Skip to main content

සිංහලෙන් මෝස්කෝඩ් (Sending Sinhala text in Morse code)


මොස් සංඥා ක්‍රමය හෙවත් කවුරුත් හුරතලේට “මෝස්කෝඩ්” යැයි කියන ක්‍රමය විදුලිසන්නිවේදන පරිනාමයේ ඉතාම වැදගත් සන්ධිස්ථානයකි. ආදිකාලයේදී නැව්, ගුවන් යානා සමඟ සන්නිවේදනය සිදු කළ එකම ක්‍රමය වූයේත්, අද භාවිතාවන දුරකතන ක්‍රමයේ ආරම්භක තාක්ෂන ක්‍රමවේදය වූ ටෙලිග්‍රාෆ් පදනම් වූයේත් මෝස් කේත ක්‍රමය මතය. අද වන විට ඉතාම දියුණු විදුලිසන්නිවේදන ක්‍රම බිහි වී භාවිතා වූවත්,විනෝදාංශයක් සේ මෝස්කෝඩ් අදටත් භාවිතා වේ. 
 
මෝස්කේත මූලිකව ඉංග්‍රිසි බස මුල් කරගෙන බිහි වූවකි; එනම් ඉංග්‍රිසි අක්ෂර යැවීමටයි එය සාදා තිබෙන්නේ. එහෙත් අවශ්‍ය නම්, වෙනත් ඕනෑම අක්ෂරයක් (අක්ෂර ක්‍රමයක්) නිරූපණය කිරීමටත් එය භාවිතා කළ හැකියි. එයද කළ හැකි ක්‍රම දෙකක් ඇත. 
 
එක් ක්‍රමයක් වන්නේ නව අක්ෂර සදහා අලුතින් මෝස් කේත හදුන්වා දීමයි. උදාහරණයක් ලෙස, සිංහල බසෙහි ඇති “ක” අක්ෂරය සදහා “di di di di di di dah” ලෙස මෝස්කේතයක් අපට අලුතින් නිර්වචනය කළ හැකිය. 
 
එහෙත් මෙම ක්‍රමය හේතු කිහිපයක් නිසා එතරම් සුදුසු බවක් නොපෙනේ. ඉන් ප්‍රධානතම හේතුව වනුයේ මෝස්කේතය අත්‍යවශ්‍යයෙන්ම ඉතා දිගු කේතුයක් වීම වැලැක්විය නොහැකි වීමයි. දැනටමත් කෙටි කේත සියල්ල ඉංග්‍රිසි අක්ෂර, ඉලක්කම්, විරාම ලකුණු ආදිය නිරූපණය කිරීමට යොදා ගෙන ඇත. 
 
අවශ්‍ය නම් මීටද උපක්‍රමික විසඳුමක් ඇත. එනම්, මෝස්කේත සන්නිවේදන සැසියක් ආරම්භ කරන විට, තමන් අහවල් බසින් (උදාහරණ ලෙස, සිංහලෙන්) සන්නිවේදනය කරන්නට යනවා යැයි පැවසිය හැකිය. ඒ සඳහා විශේෂිත Q code එකක් හෝ prosign එකක් වුවද සම්මත කර ගත හැකියි. උදාහරණ ලෙස, “QCL SI” යන කිවුකෝඩ් එක සම්මත කර ගත හැකිය (මෙහි, “QCL” යනු තමන් යොදා ගන්නා භාෂාව කුමක්ද යන වග කියාපාන කිවුකෝඩ් එක වන අතර, ඉන්පසුව ඇති SI යනු “සිංහල” බස හැඳින්වීමට යොදා ගන්නා සංඛේතය වේ; ඉංග්‍රිසි බස EN ලෙසද ආදි ලෙස සම්මත භාෂා කේත දැනටත් අන්තර්ජාල භාවිතාවේදී පවතී). මෙවිට, QCL? යන්නෙන් අනෙකා භාවිතා කරන බස කුමක්දැයි ඇසිය හැකිය (කිවුකෝඩ් සම්ප්‍රදායට අනුව). මෙවිට, අදාල බසෙහි ඇති අවශ්‍ය සෑම අක්ෂරයකටම කෙටි මෝස්කෝඩ් නිරූපණය කළ හැකිය. උදාහරණ ලෙස, di da යන්න සිංහල “ක” අක්ෂරය සඳහා යොදා ගත හැකිය. මෙහිදී මුලින්ම සිංහල බස යොදා ගන්නා බව QCL කෝඩ් එකෙන් කියනා බැවින් di da යන්න ඉංග්‍රිස a අක්ෂරය නිරූපණය නොවන බව වටහගන්න.
 
