Skip to main content

ලංකාවේ ප්‍රබුද්ධ දේශපාලනය

ඇමති මණ්ඩලය වසර 3ක් ඇතුලත 4 පාරක් ඇනුවා... පත් කරපු ආණ්ඩුකාරයන් පැය 24ක් යන්නට මත්තෙන් නැවත මාරු කළා... කල්දාපු පාර්ලිමේන්තුව යලි රැස් කරන්න එකම ගැසට් එක 3 පාරක් ගැහුවා... ඊයෙ පත් කරපු ටිම්බර් කොර්පරේෂන් සභාපතිව අද ඉවත් කළා... අප්පට "සිරා" මුගෙ වැඩ හරියට මිස්ටර් බීන් වගේ... බාගෙවිට, අලුත් ටිම්බර් චෙයාර්මන් පට්ට හොරෙකු කියා දැන ගත්තේ පත්තරෙන්ද දන්නෙ නැහැ.

වෙලාවකට මේ යකා කිරෙන් බාල වෙච්ච එකෙක්දැයි සිතෙන තරම්ය. ජනපතිවරණය කාලේ තමන්ට වැඩිපුරම අපහස කරපු එවුන් ඉතා ළඟින් තබා ගෙන සිටී. එකල ජාතික රූපවාහිනියේ රාජපක්ක ජාතකය උදේ හවා පෙන්වූ අග්‍රගන්‍ය මාධ්‍ය ගණිකාවක් වූ ටීඑන්එල් රූපවාහිනියෙන්ද එලවා දැමූ චමුදිත සමරවික්‍රම ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක බවට පත් කර ගෙන ඇත. එවැනි විශ්වාස ඝාතකයන් සඳහා පත්වීම් විශාල ගණනක් කර ඇත.

ඒ අතර විජේදාස රාජපක්කගේ අලුත් ඇමතිකම ගැනද දෙයක් කීමට සිතේ. ඌව ඇමතිකමෙන් එලවා දැමුවේ මේ අගමැතිය. එම අගමැති යටතේම නැවත ඇමතිකමක් දැරීම විජේදාස වැනි දේශපාලුවන්ට නම් එතරම් ප්‍රශ්නයක් විය නොහැකිය. චන්ද්‍රිකාගේ කාලයේ රාජ්‍ය ආයතනවල නඩුහබ විශාල ගණනක් තමන්ට ලබා ගෙන විශාල මුදලක් හම්බ කර ගත් බවද දන්නෝ කියති. ශ්‍රේෂ්ඨාධිකරණය අසූචි ගොඩක් බවට පත් කළ සූකර ගනයේ අගවිනිසුරුවෙකුගේ ධූර කාලයේදී මන්ත්‍රින්ට පක්ෂ මාරු කිරීමට අවස්ථාව සලසා දී පාර්ලිමේන්තු සම්ප්‍රදාය උඩුයටිකුරු කිරීමටද මුල් වූයේ මූය. ඒ සියල්ලම සමහරවිට ජනයාට අමතක වන තරම් අතීත සිදු වීම් විය හැකිය. එහෙත් හම්බන්තොට වරාය නැවත චීනයෙන් ගන්නවා යැයි කටමැත දෙඩවූ, මේ රජය නීතය අවභාවිතා කරන බවට චෝදනා කළ, ආණ්ඩුවට කියන්න තියෙන සියලු දෝෂාරෝපණ සිදු කර තවමත් මාස කිහිපයක් පමණි. හරියට කෝමා සිහිමුර්ජාවෙන් නැගිටපු එකෙකු මෙන් ඒ සියල්ල මූට අමතක වී, එම ආණ්ඩුවේම කැබිනට් එකට රිංගුවේ අර සමහර සල්ලාලයන් ගැහැනියකගේ රෙද්ද අස්සට රිංගන්නා සේ ලොල්ලෙකු වෙමිනි.

මේ අතර හැමදාමත් වගේ කාලයක් අපේද වීරයකුව සිටි වෙලේවිදාන (ෆීල්ඩ් මාෂල්) සරත් පොන්සේකා තමන්ගේ කලවැදි සක්කිලි ස්වභාවය පෙන්නුම් කළේ රටේ වෙච්ච දේවලට අගමැතිට දොස් නොකිසා සියලු දෝෂ ජනපති හරහා යැවීමෙනි. ඇත්තටම ඌ ගැලපෙන්නේ කුලී හේවායකුටය. එම මොහොතේ තමාට ලෙව කෑමට මස් කටු දෙන ස්වාමියාට සේවය කිරීම උගේ සිරිතයි.

