Skip to main content

ස්වයං කතාව (self talk) - 2

ඔබ යමක් කරමින් ඉන්න විට හෝ කරන්නට යන විට හෝ කළාට පසු සමහරවිට යමක් ඔබටම කියා ගන්න අවස්ථා තිබෙනවා නේද? උදාහරණයක් ලෙස, අකමැති කෙනෙකු ඉදිරියෙන් එනු දකින විට "අපෝ අන්න ඇනයක් එනවා" ලෙස හෝ ආදරය කරන කෙනෙකු සමග මත ගැටුමක් ඇති වූවාට පසු "අපරාදේ මං එහෙම කිව්වෙ" ආදි ලෙස ඔබ කියනවා (බොහෝ විට සිතින්) නේද? මේවාද ස්වයං කතා (self talk) වේ. බොහෝ විට මෙම ස්වයං කතා කිරීමට අප පුරුදුව ඇත්තේ එතරම් සැලකිල්ලකින් හෝ සිතාමතා නොවේ. ඒවා ඉබේම වගේ සිදු වේ. ඔබට ඔබගේ සත්‍ය ස්වරූපය ගැන යම් වටහගැනීමක් ලබා ගැනීමට පුළුවන් එලෙස ඔබ නිතිපතා කියන ස්වයං කතා හොඳින් නිරීක්ෂණය කළොත්. ඒ කියන ඒවායෙන් බහුතරයක් ධණාත්මක හා යහපත් හා යුක්තිගරුක ආකාරයෙන් පවතී නම්, ඔබට සාපේක්ෂව ඇත්තේ හොඳ පෞරුෂයක්. ඒ කියන කතා බොහෝමයක් නාහෙන් අැඬීම හෝ අසුභයම දැකීම හෝ කොහොම හරි තමන්ට වාසියක් ගැනීම ගැන සිතීම නම් ඔබට ඇත්තේ නරක පෞරුෂයක්.

ස්වයං කතාව තමන්ගේ පෞරුෂය ගොඩනඟා ගැනීම සඳහා යොදා ගැනීමේ පළමු පියවර නම්, ඔබ ඉහත දැක්වූ ලෙස තමන් දැන් සිදුකරමින් පවතින ස්වයං කතා නිරීක්ෂණය කර, තමන්ගේ පෞරුෂය වටහාගෙන, ඔබට නරක පෞරුෂයක් පවතින්නේ යැයි සිතන්නේ නම්, එවැනි ස්වයං කතා හැකි පමණ සිදු නොවීමට (හෝ නොකිරීමට) වගබලා ගතයුතුය. ඉබේම සිදුවෙන ස්වයං කතාව නතර කරන්න. එය හිතන තරම් අපහසු නොවේ. ස්වයං කතාව ඉබේම සිදු වේවි. එහෙත් එය සිදු වී නිමේෂයකින් ඔබට එය නතර කරන්නට මතක් වේවි. එවිට වහම එය අතරමඟින් නතර කරන්න. මෙය කිරීමෙන් ඔබේ නරක පුරුදු තව තවත් තහවුරු වීම ශක්තිමත් වීම නතර වේවි. එහෙත් ඉන් ඔබේ පෞරුෂයේ නරක ගති නැති නොවේ; හොඳ ගතිද ඇති නොවේ. මේ සඳහාද ඔබට ස්වයං කතාව භාවිතා කරන්න පුළුවන්. එය ඉබේ සිදුවන දෙයක් නොවේ. ඔබ සිතාමතා ඉටු කළ යුතු දෙයකි. මුලින් එය කිරීම නුහුරු වුවත්, ටික දවසකින් එය පුරුද්දට මෙන් සිදු කළ හැකියි. ඒ සඳහා විනාඩියක දෙකක කාලයක් වුවත් (සමහරවිට ඊටත් අඩු කාලයක්) සෑහේ. අවශ්‍ය නම් පැයක් දෙකක් වුවද ගත හැකියි.

