Skip to main content

රට අවුලඤ්ඤං නිකාය

මේ දවස්වල පුවත් බලන විට රට හැම පැත්තෙන්ම අවුලුවන්නට උත්සහ කරන පාපතරයන් ඕනෑ තරම් දකින්නට ලැබේ. ඉන් බොහොමයක් රටේ අභාග්‍යයකට මෙන් චීවරධාරින්ය. මෙවුන්ව බුද්ධ පුත්‍රයන් සේ කිසිසේත් නොසැලිකිය යුතුය. මුං අමු ත්‍රස්ථවාදින්ය; රස්තියාදුකාරයන්ය. හරිනම් සර්වනිකායන් විසින් මෙවුන්ව උපැවදි කරවා සසුන අවිහිංසාවාදී ථේරවාද සම්ප්‍රදායානුකූලව නියම බුදු වදන ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය. මැදපෙරදිග සමහර රටවල ඉස්ලාමීය කාලකන්නි ආගමික නායකයන් සේ ත්‍රස්තවාදි විලාසයක් දැන් මෑතක සිට චීවරධාරින්ගෙන්ද පෙනේ.

සිල් රෙදි හොරුන් වෙනුවෙන් මුදල් එකතු කිරීමට මහින්දගේ අංක එකේ හෙන්චයියකු වූ අභයතිස්සගේ ප්‍රොජෙක්ට් එක දැන් නිල වශයෙන් නතර කර ඇත. සතියකින් අතරමඟ නතර කිරීමට නම්, එම ව්‍යාපාරය ආරම්භ කළේ ඇඟ කසනවාටදැයි ඇසිය යුතුය. කිසිදු දුරදිග සිතාබැලීමක් හා වාස්තවික පරිසරය ගැන කිසිදු හැඟීමක් නැතිව හුදු දේශපාලන සටන්පාඨ සඳහා පමණක් ක්‍රියාත්මක වන බව මින් ඉතා පැහැදිලි වේ. ගෙදර හාමු උසි කියූ විට මෙලෝ හසරක් දන්නේ නැතිව බුරන නකුටු බල්ලන් සේ මෙවුන් හැසිරේ. චීවරය හෑල්ලු වීම ඉන් සිදු වේ.

මීට පෙර මහින්ද රාජපක්කගේ ආරක්ෂාවට යෙදවූ හමුදා සෙබලුන් ඉවත් කළ විට, එම ආරක්ෂාව සඳහා අභයාරාමයේ මුරුත්තෙට්ටුව හා එම ත්‍රාඩ කල්ලිය විසින් බ්‍රිගේඩයක් යොදවන බව කටමැත දෙඩෙව්වේය.  එම ආරක්ෂක බල ඇනිය අප තවමත් දුටුවේ නැත. බත් පැකට් එකට හා අරක්කු කාලට රැලියකට සහභාගි වූ ගොන් රැල එවැනි දේකට වගකීමක් හා කැපවීමක් ඇතිව යොදා ගත නොහැකි බව සමහරවිට දැන් අවබෝධ වී ඇති.

දකුණේ සිට කැලනියට සංඥ ආඥාවක් මේ දවස්වල රැගෙන යනවා යැයි කියැවේ. පලමුව එම හැදින්වීම සාවධ්‍ය වේ. කහපාට රෙද්දක් පොරව ගත් ඕනෑම කාලකන්නියෙකුට එවැනි ආඥා පැනවිය නොහැකිය. ශීල ගුණයෙන්, තපෝ ගුණයෙන් ආදියෙන් වෘද්ධි වූ සංඝයා වහන්සේලාට එය කළ හැකි වීමට පුලුවන. එහි ඇත්තේ අාධ්‍යාත්මික ගුණයකි. පොලිසිය, උසාවිය, හෝ යම් බලාධිකාරයකින් නිකුත් කරන ආඥාවකින් එය වෙනස්ය. ඉතිං මුලු රටම දන්නා කිසිදු ආධ්‍යාත්මික වර්ධනයක් නොමැති තක්කඩි චීවරධාරින් පිරිසකට දෙවියකුට තියා බල්ලකු කපුටකු තරම්වත් අල්ප ප්‍රාණියකුටවත් ආඥාවක් නිකුත් කළ හැකිද? මෙවුන් කෝට්ටේ යුගයේ සිට සිරි රහල් හිමි භූමිකාව රඟන්නට ගොස් සුපුරුදු ලෙසම පහුගිය අවුරුදු දෙක තුනේම සිදු වූ ලෙසට නැවත බලු වී නවතිනු ඒකාන්තය.

මා විමතියට පත් වූ කාරණා කිහිපයක් තිබේ. නලින් ද සිල්වා, වෛද්‍ය සංගමයේ සභාපති ආදියගේ ඉෂ්ඨ දේවතා ශ්‍රී නාථ දෙවියන්ව කොන් කිරීමයි. උපුල්වන්, විභීෂන හා නාථ දෙවියන්ව කොටවන්නටද මුං මේ සැරසෙන්නේ. ඒ හැරත්, විභීෂන යනු තම සොයුරු රාවනාව පාවා දී, රාවනාව මැරීමට රාමට උදව් කර රාම සරණ ගිය ජාතිද්‍රෝහියෙකි. දැන් රාවනා බලය සංවිධාන මෙම ආඥාව එවන් ජාතිද්‍රෝහි විභීෂනට භාර දෙන්න උදව් කරන්නේ අඩුම ගානේ තම සංවිධානයේ නමටවත් ගරු නොකරමින්ය. මුංට කන්න ඕන වුණාම කබරගොයිත් තලගොයි වන බවත් ප්‍රතිපත්ති ගරුක බවක් නොමැති බව පෙනේ.

