ලැප්ටොප්වලද දැන් වයිෆයි තිබෙනවා (එනිසා ඩෙස්ක්ටොප් පරිගණක සඳහා තමයි නික් කාඩ් එකක් සවි කිරීමට අවශ්‍ය වන්නේ). සාමාන්‍යයෙන් ලැප්ටොප්වල වයිෆයි ඔන්/ඕෆ් කිරීමට කුඩා ස්විචයක්ද තිබෙනවා (කීබොඩ් එකේ උඩම තීරුවේ හෝ යූඑස්බී පෝට් එහෙම තිබෙන පැත්තක). මෙය hardware switch කියා හැඳන්වෙනවා. එවැනි ස්විචයක් තිබේ නම්, පළමුව එය ඕන් කරන්න. ඉන්පසුව සිස්ටම් ට්‍රේ එකේ නෙට්වර්ක් අයිකනය මත රයිට් ක්ලික් කර, ඉන් Enable WiFi යන්න තෝරන්න. මෙය software switch කියායි හැඳින්වෙන්නේ. ෆෝන් එකක් offline mode (flight mode) කරනවා බදු දෙයක් තමයි මෙම ස්විච දෙකෙන් කරන්නේ (කුමක් ඕෆ් කළත් වයිෆයි ඕෆ් වේ). දැන් පෙරදී ඊතර්නෙට් සඳහා කනෙක්ෂන් එකක් සෑදුවා මෙන් වයිෆයි කනෙක්ෂන් එකක් සෑදිය යුතුයි. පෙර සේම, නෙට්වර්ක් අයිකනය මත රයිට් ක්ලික් කර ඉන් Edit Connections යන්න තෝරා Network Connections යන ඩයලොග් බොක්ස් එක ගන්න. එහි Add බට්න් එක ක්ලික් කර, ඉන් මතු වන වින්ඩෝ එකෙන් WiFi යන්න තෝරා, Create… බට්න් එක ක්ලික් කරන්න. එවිට පහත රූපයේ ආකාරයට වින්ඩෝ එකක් ඒවි. මෙහි General ටැබ් එකේ තිබෙන දේවල් පෙර අප කතා කළ විස්තරමයි නේද? එවිතරක්ද නොවේ, එහි IPv4 Settings හා IPv6 Settings යන ටැබ් දෙකද පෙර විස්තර කළ පරිධිමයි තිබෙන්නේ.

දැන් Wi-Fi යන ටැබ් එකට යන්න (පහත රූපය). මෙහි Device MAC…, Cloned MAC…, MTU යන සෙටිංස් තුන ගැනත් අප මීට පෙර කතා කර තිබෙනවා. මෙහි වැදගත්ම සෙටිං එක SSID (Service Set IDentifier) වේ. මෙහි යොදන නම ඔබේ වයිෆයි ඇක්සෙස් පොයින්ට් එකේ සෙට් කර තිබෙන නම විය යුතුයි. ඔබ ඇක්සෙස් පොයින්ට් එක සෙට් කරන විට, එහි ඇති සෙටිංස්වල SSID සඳහා යම් නමක් යෙදිය යුතුයි. අන්න එම නම තමයි ඔබ මෙහි ඇතුලත් කරන්නේ. ඔබේ පරිගණකය මෙම නම සහිත ඇක්සෙස් පොයින්ට් එකට තමයි කනෙක්ට් වන්නේ (එමනිසා මෙම නම වැරදියට ලියන්න එපා).

ඊට යටින් තිබෙනවා Mode යනුවෙන් සෙටිං එකක්. සාමාන්‍යයෙන් වයිෆයිවල දෙයාකාරයකින් උපකරණ එකිනෙකට සම්බන්ධ කරන්නට පුලුවන්. එකක් තමයි Infrastructure ක්‍රමය. මෙහිදී වයිෆයි උපකරණ කිහිපයක් යම් වයිෆයි ඇක්සෙස් පොයින්ට් එකකට හෙවත් වයිෆයි ස්විච් එකකට කනෙක්ට් වෙනවා (හරියට ඊතර්නෙට් ස්විචයට වයර් මගින් සියලු පරිගණක සම්බන්ධ වනවා වාගේ). බොහෝවිට ඔබ තෝරාගන්නේ මෙම ක්‍රමයයි (මොකද ඔබ වයිෆයි කනෙක්ට් වෙන්නේ වයිෆයි ස්විච් එකකට නිසා). දෙවැනි ක්‍රමය තමයි Ad-hoc ක්‍රමය. මෙහිදී උපකරණ යම් වයිෆයි ස්විචයකට කනෙක්ට් කරන්නේ නැත; ඇත්තටම මෙහිදී වයිෆයි ස්විචයක අවශ්‍යතාවක් නැත. ඔබේ උපකරණයේ හා තවත් උපකරණයක වයිෆයි පහසුකම තිබේ නම්, කෙලින්ම එම උපකරණ දෙක එකිනෙකට කනෙක්ට් කරන්නට හැකියි අතරමැදි උපාංගයක් නොමැතිව. ඔබ බ්ලූටූත් සමග වැඩකරන විට, උපාංග දෙකක් එකිනෙකට කනෙක්ට් කරන්නේත් මේ විධියට නේද? ඔබ දන්නවා අද බොහෝ ස්මාට් ෆෝන්වල වයිෆයි පහසුකම් තිබෙනවා. එවැනි උපකරණ බොහෝවිට සපෝට් කරන්නේ infrastructure ක්‍රමය පමණි.

