Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

බලු වන ප්‍රජාතන්ත්‍රය

ලංකාවේ වර්තමානයේ සිදු වන දේවල් හරියට චිත්‍රපට ජවනිකා මෙන්ය. වරෙක හාස්‍යජනකය, වරෙක පිලිකුල්සහගතය, තවත් වරෙක රතු කට්ට පන්නයි... චිත්‍රපටියක හැරෙන්න මෙවැනි හැඟීම් ගොන්නක් එකට දිය හැක්කේ ලංකාවේ දේශපාලුවට පමනි.

ජනපති නීත්‍යානුකූලව රනිල්ගේ අගමැතිකම ඉවත් කර මහින්දට දුන්නේය. කවුරු මොනව කිව්වත් එය ව්‍යවස්ථාවට අනුකූල වේ. එනිසාම රනිල් එය අභියෝගයට ලක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියේය. එහෙත් එය ආපස්සට හැරවිය හැකි ක්‍රමයක් හොඳින් පෙනුන බැවින් රනිල් අරලිය ගහ මැදුරෙන් නොගියේය. පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වීම එම ක්‍රමයයි. එනිසාම පාර්ලිමේන්තුව යලි කැඳවා ගැනීමට ඔහුට අවශ්‍ය විය. එවිට මහින්දගේ හෙන්චයියන් කොතරම් අපහස උපහස රනිල්ට පැවසුවේද යන්න කවුරුත් දනී. ලැජ්ජ නහරය පාසල් කාලයේදීම රෝයල් එකේ ඩෙස්ක් එක යට සමනල මිතුරන් සමඟම කපා දමාගෙන සිටි රනිල්ට ඒවා ගානක්වත් නැති විය.

දෛවයේ සරදමක් සේ එය දැන් ආපස්සට මහින්දට කැරකීවිත්ය. පැහැදිලිවම රනිල් අද පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වීය. පෙරත් අප සටහන් කර ඇති පරිදි ස්ථාවර නියෝග අත්හිටුවා පාර්ලිමේන්තුවේ බහුතරයගේ කැමැත්ත පරිදි වැඩ කිරීමට පාර්ලිමේන්තුවට නීත්‍යානුකූල බලය ඇත. අඩුම තරමේ එය ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ විධායකයට හෝ වැලැක්විය නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පසුව රටේ උත්තරීතරම ආයතනය වන්නේ පාර්ලිමේන්තුවයි.

ඒ විතරක්ද නොව, මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක්ද ගෙනවිත් එය ජයග්‍රහනය කළේය. එහෙත් අද මහින්දට පුටුව දමා යෑමට බැරිය. තමන්ට අවාසි වන විට ඉතා පැහැදිලි සත්‍යය පවා අසත්‍ය යැයි මේ දෙගොල්ලන්ම මාරුවෙන් මාරුවට පවසයි. මේ පරපුටු අවජාතක පාමයන්ට බොරු කීමට කිසිදු හිරිකිතයක් නැත.

කවුරු හරි වුවත් වැරදි වුවත් රට අරාජිකය. සියල්ල අනාගෙන ඇත්තේ ජනපති විසිනි. ගම්මන්පිල වැනි එවුන්ගේ කියමන්වලට පාර්ලිමේන්තුව විසුරුවා වැඩ අවුල් කර දැම්මේය. එය සපුරා නීති විරෝධි වේ. එහෙත් දැන් ඔහුට කළ හැකි විකල්ප කිහිපයක්ම වේ.

ව්‍යවස්ථාව අනුව අමාත්‍යංශ ගණන හා ඒවායේ විෂය පථයන් තීරණය කිරීමේ අනන්‍ය බලය තිබෙන්නේ ජනපති සතුවය. ජනපති විසින් තීරණය කරපු අමාත්‍යංශවලට ඇමතිවරු පත් කිරීම නම් අගමැති උපදෙස් පිට සිදු කළ යුත්තේය. එනිසා, ජනපති වහාම අමාත්‍යංශ ගණන 10කට පමණ අඩු කළ යුතුය. ඉනුත් ආරක්ෂක හා පරිසර අමාත්‍යංශ 2 තමා සතුව ඇති නිසා ඉතිරි වන්නේ අමාත්‍යංශ 8ක් පමණි. එවිට රනිල් ලෝක අමාරුවක වැටේ. කැබිනට් අමාත්‍යවරු 8කුත් නියෝජ්‍ය ඇමතිවරු 8කුත් පමනක් ලබා දිය යුතුය. තවද, පොලිසිය, රාජ්‍ය මාධ්‍ය හා ජනමාධ්‍ය, නීති ප්‍රතිසංස්කරණ, නීතිපති දෙපාර්තමේන්තුව, මහා බැංකුව වැනි වැදගත් රාජ්‍ය අංශයන්ද ජනපති යටතට ලබා ගත යුතුය. රනිල්ට කිසිවක් කළ නොහැකි තත්වයට පත් කළ හැකිය.

