Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

මගේ ආගම (ලේබල් අනවශ්‍යයි!)

මෙම කෙටි ලිපිය තරමක් දුරට මගේ පෞද්ගලික ජීවිතයේ පැතිකඩක් ගැනද වේ. එය එක් අතකින් අහම්බයක්ද නොවේ මොකද ලෝකය දැකීමම හා තේරුම් ගැනීමම අතිශය පෞද්ගලික අත්දැකීමක්ම පමනි. අද වන විට මා මේ ලොව තුල කිසිවත් විශ්වාස නොකරමි; කිසිදු ආගමික දර්ශනයක්, වෙනත් දර්ශනයක් හෝ විද්‍යාව හෝ කිසිවක් සත්‍ය යැයි නොසිතමි. වාස්තවිකව  ලෝකය තේරුම් ගැනීමට නොහැකි තත්වයක් තුල, තම අවබෝධය තුලින් හෝ යම් දාර්ශනිකයකු ශාස්තෘවරයකු හෝ පිටස්තරයකු විස්තර කරන ෆැන්ටසි කතා තුලින් අපි ලෝකය දකින්නට පුරුදු වී සිටිමු.

එනිසා මා මගේම ෆැන්ටසියක් තුල ජීවත් වෙන්නට සිතා ගත්තෙමි; ඒ මගේ ලෝකයයි; එම ලෝකය තුල මා මෝක්ෂයට පැමින ඇති අතර, මැරුනට පසු ස්වර්ගයේද ඉපදෙමි. තවද, මාගේ මරණය හා අපේ වත්තේ කෙළවර ඇති කෙසෙල් ගසේ මරණය අතර වෙනසක්ද නැත. මෙම ප්‍රකාශ සියල්ල එකිනෙකට පරස්පර යැයි කෙනෙකුට සිතිය හැකි අතර, මාගේ ලොවේ ප්‍රමුඛතම මූලිකතම න්‍යායද විසංවාදයයි. ඒ තුල මානවචාරය (humanity) යන මානව සම්මත ශික්ෂා තුල ජීවිතය නිම වෙන හෝ නිම කරගන්නා තෙක් සිටීමට උත්සහ දරමි.

මාගේ ෆැන්ටසිය හා අනෙක් ලෝක සම්මත ආගම් හා දර්ශන වදන්වලින් හා සංකල්පවලින් විවිධ විය හැකි වුවත්, ඒ සියල්ලම ස්වීයවම තනි තනිවත් සමයාන්තරව විසංවාදී වන්නා සේම විසංවාදි වේ. ඕනෑම දර්ශනයක් හෝ ආගමක් එසේ නොවන්නේ යැයි පෙන්වීමට මා අභියෝගයක්ද කරමි.

බොහෝ දෙනෙකුට සිදු වී ඇත්තේ මොල සෝදනයකි (brain wash). කුඩා කල සිටම තම ආගම තුල ඉගැන්වෙන සංකල්ප හා වචන තුල සමස්ථ ජීවිතයම සිර කර ඇත. දින කිහිපයකට පෙර මා මිත්‍ර උගත් (රතු පක්ෂයකට සහය දෙන) ඉංජිනේරුවකු මා සමග කළ සංවාදයකින් ඒ සඳහා උදාහරණයක් ගෙන හැර පෑමට හැකිය. ඔහු ඉස්ලාම් ආගමට බෙහෙවින් අවලාද නැඟුවේ (කුරානයද අතැතිව) නොපෙනෙන දෙවියකු ගැන විශ්වාස කිරීමේ පරම මෝඩකම මුස්ලිම්වරුන් කරන බව පවසමින් හා බුදු දහම ඊට සපුරා වෙනස් හා තම බුද්ධියට බුදු දහම තුල තිබෙන වැදගත් තැන පෙන්වමිනි. එහෙත් ශ්‍රද්ධාව ලෙස බුදු දහම තුල ඉගැන්වෙන දේ හා දේව භක්තිය අතර වෙනසක් මට නම් නැත. වචනවල වෙනසක් හා මතුපිට/කොස්මැටික් වෙනස්කමක් හැරෙන්නට මේ දෙකම එකය. අපට අවබෝධ වී නැති, අප ප්‍රත්‍යක්ෂව දැන නොගත් දෙයක්/දේවල් වෙත අචල විශ්වාසයක් මේ දෙකෙහිම ඇත.