ඊළඟට වැදගත් සෙටිංස් තිබෙන්නේ WiFi Security ටැබ් එකේය (පහත රූපය). මෙයින් සකස් කරන්නේ ඔබේ පරිගණකය හා ස්විචය (හෝ අනෙක් පරිගණකය) අතර සාදන කනෙක්ෂන් එක කොතරම් ආරක්ෂාකාරී විය යුතුද යන්නයි. එහි Security යන තැන None යන්න තේරුවොත්, කිසිම අමතර ආරක්ෂාවක් එපා (දත්ත එන්ක්‍රිප්ට් කරන්න එපා) යැයි කියනවා. එවිට, අහල පහල හොරෙන් පරිගණකවලට ඇතුලු වන කෙනෙකුට (hacker) ඉතාම පහසුවෙන් ඔබේ පරිගණකය හා ඇක්සෙස් පොයින්ට් එක අතර සිදුවන දත්ත හොරෙන් කියවිය හැකියි තවත් වයිෆයි පහසුකම් සහිත පරිගණකයකින්. එලෙස පිටස්තරයෙකුට එම දත්ත කියවිය නොහැකි ලෙස සකසන්න. ඒ සඳහා කළ හැකි එකම උපක්‍රමය නම්, එම දත්ත එන්ක්‍රිප්ට් කිරීමයි. එන්ක්‍රිප්ට් කරන ක්‍රම කිහිපයක්ම Security සෙටිං එකේ තිබෙනවා. සමහර ඒවා පැරණි (යල්පැන ගිය) ක්‍රමය. එම ක්‍රම මඟින් එන්ක්‍රිප්ට් වුවත්, අද තිබෙන පරිගණක තාක්ෂණයේ දියුණුව නිසාම ඒ ක්‍රම පහසුවෙන් බිඳිය හැකියි (එය හරියට නූල් කැබැල්ලකින් ඔබේ වත්තේ ගේට්ටුව වසා දමනවා වැනිය). වර්තමාන පවතින දියුණු පරිගණක තාක්ෂණයට ගැලපෙන පරිදි සකසා තිබෙන එන්ක්‍රිප්ට් ක්‍රමයක් යොදන්න (එවිට ඔබේ ගේට්ටුව හොඳ යකඩ දම්වැලක් දමා වසා දැමුවා වැනිය).


සටහන
වයිෆයි සඳහා වන සික්‍යුරිටි (එන්ක්‍රිප්ට්) ක්‍රම කිහිපයක්ම තිබේ. එන්ක්‍රිප්ට් කරන හැමවිටම key එක නමින් හැඳින්වෙන විශේෂ ආකාරයේ "පාස්වර්ඩ් එකක්" භාවිතා කෙරේ. ඇත්තටම එය පාස්වර්ඩ් එකකි. පාස්වර්ඩ් එකක ශක්තිය එම පාස්වර්ඩ් එකේ තිබෙන අකුරු ගණන, සහා අකුරු සමග ඉලක්කම් හා විශේෂ අක්ෂර යෙදීම අනුව රඳාපවතිනවා. එලෙසම වයිෆයි එන්ක්‍රිප්ට් ක්‍රමවල ප්‍රබලකම මනින්නේ කී එකේ බිට් ගණනින්ය. කී සයිස් එක (බිට් ගණන) වැඩිවන තරමට එහි ශක්තිය (එනම් පහසුවෙන් බිඳිය නොහැකිබව) වැඩිය. කී එකේ බිට් 10111001010010101010 වැනි බයිනරි ස්වරූපයෙන් දක්වන්නේ නැත. එය එක්කෝ mYpssWrd123 වැනි ඇස්කී ෆෝමැට් එකෙන් (ඒ කියන්නේ බිට් අටේ ගෲප්වලින්) එහෙමත් නැතිනම් 2f89ac231d වැනි හෙක්සඩෙසිමල් (hexadecimal) හෙවත් හෙක්ස් (hex) අංක (ඒ කියන්නේ බිට් හතරේ ගෲප්වලින්) ස්වරූපයෙන් තමයි දක්වන්නේ. ඇස්කී ස්වරූපයෙන් දෙන විට, කී එක passphrase