Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 5

ඉහතකදී වගන්ති දෙකක් එකතු කර දිගු වගන්ති සෑදීමට අප and, but යොදා ගත්තා මතකද?  එම ක්‍රමය හැරුණු විට, තවත් ක්‍රමයක් තියෙනවා එසේ වගන්ති දෙකක් එකතු කර දිගු තනි වගන්තියක් සෑදීමට.  උදාහරණයක් ගෙන බලමු.

I eat polsambola.  (මම පොල් සම්බෝල කනවා.)
I get stomachache. 
(මම බඩේ කැක්කුම හදා ගන්නවා/මට බඩේ කැක්කුම හැදෙනවා.)

ඉහත වාඛ්‍ය දෙක අතර යම් සම්බන්ධතාවක් ගොඩ නඟා එක් වගන්තියක් බවට පත් කළ හැකිය.  මෙම සම්බන්ධතාව විවිධාකාරයෙන් විය හැකිය.  එනම්,

“මම පොල් සම්බෝල කන විට, මට ‍බඩේ කැක්කුම හැදෙනවා.”
“මම පොල් සම්බෝල කන නිසා, මට බඩේ කැක්කුම හැදෙනවා.”
“මම පොල් සම්බෝල කනවාට පසු/කෑවට පසු, මට ‍බඩේ කැක්කුම හැදෙනවා.”

ආදී ලෙස එම වගන්ති දෙක විවිධ සම්බන්ධතාවලින් එකතු කළ හැකිය.  එම සම්බන්ධතාව “නිසා/බැවින්”, “විට/කොට”, “පසු/පෙර”, “නම්/හොත්” ආදි වචනවලින් ඇති කෙරේ.  ඉංග්‍රීසියෙන් මෙවැනි වාඛ්‍ය ඉතාම පහසුවෙන් (සිංහල වාඛ්‍යවලටද වඩා පහසුවෙන්) සෑදිය හැකිය.  “නිසා” යන තේරුම ඇති because යන පදය උදාහරණයක් ලෙස ගෙන වාඛ්‍ය දෙකක් එකතු කරන අයුරු බලමු.  මෙහිදී අප කරන්නේ, “හේතුව කියන” වාඛ්‍ය කොටස හෙවත් “අප්‍රධාන වාඛ්‍යය” ට ඉදිරියෙන් because (හෝ එවැනි වෙනත් පදයක්) යොදා, ඉතිරි වාඛ්‍යය කොමාවකින් පසුව නිකම්ම යෙදීමයි.

Because I eat polsambola, I get stomachache.  (මම පොල් සම්බෝල කන නිසා, මට බඩේ කැක්කුම හැදෙනවා.)

මෙහි “හේතුව කියන” අප්‍රධාන වාඛ්‍යයට ඉදිරියෙන් because යොදා, ඉන්පසු එම වාඛ්‍යයේ අවසානයේ කොමාවක් යොදා, දෙවැනි ප්‍රධාන වාඛ්‍යය නිකම්ම යොදා ඇත.  හරිම පහසුයි නේද?  වාඛ්‍ය දෙකෙහිම ඇතුළේ ඇති වචන කිසිදු වෙනසකට ලක් කර නැහැ නේද?  (එහෙත් සිංහලේදී නම් අප්‍රධාන වාඛ්‍ය‍ය තුළ ඇති ක්‍රියාව තරමක් වෙනස් වන බව පේනවා නේද?  “කනවා” යන්න “කන” ලෙස වෙනස් වී තිබේ මෙම උදාහරණය තුළ.  ඒකයි මා පැවසුවේ ඉංග්‍රීසියෙන් එවැනි වාඛ්‍ය සෑදීම සිංහලට වඩා පහසු බව.)  තවත් උදාහරණ කිහිපයක් බලමු.

I study hard.  I will pass the exam.  → Because I study hard, I will pass the exam.  (මම මහන්සියෙන් පාඩම් කරන නිසා විභාගය සමත් වේවි.)
I studied hard.  I passed the exam.  → Because I studied hard, I will pass the exam. 
(මම මහන්සියෙන් පාඩම් කරපු නිසා විභාගය සමත් වේවි.)