රනිල් බැඳුම්කර කොමිසමට කැඳවූ විට තමන් සිටියේ නම් තමන්ගේ අගමැතිව එසේ යවන්නේ නැතැයි ප්‍රසිද්ධියේ රාජපක්ක කියා සිටියේ නීතියේ ආධිපත්‍යය ගැන තඹේකට මායිම් නොකරමිනි. එය උගේ ජන්ම ගතිය බව ඌ රජ කළ සමයේ කියුම් කෙරුම්වලින් අප ප්‍රත්‍යක්ෂයෙන්ම දනී. ඒකාව එලවා දැමීමට රටම පෙල ගැසුනෙත් එනිසාය. මැයි දිනය කල් දැම්මේ ආගමික නායකයන්ගේ ඉල්ලීම පරිදි බවත්, එසේ සිදු කිරීම සුදුසු බවත් ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා ප්‍රකාශ කළ පර්සි මහින්ද රාජපක්ක, එසේ පවසා දිනක් ගත වෙන්නටත් පෙර එතැන් සිට මැයි දිනයත් මේ ආණ්ඩුව පස්සට ගෙනිච්චා යැයි චෝදනා කළේය. ඇත්තටම මුං කතා කරන්නේ මුඛයෙන්ද නැතිනම් අධෝමුඛයෙන්දැයි සොයා බැලිය යුතුය.

ඉස්සර මා පෞද්ගලිකවත් ආර්ථික විද්‍යාව ගැන ප්‍රායෝගික දෙයක් උගත්තේ බන්දුල ගුණවර්ධනගෙනි. එතරම් සාරගර්භ විචාර හා කතා ඔහු සිදු කළේය. එහෙත් අද වන විට ඌ කට හැරියොත් කියන්නේ ටොන් පචයි. ශනිගේ දෘෂ්ටියෙන් සුභ ග්‍රහයන්ද අසුභ වන්නා සේ, රාජපක්කගේ දෘෂ්ටිය නිසා බන්දුල ගුනවර්ධන, දිනේෂ් ගුනවර්ධන වැන්නන්ද සිතා ගත නොහැකි ලෙස වන්දිභට්ටයන් බවට පත්ව ඇත. සුපිරි දේශපාලන ගණිකාවන් බවට පත්ව ඇත.

මාද දැන් වසරක දෙකක පමන සිට පැවසූ දෙයක් ඊයේ පෙරේදා මහා බැංකුව විසින්ම පවසු දැක සතුටට පත් වීමි. එනම්, රුපියල බාල්දු වීම නිසා අපේ විදෙස් ණය ඉහල යෑම සිදු වන ආචාර්ය බන්දුල ඇතුලු බොහෝ දෙන් නිරන්තරයෙන් පැවසීය. එය විහිලුවක් බව ආර්ථික විශේෂඥයන් නොවන අපද ප්‍රශ්න කළත්, එය පැහැදිලි කිරීමට ඊනියා ආර්ථික විද්‍යාඥයන් ඉදිරිපත් නොවීය. අඩුම ගානේ එවන් ශාස්ත්‍රිය මට්ටමේ දෙයක්වත් රට තුල ඒ ප්‍රමාණයට වැදගත් අයුරින් සාකච්ඡාවට පත් නොවන තරමට රට ජරාජීර්ණ වී ඇත. facts (සත්‍ය) පවා එක එක්කෙනාගේ මත (opinion) අතර සඟවා ඇත.

එක ජනතා ඡන්දයක්වත් නොගෙන ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු විත්, බරපතල ඇමතිකම් දරන මලික් සමරවික්‍රම වැනි රනිල්ගේ ඇට ලෙව කන ලොලු බයියන් රටක් උකසට තබා වෙළඳ ගිවිසුම් ගසයි. අඩුම ගානේ පාර්ලිමේන්තුව හරහා එම ගිවිසුම් ratify කිරීම තරම්වත් නීතිගරුක නොවී සිටින්නේ හරියට රට මුංගේ පෞද්ගලික බූදලයක් සේ සිතාගෙනය.

ලංකාවේ සමස්ථ දේශපාලනය දෙතුන් දෙනෙකුගේ පාප දෘෂ්ටියෙන් නීච වී ඇත. එනිසා ඉබේම රාජ්‍ය සේවයත් අන්ත දූෂිත වී ඇත. මුලු රටම අරාජික දූෂිත ස්වභාවයක් ගනී.  රාජපක්ක හා රනිල් යන කොඩිවින දෙක කපන තෙක් රටට සෙතක් අත් වේ යැයි සිතිය නොහැකිය. මුදලට, තනතුරුවලට, බලයට, හා ලිංගික සැපට ලොල් වෙමින් උගතුන් හා දේශපාලන/සිවිල් ක්‍රියාකාරුවන් යැයි කියා ගන්නා බොහෝ එවුන්ද මුනිවත රකී. දැන්වත් සිරාගේ බබා හුකුං ග්‍රහ දෝෂය දුරු වෙලා රනිල්ගේ "ගේ" පාලනය අවසන් කිරීමට පුරුෂ ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු. එසේ නොවුණොත්, අකැමති විකල්පයට යෑමට ඉබේම පීඩනයක් ඉන් සිදු වේ.