යන නමින්ද හැඳන්වෙනවා. ඔබ තෝරාගත් එන්ක්‍රිප්ට් සම්මතයට නිශ්චිත බිට් සයිස් එකක් ඇත. ඔබ ලබාදෙන කී එක එම බිට් ගණනට සමාන විය යුතුය. උදාහරණයක් ලෙස, ඔබේ කී එක බිට් 40ක් නම්, එම කී එක ඇස්කී ක්‍රමයට ලියන්නේ නම්, ඇස්කී අක්ෂර 5( = 40/8) කී එකක්ද; එයම හෙක්ස් ක්‍රමයට ලියන්නේ නම්, හෙක්ස් ඉලක්කම් 10( = 40/4) කී එකක්ද වශයෙනුයි දිය යුත්තේ. ඊට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් අක්ෂර/ඉලක්කම් දිය නොහැකියි. සමහර උපාංගවලට කී එක දිය හැක්කේ පාස්ෆ්‍රේස් එකක් (ඇස්කී) ලෙස පමණි. සමහර ඒවාට හෙක්ස් ඉලක්කම් ලෙස පමණයි දිය හැක්කේ. සමහර ඒවා ක්‍රම දෙකෙන් ඕනෑම එකක් භාර ගන්නවා. (මෙවැනි අවස්ථාවක, ඔබ සාමාන්‍යයෙන් ලියන කී එක පාස්ෆ්‍රේස් එකක් ලෙසයි භාර ගැනෙන්නේ. එය හෙක්ස් අංක ලෙස භාර ගන්නා ලෙසට බලකිරීමට එම හෙක්ස් අංක ඉදිරියෙන් 0x (බිංදුවයි එක්ස් අකුරයි) ලියන්න, 0x2a442b වැනි ආකාරයට.) එමනිසා, ඔබ භාවිතා කරන උපාංගය බලාපොරොත්තු වන ක්‍රමයට එය ලබා දෙන්න.
වයිෆයි එන්ක්‍රිප්ට් ක්‍රම අතරින් ප්‍රචලිත ක්‍රමයක් වන්නේ WEP (Wired Equivalent Privacy) යන සම්මතයයි. මෙහි කලින් කලට වැඩිදියුණු කිරීම් පැමිණේ. මුල් කාලයේ බිට් 64ක විශාල කී එකක් සහිත WEP ක්‍රමය භාවිතා වූවා (අදටත් එය භාවිතා කෙරේ, එය අද තරමක් පහසුවෙන් බිඳිය හැකි වුවත්). මෙය WEP 64 ලෙසයි හැඳින් වූයේ. මෙයම WEP 40 ලෙසත් හැඳින් වෙනවා (ඊට හේතුව නම්, සමහර අවස්ථාවල බිට් 64න් 24ක් අදාල උපාංගය විසින් සෙට් කිරීමයි; එවිට ඔබට සෙට් කිරීමට තිබෙන්නේ බිට් 40ක් පමණි). ඒ අනුව මෙය යොදාගන්නා විට, ඇස්කී ක්‍රමයට, අක්ෂර 5ක් ( = 40/8) හෝ අක්ෂර 8ක් (64/8) සහිත "පාස්වර්ඩ් එකක්" (කී එකක්) දිය යුතුයි (බිට් 40 හෝ 64ද ඔබේ උපාංගය යොදන්නේ යන වග අනුව); හෙක්ස් ක්‍රමයට, හෙක්ස් ඉලක්කම් 10ක් ( = 40/4) හෝ 16ක් ( = 64/4) සහිත කී එකක් දිය යුතුයි. මෙහිම දියුණු ක්‍රමයක් තමයි බිට් 128ක් විශාල ක්‍රමය. මෙය WEP 128 හෝ WEP 104 ලෙස දැක්වෙනවා. බිට් 64 බිට් 40 වූ හේතුවම බිට් 128 බිට් 104 වීමටද වලංගු වේ. ඉහත විස්තර කළ ලෙසටම පාස්වර්ඩ් (කී) එකේ අක්ෂර/ඉලක්කම් ගණන ගණනය කළ හැකියි නේද?