ඉහත උදාහරණ දෙකෙහි පෙන්වා ඇති ලෙස විවිධ කාලයන්ට (අතීත, වර්ථමාන, අනාගත) අයත් වාඛ්‍ය සුදුසු ලෙස එකතු කළ හැකිය.  ඔබගේ සාමාන්‍ය බුද්ධිය ඇසුරින් ගැ‍ලපෙන වාඛ්‍ය ඕනෑ තරම් එලෙසින් සාදා ගත හැකිය.  පහත සිංහල වාඛ්‍ය බලන්න.

මම හෙට පොල් සම්බෝල කන නිසා, ඊයේ බඩේ කැක්කුම හැදුනා.

මෙය හතර බීරි කතාවක් නේද?  හෙට කරන දෙයක් නිසා ඊයේ ඊට ප්‍රතිඵලයක් ලැබෙන්නේ කෙලෙසද?  අපට වචන ඕන ඕන විදියට ලිවීමට අයිතිය තිබුණද, එම වචන නිවැරදිව ව්‍යාකරණානුකූලව ලිව්වත්, ඉහත වගන්තිය වැනි වලංගු නොවන වගන්ති නොලීමට ඔබට සාමාන්‍ය බුද්ධියක් තිබිය යුතුයි.  මා එසේ පැවසුවේ, ඉංග්‍රීසියෙන්ද grammar අනුව ඉහත සිංහල වාඛ්‍යය වැනිම අවලංගු වාඛ්‍ය නොසෑදීමට ඔබ වග බලා ගත යුතුය.  එවැනි අවලංගු වාඛ්‍ය තැනීමට හේතුව භාෂාව ගැන නොදැනීම නොව, සාමාන්‍ය බුද්ධියේ ඇති අඩුවකි.  ඒ අනුව,

Because I will eat polsambola tomorrow, I got stomachache yesterday.

ලෙස වාඛ්‍යයක් ලිවීම වැරදියි නේද?  අනාගතයේ සිදුවන දෙයකට අතීතයෙන් ප්‍රතිඵලයක් ලැබිය නොහැකිය.

අවශ්‍ය නම් අපට මෙහිදී රීතියක් වුවද සාදාගත හැකිය.  එනම්, “හේතුව කියන” අප්‍රධාන වාඛ්‍යය යම් කාලයක පවතීද, ප්‍රධාන වාඛ්‍යය අනිවාර්යෙන්ම අප්‍රධාන වාඛ්‍යයේ කාලය හෝ ඊට ඉදිරියෙන් තිබෙන කාලයකින් තැබිය යුතුය.  ඒ අනුව,

අප්‍රධාන වාඛ්‍යය අතීත නම් ප්‍රධාන වාඛ්‍යය අතීත, වර්ථමාන, අනාගත විය හැකිය.
අප්‍රධාන වාඛ්‍යය වර්ථමාන නම්
ප්‍රධාන වාඛ්‍යය වර්ථමාන, අනාගත විය හැකිය.
අප්‍රධාන වාඛ්‍යය අනාගත නම්
ප්‍රධාන වාඛ්‍යය අනාගත විය යුතුය.

ඉහත සඳහන් ඉංග්‍රීසි දිග වාඛ්‍යය තුළ “හේතුව කියන” අප්‍රධාන කොටස (because සමඟ) හා ප්‍රධාන කොටස, අවශ්‍ය නම් මාරු කරද ලිවිය හැකිය.

Because I studied hard, I will pass the exam.  → I will pass the exam because I studied hard.

මෙහිදී because යන කොටස මැද තිබේ අප්‍රධාන වාඛ්‍යය සමඟම.  එමනිසා කොමාවක් දැමිය යුතු නැත වාඛ්‍ය කොටස් දෙක වෙන් කර දැක්වීම සඳහා.

