දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 4

Irregular Verbs (අක්‍රමික ක්‍රියා)

මෙවැනි ක්‍රියාපද 150 ක් පමණ ඇත.  අප නිතර නිතර භාවිතා කරන බොහෝ ක්‍රියාපද තිබෙන්නේ මෙම ගොඩේය.  පහත වගුවේ එම ක්‍රියාපද සියල්ලම වාගේ ඇත.  (කලාතුරකින් යෙදෙන වචන කිහිපයක් ඉවත් කළෙමි.)  පළමු තීරුවේ ඇත්තේ ක්‍රියාවේ මූලික ස්වරූපය (dictionary රූපය) (“කරනවා”) වන, අතර තෙවැනි තීරුවෙන් එහි simple tense අතීත රූපය (“කළා”) ද, අවසන් තීරුවෙන් එහි Past participle (“කරලා”) රූපයද ඇත.  අක්‍රමික ක්‍රියා ලෙස හැඳින් වුවත්, ඔබට පෙනේවී එම ක්‍රියාපදවලද යම් යම් රටාවන් ඇති බව.  සමහරක් ක්‍රියාවල රූප තුනම සමානය: cut, cut, cut.  සමහරක අවසන් රූප දෙක සමානය: bend, bent, bent.  තවත් සමහරක අවසන් කොටස් සමාන වූ විට, ඒවායේ රටාද සමාන වේ: set-set-set, reset-reset-reset, preset-preset-preset, offset-offset-offsetමෙම සියලු ක්‍රියා රූප තුනෙන්ම මතක තබාගන්න.