තවත් දියුණු එන්ක්‍රිප්ට් ක්‍රමයක් තමයි WPA (Wireless/WiFi Protected Access) කියන්නේ. ඉහත WEP ට වඩා මෙය දියුණු ආකාරයකි. මෙහිම තවත් දියුණු කරපු අවස්ථාව තමයි WPA2 කියන්නේ (WPA හා WPA2 යන දෙකම පොදුවේ WPA ලෙස හැඳින්වෙනවා). WPA හා WPA2 යන ආකාර දෙකම නැවතත් ආකාර දෙකකින් පවතිනවා Personal හෙවත් pre-shared key (WPA-PSK) හා Enterprise ලෙසින්. බහුල ලෙසම භාවිතා වන්නේ personal ආකාරය වන අතර, විශාල ආයතනවල (ආරක්ෂාව ගැන ඉතා තදින් සිතන) enterprise ආකාරය භාවිතා වෙනවා. WPA හි කී සයිස් එක බිට් 256කි.
ඔබ ඉහත Security සෙටිං එකෙන් සුදුසු එන්ක්‍රිප්ට් ක්‍රමය සිලෙක්ට් කරන්න. Key සෙටිං එකේ අදාල කී (පාස්වර්ඩ්) එක ලියන්න. එය ඔබට තරු (*) වලින් පෙන්වාවි. ඔබ ලියන පාස්වර්ඩ් එක දැක ගැනීමට අවශ්‍ය නම් ඊට යටින් ඇති Show key යන්න එනේබල් කරන්න. WEP ක්‍රමය භාවිතා කිරීම හැකි තරම් නතර කරන්න. එහෙත් ඔබට අයත් නොවන යම් ඇක්සෙස් පොයින්ට් එකක් ක්‍රියාත්මක කරන්නේ එය නම්, ඔබට එය යොදාගැනීම හැර කරන්න වෙන දේකුත් නැහැ.

ඇත්තටම මෙම සෙටිං සියල්ලම ඔබේ පරිගණකයේ සැකසිය යුත්තේ අැක්සෙස් පොයින්ට් එකේ දැනට සකසා ඇති සෙටිංවලට අනුකූල වන විධියටයි. (ඇක්සෙස් පොයින්ට් එක සකසන විධිය ගැන පසුව විස්තර කෙරේ.) ඇක්සෙස් පොයින්ට් එක හා පරිගණකය අතර සෙටිංස් නිවැරදිව සකසාගෙන, සිග්නල් මට්මටත් හොඳින් තිබේ නම්, කිසිදු ප්‍රශ්නයකින් තොරව එකිනෙකට කනෙක්ට් වෙනු ඇත. වයිෆයි ඇක්සෙස් පොයින්ට් කිහිපයක් ඇති විටක, එකවරම ඒ කිහිපයටම වුවද කනෙක්ට් වන්නට පුලුවන්, ඒ එක් එක් AP එකට වෙන වෙනම කනෙක්ෂන් සෑදීමෙන්.


ඔබ සාදන සියලුම කනෙක්ෂන් (වයිෆයි පමණක් නොව, අනෙක් වර්ගයේ කනෙක්ෂන් පවා) සියල්ල ඔබට පහසුවෙන්ම සිස්ටම් ට්‍රේ එකේ තිබෙන නෙට්වර්ක් අයිකන් එක මත ක්ලික් කර බලාගත හැකියි. එම අයිකන් එක මත ක්ලික් කර, ඉන් තමන් කැමති කනෙක්ෂන් එක ක්ලික් කරන්න. එවිට, එය කනෙක්ට් වනු ඇත. එලෙස ක්ලික් කර කනෙක්ට් වූ පසු, අවශ්‍ය නම් ඉන් ඩිස්කනෙක්ට් වීමටද හැකියි. ඒ සඳහා නැවත එම අයිකනය මත ක්ලික් කර, අදාල කනෙක්ෂන් එකට අයත් Disconnect යන්න ක්ලික් කරන්න. සම්පූරණයෙන්ම (සියලු) කනෙක්ෂන් ඩිස්කනෙක්ට් කිරීමට (එනම්, නෙට්වර්කිං පහසුකම නතර කිරීමට), එම අයිකනය මත රයිට් ක්ලික් කර Enable Networking යන්නෙහි ඉදිරියෙන් තිබෙන හරි සලකුණ නැති කරන්න එය මත ක්ලික් කිරීමෙන්. තමන් කනෙක්ට් වී තිබෙන කනෙක්ෂන්වල විස්තර බලාගැනීමට අවශ්‍ය නම්, සිස්ටම් ට්‍රේ එකේ ඇති එම අයිකනය මත රයිට් ක්ලික් කර Connection Information යන්න තෝරන්න. එවිට පහත රූපය වැනි වින්ඩෝ එකක් ඒවි.