පළමුව සටහන් කර ගන්න (නැතහොත් විමසා බලන්න) ඔබේ පෞරුෂයේ දැනට තිබෙන නැති කර ගත යුතු ගුණාංග මොනවාද, අලුතින් ඇති කර ගත යුතු ගුණාංග මොනවාද කියා. හැකි පමණ යථාර්ථවාදී වන්න. මෙහිදී තිබෙන මූලිකම ගැටලුව නම් තමන්ගේ පවතින අඩුපාඩු පෞරුෂ ඌන ලක්ෂණ හඳුනාගැනීමට තමන් අපොහොසත් වීමයි. ඊට හේතුව තමන්ගේ වැරදි සාධාරණිකරණය කිරීමට තමන්ගේ සිත සැදීපැහැදී තිබීමයි. තමන්ගේ වැරදි අවංකව තේරුම් ගත හැක්කේ බුද්ධිමත් අයට පමණි. අවශ්‍ය නම් තමන්ගේ සමීපතම බුද්ධිමත් අයත් සමග සාකච්ඡා කරන්න. ඉන්පසුව ස්වයං කතාව කරන්නේ කෙලෙසද බලමු. ඇත්තටම මෙය කජු කනවා වගේ පහසු හා රසවත් වැඩකි. පිටු ගණන් ලිවීමට හෝ වරු ගණන් කතා කිරීමට දේවල් නොමැත.

දෛනිකව ඔබ සිද්ධි විශාල ගණනකට මුහුණ දෙනවා. ඔබට පහසුවෙන් එවැනි සිදුවීමක් ගත හැකියි. ඒ ගැන සිතන්න. ඔබ ඊට සත්‍ය ලෙසම මුහුණ දුන් ආකාරය කුමක් වුවත් (ධණාත්මක් වුවත් ඍණාත්මක වුවත්) එම සිදුවීම අලුතින් සිදුවන එකක් ලෙස සිතන්න. එහෙත් මෙවර එය සිදු වන්නේ ඔබට අවශ්‍ය විධියටයි. ඔබේ දෙබස් ලියන්නේද ඔබයි. අනිත් අයගේ දෙබස් ලියන්නේද ඔබයි. මෙවිට, ඔබව වීරයා වන ලෙසට, ඔබ "නියම මොලකාරයා වැඩකාරයා" වන ලෙසට එය සකස් කරගන්න. මෙහිදී "දෙබස් ලියන්න" කියා මා ලියා ඇතත් ඉන් අදහස් කළේ කොලයන සියලු දෙබස් ලියා ප්‍රැක්ටිස් වෙන්න කියා නොවේ. ඔබ එම සිදුවීම මෙනෙහි කරන්න. එවෙලෙහිම ඔබට අවශ්‍ය දෙබස් සිතින් කියන්න. වැරදුනත් අවුලක් නැත. වැරදුනොත් නැවත එම කොටස සිතින් රඟදක්වන්න (හරියට චිත්‍රපටියක් කට් කර කර ෂූට් කරනවා වාගේ). මේ සිද්ධිය සත්‍ය සිදුවීම නොවේ. එනිසා ඔබේ හැඩවැඩ දැකීමට ඔබ ආදරය කරන හෝ ඔබේ ජීවිතයට වැදගත් අයත් එම සිද්ධියට ඇතුළු කරන්න (උදාහරණයක් ලෙස, ඔබේ පෙම්වතියත් දැන් එම සිදුවීම තුළ සිටින බව සිතන්න. එසේත් නැතිනම්, ඔබ ගරු කරන මහචාර්යවරයා එතැන සිටින බව සිතන්න. කවුරුත් කැමතියි නේද තමන්ගේ පෙම්වතිය ඉදිරියේ වීරයා වෙන්න.) මෙය එක්තරා ආකාරයක නාට්‍යයක්. සිතින් රඟ දක්වන නාට්‍යයක් ("මනෝපාර" ගහනවා "මනෝ ලෝකයේ" ඉන්නවා කියා කියන්නෙත් මෙවැන්නකටයි.). වැදගත් වන්නේ දෙබස්. දෙබස් කියන විට ඒවායේ අඩංගු විය යුත්තේ ඔබේ දැනුම ඉලිප්පී එන, ඔබේ හොඳ ගතිගුණ (ඉවසීම, සත්‍යගරුක බව, අසාධාරණය ඉදිරියේ සිංහයකු සේ නැඟී සිටීම, කරුණාව, වැනි) මතුවන හා එමගින් ඔබේ කීර්තිය, යසස, ප්‍රතිරූපය, පෞරුෂය ප්‍රවර්ධනය වන ආකාරයේ සිදුවීම්ය. ඇත්තටම ඉහත මා පැවසුවේ ස්වයං කතාව සිදු කළ යුතු ආකාරය පොදුවේය. මෙය අතීතයේ සිදු වූ දෙයක් සඳහා පමණක් නොව, ඉදිරියේදී සිදු කිරීමට යන සිද්ධියක් වුවද විය හැකියි. එසෙත් නැතිනම්, කිසිම දිනක සිදු නොවිය හැකි ආකාරයේ සිදුවීමක් වුවද විය හැකියි (ෆැන්ටසියක්). මා උදාහරණයක් ආශ්‍රයෙන් ඉහත විස්තරය ප්‍රායෝගිකව කරන අයුරු පෙන්වන්නම්.

