මෝහනය / mohanaya (Hypnosis) - 26 (අවසන් පාඩම)

අවසාන වශයෙන්...

භෞතික හෝ රසායනික හෝ වෛද්‍ය විද්‍යාව මෙන් දැඩි විද්‍යාත්මක (hard scientific) න්‍යායන් මනෝවිද්‍යාවේ හෝ මෝහනවේදයේ නොමැත. ඊට හේතුව මනෝවිද්‍යාවේ හා මෝහනවේදයේ විෂය වන්නේ මනසයි. මනස යන්න තවමත් විද්‍යාත්මක උපකරණවලට ගෝචර වූවක් නොවේ. එහෙත් ඒ ගැන අන්‍යාකාරවලින් (එනම් විශේෂයෙන් මොලය ආශ්‍රිතව කරන පර්යේෂණ තුළින්) විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඇත. එනිසා මනෝවිද්‍යාව මෙන්ම මෝහනය සඳහා “විද්‍යාත්මක” යන විශේෂණය වෙනුවට “විද්‍යාභිමුඛ” (science-oriented) යන විශේෂණය යෙදීම සුදුසු යැයි මා යෝජනා කරනවා.

මනස යනු විද්‍යාවේ ඉගැන්වෙන ශක්තිය (energy) වැනිම අස්පර්ශීය හෙවත් ස්පර්ශ කළ නොහැකි දෙයක්. ශක්තිය නම් විද්‍යාත්මක උපකරණවලින් මැනිය හා දැනගත හැකි වුවත්, තවමත් මනස එසේ උපකරණවලට ගෝචරද නොවේ. ශක්තිය වුවත් එහි අස්පර්ශීය ලක්ෂණය නිසා “අවිද්‍යාත්මක” (සරලවම අවිද්‍යාත්මක යනු විශ්වාසනීය විද්‍යාත්මක ක්‍රමවේද තුළින් පැහැදිලි කළ නොහැකි යන තේරුම සහිතයි) දේවල් පැහැදිලි කිරීමට යොදා ගන්නවා. භෞතික විද්‍යාවේ අති සංකීර්ණ න්‍යායක් වන ක්වන්ටම් භෞතිකය පවා අවිද්‍යාත්මක දේවල්වලට ඔවුන් යොදා ගන්නවා. එනිසා මෝහනය ගැන කවර කතාද! පෙර භවයන්ට ගෙනයෑම (past-life regression), ඉදිරි ආත්මයන්ට රැගෙනයෑම (future-life progression), විශ්ව ශක්තිය (universal energy) සමග සම්බන්ධවීම (එමගින් ලෙඩ රෝග සුවකිරීම), මනෝකාය (astral body projection/travel), වෙනත් ආත්ම සමග සම්බන්ධවීම (channeling), වස්තුන්/සතුන්/මිනිසුන් වටා පවතින රැස් වළල්ල (aura) දැකීම හා ඉන් ලෙඩ රෝග හඳුනා ගැනීම, ශරීරයෙන් ආත්මය බැහැර කිරීම (out-of-body (OOB) experience හෝ near-death experience) ආදී (දැනට) අවිද්‍යාත්මක සංසිද්ධි ගණනාවක් සිදු කිරීමට මෝහනය යොදා ගන්නවා. මෙය metaphysical hypnosis ලෙස හැඳින් වෙනවා. මෙහිදීද ඉතා ගැඹුරු සොම්නැම්බ්‍යුලිස්ම් මට්ටම දක්වා මෝහනය කර එතැන් සිට විවිධ යෝජනාවලි කියමින් එම හැකියාවන් ඉස්මතු කිරීම සිදු කරයි. මේවායේ සත්‍යාසත්‍යතාව තමන්ම සිදු කර බලන්න. (පෞද්ගලිකිව මා වැඩිපුර විද්‍යා නැඹුරුවක් පවතින බැවින් මේවා සිදු කර නැති අතර, ඒ ගැන ඇත්තේ විවෘත මනසකි.)

Hypnosis (mohanaya) ...


මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. sirwa contact karaganne kohomada?

    ReplyDelete
  3. sirge number ekak denna puluwanda? 93dulaniishanka@gmail.com

    ReplyDelete
  4. mekai... man vinodeta mohanaya karana kenek (I am not a professional hypnotist)... giya awrudde idan man eka professional widiyata karanna hithan hitiyath eka karanna bari una... godak denek ma lawa mohanaya kara ganna ahuwath mata eka karanna bari eka gena man kanagatu wenawa.

    habai kata hari mohanaya gena igena ganna ona nam e gena thiyena prasnawalata utthara denna man kamathiy.

    @Dulani, man oyage email address ekata reply ekak ewannam.

    ReplyDelete
  5. sirwa mata personally contact karaganna ona .me mage mail eka dasunsamarasinghe18@gmail.com

    ReplyDelete
    Replies
    1. Dasun, oyata mohanaya ho vidyawa sambandawa adyapanika deyak dana ganna awasyai nam (ha mata oba asana deta adaala karunu mathaka thiyei nam) aniwaryenma oya ahana deta man udaw karanna puluwan. mage phone number eka 071 8167215

      Delete
  6. අතීතේ (කුඩාකල) අමතක වී ඇති සිදුවීම් මෝහනයෙන් මතක් කරගැනීමට පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඒක ඉතා හොඳින් මතක තිබෙන්නටත් හැකියි... උඩින් පල්ලෙන් මතක තිබෙන්නටත් හැකියි... සමහරවිට සම්පූර්ණයෙන්ම අමතක වී තිබෙන්නටත් හැකියි... ඒක නිසා මෝහනය කරලම බලන්න වෙනවා. සිදුවීමේ ස්වභාවය මත එය තීරණය වේ.

      Delete
  7. Mata mohana vidyawa egena ganna asai.mama dhanatamath councilling , theraphy karanawa.mata kiyala dhanne asir

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1