Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

රට අවුලඤ්ඤං නිකාය

මේ දවස්වල පුවත් බලන විට රට හැම පැත්තෙන්ම අවුලුවන්නට උත්සහ කරන පාපතරයන් ඕනෑ තරම් දකින්නට ලැබේ. ඉන් බොහොමයක් රටේ අභාග්‍යයකට මෙන් චීවරධාරින්ය. මෙවුන්ව බුද්ධ පුත්‍රයන් සේ කිසිසේත් නොසැලිකිය යුතුය. මුං අමු ත්‍රස්ථවාදින්ය; රස්තියාදුකාරයන්ය. හරිනම් සර්වනිකායන් විසින් මෙවුන්ව උපැවදි කරවා සසුන අවිහිංසාවාදී ථේරවාද සම්ප්‍රදායානුකූලව නියම බුදු වදන ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය. මැදපෙරදිග සමහර රටවල ඉස්ලාමීය කාලකන්නි ආගමික නායකයන් සේ ත්‍රස්තවාදි විලාසයක් දැන් මෑතක සිට චීවරධාරින්ගෙන්ද පෙනේ.

සිල් රෙදි හොරුන් වෙනුවෙන් මුදල් එකතු කිරීමට මහින්දගේ අංක එකේ හෙන්චයියකු වූ අභයතිස්සගේ ප්‍රොජෙක්ට් එක දැන් නිල වශයෙන් නතර කර ඇත. සතියකින් අතරමඟ නතර කිරීමට නම්, එම ව්‍යාපාරය ආරම්භ කළේ ඇඟ කසනවාටදැයි ඇසිය යුතුය. කිසිදු දුරදිග සිතාබැලීමක් හා වාස්තවික පරිසරය ගැන කිසිදු හැඟීමක් නැතිව හුදු දේශපාලන සටන්පාඨ සඳහා පමණක් ක්‍රියාත්මක වන බව මින් ඉතා පැහැදිලි වේ. ගෙදර හාමු උසි කියූ විට මෙලෝ හසරක් දන්නේ නැතිව බුරන නකුටු බල්ලන් සේ මෙවුන් හැසිරේ. චීවරය හෑල්ලු වීම ඉන් සිදු වේ.

මීට පෙර මහින්ද රාජපක්කගේ ආරක්ෂාවට යෙදවූ හමුදා සෙබලුන් ඉවත් කළ විට, එම ආරක්ෂාව සඳහා අභයාරාමයේ මුරුත්තෙට්ටුව හා එම ත්‍රාඩ කල්ලිය විසින් බ්‍රිගේඩයක් යොදවන බව කටමැත දෙඩෙව්වේය.  එම ආරක්ෂක බල ඇනිය අප තවමත් දුටුවේ නැත. බත් පැකට් එකට හා අරක්කු කාලට රැලියකට සහභාගි වූ ගොන් රැල එවැනි දේකට වගකීමක් හා කැපවීමක් ඇතිව යොදා ගත නොහැකි බව සමහරවිට දැන් අවබෝධ වී ඇති.

දකුණේ සිට කැලනියට සංඥ ආඥාවක් මේ දවස්වල රැගෙන යනවා යැයි කියැවේ. පලමුව එම හැදින්වීම සාවධ්‍ය වේ. කහපාට රෙද්දක් පොරව ගත් ඕනෑම කාලකන්නියෙකුට එවැනි ආඥා පැනවිය නොහැකිය. ශීල ගුණයෙන්, තපෝ ගුණයෙන් ආදියෙන් වෘද්ධි වූ සංඝයා වහන්සේලාට එය කළ හැකි වීමට පුලුවන. එහි ඇත්තේ අාධ්‍යාත්මික ගුණයකි. පොලිසිය, උසාවිය, හෝ යම් බලාධිකාරයකින් නිකුත් කරන ආඥාවකින් එය වෙනස්ය. ඉතිං මුලු රටම දන්නා කිසිදු ආධ්‍යාත්මික වර්ධනයක් නොමැති තක්කඩි චීවරධාරින් පිරිසකට දෙවියකුට තියා බල්ලකු කපුටකු තරම්වත් අල්ප ප්‍රාණියකුටවත් ආඥාවක් නිකුත් කළ හැකිද? මෙවුන් කෝට්ටේ යුගයේ සිට සිරි රහල් හිමි භූමිකාව රඟන්නට ගොස් සුපුරුදු ලෙසම පහුගිය අවුරුදු දෙක තුනේම සිදු වූ ලෙසට නැවත බලු වී නවතිනු ඒකාන්තය.

මා විමතියට පත් වූ කාරණා කිහිපයක් තිබේ. නලින් ද සිල්වා, වෛද්‍ය සංගමයේ සභාපති ආදියගේ ඉෂ්ඨ දේවතා ශ්‍රී නාථ දෙවියන්ව කොන් කිරීමයි. උපුල්වන්, විභීෂන හා නාථ දෙවියන්ව කොටවන්නටද මුං මේ සැරසෙන්නේ. ඒ හැරත්, විභීෂන යනු තම සොයුරු රාවනාව පාවා දී, රාවනාව මැරීමට රාමට උදව් කර රාම සරණ ගිය ජාතිද්‍රෝහියෙකි. දැන් රාවනා බලය සංවිධාන මෙම ආඥාව එවන් ජාතිද්‍රෝහි විභීෂනට භාර දෙන්න උදව් කරන්නේ අඩුම ගානේ තම සංවිධානයේ නමටවත් ගරු නොකරමින්ය. මුංට කන්න ඕන වුණාම කබරගොයිත් තලගොයි වන බවත් ප්‍රතිපත්ති ගරුක බවක් නොමැති බව පෙනේ.

