Skip to main content

මෝහනය / mohanaya (Hypnosis) - 23

කණ්ඩායම් මෝහනය

කණ්ඩායම් මෝහනය (group hypnosis) යන්න “වේදිකා මෝහනය” (stage hypnosis) හෝ “පිරිස් මෝහනය” (mass hypnosis) ලෙසද හැඳින්විය හැකියි. මෙය හුදු විනෝදය සඳහා කරනු ලබන දෙයකි. (යම් යම් මානසික රෝග/පීඩා සුව කිරීමේ අදහසින් කරනු ලබන මෝහනය “සායනික මෝහනය(clinical hypnosis) ලෙස හැඳන් වේ.) බොහෝ විට මෙවැනි මෝහන ප්‍රදර්ශනවල පුද්ගලයන් සැහැල්ලු හා මධ්‍යම මෝහන මට්ටම්වලට පත් වේ. ගැඹුරු මෝහනයට පත්වන අයද නැත්තේ නොවේ (ඉක්මනින්ම මෝහනයට පත් වීමේ හැකියාව ඇති අය). පිරිස වැඩිවන තරමට කණ්ඩායම් මෝහනයේ සාර්ථකත්වය වැඩිය.
මෙය සාමාන්‍ය හෝ ස්වයංමෝහනයට වඩා වෙනසක් නැත. මෝහනවේදියා විශාල පිරිසකට යම් ඉන්ඩක්ෂන් එකක් කියයි. එවිට ඉන් යම් පිරිසක් යම් යම් මට්ටම්වලින් මෝහනයට පත් වේ. පැමිණි සියල්ලන්ම මෝහනයට පත් වන්නේ නම්, මෝහන සංදර්ශනය නරඹන්නට පිරිසක් නොසිටිනු ඇත. ඉන් හොඳින් මෝහනයට පත්ව ඇතැයි මෝහනවේදියා කල්පනා කරන කිහිප දෙනෙක් වේදිකාව මතට ගෙන්වා ඔවුන් ලවා යම් යම් (බොහෝ විට විනෝදාත්මක) දේවල් කරවයි. ඇත්තටම මෙහිදී මෝහනයට පත් අයගෙන් බොහෝ දෙනෙක් එම දේවල සිදු කරයි. එය බලාගෙන සිටින අයට පෙනෙන්නේ මෝහනලාභින් අකමැති දේවල් වුවත් ඔවුන් ලවා සිදු කරගත හැකි බවක්. එහෙත් ඇත්තටම තත්වය ඊට වඩා වෙනස්.