Because I am reading books, I will become an educated man.  (මා පොත් කියවන නිසා, මා උගත් මිනිසෙක් වේවි.)
He passed the exam well because he worked hard.  (ඔහු මහන්සියෙන් වැඩ කළ නිසා, විභාගෙන් පාස් වුණා.)
Because he had learnt French, he went to France.  (එයා ප්‍රංශ භාෂාව ඉගෙන තිබුණු නිසා, එයා ප්‍රංසෙට ගියා.)

Exercises 5-1
Because Kamal played cricket well, he became the captain of the team.  (......................................................)
The man died because he had fallen from a tree.  (............................)

ඉහතදී පෙන්වා දුන්නේ because (නිසා) යන පදය පමණි.  එම “නිසා” යන තේරුමම ඇති තවත් ඉංග්‍රීසි පද කිහිපයක් ඇත.  හරියට සිංහලේදි “නිසා”‍ තේරුමට සමාන “බැවින්”, “හේතුකොට ගෙන” ආදි ලෙස පද කිහිපයක් තිබෙන්නාක් මෙන්, ඉංග්‍රීසියේදී because යන්නට සමාන පද කිහිපයක් ඇත.  ඒවා නම්, as, since, because of the fact that, due to the fact that ය.  ඇත්තටම because, as, since යන පද බහුලව යෙදුනත්, because of the fact that ආදී දිග “කෑලි” බහුලව භාවිතා කෙරෙන්නේ නැත.  කතා කරන විට, කොහෙත්ම භාවිතා වෙන්නේ නැත.

Since I am reading books, I will become an educated man.  (මම පොත් කියවන නිසා, මා උගත් මිනිසෙක් වේවි.)
He passed the exam well as he worked hard.  (ඔහු මහන්සියෙන් වැඩ කළ නිසා, විභාගෙන් පාස් වුණා.)
Because of the fact that he had learnt French, he went to France.  (එයා ප්‍රංශ භාෂාව ඉගෙන තිබුණු නිසා, එයා ප්‍රංසෙට ගියා.)

Exercises 5-2
As I knew the answer, we won the game.  (.................................)
They were dancing in the class since the teacher did not come to the class.  (.................................................................)

මෙතෙක් “නිසා” යන තේරුම ඇති වාඛ්‍ය සෑදුවා.  ‍ඒ හැරුණු විට “හොත් (කළොත්)”, “කොට (කරන කොට)” ආදි තවත් “සම්බන්ධවාචී පද” වර්ග කිහිපයක් ඇත.  ඉංග්‍රීසියේදි එම පදද යොදනු ලබන්නේ ඉහත because පදය යෙදූ ආකාරයටම වන අතර, එහිදී උගත් සියලු රීතින් මේවාටද වලංගු වේ.  එම නිසා ඔබ කළ යුත්තේ එම පද ටික පාඩම් කිරීම නේද?  බලන්න කොතරම් පහසුවක්ද එය.  තවද, because හිදි මෙන්ම (සිංහලේදීද ‍තත්වය එලෙසමයි) එකම තේරුම දෙන එවැනි පද කිහිපයක් පවතින අවස්ථාද ඇත.  මා එම පද සියල්ලම දක්වනවා.


        ·        if/ in case that/ provided that/ providing - නම්/හොත්


If you work hard, you will pass the exam.  (ඔබ මහන්සියෙන් වැඩ කළොත්/කරනව නම්, විභාගය සමත් වේවි.)
I will report to the principal, in case that the students do not study.  (ළමයි පාඩම් කරන්නේ නැති නම්, මම විදුහල්පතිට වාර්ථා කරන්නම්.)
Do you punish me if I tell the truth?  (මම ඇත්ත කිව්වොත් ඔබ මට දඩුවම් කරනවාද?)

Exercises 5-3
Provided that the parliament does not pass the law, the court does not punish.  (...............................................)
…………………………………………………  (ඔබ පාඩම් කර නොමැති නම්, ඔබ එය දන්නවාද?)