සිතින් මවාගන්න ඔබ දැන් මිතුරෙකුගේ නිවසකට යනවා එහි යම් (දානමය හෝ උත්සව) කටයුත්තකට සහභාගී වීමට. ඔබේ මිතුරාගේ නැගනියගේ මිතුරියන් වන සුන්දර ගැහැණු ළමුන් පස් හය දෙනෙකුත් එහි සිටිනවා. (ඔබේ කතාවේ) වීරයා ඔබයි. එම කටයුත්ත අවසානයේ සැන්දෑවේ පරිසරය හරිම ලස්සනයි. මද සුළඟ හමනවා. ඔබ සියලු දෙනා එලියේ වාඩිවෙලා සතුටු සාමීචියේ යෙදෙනවා. මේ අතර කෙනෙකුට ඉතා අමාරු ගැඹුරු ප්‍රශ්නයක් ඇති වෙනවා (එය ආගම, විද්‍යාව, ආර්ථිකය, හෝ ඕනෑම විෂයක් සම්බන්ධව විය හැකියි. විෂය තීරණය කරන්නේ ඔබයි. ඔබ වඩාත් දක්ෂ විෂය මේ සඳහා යොදා ගන්න.) එහි සිටින විවිධ අය "බක පණ්ඩිතයන්" වගේ විවිධ "බොරු" උත්තර හා අර්ථ කථන දෙනවා. මේ අතර, ඔබ මඳ සිනහවකින් ඒ සියල්ල අසාගෙන සිටිනවා. ඔබට එම ප්‍රශ්නයට අදාලව ලෝකයේ තිබෙන හොඳම පිළිතුර තිබෙනවා. එහෙත් ඔබ නිශ්ශබ්දව සිටිනවා1. එම ප්‍රශ්නය අසන්නේ එතැන සිටින ලස්සනම ගැහැණු ළමයායි. එයා ඒ කිසිම උත්තරයකින් සෑහිමට පත් වෙන්නේ නැහැ. දැන් එකවරම ඔබේ මිතුරා කියනවා අපි ඕක (ඔබේ නම)ගෙන් අහමු කියා. (ඔබේ නම) මාරම වැඩ කාරයා. ඔය නිකං පාඩුවේ හිටියට සුපිරි මොලයක්2. ඔන්න දැන් ඔබේ වාරය. ඔබ එය කදිමට පැහැදිලි කරනවා. සියල්ලන්ම ආසාවෙන් අසාගෙන සිටිනවා. දැන් ගැහැණු ළමුන් සියල්ලම ඔබට වශී වෙලා වගේ අසාගෙන සිටිනවා. ඔබ සැහැල්ලුවෙන් විහිළුවෙන් සිනහවෙවී ඒගොල්ලන් අසන සෑම අතුරු ප්‍රශ්නයකටම පිළිතුරු දෙමින් එම ප්‍රශ්නය විසඳනවා. අවසානයේ අර ලස්සනම ගැහැණු ළමයා ඉඟිබිඟි දමනවා ඔබට. මේ ආකාරයට පරණ දෙමළ චිත්‍රපටියක් වගේ සියල්ල හොඳින් අවසන් කරන්න.