ඊටත් වඩා දෙපැත්තෙන්ම හිනා යන සිදුවීමක් ඊයේ සිදු වූයේ එක්සත් ජාතින්ගේ සංවිධාන පරිශ්‍රය තුලය. එනම්, බෙංගමුවේ නාලක විසින් එක්සත් ජාතින්ට සංදේශයක් භාර දී මැතිවරණ වහම පවත්වන්නට යැයි ලංකා රජයට "නියෝගයක්" පනවන්නට කියා සිටී. උදේ නැගිට්ට වෙලේ සිට නින්දට යන තෙක්ම ලංකාවේ වැඩවලට පිටරැටියන් හොට දානවා යැයි පරසක්වල ගසමින් විලාප දෙමින් සොටු පෙරාගෙන කෑ ගසන එවුන්ම දැන් පිටරැටියන් ඉදිරියේ හිඟා කමින් සිටිනවා ලංකාවේ කටයුතුවලට ඇඟිලි ගසන්න යැයි කියා. තවද, කිසිදු සැකයක් නැහැ මෙවුන් ලංකාවට ආ ගමන් නැවත කියනු ඇත්තේ ලංකාවේ වැඩවලට ඇඟිලි නොගසනු කියාය. රෑ ඩැනියල් දවල් මිගෙල් චිත්‍රපටියෙන් ආදර්ශ ගෙන ඇති බව පැහැදිලිය. මෙවුන් දැන් වියරුවෙන් මානසික ලෙඩුන් වී අවසන්ය තමන් කරන්නේ කියන්නේ මොනාද කියා නොදැනෙන තරමටම. බෙංගමුවේ නාලකගේ එම ක්‍රියාකලාපය ඇල්ලේ ගුනවංශ, රාවනාගේ සද්ධාතිස්ස, බලු සේනාව, නලින් ද සිල්වා ආදී ඊනියා ජාතිමාමකයන් විසින් විවේචනය කරන තෙක් අපි බලා සිටිමු.

ඇත්තටම නිකාය නායක පර්ෂදවලට අත්‍යන්ත වගකීමක් පැහැදිලිව තිබේ. එනම්, තම තම නිකායන්වල සිටින මෙම මදාවි වනචර දුශ්ශීල මුඩ්ඩපබ්බජිතයන් පලවා හැරීම සිදු කළ යුතුය. නීතියෙනුත්, සදාචාර වශයෙනුත්, ආගමානුකූලවත් සිදු විය හා සිදු කළ යුතු දේ එයයි. එහෙත් එම වගකීම පැහැර හරිමින් එම පර්ෂදයන් විසින් ගිහියන්ගේ ලෞකික කටයුතුවලට අත පොවමින් තමන්ට අදාල නැති දේවල් කරමින් සිටී.





සෑම පුරවැසියකුටම දේශපාලන කටයුතුවලට මැදිහත් වීමට අයිතියක් තිබේ. එම අයිතිය සමාන විය යුතුය. එහෙත් සංස්කෘතික හා සිවුරට තිබෙන ගරු කිරීම නම් පලිහ ඉදිරියට දාගෙන අනෙක් සාමාන්‍ය මිනිසුන්ට තිබෙන අයිතියට ඉතා වැඩි අයිතියක් චීවරධාරින් නියමින් හා අනියමින් ඉල්ලා සිටී. සමාජය එතරම් නොදියුණු කලෙක භික්ෂූන්ට යම් වැඩිමනත් බලයක් තිබුණා විය හැකිය. එය යුක්තියුක්තය. එහෙත් දැන් සමාජය දියුණුය (තවත් බොහෝ දියුණු වීමටද තිබේ). එනිසා අතීතයේ තිබුණා යැයි කියන එම බලය දැන් කිසිසේත් යම් පිරිසකට පමණක් දිය නොහැකිය. ඉස්සර සියලු බලය රජා නම් එකෙකු තුල සංකේන්ද්‍රණය වූයේය. එහෙත් අද අප කවුරුත් රජකුට හෝ බලය එලෙස එක් කෙනෙකුට පමණක් කේන්ද්‍රවීමට කැමති නැත. රාජපක්කයාට බල්ලකු සේ ගෙදර යෑමට සිදු වූයේද එම වැරද්ද කරන්නට ගිය නිසාය.

ඉතිං, තත්කාලීන සමාජය මොලයක් තිබෙන හැම එකාම තේරුම් ගත යුතුය. සමාජය ගතිකය. එය අඩුම ගානේ ආණ්ඩුවටවත් තමන්ට ඕන ඕන විදියට මෙහෙය විය නොහැකි ප්‍රවාහයකි. ආගමික පර්ෂදයන් මෙය වටහා ගත යුතුය.

Comments

  1. ටෙන්සර් ගැන ලියන ලිපි වලට ස්තුතියි.
    මට ප්‍රශ්ණ වගයක් තිබූ නිසා එයට පුතිචාර දැක්වීම මඟහැරුනා.
    මට දෛශික අදිශ සහ න්‍යාස අතර සම්බන්ධය ගැන ඇති ගැටළුව විසඳුනා.

    ReplyDelete
    Replies
    1. :) දෛශික, ටෙන්සර් ආදිය ගැන මා ලියූ ඒ පාඩම් පෙල එතරම් සූදානම් වීමකින් ලියූවක් නම් නොවේ. ජොලියට වගේ ලියන්න හිතුණා.

      Delete
    2. පුළුවන්නම් මැන්ඩබ්‍රෝල්ට්, ජූලියා ගැන ලිපි පෙලක් ලියන්න.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...