Skip to main content

පුරවැසි සංවිධාන හා ඒවායේ නළුවන්

ඊයේ සිරසේ සටන වැඩසටහන අවසන් භාගය බැලූ විට අපේ පුරවැසි සංවිධාවල තිබෙන කල්ලිවාදය, බටහිරට ඇති ගැතිකම හා බටහිර සංකල්පවලට ඇති වහල්භාවය, කුහකත්වය මොනවට පැහැදිලි වේ.

බොහෝ රටවල පැවති (බොහෝ විට අතීතයේ පැවති) පුරවැසි හෝ සිවිල් සංවිධාන එම සමාජය දේහය විසින්ම සුජාත කරන ලද, තම පුරවැසියාගේම අව්‍යාජ ඕනෑ එපාකම් සපුරනු වස් ඇති වූවත්, ලංකාවේ (මා දන්නා තරමින්) එතෙක් මෙතෙක් ඇති වූ එවැනි සංවිධාන නම් අපට භාහිරින් බලෙන් උගන්වන, අපේ පොලොවට උචිත ලෙස නොව වෙනත් පොලොවක පැල වීමට සුදුසු බීජ වපුරන, අවංකවම තමන්ට නැති මහා දේශපාලන සමාජ ආර්ථික "මහෝෂධ පාණ්ඩිත්‍යයක්" පෙන්වන පුහු මිනිසුන් ගොඩකි.

නව දැනුම නිර්මාණය කිරීමෙහිලා බටහිර රටවලට විශාල ප්‍රශංසාවක් හිමි විය යුතු වුවත්, කිසිම නිවැරදි විචාරයකින් තොරව එවැනි සංකල්ප පරම සත්‍ය ලෙස පිළිගැනීමම එක් එක් පුද්ගලයාට තනි තනිවම ස්වභාව ධර්මයාගෙන් ලැබී ඇති බුද්ධියට කරන නිගාවකි. සන්දර්භයෙන් පිට උපුටා දැක්වීම් හා සංඛ්‍යා ලේඛන දැක්වීමට ඇති වීරත්වය ඔවුන්ගේ ශාස්ත්‍රයන් ඉගෙන ඇති ප්‍රමාණයේ පිළිබිඹුවකි. (මෙය කීමට සිදු වන්නේ, ගාමිණි වියන්ගොඩ මරණ දඬුවම මගින් අපරාධ වැලැක්විය නොහැකියි යනුවෙන් කරපු ප්‍රකාශය හා ඒ ඔප්පු කිරීම සඳහා තමන් ගාව සංඛ්‍යාලේඛන දත්ත ඇති බවට කියූ ප්‍රකාශයයි. ඔහුගේ එම දත්ත අපද කියවා ඇති අතර, එහෙත් ඔහු විසින් නිසි වෙලාවකදී එම දත්ත ඉදිරිපත් කිරීමකදී එම දත්තවල හා දත්ත යොදාගැනීමේදී සිදු කර තිබෙන බරපතල විද්‍යාත්මක වැරදි පෙන්වා දීමට කැමැත්තෙන් සිටිමු.)

අනෙක් පසින්, ගාමිණි වියන්ගොඩ විසින් රතන හිමියන් හා කුඩු අතර සම්බන්ධතාවක් ගොඩනැඟීමට දැරූ අධම උත්සහයද පිළිකුල් සහගතය. රතන හිමිගේ පොදු දේශපාලන භාවිතාව හා දර්ශනයට අප තදින්ම විරුද්ධය. ඒ දෙස මැදහත්ව බලව විට, නැට්ට විසින් බල්ලා වනනු ලබන තත්වයක් සිහි වේ. එහෙත් උන්වහන්සේ රටේ මත් උවදුර හා කෘෂි රසායනික උවදුර සම්බන්ධයෙන් ඉතා විශාල කැපවීමක් කරපු හා තවමත් කරන කෙනෙකි. එයට නිසි ප්‍රශංසාව අනිවාර්යෙන්ම උන්වහන්සේට හිමි විය යුතුය. ළඟදී උන්වහන්සේ සමීපයෙහි සිටි පුද්ගලයකු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වීම වෙනමම කාරණයකි. සමහරවිට හෙට වෙලේ සුදා මගදී මුණ ගැසී මා සමග මිතුරු වුවහොත් ඒ කාලකන්නියාගේ හැඩරුව ගැන මතකයක් නැති මට ඔහු සමග කාලය ගත කරනු ඇත. එය මාගේ වරදක් නොවේ. එලෙසම දේශපාලකයකු ළඟට පැමිෙණන ඇසුරු කරන දහස් සංඛ්‍යාත මිනිසුන් ප්‍රමාණයම ගැන සොයා බැලීමට ප්‍රායෝගිකව බැරිය. අඩුම ගානේ ගාමිණි වියන්ගොඩ හෝ වෙනත් කෙනෙකුට මා කියන්නේ තමන්ගේ බිරින්දෑ අනියම් පුරුෂයකු සමග සබඳතාවක් තිබෙනවාද කියා සොයා ගැනීමටත් පහසු නැති බවයි. එය නොදන්නා තරමට වියන්ගොඩ බබෙකු නොවේ. ඔහුගේ සංවිධානය සමග හිටපු සක්කිලි අග්‍රවිනිසුරු සිල්වා සිටීම ගැනත් අපට අවශ්‍ය නම් චෝදනා එල්ල කළ හැකියි. වෙලේ සුදාගෙන් සල්ලිගත් බවට චෝදනලා ලැබූ කලා කරුවන් පිරිස වෙනුවෙන් කතා කරන්නේද වියන්ගොඩගේ සංවිධානයේ ප්‍රධාන පෙලේ සාමාජිකයන්මය. ඒ අනුව කෙලින්ම කුඩු සමග ඔහුට සබඳතාවක් ඇති බවට අපට චෝදනා කළ හැකියි. එහෙත් අප දන්නවා ඔහු කුඩුවලට එවැනි සබඳතාවක් නැති බව. රතන හිමි ගැනත් අපට ඇත්තේ එවැනිම සුපසන් දැනීමක් (කුඩු සම්බන්දයෙන්). එහෙත් වියන්ගොඩගේ ඉතා නිර්ලජ්ජිත ලෙස අත්ලෙන් මුලු නිරුවතම වසා ගැනීමට තැත් කිරීමක් අප ඊයේ සිරස සටන වැඩසටහනේදී දුටුවා.

ඇත්තටම පෞද්ගලිකව මා හට ඔහු සුපිරිසිදු අරහත් වහන්සේ නමක්ද, කට්ට කෛරාටිකයෙක්ද කියා ගැටළුවක් නැත. එහෙත් ගැටළුව වන්නේ, වාසනාවකට හෝ අවාසනාවකට සමකාලීනව ගොඩ නැඟී ඇති පුරවැසි හා සිවිල් සංවිධාන අතරින් නිතර නම කියැවෙන හා සක්‍රීය කාර්ය භාරයක් හිටුකළ සංවිධානයක ප්‍රධානිත්වය ඔහු විසින් දරන නිසා, ඔහුගේ මෙම පෞද්ගලික පහත් හැසිරීම එම සංවිධානය හා එවැනි පුරවැසි සංවිධාන කෙරෙහි මහජනයා ගොඩනඟාගෙන යන විශ්වාසය පළුඳු වීමට හැකියාවක් තිබේ.

Comments

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...