ඉහත කතාවේ යටින් ඉරි ගසා ඇති කොටස්වලින් මා දක්වා ඇත්තේ ඔබට ඇති කරගත යුතු හා සමහරවිට නැතිකර ගතයුතු ගුණධර්ම. උදාහරණයක් ලෙස, 1 යන්නෙන් දක්වා ඇති වාඛ්‍යයෙන් ඔබේ සංයමය ඇති කරනවා. බක පණ්ඩිතයා වගේ හැම දේටම හොට දාන පුරුද්ද අඩු කරනවා. 2 යන්නෙන් දක්වා ඇත්තේ ඔබේ ප්‍රතිරූපය ආත්ම විශ්වාසය වැඩි කරන ආකාරයේ කියමනක්. සමහරෙක් පිළිගත්තත් නැතත් තරුණයන්ට ලස්සන කාන්තාවන් තරම් වටිනා දෙයක් නැත. ඉතිං ලස්සන කාන්තාවන් තමන්ගේ ෆැන්ටසියට ඇතුලු කර ගැනීම වඩාත් ඵලදායකයි. කාන්තාවන් පමණක් නොවේ, මුදල් හෝ වෙනත් දේවල්ද වටිනවා. ඔබට වැඩියෙන්ම ගැලපෙන අවස්ථා/සිද්ධි ඔබ සිතා බලන්න. දවල් හීන දකින අයට මෙය පහසුවෙන් කළ හැකියි. මෙය නිතර කර වෙනස ඔබම බලන්න. මෙහිදී ඔබට ඇති කර ගත යුතු ගුණාංග ඔබේ කටින්ම කියන්න නැතහොත් වෙනත් කෙනෙකුගේ කටින් නිතර අසන්න. මෙය (සිතින් මවා ගත් අවස්ථාවක) ස්වයං කතාවේදී පමණක් නොවේ, පුද්ගලයන් සමග සාමාන්‍යයෙන් එදිනෙදා කරනු ලබන කතාබහදී වුවද සිදු කරන්න. “මං නම් අපෝ සිගරට් බොන්නේ නැහැ මොකා බල කළත්", “වැරද්දට මං දෙයියන් වහන්සේට වුණත් විරුද්ධව කතා කරනවා", “මැරුවත් මං කොන්ද නමන්නෙ නැහැ එක එකාට" ආදී ලෙස වාඛ්‍ය නිතර නිතර කියන්න. ඔබට අවශ්‍ය ගතිගුණය නිතර තමන් තුළ තිබෙන බව සිහිකරගන්න. එම ගුණයන් වැඩිපුර ඉස්මතුවෙන අවස්ථා (සත්‍ය හෝ සිතින් මවාගත්) සිහිකරන්න. ඇත්තටම ඔබ මෙහිදී සිදු කරන්නේ කුඩා චිත්‍රපටි අධ්‍යක්ෂණයක් වාගේ වැඩක්.

මෙම උපක්‍රමය අවතක්සේරු කරන්න එපා. ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙම ක්‍රමය බහුලවම භාවිතා වෙනවා. ජීවිතයේ සෑම කටයුත්තක් සඳහාම මෙම ක්‍රමය අති සාර්ථකව යොදාගන්න පුලුවන්. මාගේ අත්දැකීමේ හැටියට කසාද බැඳපු බොහෝ පිරිමින් (මට හමු වූ) කියන්නේ තමන්ගේ කසාද බිරිඳත් සමඟ ටික කාලයක් ඉන්න විට ආකර්ෂණය අඩුවීම හා වෙනත් කාන්තාවන් සමඟ සිටීමට ආසාවක් ඇතිවීම ඉබේම සිදුවන බවයි. (ඇත්තටම එලෙස කීම ගැන හා තමන්ගේ නූගත්කම ගැන එවුන් ලැජ්ජා විය යුතුය.) එලෙස සිතන එකෙන්ම උන් ඉබේම එම තත්වයට පත් වේ. කවුරුන් හෝ එසේ සිතන්නේ නම් හා ඉන් මිදීමට අවශ්‍ය නම්, පළමුව එහි කිසිදු සත්‍යතාවක් නැති බව තේරුම් ගෙන එම තත්වයෙන් ඉවත්වීමට ඕනකමක් ඇති විය යුතුය. ඉන්පසු "මං නම් මගේ බිරිඳ හැරුණාම වෙනත් ගැහැණියක් දෙස ඇහැක් අැරල බලන්නෙ නැහැ", “කසාදය කියන්නෙ දෙවොලක්, එහි සිටින දේවිය මගේ බිරිඳයි", ආදි ලෙස ලස්සන හිතට වදින වාඛ්‍ය යොදා ගන්න. සමහරවිට චිත්‍රපටවල (උදාහරණ ලෙස diehard චිත්‍රපට මාලාව පුරාම තමන්ගේ බිරිඳ වෙනුවෙන් ඕනම දෙයක් කරන සැමියෙකු කතාවේ ප්‍රධාන චරිතය ලෙස ඇත. වරක් එයාර්පෝට් එකේදී එහි පිළිගැනීම් කවුන්ටරයේ සිටින ලස්සන යුවතියක් ඔහුට රෑ කෑමකට යන්නට ඇරයුම් කළත් ඔහු තමන්ගේ ඇඟිල්ලේ මුද්ද පෙන්වා තමන් බැඳපු කෙනෙකු කියා හඟවන්නේ සිනහවකින්ය. මට එය මතක් වෙන විට සිහිපත් වන්නේ එතැන සිටියේ මට හමු වූ ජාතියේ එකෙක් නම් පැනල හා කියනවා නේද කියාය. වරක් මා මෙම කතාව හා තවත් විස්තර මිතුරෙකු සමග කතාබහ කළාට පසු මඟුල් මුද්ද ගලවා සිටීමේ නරක පුරුද්දෙන් මිදුණු බව ඔහු පසු කලෙක මා හා පැවසුවා.) අදාල ගතිගුණය හොඳින් නිරූපණය වෙන ජවනිකා සිහිකර ඒවාට ආශා කරමින් තමන්ද එලෙස කරනවා යැයි තමන්ට කියා ගන්න. මා මෙය උදාහරණයක් ලෙස ගත්තේම ආදරය, පවුල් ජීවිතය ගැන දැන් දැන් බොහෝ වැරදි මත පැතිරී පවතින නිසාය.