ඉහත ක්‍රමයට වඩා මා දැන් කියන්නට යන දෙවැනි ක්‍රමය පහසුය. ඉහත ක්‍රමයේදී අපට අමුතුවෙන් ඒ ඒ සිංහල අක්ෂරය සඳහා නැවතත් මෝස්කෝඩ් පාඩම් කිරීමට සිදු වේ. තවද, සිංහල හා ඉංග්‍රිසි අක්ෂර දෙකම කලවමේ යොදා ගන්නට අවශ්‍ය විට තවත් උපක්‍රම යොදා ගැනීමට සිදු වේ. සිංහල පිල්ලම් ලිවීම සඳහාද යම් උපක්‍රමයක් යොදා ගැනීමට සිදු වේ. මේ සියල්ල එම පලමු ක්‍රමයේ ඇති අවාසි වේ. 
 
දෙවැනි ක්‍රමයේදී අප සිංහල sms ඉංග්‍රිසි අක්ෂරවලින් යවන ක්‍රමයම වේ. එහි අමුතුවෙන් ඉගෙනීමට ඇත්තේ ඉතාම සුලු කරුණු කිහිපයක් පමනි. සිංහල හා ඉංග්‍රිසි වචන කලවමේ වුවද එහිදී එකසේ ලිවිය හැකිය. අමුතුවෙන් භාෂාව දැක්වීමට කිවුකෝඩ් සම්මත කිරීමටද අවශ්‍ය නැත. පිල්ලම් ගැටලුවත් නැත. එය පහත ආකාරයට වීම සුදුසු යැයි මා යෝජනා කරනවා.
 
නූතන (සම්මත) සිංහල හෝඩියේ අක්ෂර 60ක් පවතී. එහෙත් භාවිතාවේදී අතිශය බහුතර පිරිසක් භාවිතා කරන්නේ පහත අක්ෂර පමණි. එම එක් එක් සිංහල අක්ෂරයට (ශබ්දයට) හිමි ඉංග්‍රිසි අකුරුද එහි දැක්වේ. මහප්‍රාණ අකුරු අපට ඉවත් කළ හැකිය. සංඥක අකුරුද ඉවත් කළ හැකිය. තවද, ශබ්දය අනුව සුදුසු ඉංග්‍රිසි අක්ෂර පහසුවෙන්ම සිතා ගත හැකිය. උදාහරණ ලෙස, පහත වගුවේ “ඓ” හා “ඖ” යන අක්ෂර දක්වා තිබුණත්, ඇත්තටම ඒවායේ ශබ්දය අනුව ඉබේම ලියැවෙන ඉංග්‍රිසි නිරූපණයයි එහි දක්වා තිබෙන්නේ.
 
සිංහල අකුර (ශබ්දය)
Sinhala Letter
ඉංග්‍රිසි නිරූපණය
English Transliteration
ක්
K
ග්
G
ච්
Ch
ජ්
J
ට්
T
ඩ්
D
Th
Dh
P
B
න්/ණ්/o
N
ම්
M
ඤ්/ඥ්
Gn
ල්/ළ්
L
ය්
Y
ර්
R
ව්
V/W
ස්
S
ෂ්/ශ්
Sh
හ්
H
ෆ්
F
A
Aa
Ae
Ea
I
Ee
U
Oo
E
Eh
O
Oh
Ay
Aw
 
ඉහත ක්‍රමයට අනුව සිංහල වැකියක් මෝස්කෝඩ්වලින් ලියන්නේ කෙසේදැයි එස්එම්එස් එකක් යවා ඇති ඕනෑම කෙනෙකුට වුවද එකවර සිතා ගත හැකිය. උදාහරණයක් ලෙස පහත වැකිය මෝස්කෝඩ්වලින් යවන හැටි බලමු.
 
“සිංහලෙන් මෝස්කෝඩ් යැවීම ඉතාම පහසු මෙන්ම විනෝදාත්මක වේ.”
 
පලමුවෙන්ම ඉහත සිංහල වාක්‍ය ඉංග්‍රිසි අකුරින් (එනම්, “සිංග්ලිෂ්” වලින්) ලියමු. ඉහත වගුව අවශ්‍ය වන්නේ මෙහිදීය.
 