මෙම තේරුමට ආසන්න තේරුම් ඇතිව assuming, presuming, assumed that, presumed that ආදි පදද යෙදිය හැකිය.  සිංහලේදී “... යැයි උපකල්පනය ‍කළොත්” වැනි තේරුම් ඒවායේ ඇත.

“අහවල් දේ වෙයි කියලා” යන යෙදුමේද ඉහත තේරුම පවතිනවා නේද?

I took an asprin in case that I get a headache.  (ඔලුව කැක්කුමක් හැදෙයි කියලා/හැදුනොත් එහෙම කියලා මම ඇස්ප්‍රින් එකක් ගත්තා.)

  
        ·        when/ while/ whilst/ as/ as and when - විට/කොට


බොහෝ විට while හා whilst යන පද යෙදෙන්නේ ing-ක්‍රියා රූප ඇති continuous හා perfect continuous tenses සමඟය.  as යන්න “නිසා” තේරුමින්ද ඉහත යෙදුණු බව මතකද?  එකම පදයට තේරුම් කිහිපයක් තිබීම ඉංග්‍රීසියට නුහුරු නුපුරුදු දෙයක් නොවේ.

While I was reading the book, I heard a noise.  (මම පොත කියවමින් සිටි විට, මට ඝෝෂාවක් ඇසුනා.)
When you eat, you get strong.  (ඔබ කන විට, (ඔබ) ශක්තිමත් වෙනවා.)
A bamboo bends down as it grows high.  (උණ ගහක් බිමට නැමෙනවා එය ඉහළට වැඩෙන විට.)

Exercises 5-4
While he was walking, a coconut fell on his head.  (..............)
………………………………  (ඔබ සිංදුවක් කියමින් සිටින විට, මම නටමින් ඉනන්ම්.)


          ·         though/ even though/ although/ even if/ in spite of the fact that/ notwithstanding that - කළත්


Though you work hard, you will not pass the exam.  (ඔබ මහන්සියෙන් පාඩම් කළත්, විභාගය සමත් නොවේවි.)
He will win the game even if he does not know the rules much.  (එයා එච්චර නීති නොදන්නවා වුණත්, එයා තරගය දිනාවි.)


Exercises 5-5
Although the teacher teaches well, the children do not understand.  (.............................................................)
……………………………………………  (‍ඔබ හොඳට සෙල්ලම් කළත්, (ඔබට) තරගය දිනන එකක් නැහැ/නොදිනාවි.)


        ·        before - පෙර


මෙහි before යෙදී ඇත්තේ නිපාත අර්ථයෙන් නොවේ.  නිපාත ගැන අප ඉහතකදී ඉගෙන ගත්තා (පිටු 16 බලන්න.)  නිපාතයේද තේරුම “පෙර” යනුවෙන් වුවද නිපාතයක් ලෙස යොදන විට අප before ට පසුව යොදන්නේ නාමපදයක් බව එහි සඳහන් කළා මතකද?  එහෙත් මෙහිදී නිපාතයක් ලෙස නොව, “සම්බන්ධ කරන පදයක්” (conjunctive) ලෙස before යෙදී ඇත.  එහිදී, නිකම්ම නිකං නාමපදයක් ‍නොව වාඛ්‍යයක් ඊට පසුව යෙදේ.  Before පමණක් නොව, after, till/until වැනි පද වලටද නිපාත තේරුම මෙන්ම conjunctive ලෙසද භාවිතා කෙරෙන බව ඔබට පෙනේවි.

Before I entered the house, I rang the bell.  (මම ගෙදරට ඇතුළු වීමට පෙර, (මම) බෙල් එක ගැහුවා.)
He washes his hands, before he eats.  (එයා කන්නට පෙර, (එයා) අත හෝදනවා.)

Exercises 5-6
Before the visitors come, we decorated the hall.  (...............)
……………………. (ඔබ බෙහෙත් බොන්න පෙර (ඔබ) කන්න.)


         ·        after - පසු


After you eat, you take the medicine.  (කෑවට පසු ඔබ බෙහෙත් බොන්න.)
The buyers are coming after you opened the shop.  (ඔබ කඩේ විවෘත කළාට පසු, ගැනුම් කරුවන් එනවා.)