මං අහවල් විධියේ කෙනෙක් කියා කියන වාර ගණන වැඩි වන තරමට එම ගතිගුණය ඔබ තුළ පිහිටනවා. හැබැයි එය පිහිටන්නේ ඔබට අවංකව එම ගතිගුණය ඔබ තුළ ඇති කරගන්නට අවශ්‍ය නම් පමණි. බොරුවට අනිත් අයට පෙනෙන්නට රවටන්නට එසේ කීවාට වැඩක් නැත. ඕනෑම පෞරුෂයක් ලෝකයක් වශීකරගත හැකි ලෙස දිදුලන ආකාරයට පවත්වාගන්නට කරුණු තුනක් වැදගත් යැයි මා දකිනවා. බුද්ධිය (දැනුම), යුක්තිය සාධාරණත්වය පිළිබඳ හැඟීම, හා ප්‍රේමණීය බව එම පෞරුෂව ලක්ෂණ තුනයි. (එම කරුණු තුනෙන් පෞරුෂයක් බැබලෙන්නේ කෙලෙසදැයි වෙනත් ලිපියකින් මතුවට ලියන්නට බලාපොරොත්තු වෙනවා.) මා ශාස්ත්‍රිය මට්ටමේ ලිපියකට වඩා පහසුවෙන් තේරෙන ආකාරයට මෙය (හා මාගේ වෙනත් ලිපි) ලිවීමට උත්සහ කරනවා. බර වචන හා නොතේරෙන වාඛ්‍ය රටා යොදාගෙන යමක් කියනවාට වඩා එය උචිත යැයි මට සිතෙනවා. (මුලදී මා පෞද්ගලිකවම මෙම ක්‍රමය භාවිතා කරන අයුරු උදාහරණ ලෙස දක්වන්නට සිතා සිටියත්, සමහරවිට ඒවා වැරදියට මාව තේරුම්ගැනීමට හේතු වේවි යැයි සිතුණු හෙයින් මා එසේ කළේ නැත. මොකද මා එය සිදු කරන්නේම ෆැන්ටසි ආකාරයටයි. එහෙත් මාගේ පවතින සෑම හොඳ හා නරක ගතිගුණයක්ම පාහේ දැඩිව මාගේ මනස තුළ කාවැදී ඇත්තේ මෙම ක්‍රමය නිසා බව සිහිපත් කරමි. එය එක්තරා විධියක ඇබ්බැහිවීමකි.)

