Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

ලංකාවේ ප්‍රබුද්ධ දේශපාලනය

ඇමති මණ්ඩලය වසර 3ක් ඇතුලත 4 පාරක් ඇනුවා... පත් කරපු ආණ්ඩුකාරයන් පැය 24ක් යන්නට මත්තෙන් නැවත මාරු කළා... කල්දාපු පාර්ලිමේන්තුව යලි රැස් කරන්න එකම ගැසට් එක 3 පාරක් ගැහුවා... ඊයෙ පත් කරපු ටිම්බර් කොර්පරේෂන් සභාපතිව අද ඉවත් කළා... අප්පට "සිරා" මුගෙ වැඩ හරියට මිස්ටර් බීන් වගේ... බාගෙවිට, අලුත් ටිම්බර් චෙයාර්මන් පට්ට හොරෙකු කියා දැන ගත්තේ පත්තරෙන්ද දන්නෙ නැහැ.

වෙලාවකට මේ යකා කිරෙන් බාල වෙච්ච එකෙක්දැයි සිතෙන තරම්ය. ජනපතිවරණය කාලේ තමන්ට වැඩිපුරම අපහස කරපු එවුන් ඉතා ළඟින් තබා ගෙන සිටී. එකල ජාතික රූපවාහිනියේ රාජපක්ක ජාතකය උදේ හවා පෙන්වූ අග්‍රගන්‍ය මාධ්‍ය ගණිකාවක් වූ ටීඑන්එල් රූපවාහිනියෙන්ද එලවා දැමූ චමුදිත සමරවික්‍රම ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක බවට පත් කර ගෙන ඇත. එවැනි විශ්වාස ඝාතකයන් සඳහා පත්වීම් විශාල ගණනක් කර ඇත.

ඒ අතර විජේදාස රාජපක්කගේ අලුත් ඇමතිකම ගැනද දෙයක් කීමට සිතේ. ඌව ඇමතිකමෙන් එලවා දැමුවේ මේ අගමැතිය. එම අගමැති යටතේම නැවත ඇමතිකමක් දැරීම විජේදාස වැනි දේශපාලුවන්ට නම් එතරම් ප්‍රශ්නයක් විය නොහැකිය. චන්ද්‍රිකාගේ කාලයේ රාජ්‍ය ආයතනවල නඩුහබ විශාල ගණනක් තමන්ට ලබා ගෙන විශාල මුදලක් හම්බ කර ගත් බවද දන්නෝ කියති. ශ්‍රේෂ්ඨාධිකරණය අසූචි ගොඩක් බවට පත් කළ සූකර ගනයේ අගවිනිසුරුවෙකුගේ ධූර කාලයේදී මන්ත්‍රින්ට පක්ෂ මාරු කිරීමට අවස්ථාව සලසා දී පාර්ලිමේන්තු සම්ප්‍රදාය උඩුයටිකුරු කිරීමටද මුල් වූයේ මූය. ඒ සියල්ලම සමහරවිට ජනයාට අමතක වන තරම් අතීත සිදු වීම් විය හැකිය. එහෙත් හම්බන්තොට වරාය නැවත චීනයෙන් ගන්නවා යැයි කටමැත දෙඩවූ, මේ රජය නීතය අවභාවිතා කරන බවට චෝදනා කළ, ආණ්ඩුවට කියන්න තියෙන සියලු දෝෂාරෝපණ සිදු කර තවමත් මාස කිහිපයක් පමණි. හරියට කෝමා සිහිමුර්ජාවෙන් නැගිටපු එකෙකු මෙන් ඒ සියල්ල මූට අමතක වී, එම ආණ්ඩුවේම කැබිනට් එකට රිංගුවේ අර සමහර සල්ලාලයන් ගැහැනියකගේ රෙද්ද අස්සට රිංගන්නා සේ ලොල්ලෙකු වෙමිනි.

මේ අතර හැමදාමත් වගේ කාලයක් අපේද වීරයකුව සිටි වෙලේවිදාන (ෆීල්ඩ් මාෂල්) සරත් පොන්සේකා තමන්ගේ කලවැදි සක්කිලි ස්වභාවය පෙන්නුම් කළේ රටේ වෙච්ච දේවලට අගමැතිට දොස් නොකිසා සියලු දෝෂ ජනපති හරහා යැවීමෙනි. ඇත්තටම ඌ ගැලපෙන්නේ කුලී හේවායකුටය. එම මොහොතේ තමාට ලෙව කෑමට මස් කටු දෙන ස්වාමියාට සේවය කිරීම උගේ සිරිතයි.