Comments

  1. ලංකාව තුල වඩාත් ආර්ථික වාසි ඇත්තේ ගෑස් ලිපක් පාවිච්චියද ප්‍රේරණ අදුනක් (ඉන්ඩක්ෂන් කුකර්) පාවිච්චියද?

    ReplyDelete
    Replies
    1. මා හට එය එකවරම කිව නොහැකියි. එහෙත් ඒ ගැන මෙවන් අදහස් කිහිපයක් කිව හැකියි.

      පොසිල ඉන්ධනවලින් ඈත් වීම පරිසරය පැත්තෙන් යුගයේ අත්‍යවශ්‍යම දෙයක් ලෙස මා සිතනවා. එනිසා පිරිවැය වැඩි වුවත් ගෑස්වලින් ඈත්වන විකල්පවලට යෑමට බල කෙරිය යුතුයි. ඉන්ඩක්ෂන් කුකර්ද හොඳ විකල්පයක් වනු ඇත්තේ විදුලිය නිපදවීමට නැවතත් පොසිල් ඉන්ධන භාවිතා නොකෙරේ නම්ය. තවත් පසකින් ඉන්ඩක්ෂන් කුකර් ගෑස් කුකර්වලට වඩා කාර්යක්ෂම වේ (ශක්තිය අපතේ යෑම අඩුය). ඉන්ධන පොසිල් භාවිතා කෙරෙන සෑම තැනකම උපරිම අකාර්යක්ෂමතාවක් තිබේ (වාහන එන්ජින් විශේෂයෙන්).

      ගෑස් යනු ෆ්ලැට් රේට් එකක් සහිත වියදමකි. එනම්, ගෑස් ටිකක් භාවිතා කළත්, ගොඩක් භාවිතා කළත් එම වියදම රේඛීයව සමානුපාතික වේ. විදුලිය එසේ නොවෙයිනෙ; ඒකක 90න් පසු (ඉන්පසු තවත් ඒකක ගණනකට පසුත්) රේට් වෙනස් වේ. එනිසා ලිප භාවිතා කරන කාල ප්‍රමාණය (කාලය) අනුව මෙම සංසන්දනය වෙනස් වේ. එනිසා, කෙනා කෙනාට තම තමන්ටම ගණනය කිරීම සිදු කිරීමට වේ. එහෙමත් නැතිනම්, විශාල පිරිසකගෙන් හෝ මුලු රටේම ලිප් භාවිතාව පිලිබඳ දත්ත ගෙන ඇවරේජ් අගයන් මත සංසන්දනය සිදු කළ යුතු වේ.

      Delete
    2. මා කියූ දේ තවදුරටත් මෙසේ පැවසිය හැකිය. ඔබේ නිවසේ විදුලි පරිභෝජනය විදුලි ඒකක 90ට අඩුවෙන් (සිතමු 82ක් කියා) සෑම මසකම පවත්වාගෙන යන්නේ නම් ඔබේ විදුලි බිල කුඩා අගයක් වනු ඇත. මෙවිට, ඉන්ඩක්ෂන් කුකර් එක භාවිතා කිරීම නිසා ඒකක ගණන 112 ක් වූවා නම්, අමතර ඒකක 30 ට ගෙවන්නට වෙනවා (marginal cost) පමණක් නොව, මුලු ඒකක 112 ටම වැඩි රේට් එකකින් ගෙවන්නටත් සිදු වෙනවා (රාජපක්ක කාලයේ විදුලි බිල් රේට් සාදපු එම අමන ක්‍රමය අදටත් වෙනස් කර නැත). එවිට, අලුත් බිල පරණ බිලෙන් අඩු කළ විට ලැබෙනවානෙ කුකර් එකට මාසිකව වැය වූ මුදල. දැන් එම මුදල සසඳන්නට වෙනවා මාසික ගෑස් වියදමට. උදාහරණයක් ලෙස ගෑස් එක මාසයකට සෑහේ නම්, එම ගෑස් මිලයි අර වැඩි වූ විදුලි බිලයි අතරින් කුමක් ලාභදායිදැයි සෙවිය හැකිය. කෙසේ වෙතත්, ඔබේ සාමාන්‍ය මාසික විදුලි ඒකක ගණන 90ට වැඩි නම්, ඉන්ඩක්ෂන කුකර් එක නිසා වැඩිවන විදුලි බිලේ ප්‍රමාණය අර තරම් විශාල නොවනු ඇත. that means the marginal cost is minimal.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...