Comments

  1. මමත් ස්වයං කතාව කරනවා. හැබැයි ඒක ඉබේටමයි වෙන්නේ. ඒකත් අනාගතයේ වෙන්න තියෙන දේවල් වලට. ( විභාගයක් තිබ්බනම් හොඳට ලිව්වා නම් ලකුණු දුන්නට පස්සෙ කට්ටිය ඉස්සරහ "වැඩ්ඩා" වගේ ඉන්න විදිහ මැවිලා පේනවා) සමහර වෙලාවට මන් තනියම හිනා වෙනවා. මන් ඒ වෙලාවට හිතන්නේ මහන්සියට විකාර පේනවා කියලා. හැබැයි ඒක මරු වැඩේ. :-)

    1.අපරාදේ මන් මේ වැඩේ කලේ කියලා හිතෙන වෙලාවට එ් පසුතැවිල්ල මඟ හරිනවා වෙනුවට ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් හිතන්න බැරිද ? (එ්කෙ හොඳ පැත්ත හිතනවා)
    2.පසුතැවිල්ල ඇති වූ වෙලාවට ඒක හදාගන්න විදිහ ගැන කල්පනා කරන එක හොඳද?
    3."මන් මේ වෙලාවේ පැනලා වැඩ කලා වැඩි වගේ, මන් එ් වෙලාවේ කැපී පෙනුණ වැඩි වගේ" විදිහට හිතන එක හොඳද නරකද?

    ReplyDelete
    Replies
    1. හැමෝම ස්වයං කතාව අඩු වැඩි වශයෙන් සිදු කරනවා. ඒ ගැන හරියට දැනගෙන සවිඥානකව පෞරෂ සංවර්ධන උපක්‍රමයක් ලෙස එය යොදා ගැනීමට දැනුමක් හෝ උනන්දුවක් බොහෝ අයට නැත. ඔබත් මේ ගැන හොඳින් සිතා බලා මිතුරන් සමඟ සාකච්ඡා කරන්න.

      ජීවිතයේ කිසිවක් පෙර දැනුම්දීම් කරමින් එන්නේ නැත. අවස්ථාවේ හා වෙලාවේ හැටියටනෙ හදිසි තීරණ ගැනෙන්නේ. ඉතිං සමහරවිට අපට පසුතැවිලි ඇති වන ආකාරයේ සිදුවීමද අප විසින් අනිවාර්යෙන්ම සිදු කරනු ඇති. බුද්ධිය හා අත්දැකීම් සමඟ වඩා යහපත් අතට එය පත් වෙනවා.

      පසුතැවෙන දෙයක් කොහොමද ඊට ප්‍රතිවිරුද්ධ භාවයකින් දකින්නේ? මට එය සිතා ගත නොහැකියි. එනිසා මා සිතන පරිදි පසුතැවෙන සිදුවීම් මතක් වන විට, ඒ ගැන හොඳින් විශ්ලේෂණය කර බලන්න. සමහරවිට දැන් ඔබ ඒ ගැන පසුතැවෙන්නේ එම සිදුවීම සත්‍ය ලෙසම සිදු වූ අවස්ථාවට වඩා වැඩි කරුණු ප්‍රමාණයක් දැනගත් නිසා හෝ එම තීරණ නිසා අසාර්ථක ප්‍රතිපලයක් ලැබුණ නිසා ‍හෝ ඇත්ත වශයෙන්ම ඔබ දියුණු වී ඇති නිසා හෝ විය හැකියි. එනිසා බොහෝ අතපසුවීම් ගැන ගැඹුරින් සිතා බැලූ පසු ඒවා කාටත් සිදුවන තත්වයන් බව වටහා ගෙන තමන්ට සමාව දී එය සාමාන්‍ය දෙයක් ලෙස දකින්නට උත්සහ කරන්න.

      Delete
  2. pudhuma hithena manussayek sir oyanm
    mechcara dewal iganagena thiyana kenek
    podi prasnayak ahannadha mata thiyana sakayak nisa?
    sir viwahakadha?
    Mehema ahanne mn danna mn dakapu hugak iganagatta minissu jiwithe samahara dewal maga arapu minissu
    Apple samagame Steew poljobs wage jiwath wela hitapu aya
    mn ahapu dhe waraddak thiyanawanm samawenna sir
    obata jaya saha dhirgayu!!

    ReplyDelete
    Replies
    1. :)

      na, man avivahakai.

      ma nam samahara dewal neme boho dewal atha harala jeewath wena kenek. ehidi, kala de gena thrupthimath namuth lada de gena prasannathawak na.

      obatath aayu boho wewa!

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...