Infinitive
සිංහල තේරුම
Simple Past
Past Participle
arise
නැගගෙන එනවා, මතු වෙනවා
arose
arisen
awake
අවදි වෙනවා
awoke
awoken
be
වෙනවා, ඉන්නවා
was, were
been
bear
ඉවසනවා, දරනවා
bore
borne, born
beat
ගහනවා, තලනවා
beat
beaten, beat
become
වෙනවා
became
become
begin
පටන්ගන්නවා
began
begun
bend
නවනවා, නැවෙනවා
bent
bent
bet
ඔට්ටු අල්ලනවා
bet, betted
bet, betted
bid
ලංසු අල්ලනවා
bade, bid
bidden, bid, bade
bind
බඳිනවා, වෙළනවා
bound
bound
bite
හපනවා
bit
bitten
bleed
ලේ ගලනවා
bled
bled
blow
හමනවා, පිඹිනවා
blew
blown
break
කඩනවා, කැඩෙනවා
broke
broken
breed
පැටව් ගහනවා
bred
bred
bring
ගේනවා
brought
brought
broadcast
රේඩියොවෙන් ප්‍රචාරය කරනවා
broadcast
broadcast
build
තනනවා
built
built
burn
පිච්චෙනවා, පුච්චනවා
burnt, burned
burnt, burned
burst
පිපිරෙනවා, පුපුරුවා හරිනවා
burst
burst
bust
කම්මුතු කරනවා
bust, busted
bust, busted
buy
මිළට ගන්නවා
bought
bought
cast
විසි කරනවා, වාත්තු කරනවා,
cast
cast
catch
අල්ලනවා
caught
caught
choose
තෝරගන්නවා
chose
chosen
Cleave
වෙන් ‍කරනවා‍,‍ වෙන් වෙනවා
Cleft, clove
Cleft, Cloven
Cleave
ඇලී සිටිනවා
cleaved
cleaved
cling
ඇලෙනවා, වෙලී සිටිනවා
clung
clung
clothe
ඇදුම් අඳිනවා, ඇදුම් අන්දනවා
clothed, clad
clothed, clad
come
එනවා
came
come
cost
වැය වෙනවා
cost
cost
creep
බඩ ගානවා
crept
crept
cut
කපනවා
cut
cut
deal
ගනුදෙනු කරනවා, යමක් ගැන කටයුතු කරනවා
dealt
dealt
dig
හාරනවා
dug
dug
do
කරනවා
did
done
draw
අඳිනවා
drew
drawn
dream
හීන දකිනවා
dreamt, dreamed
dreamt, dreamed
drink
බොනවා
drank
drunk
drive
එළවනවා
drove
driven
dwell
වාසය කරනවා
dwelt, dwelled
dwelt, dwelled
eat
කනවා
ate
eaten
fall
වැටෙනවා
fell
fallen
feed
කවනවා , පෝෂණය කරනවා
fed
fed
feel
දැනෙනවා
felt
felt
fight
සටන් කරනවා
fought
fought
find
සොයා ගන්නවා
found
found
flee
පැන යනවා
fled
fled
fling
විසි කරනවා
flung
flung
fly
පියඹනවා
flew
flown
forbid
තහනම් කරනවා
forbad, forbade
forbid, forbidden
forecast
අනාවැකි කියනවා
forecast
forecast
forget
අමතක කරනවා, අමතක වෙනවා
forgot
forgotten
freeze
සීතලට මිදෙනවා
froze
frozen
get
ලැබෙනවා, වෙනවා
got
got, gotten
give
දෙනවා
gave
given
go
යනවා
went
gone
grind
අඹරනවා
ground
ground
grow
වවනවා, වැවෙනවා
grew
grown
Hang
යමක් එල්ලනවා
Hung
Hung
Hang
එල්ලා මරනවා
Hanged
Hanged
have
තියෙනවා
had
had
hear
ඇහෙනවා
heard
heard
hide
හැංගෙනවා, හංගනවා
hid
hidden, hid
hit
ගහනවා
hit
hit
hold
අල්ලන් ඉන්නවා
held
held
hurt
රිදෙනවා, රිදවනවා, තුවාල කරනවා
hurt
hurt
keep
තියා ගන්නවා
kept
kept
kneel
දණ ගහනවා
knelt, kneeled
knelt, kneeled
knit
ගොතනවා
knitted, knit
knitted, knit
know
දන්නවා
knew
known
lay
දමනවා
laid
laid
lead
ඉදිරියෙන් යනවා
led
led
lean
හේත්තු වෙනවා
leant, leaned
leant, leaned
leap
පැන පැන යනවා
leapt, leaped
leapt, leaped
learn
ඉගෙන ගන්නවා
learnt, learned
learnt, learned
leave
පිටත් වෙනවා
left
left
lend
ණයට දෙනවා
lent
lent
let
අවසර දෙනවා, බදු දෙනවා
let
let
Lie
(Lie)
ඇල වෙනවා
(බොරු කියනවා)
Lay
(Lied)
Lain
(Lied)
light
පත්තු කරනවා
lit, lighted
lit, lighted
lose
නැති වෙනවා
lost
lost
make
සාදනවා
made
made
mean
තේරුම් දෙනවා
meant
meant
meet
හමු වෙනවා
met
met
melt
දිය වෙනවා
melted
molten, melted
mow
තණ කොළ කපනවා
mowed
mown, mowed
pay
ගෙවනවා
paid
paid
plead
ආයාචනා කරනවා