         ·        till/ until - තුරු


I was waiting till you come back.  (ඔබ ආපසු එන තුරු මම බලං හිටියා.)
Until you tell the truth, I will not forgive you.  (ඔයා ඇත්ත කියන තුරු මම සමාව දෙන්නේ නැහැ.)

Exercises 5-7
I have been washing clothes till dirt went away.  (...............)
..................  (කමල් එනතුරු නිමල් හෝල් එකේ බලං හිටියා.)


         ·        so that/ in order that - (යමක් සිදුකරනු) පිණිස


I opened the door so that cool air comes in.  (සිසිල් සුළඟ ඇතුළුවන්නට/ඇතුළුවනු පිණිස මම දොර ඇරියා.)


          ·        as if/ as though - හරියට නිකං ... වගේ


අප්‍රධාන වගන්තිය වර්ථමාන කාලයේ නම්, ඉන් හැඟවෙන්නේ එම කියන දේ සත්‍ය වීමටද ඉඩ ඇති බවත්, එය අතීත ස්වරූපයෙන් පැවතියොත් එසේ වීමට කොහෙත්ම බැරි බවත්ය. (අවශ්‍ය නම්, අතීත ක්‍රියාව බහුවචනයෙන් වුවද තැබිය හැකියි.)

He speaks as if he knows everything. (එයා කතා කරන්නෙ හරියට නිකං එයා ඔක්කොම දන්නවා වගේ.)

ඉහත වාඛ්‍යයෙන් කියන දේ (එනම්, එයා ඔක්කෝම දන්නවා යන වග) සත්‍යද විය හැකිය. එහෙත් පහත වාඛ්‍යයෙන් කියන දේ අනිවාර්යෙන්ම විය නොහැකිය (අප්‍රධාන වාඛ්‍යය අතීත ස්වරූපයෙන් තබා ඇති නිසා). කැමති නම්, ක්‍රියාව බහුවචනයෙන් තැබිය හැකිය.

He talks as if he was/were rich. (එයා කතා කරන්නේ හරියට නිකං එයා පොහොසත් ‍වගේනේ.)


      ·        now that - (කරපු/කරන) එකේ


Now that you have come here, you will get a present.  (ඔයා මෙහි ආපු එකේ ඔයාට දැන තෑග්ගක් ලැබෙයි.)


          ·        once/ as soon as - ගමන්ම (එසැනින්ම)


Once I go there, I will call you.  (මම එහි ගිය ගමන්ම ඔයාට කෝල් කරන්නම්.)


          ·        only that/except that - ඒ හැරුණම, එකම වෙනස නම්


I applied the same cream on face, only that it comes with a fragrance.  (මම මුහුනේ ආලේප කළේ එකම ක්‍රීම් එක, එකම වෙනස නම් ඒක සුවඳකුත් එක්ක එන්නෙ.)


          ·        unless/ if not - නැතිනම් මිසක්


Unless I you tell me, I will not do it.  (ඔයා ඒක කිව්වොත් මිසක්, මම ඒක කර‍න්නෙ නැහැ.)


         ·        that - ... කියලා/කියන එක


යම් වාඛ්‍යයක් ඉදිරියෙන් that දැමූ විට මෙම “...කියලා” යන තේරුම ලැබේ.

I am eating a mango.  (මම අඹයක් කමින් ඉන්නවා.) that I am eating a mango (මම අඹයක් කමින් ඉන්නවා කියලා)
She played netball.  (ඇය නෙට්බෝල් සෙල්ලම් කළා.) that she played netball (ඇය නෙට්බෝල් සෙල්ලම් කළා කියලා)
They will have done it.  (ඔවුන් එය කරලා තියේවි.)  that they will have done it (ඔවුන් එය කරලා තියේවි කියලා)

මෙවැනි “කියලා” යන කොටස් සහිත වාඛ්‍ය අප නිතරම භාවිතා කරනවා නේද?