ඊටත් වඩා දෙපැත්තෙන්ම හිනා යන සිදුවීමක් ඊයේ සිදු වූයේ එක්සත් ජාතින්ගේ සංවිධාන පරිශ්‍රය තුලය. එනම්, බෙංගමුවේ නාලක විසින් එක්සත් ජාතින්ට සංදේශයක් භාර දී මැතිවරණ වහම පවත්වන්නට යැයි ලංකා රජයට "නියෝගයක්" පනවන්නට කියා සිටී. උදේ නැගිට්ට වෙලේ සිට නින්දට යන තෙක්ම ලංකාවේ වැඩවලට පිටරැටියන් හොට දානවා යැයි පරසක්වල ගසමින් විලාප දෙමින් සොටු පෙරාගෙන කෑ ගසන එවුන්ම දැන් පිටරැටියන් ඉදිරියේ හිඟා කමින් සිටිනවා ලංකාවේ කටයුතුවලට ඇඟිලි ගසන්න යැයි කියා. තවද, කිසිදු සැකයක් නැහැ මෙවුන් ලංකාවට ආ ගමන් නැවත කියනු ඇත්තේ ලංකාවේ වැඩවලට ඇඟිලි නොගසනු කියාය. රෑ ඩැනියල් දවල් මිගෙල් චිත්‍රපටියෙන් ආදර්ශ ගෙන ඇති බව පැහැදිලිය. මෙවුන් දැන් වියරුවෙන් මානසික ලෙඩුන් වී අවසන්ය තමන් කරන්නේ කියන්නේ මොනාද කියා නොදැනෙන තරමටම. බෙංගමුවේ නාලකගේ එම ක්‍රියාකලාපය ඇල්ලේ ගුනවංශ, රාවනාගේ සද්ධාතිස්ස, බලු සේනාව, නලින් ද සිල්වා ආදී ඊනියා ජාතිමාමකයන් විසින් විවේචනය කරන තෙක් අපි බලා සිටිමු.

ඇත්තටම නිකාය නායක පර්ෂදවලට අත්‍යන්ත වගකීමක් පැහැදිලිව තිබේ. එනම්, තම තම නිකායන්වල සිටින මෙම මදාවි වනචර දුශ්ශීල මුඩ්ඩපබ්බජිතයන් පලවා හැරීම සිදු කළ යුතුය. නීතියෙනුත්, සදාචාර වශයෙනුත්, ආගමානුකූලවත් සිදු විය හා සිදු කළ යුතු දේ එයයි. එහෙත් එම වගකීම පැහැර හරිමින් එම පර්ෂදයන් විසින් ගිහියන්ගේ ලෞකික කටයුතුවලට අත පොවමින් තමන්ට අදාල නැති දේවල් කරමින් සිටී.





සෑම පුරවැසියකුටම දේශපාලන කටයුතුවලට මැදිහත් වීමට අයිතියක් තිබේ. එම අයිතිය සමාන විය යුතුය. එහෙත් සංස්කෘතික හා සිවුරට තිබෙන ගරු කිරීම නම් පලිහ ඉදිරියට දාගෙන අනෙක් සාමාන්‍ය මිනිසුන්ට තිබෙන අයිතියට ඉතා වැඩි අයිතියක් චීවරධාරින් නියමින් හා අනියමින් ඉල්ලා සිටී. සමාජය එතරම් නොදියුණු කලෙක භික්ෂූන්ට යම් වැඩිමනත් බලයක් තිබුණා විය හැකිය. එය යුක්තියුක්තය. එහෙත් දැන් සමාජය දියුණුය (තවත් බොහෝ දියුණු වීමටද තිබේ). එනිසා අතීතයේ තිබුණා යැයි කියන එම බලය දැන් කිසිසේත් යම් පිරිසකට පමණක් දිය නොහැකිය. ඉස්සර සියලු බලය රජා නම් එකෙකු තුල සංකේන්ද්‍රණය වූයේය. එහෙත් අද අප කවුරුත් රජකුට හෝ බලය එලෙස එක් කෙනෙකුට පමණක් කේන්ද්‍රවීමට කැමති නැත. රාජපක්කයාට බල්ලකු සේ ගෙදර යෑමට සිදු වූයේද එම වැරද්ද කරන්නට ගිය නිසාය.

ඉතිං, තත්කාලීන සමාජය මොලයක් තිබෙන හැම එකාම තේරුම් ගත යුතුය. සමාජය ගතිකය. එය අඩුම ගානේ ආණ්ඩුවටවත් තමන්ට ඕන ඕන විදියට මෙහෙය විය නොහැකි ප්‍රවාහයකි. ආගමික පර්ෂදයන් මෙය වටහා ගත යුතුය.