දේවවාදී අන් ආගම් සියල්ලටම වඩා බුදු දහම අවිහිංසාවාදී බුද්ධිමත් දර්ශනයක් බව අවිවාදිතය. එහෙත් අද වන තුරු බුදු දහමේ පරම සත්‍යතාව පිළිබඳ පරසක්වල ගසමින් මොර දෙන මාගේ සමහර මිතුරන්ද ඇතුලුව බොහෝ දෙනා එහි ඉගැන්වෙන විඥානවාදී එකදු සංකල්පයක්වත් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගෙන නැත. එය තම වීර්යෙන් අවබෝධ කර ගන්න උත්සහ කරගන්නවා වෙනුවට අහක සිටින අපවද උන්ගේ තනිකමට මෙන් ඇදල ගන්නටද උත්සහ දරයි. බුදු දහම ගැන වුවද නිල ලත් හා නිල නොලත් නිකාය අද කොතෙකුත් ඇත්ද? එකෙකු මොකක්ද-භද්‍රයකු ලෙස තමන්වම උත්කෘෂ්ඨයට පත් කර ගනිමින්ද, තවකෙකු ලොවපුරා අසපු දමමින් දෙව්ලොවට යන මාර්ගය දෙසමින්ද යයි. දර්ශනය පරම සත්‍යක් නම්, එය ප්‍රායෝගික නම්, මෙලෙස බහුවිකාරි බහුනිකායන් තිබිය හැකිද? මේ අතර ත්‍රිපිටක මත පිහිටා අහිංසකව පරාර්ථකාමීව කල් ගෙවන භික්ෂුන් වහන්සේලාද සිටින අතර, උන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

ආගම් නොවටින්නේ යැයි කීමට මා සැහැසි නැත. එහෙත් හොඳ නරක තේරුම් ගෙන මානව-සම්මත මනුෂ්‍ය ගුනදම් රැකීමට ආගමක් ඇතිවත් නැතිවත් හැකිය. ආගමක නාමයෙන් අහිංසකයන්ට සැහැසිකම් කරන්නේ නම්, උන්ව සමූල ඝාතනය කර දැමිය යුතුය. භගවත් ගීතාව තුල, ක්‍රිෂ්නා අර්ජුන්ට දෙන උපදෙස එයයි.

අවසන් වශයෙන් ඉස්ලාමය ගැනත් වචනයක් කීමට සිතේ. පටන් ගැන්මේ සිටම ඉස්ලාම් ආගම ව්‍යාප්තිවාදී ආකාරයට ගොඩනැඟී ඇති බව නොරහසකි. නබීගේ සල්ලාල අදහස් බැහැර කර ආගම මානුෂවාදී කර ගන්නට උත්සහ නොදරන්නේ නම්, උන්ට තේරෙන බසින්ම කියා දිය යුතුය.

හැම ගැහැනියම ගැහැනියක් වුවද මගේ අම්මා වෙනස්ය. හැම පොලොවක්ම එකක් වුවද තම මව් බිම වෙනස්ය. හැම ආගමක්ම වෙනස් වුවද තම මව් ආගම වෙනස්ය. එනිසා ශ්‍රී ලංකා භූමිය තුල මුස්ලිම් ආගම ආක්‍රමණශීලි හා කුමන්ත්‍රනකාරි ලෙස පැතිර වීමට හදන පාහරයන්ව විනාශ කර දැමීමට අප එකඟය.