තවත් විකල්පයක් නම්, පොදුජන පෙරමුන සහය පළ කළ හැකිය සජිත්ව එජාපයෙන් අගමැති ධූරයට පත් කිරීමට. පොදු පෙරමුනේ 100කට අධික ඡන්ද ගණනක් පවතින නිසා, ඉතා පහසුවෙන් එජාපයෙන්ම ඉතිරිය සොයාගෙන බහුතර කැමැත්ත සජිත්ට තිබෙනවා සේ පෙන්විය හැකිය. එහෙත් එය කිරීම පොදු පෙරමුණ පැත්තෙන් ඇරඹිය යුතුය. එවිටද රනිල්ට යන එනමං නැති කළ හැකිය. ඇත්තටම එජාපය රට කරවීම නොව කාටත් තිබෙන ගැටලුව; රට විකුනන සමනල රනිල් හා උගේ සමනලයින් කිහිප දෙනා විසින් රට කරවීමයි ගැටලුව. එනිසා රනිල් ඉවත් කළ හැකි නම් මේ අවස්ථාවේ එයද රටේ භාග්‍යයකි.

මහජනයාගේ කැමැත්ත පරිදි දේවල් සිදු වීම ප්‍රජාතන්ත්‍රවාදය වුවද, පවතින නීතිය අනුව පළමුව කටයුතු සිදු විය යුතුය. ව්‍යවස්ථා හා නීති අප අනාදිමත් කාලයක සිට පවත්වාගෙන එන්නේද එනිසාමය. එහෙමත් නැතිනම් ජනතා විප්ලවයකින් පවතින නීති කුඩුපට්ටම් කර දමා අලුත් පාලනයක් ඇති විය යුතුය. කවදත් බඩ ගැන හිතන වසර දහස් ගනන් සිට රජුගේ වහලුන් සේ ක්‍රියා කරන සිහලයන්ට නම් කිසිදා විප්ලව සිදු කළ නොහැකිය. ඍජු ඡන්දයකින් ජනපති පත් වුවත්, ඔහුට වඩා විශාල පිරිසක් සිටින පාර්ලිමේන්තුව ඉහලින් සැලකීමට සිදු වේ. එක පුද්ගලයකුගේ තනි තීරණයට වඩා 225 දෙනෙකුගෙන් බහුතරයගේ තීරණය ප්‍රජාතාන්ත්‍රික වේ; සදාචාරසම්පන්න වේ; සාධාරණ වේ. එය තේරුම් ගැනීමට මේ ජඩයන්ට අවශ්‍ය නැත. පක්ෂවල පමනක් ප්‍රජාතන්තවාදී යන ලේබලය සහිත ප* නානායක්කාරලාටද ඒවා මතක නැත.

පසුගිය අවුරුදු දහය පහලොව හෝ ඊටත් වැඩි කාලයක සිට පාර්ලිමේන්තුව තුල හැසිරීම හා වනචර පාමයන්ගේ කතා මතක් කර බලන විට, තට්ටු මාරු ක්‍රමයට එකම කතා පෙල කියැවේ. එකම වෙනස වන්නේ පැති මාරු වීම පමනි. බලය නැති විට කවුරුත් ලේඩි ජස්ටිසියාගේ කන්‍යාබව සුරකින්නෝය. ජනතාවගේ සේවකයෝය. බලයට පත් වූ සැනින් ලේඩි ජස්ටිසාව සමූහ දූෂනය කරන්නෝය. ජනතාව පශු සම්පතක් සේ සලකන්නෝය. ඇත්තටම රටේ මේ පවතින අරාජිකත්වය තුලින් දැන් නැගිටිය යුත්තේ බුද්ධිමත් ජනතාවයි. එහෙත් ඊට අනුබල දීමට එවුන් නැත. විශ්ව විද්‍යාල, වෛද්‍ය, ඉංජිනේරු, සංඝ ආදි සංස්ථාද දේශපාලුවන්ට පිම්පිකම් කරමින්ම සිටී.