රනිල් බැඳුම්කර කොමිසමට කැඳවූ විට තමන් සිටියේ නම් තමන්ගේ අගමැතිව එසේ යවන්නේ නැතැයි ප්‍රසිද්ධියේ රාජපක්ක කියා සිටියේ නීතියේ ආධිපත්‍යය ගැන තඹේකට මායිම් නොකරමිනි. එය උගේ ජන්ම ගතිය බව ඌ රජ කළ සමයේ කියුම් කෙරුම්වලින් අප ප්‍රත්‍යක්ෂයෙන්ම දනී. ඒකාව එලවා දැමීමට රටම පෙල ගැසුනෙත් එනිසාය. මැයි දිනය කල් දැම්මේ ආගමික නායකයන්ගේ ඉල්ලීම පරිදි බවත්, එසේ සිදු කිරීම සුදුසු බවත් ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා ප්‍රකාශ කළ පර්සි මහින්ද රාජපක්ක, එසේ පවසා දිනක් ගත වෙන්නටත් පෙර එතැන් සිට මැයි දිනයත් මේ ආණ්ඩුව පස්සට ගෙනිච්චා යැයි චෝදනා කළේය. ඇත්තටම මුං කතා කරන්නේ මුඛයෙන්ද නැතිනම් අධෝමුඛයෙන්දැයි සොයා බැලිය යුතුය.

ඉස්සර මා පෞද්ගලිකවත් ආර්ථික විද්‍යාව ගැන ප්‍රායෝගික දෙයක් උගත්තේ බන්දුල ගුණවර්ධනගෙනි. එතරම් සාරගර්භ විචාර හා කතා ඔහු සිදු කළේය. එහෙත් අද වන විට ඌ කට හැරියොත් කියන්නේ ටොන් පචයි. ශනිගේ දෘෂ්ටියෙන් සුභ ග්‍රහයන්ද අසුභ වන්නා සේ, රාජපක්කගේ දෘෂ්ටිය නිසා බන්දුල ගුනවර්ධන, දිනේෂ් ගුනවර්ධන වැන්නන්ද සිතා ගත නොහැකි ලෙස වන්දිභට්ටයන් බවට පත්ව ඇත. සුපිරි දේශපාලන ගණිකාවන් බවට පත්ව ඇත.

මාද දැන් වසරක දෙකක පමන සිට පැවසූ දෙයක් ඊයේ පෙරේදා මහා බැංකුව විසින්ම පවසු දැක සතුටට පත් වීමි. එනම්, රුපියල බාල්දු වීම නිසා අපේ විදෙස් ණය ඉහල යෑම සිදු වන ආචාර්ය බන්දුල ඇතුලු බොහෝ දෙන් නිරන්තරයෙන් පැවසීය. එය විහිලුවක් බව ආර්ථික විශේෂඥයන් නොවන අපද ප්‍රශ්න කළත්, එය පැහැදිලි කිරීමට ඊනියා ආර්ථික විද්‍යාඥයන් ඉදිරිපත් නොවීය. අඩුම ගානේ එවන් ශාස්ත්‍රිය මට්ටමේ දෙයක්වත් රට තුල ඒ ප්‍රමාණයට වැදගත් අයුරින් සාකච්ඡාවට පත් නොවන තරමට රට ජරාජීර්ණ වී ඇත. facts (සත්‍ය) පවා එක එක්කෙනාගේ මත (opinion) අතර සඟවා ඇත.

එක ජනතා ඡන්දයක්වත් නොගෙන ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු විත්, බරපතල ඇමතිකම් දරන මලික් සමරවික්‍රම වැනි රනිල්ගේ ඇට ලෙව කන ලොලු බයියන් රටක් උකසට තබා වෙළඳ ගිවිසුම් ගසයි. අඩුම ගානේ පාර්ලිමේන්තුව හරහා එම ගිවිසුම් ratify කිරීම තරම්වත් නීතිගරුක නොවී සිටින්නේ හරියට රට මුංගේ පෞද්ගලික බූදලයක් සේ සිතාගෙනය.

ලංකාවේ සමස්ථ දේශපාලනය දෙතුන් දෙනෙකුගේ පාප දෘෂ්ටියෙන් නීච වී ඇත. එනිසා ඉබේම රාජ්‍ය සේවයත් අන්ත දූෂිත වී ඇත. මුලු රටම අරාජික දූෂිත ස්වභාවයක් ගනී.  රාජපක්ක හා රනිල් යන කොඩිවින දෙක කපන තෙක් රටට සෙතක් අත් වේ යැයි සිතිය නොහැකිය. මුදලට, තනතුරුවලට, බලයට, හා ලිංගික සැපට ලොල් වෙමින් උගතුන් හා දේශපාලන/සිවිල් ක්‍රියාකාරුවන් යැයි කියා ගන්නා බොහෝ එවුන්ද මුනිවත රකී. දැන්වත් සිරාගේ බබා හුකුං ග්‍රහ දෝෂය දුරු වෙලා රනිල්ගේ "ගේ" පාලනය අවසන් කිරීමට පුරුෂ ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු. එසේ නොවුණොත්, අකැමති විකල්පයට යෑමට ඉබේම පීඩනයක් ඉන් සිදු වේ.