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM
කුඩා ළමුන් වගේ හැසිරෙන, බෝනික්කන් නලවන, සිංදු කියන, නටන, හෝ වෙනත් කවට වැඩ සිදු කරන ඔවුන් ඒවා ඇත්තටම කරන්නේ අකමැත්තෙන් නොව සම්පූර්ණ කැමැත්තෙනි. අප කාටත් විවිධ ආශාවන් (fantasies) තිබේ. සමහර දේවල් කිරීමට බාධාවක් නැති වුවත් බොහෝ දේවල් කිරීමට අපට සමාජයෙන් ඉඩක් ලැබෙන්නේ නැත. උදාහරණක් ලෙස, ඔබ ආයතනයක ප්‍රධානියෙකු නම්, පොඩි එකෙකු වගේ නටන්නට නීතිමය හෝ සදාචාරමය බාධාවක් නැති වුවත්, එලෙස කරන්නට සිතෙන්නේ නැහැ නේද (එය ඔබේ තත්වයට හොඳ නැති වේ යැයි සිතනු ඇත)? මෙවැනි පොඩි පොඩි අහිංසක ආශාවන් සිතේ සැඟව කාටත් නොකියා තිබිය හැකියි. එහෙත් ඔබ මෝහනයට පත් වූ විට, ඔබට එසේ හැසිරෙන්නට දැන් “ලයිසන්ස්” එකක් ලැබුණා හා සමානය. ඔබ එහිදී උඩපැන්නට, බෝනික්කෙකු නැලෙව්වට අනිත් අයව හිනා ගැස්සුවට ඔබේ සිත අවංකවම සිතනවා ඔබේ එම චර්යාවන් මෝහනයේදී මෝහනවේදියා විසින් සිදු කරවූ දේවල් කියා අනෙක් අය විශ්වාස කරන බව. මෙවැනිම තත්වයක් බොහෝ විට මත්වතුර බීපු අයටත් සිදු වේ. එම ජරාව බීපු එවුන් පිස්සන් ලෙස හැසිරෙන්නේ එනිසාය. (එසේ අශීලාචාර ලෙස නොහැසිරෙන අයත් සිටින අතර, ඒකෙන් කියන්නෙ නැහැ එවුන් වැදගත් කියාත්. මත්වතුර බොන එවුන්ගේ වැදගත්කමක් නැත.) එහෙත් බොහෝ විට, නොබීපු වෙලාවට ඔවුන් වැදගත් විදියට සමාජයේ හැසිරෙන්නට උත්සහ කරයි. “බීපුවාම සිහිය නැහැ” කියා අපේ පොදු විශ්වාසයක් තිබෙනවා. අන්න එම විශ්වාසය තමයි එසේ හැසිරීමට ඔවුන්ව තව තවත් පොළඹවන්නේ. අඬන්න ඉන්න කෙනාගේ ඇහැට ඇන්න වගේ යන කියමන මෙහිදී වඩාත් හොඳින් ගැලපේ.
මෙහිදී භාවිතා කෙරෙන ඉන්ඩක්ෂන් එක සරල විය යුතුය. බොහෝ දෙනෙකුට එකවර කරන නිසා, තනි තනි කෙනාගේ ප්‍රතිචාර බැලිය නොහැකි නිසාත්, කාටත් පහසුවෙන් කළ හැකි දේවල් මෙම ඉන්ඩක්ෂන් එකෙහි අඩංගු විය යුතුය. එවැනි කාටත් කළ හැකි ඉන්ඩක්ෂන් එකක් මා පහත දක්වන්නම්. ඇත්තටම මෙය සාමාන්‍ය මෝහන ඉන්ඩක්ෂන් එකක් ලෙසද භාවිතා කරන්නට පුලුවන්.
[මෝහනය සම්බන්ධයෙන් ඔවුන්ගේ තිබෙන බිය පළමුව ඉවත් කර යුතුයි මෝහනය ගැන සැබෑ තොරතුරු පැහැදිලි කර දීමෙන්.] හරි... දැන් කට්ටියම මෙන්න මේ වගේ අත් දෙක කෙලින් ඉදිරියෙන් තිරස්ව තබා ගන්න. [එය කියන ගමන් ඔබේ අත් කෙලින් කර ඔවුන්ට පෙන්වන්න.] දැන් මං කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. මං කියන දේ සිතේ මවා ගන්න. දැන් මං ඔයගොල්ලන්ගේ දකුණු අතට බර බාල්දියක් ගැට ගසනවා. ඒක ගොඩක් බරයි. කොච්චර බරද කිව්වොත් දකුණු අත ටිකෙන් ටික පහළට යනවා බාල්දියේ බරට. වම් අතට උඩ යන විශාල බැලුන් බෝල පොකුරක් ගැට ගසනවා. බැලුන් බෝල උඩට යන්න උත්සහ කරන නිසා වම් අත ටිකෙන් ටික ඉහළට ඉස්සෙනවා. ඔව්... වම් අත ටික ටික ඉහළට ඉස්සෙනවා... දකුණු අත ටික ටික පහළට බහිනවා... දැන් මං වම් අතට තවත් බැලුම් බෝලයක් ගැට ගසනවා... ඔන්න දැන් වම් අත තවත් වේගයෙන් ඉහළට ඉහළට ඉහළට ගමන් කරනවා. වම් අතේ සැහැල්ලුවක් දැනෙනවා... වම් අත ඉහළට උඩට සැහැල්ලුවෙන් ගමන් කරන කොට, දකුණු අතේ බර වැඩි බවක් දැනෙනවා... දකුණු අත පහළට ගමන් කරනවා... ඔන්න මං දකුණු අතේ ගැටගසා ඇති බාල්දියට තවත් බර ගඩොල් කැටයක් දැම්මා... එකපාරටම අත පහළට වැටෙන්නට පටන් ගන්නවා... දකුණු අත දැන් ගොඩාක් බරයි... එය වේගයෙන් පහළට ගමන් කරනවා... [මේ ආදී ලෙස වම් අතට බැලුනුත් දකුණු අතට ගඩොල් කැටත් එකතු කරමින් වම් අත ඉහළට සැහැල්ලුවෙනුත් දකුණු අත පහළට විඩාබරව ගමන් කරන බව දිගටම යෝජනා කරන්න. මේ අතර සභාව දෙස බලන්න. බොහෝ දෙනෙකුගේ අත් ඉහළ පහළ ගොස් තිබෙනු ඇත. ඒ කියන්නේ ඒගොල්ලන් මෝහනය වීමට හැකියාව ඇති දැනටමත් යම් පමණක මෝහනයට පත්ව සිටින අයයි. එලෙස ඔබට අවශ්‍ය තරමේ පිරිසක් ලැබෙන තුරු ඉහත ආකාරයට නාට්‍යක විලාසයෙන් කතා කරන්න.] හරි... දැන් ඔක්කොම ඇස් වසා ගන්න. [නැවත විනාඩියක් පමණ ඉහත ආකාරයට එක අතක් ඉහළටත් අනෙක පහළටත් ගමන් කරන බවට යෝජනා කරන්න. දැන් මේ අයගේ අත් දෙක පහළට ගෙන ආ යුතුය. එයද මෝහනය ගැඹුරු කරන ඩීප්නිං ටෙක්නික් ලෙස යොදා ගත හැකියි.] හරි... දැන් මං ඔයගොල්ලන්ගේ අත්වල තිබෙන බැලුන් බෝලත් ගඩොල් ගල් සහිත බාල්දියත් ගලවා දමනවා. ඔන්න... මං ගැලෙව්වා... දැන් අත් දෙක පහළට දමන්නට සූදානම් වෙන්න. ඔබේ අත් ඔබේ ශරීරයේ ස්පර්ශ වෙනකොටම ඔබේ ශරීරයත් මනසත් ගැඹුරු සුවදායක සැහැල්ලුවකට එකවරම පත් වෙනවා. එය වෙන්නට ඉඩ හරින්න... හරි... දැන් අත් පහත දමන්න... ගැඹුරු සැහැල්ලුවකට පත් වෙන්න. ඔබ පිටකරන සෑම හුස්මක් පාසාම ඔබේ සැහැල්ලුව තව තවත් වැඩි වෙනවා ගැඹුරු වෙනවා. [මෙතැන් සිට ඔවුන්ගේ මෝහන මට්ටම ගැඹුරු කරන තවත් ඔබ උගත් ටෙක්නික් භාවිතා කරන්න. මේ අතරේ අත් දෙක වැඩිපුර කැපී පෙනෙන ලෙස ඉහළ පහළ ගිහිපු හා දැනටත් ඔබට පෙනෙන ආකාරයට හොඳ මෝහන නිද්‍රාවක සිටින අය තමයි ඉදිරියේදී වේදිකාවට ගෙන්වා ගත යුත්තේ.]