pled, pleaded
pled, pleaded
prove
ඔප්පු කරනවා
proved
proven, proved
put
දමනවා
put
put
quit
ඉවත් වෙනවා, අස් වෙනවා
quit, quitted
quit, quitted
read
කියවනවා
read
read
rid
මිදෙනවා (නිදහස් වෙනවා)
rid, ridded
rid, ridded
ride
පදිනවා
rode
ridden
ring
බෙල් එක් ගහනවා
rang
rung
rise
නැගිටිනවා
rose
risen
run
දුවනවා
ran
run
saw
කියතකින් කපනවා
sawed
sawn, sawed
say
කියනවා
said
said
see
දකිනවා
saw
seen
seek
සොයනවා
sought
sought
sell
විකුනනවා
sold
sold
send
යවනවා
sent
sent
set
සකස් කරනවා
set
set
sew
මහනවා
sewed
sewn, sewed
shake
සොලවනවා
shook
shaken
shear
කප්පාදු කරනවා
sheared
shorn, sheared
shed
වගුරුවනවා, ඉවතලනවා
shed
shed
shine
දිලිසෙනවා
shone
shone
shoot
වෙඩ් තියනවා
shot
shot
show
පෙන්වනවා
showed
shown, showed
shred
සිහින් තීරුවලට කපනවා
shred, shredded
shred, shredded
shrink
හැකිලෙනවා
shrank, shrunk
shrunk
shut
වසාදමනවා
shut
shut
sing
සිංදු කියනවා
sang
sung
sink
ගිලෙනවා, ගිල්වනවා
sank
sunk
sit
ඉද ගන්නවා
sat
sat
slay
විනාශ කරනවා
slew
slain
sleep
නිදියනවා
slept
slept
slide
ලිස්සනවා
slid
slid
sling
කැටපෝලයකින් විදිනවා, පටියකින් එල්ලී සිටිනවා
slung
slung
slit
දිගට කපනවා
slit
slit
smell
පුසුඹ හමනවා
smelt, smelled
smelt, smelled
sow
වපුරනවා
sowed
sown, sowed
speak
කතා කරනවා
spoke
spoken
speed
වේගෙන් යනවා
sped, speeded
sped, speeded
spell
ස්පෙල් කරනවා
spelt, spelled
spelt, spelled
spend
ගත කරනවා, වියදම් කරනවා
spent
spent
spill
උතුරා යනවා
spilt, spilled
spilt, spilled
spin
කැරකෙනවා
spun
spun
spit
කෙළ ගහනවා
spat
spat
split
පලනවා, පැලෙනවා
split
split
spoil
නරක් කරනවා
spoilt, spoiled
spoilt, spoiled
spread
පතුරනවා, පැතිනෙවා
spread
spread
spring
මතු වෙනවා, පැන නගිනවා
sprang, sprung
sprung
stand
නැගී සිටිනවා
stood
stood
steal
සොරකම් කරනවා
stole
stolen
stick
අලවනවා, ඇලවෙනවා, හිරවෙනවා
stuck
stuck
sting
දෂ්ඨ කරනවා
stung
stung
stink
ගඳ ගහනවා
stank, stunk
stunk
stride
දිගු පියවර තබා යනවා
strode
stridden
strike
ගහනවා, වැඩ වර්ජනය කරනවා
struck
struck
string
නූලේ අමුනනවා
strung
strung
strive
මහන්සි වෙනවා
strove
striven
swear
දිව්රනවා
swore
sworn
sweat
දහඩිය දමනවා
sweat, sweated
sweat, sweated
sweep
අතුගහනවා
swept
swept
swell
ඉදිමෙනවා
swelled
swollen, swelled
swim
පිහිනනවා
swam
swum
swing
පැද්දෙනවා
swung
swung
take
ගනනවා
took
taken
teach
උගන්වනවා
taught
taught
tear
ඉරනවා
tore
torn
telecast
TV එකෙන් ප්‍රචාරනය කරනවා
telecast
telecast
tell
කියනවා
told
told
think
හිතනවා, හිතෙනවා
thought
thought
throw
විසි කරනවා
threw
thrown
thrust
තෙරපනවා
thrust
thrust
tread
පාගනවා
trod
trodden
understand
තේරුම් ගන්නවා
understood
understood
wake
අවදි වෙනවා
woke, waked
woken, waked
wear
පළදිනවා
wore
worn
weave
ගොතනවා
wove
woven
wed
බදිනවා
wed, wedded
wed, wedded
weep
වැලපෙනවා
wept
wept
wet
තෙත් වෙනවා, තෙත් කරනවා
wet, wetted
wet, wetted
win
දිනනවා
won
won
wind
ව‍ටේ ඔතනවා
wound
wound
wring
අඹරනනවා, වද දෙනවා
wrung
wrung
write
ලියනවා
wrote
written


Comments

  1. ඇතටම ගොඩක් වටිනව, බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. ලොකු උදව්වක් මේ වගේ දේවල් කියලා දෙන එක ගොඩක් උපකාර උනා ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ උත්සාහ කරන මට
    මට

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1