Sinhalen morse code yaeweema ithaama pahasu menma vinohdhaathmaka ve.

දැන් ඉහත ඇත්තේ ඉංග්‍රිසි අක්ෂර බැවින් ඒ ඒ ඉංග්‍රිසි අක්ෂරය සඳහා ඇති සුපුරුදු මෝස්කේත යොදා ගෙන එය මෝස්කේත බවට පත් කර ගත හැකිය. එවිට එය පහත ආකාරයට වේවි.
 
...  ..  -.  ....  .-  .-..  .  -.    --  ---  .-.  ...  .    -.-.  ---  -..  .    -.--  .-  .  .--  .  .  --  .-    ..  -  ....  .-  .-  --  .-    .--.  .-  ....  .-  ...  ..-    --  .  -.  --  .-    ...-  ..  -.  ---  ....  -..  ....  .-  .-  -  ....  --  .-  -.-  .-    ...-  .    .-.-.-




Communication using Morse code is primarily intended for English language speakers. However, using a few tricks, one can devise the same to send characters of any other language in the world. Here, I am going to show how it could be used to send characters of the Sinhala language.
 
The modern Sinhala (standard) alphabet has a total of 60 characters, but not all the characters are practically used in day to day communication. Therefore, to keep it stupid simple, I suggest using or mapping only the practically used characters as depicted in the above chart. Using the above mapping, I have given an example above on how to transliterate a Sinhala sentence into English letters (we call this practice “Singlish”), and then into usual Morse code.

Comments

  1. v හැඩයේ රූපවාහිනී ඇන්ටනාවක් සෑදිමට බලාපොරොත්තු වෙමි.
    මෙහි රාමුව PVC බට වලින් සාදමි.
    ඇලුමිනියම් බට දෙක තඹ කම්බි මඟින් ඩයිපෝල් පරිපථයට සම්බන්ධ කරමි.
    මට දැනගැනීමට අවශ්‍ය බට දෙක අතර පරතරය සඳහා සුදුසු පරතරය කුමක්ද යන කරුණයි.
    ඊට අමතරව මෙහිදී සැලකිලිමත් වියයුතු තවත් කරුණු සඳහන් කරන්න.

    ReplyDelete
    Replies
    1. වී ඇන්ටනා විවිධාකාරයෙන් ඇත (විශේෂයෙන් ආධුනික ගුවන් විදුලි භාවිතාවන් සඳහා)... ඔබ කියන විස්තරය මට එකවර සිතා ගත නොහැකිය. ඔබ පීවීසී සැකිල්ල කියා අදහස් කළේ ඇලුමිනියම් බට වෙනස් නොවී තබා ගැනීමට යොදා ගන්නා අධාරකද? ඩයිපෝල් පරිපථය ලෙස ඔබ අදහස් කරන්නේ කුමක්ද?

      Delete
    2. ඔබ පීවීසී සැකිල්ල කියා අදහස් කළේ ඇලුමිනියම් බට වෙනස් නොවී තබා ගැනීමට යොදා ගන්නා අධාරකද? =ඔව්
      ඩයිපෝල් පරිපථය ලෙස ඔබ අදහස් කරන්නේ කුමක්ද?=ඇන්ටනා වයරය සම්බන්ධ කරන පරිපථය.

      Delete
    3. බ්ලොග් එක පැත්තට මං මේ ආවේ සෑහෙන්න කාලයකින්... හම්... මේකයි... ටීවී සඳහා භාවිතා කරන වී ඇන්ටනාව ගැන එතරම් ගැඹුරු කරුණු නැත... වී බට දෙකේ කෝණය අඩු වැඩි වීමෙන් ඩිරෙක්ෂනලිටි එකට බලපෑමක් සිදු වෙනවා... හැකි තරම් ඇන්ටනාව උඩින් තිබෙන්නට අවශ්‍යයි. එවිට අකුණුවලින් ආරක්ෂා වීමටත් පියවර ගැනීමට සිදු වේවි. වී හැඩය තිරස්ව තබන්න. ඇන්ටනාවට බූස්ටරයක් සවි කරන නිසා හා එය ආදායක ඇන්ටනාවක් ලෙස භාවිතා වන නිසාත් එය අධිශක්ති බ්‍රෝඩ්කාස්ට් සංඥා සමඟ යොදා ගන්නා නිසාත්, සියුම් කරුණු රාශියක් ගැන කතා කිරීමට අවශ්‍යතාව මඟ හැරී යනවා කොහොමත්.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...