ඇත්තටම, ඔබ උගත් එල්මන් හෝ වෙනත් ඉන්ඩක්ෂන් එකක් වුවද කණ්ඩායම් මෝහන ඉන්ඩක්ෂන් එකක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. මෝහනලාභියාව ස්පර්ශ කරන කොටස් ඉවත් කළ විට එම ඉන්ඩක්ෂන් ඉබේම මේ සඳහා සුදුසු බවට පත් වෙනවා (පිරිසක් මෝහනය කරන විට, එක් එක් පුද්ගලයාව ස්පර්ශ කරන්නට බැහැනෙ).


ඉහත එක් අතකට බැලුන්ද අනෙක් අතට බර දෙයක්ද අමුණා කියන ලද යෝජනාවලිය එලෙස ඉන්ඩක්ෂන් එකක් ලෙස මෙන්ම වෙනත් අරමුණක් සඳහාද යොදා ගන්නට පුළුවන්. අප ඊට hypnotic susceptibility test එකක් ලෙස පවසනවා. එහි අරමුණ වන්නේ කෙනෙකුව මෝහනට පත් වීමට ඇති හැකියාව සොයා ගැනීමටයි. සසෙප්ටිබිලිටි ටෙස්ට් එකේදී ඔහු කොතරම් අපූරුවට ඔබ කියන යෝජනා පිළිපදින්නේද කියා සොයා ගත හැකියි. උදාහරණක් ලෙස, ඉහත අවස්ථාවේදී යම් කෙනෙකුගේ බැලුම් ගැටගහපු අත ඉතා ඉහළටත් අනෙක් බර යොදපු අත ගොඩාක් පහළටත් ගමන් කර තිබුණේ නම්, ඉන් කියන්නේ ඔහු ඉතා පහසුවෙන් මෝහනයට පත් කළ හැකි බව එතරම් අත් ගමන් නොකරපු කෙනෙකුට වඩා. පැරණි කාලයේ (ඒ කියන්නේ එන සියලු දෙනාම මෝහනයට පත් කළ නොහැකියි යැයි මතයක් තිබූ කාලයේ) මෝහනය කරන්නට පෙර එ් අය සඳහා මෙම ටෙස්ට් එක සිදු කළා. එමගින් විශාල කාලයක් වැය කොට මෝහනයම සිදු කර ඔහුව මෝහනය කරන්නට බැහැ කියා දැන ගන්නවාට වඩා මෙම ටෙස්ට් එක මගින් කෙටි කාලයකින් එය දැනගත හැකි වන්නට ඇති. ඊටත් වඩා, මෝහන අත්දැකීමක් කිසිදා ලබා නොමැති කෙනෙකුට මෝහනය ගැන යම් හැඟීමක් (තමන්ගේ අත් මෝහනලාභියාගේ යෝජනා අනුව ගමන් කළා නේද තමනුත් නොදැනුවත්වම කියා) ඇති කිරීමටත් වැදගත් වූවා. ඉන් පසුව ඔහුව මෝහනය වීමේ සම්භාවිතාව ඉහළ යනවා. අවශ්‍ය නම්, මෙම ටෙස්ට් එකටම වෙනත් යෝජනා අමුණා එය ඉන්ඩක්ෂන් එකක් බවට පත් කරන්නටත් පුළුවන් ඉහතදී පෙන්වා ඇති ලෙසට. තවත් එවැනි සසෙප්ටිබිලිටි ටෙස්ට් ක්‍රම ගණනාවක් තිබේ (එහෙත් වර්තමානයේ සසෙප්ටිබිලිටි ටෙස්ටිං අත්‍යවශ්‍ය නැත).

Hypnosis (mohanaya) ...

Comments

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...