Comments

  1. ලංකාව තුල වඩාත් ආර්ථික වාසි ඇත්තේ ගෑස් ලිපක් පාවිච්චියද ප්‍රේරණ අදුනක් (ඉන්ඩක්ෂන් කුකර්) පාවිච්චියද?

    ReplyDelete
    Replies
    1. මා හට එය එකවරම කිව නොහැකියි. එහෙත් ඒ ගැන මෙවන් අදහස් කිහිපයක් කිව හැකියි.

      පොසිල ඉන්ධනවලින් ඈත් වීම පරිසරය පැත්තෙන් යුගයේ අත්‍යවශ්‍යම දෙයක් ලෙස මා සිතනවා. එනිසා පිරිවැය වැඩි වුවත් ගෑස්වලින් ඈත්වන විකල්පවලට යෑමට බල කෙරිය යුතුයි. ඉන්ඩක්ෂන් කුකර්ද හොඳ විකල්පයක් වනු ඇත්තේ විදුලිය නිපදවීමට නැවතත් පොසිල් ඉන්ධන භාවිතා නොකෙරේ නම්ය. තවත් පසකින් ඉන්ඩක්ෂන් කුකර් ගෑස් කුකර්වලට වඩා කාර්යක්ෂම වේ (ශක්තිය අපතේ යෑම අඩුය). ඉන්ධන පොසිල් භාවිතා කෙරෙන සෑම තැනකම උපරිම අකාර්යක්ෂමතාවක් තිබේ (වාහන එන්ජින් විශේෂයෙන්).

      ගෑස් යනු ෆ්ලැට් රේට් එකක් සහිත වියදමකි. එනම්, ගෑස් ටිකක් භාවිතා කළත්, ගොඩක් භාවිතා කළත් එම වියදම රේඛීයව සමානුපාතික වේ. විදුලිය එසේ නොවෙයිනෙ; ඒකක 90න් පසු (ඉන්පසු තවත් ඒකක ගණනකට පසුත්) රේට් වෙනස් වේ. එනිසා ලිප භාවිතා කරන කාල ප්‍රමාණය (කාලය) අනුව මෙම සංසන්දනය වෙනස් වේ. එනිසා, කෙනා කෙනාට තම තමන්ටම ගණනය කිරීම සිදු කිරීමට වේ. එහෙමත් නැතිනම්, විශාල පිරිසකගෙන් හෝ මුලු රටේම ලිප් භාවිතාව පිලිබඳ දත්ත ගෙන ඇවරේජ් අගයන් මත සංසන්දනය සිදු කළ යුතු වේ.

      Delete
    2. මා කියූ දේ තවදුරටත් මෙසේ පැවසිය හැකිය. ඔබේ නිවසේ විදුලි පරිභෝජනය විදුලි ඒකක 90ට අඩුවෙන් (සිතමු 82ක් කියා) සෑම මසකම පවත්වාගෙන යන්නේ නම් ඔබේ විදුලි බිල කුඩා අගයක් වනු ඇත. මෙවිට, ඉන්ඩක්ෂන් කුකර් එක භාවිතා කිරීම නිසා ඒකක ගණන 112 ක් වූවා නම්, අමතර ඒකක 30 ට ගෙවන්නට වෙනවා (marginal cost) පමණක් නොව, මුලු ඒකක 112 ටම වැඩි රේට් එකකින් ගෙවන්නටත් සිදු වෙනවා (රාජපක්ක කාලයේ විදුලි බිල් රේට් සාදපු එම අමන ක්‍රමය අදටත් වෙනස් කර නැත). එවිට, අලුත් බිල පරණ බිලෙන් අඩු කළ විට ලැබෙනවානෙ කුකර් එකට මාසිකව වැය වූ මුදල. දැන් එම මුදල සසඳන්නට වෙනවා මාසික ගෑස් වියදමට. උදාහරණයක් ලෙස ගෑස් එක මාසයකට සෑහේ නම්, එම ගෑස් මිලයි අර වැඩි වූ විදුලි බිලයි අතරින් කුමක් ලාභදායිදැයි සෙවිය හැකිය. කෙසේ වෙතත්, ඔබේ සාමාන්‍ය මාසික විදුලි ඒකක ගණන 90ට වැඩි නම්, ඉන්ඩක්ෂන කුකර් එක නිසා වැඩිවන විදුලි බිලේ ප්‍රමාණය අර තරම් විශාල නොවනු ඇත. that means the marginal cost is minimal.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,