My mother knows that I ate the mango.  (අම්මා දන්නවා මම අඹය කෑවා කියා/කියලා.)
මෙහි “my mother knows” හා “I ate the mango” කියන වාඛ්‍ය දෙක that මඟින් එකතු කර තිබෙනවා නේද?

He said that you know me.  (ඔයා මාව දන්නවා කියලා ඔහු කීවා.)
Everyone in the school is talking about you that you played well.  (ඉස්කෝලෙ හැම දෙනාම කතා කරනවා ඔයා හොඳට සෙල්ලම් කළා කියලා.)
He will not punish you that you had broken the glass.  (ඔයා වීදුරුව කැඩුව කියලා එයා ඔයාට දඬුවම් කරන එකක් නැහැ.)

Exercises 5-8
The mother says that he became the president once.  (............................................)
I did not know that Kamal plays rugby.  (.........................)
…………………..  (එයා උගන්වනවා කියලා කමල් දන්නෙ නැහැ.)

ඉහත that යෙදුම ඉතා සරළ මෙන්ම අපූරු දෙයකි.  අපට නිතරම මෙවැනි වාඛ්‍යය පැවසීමට සිදුවන බව ඔබට පෙනේවි.  තවද, අවශ්‍ය නම් එම that පදය නොදා සිටීමටද (ලොප් කිරීම) පුළුවනි.  ඉංග්‍රීසි භාවිතා කරන බොහෝ දෙනා මෙලෙස that ලොප් කරනවා.  එයටද පුරුදු වෙන්න.

The mother says he became the president once.  (අම්මා කියනවා එයා ජනාධිපති වුණා කියලා)
I did not know Kamal plays rugby.  (කමල් රග්බි ගහනවා කියලා මං දැන සිටියෙ නැහැ.)

මෙහිදී පමණක් නොවේ, ඉහත conjunctive (සම්බන්ධ කරන වචන) ලෙස යෙදී ඇති වෙනත් පදවල that ඇති නම්, ඒවාද ලොප් කිරීමට පුළුවන්.  ඒ අනුව due to the fact that, because of the fact that, notwithstanding that, in spite of the fact that ආදි තැන්වල ඇති that ද ලොප් කළ හැකිය.

I applied the same cream on face, only it comes with a perfume.  (මම මුහුනේ ආලේප කළේ එකම ක්‍රීම් එක, එකම වෙනස නම් ඒක සුවඳකුත් එක්ක එන්නෙ.)
I opened the door so cool air comes in.  (සිසිල් සුළඟ ඇතුළුවන්නට/ඇතුළුවනු පිණිස මම දොර ඇරියා.)
I took an asprin in case I get a headache.  (ඔලුව කැක්කුමක් හැදෙයි කියලා/හැදුනොත් එහෙම කියලා මම ඇස්ප්‍රින් එකක් ගත්තා.)

යම් tense එකක මූලික ක්‍රියා ස්වරූපයට ඉදිරියෙන් to යන පදය දැමූ විට කුමක් සිදු වේවිද?  ඔබට එය සිතා ගත හැකිය.  එම ක්‍රියාවට “-ට” හෝ ”-ඩ” යන අකුර සහිතව තේරුමක් ලැබේ.  උදාහරණ කිහිපයක් බලමු.

to + eat (simple tense හි මූලික ස්වරූපය) to eat (කන්න/කන්)
to + be eating (continuous tense හි මූලික ස්වරූපය) to be eating (කමින් ඉන්න/ කමින් ඉන්)
to + have eaten (perfect tense හි මූලික ස්වරූපය) to have eaten (කාලා තියෙන්න)
to + have been eating (perfect continuous හි මූලික ස්වරූපය) to have been eating (කමින් ඉදලා තියෙන්න)

මෙසේ සකස් කර ගත් කොටස් (මේවා ”to-ක්‍රියාව” ලෙස හඳුන්වමු.) දැන් වාඛ්‍යවලට යෙදිය හැකිය.  SVo හි o අකුරින් නිරූපණය කරන්නේ මෙවැනි කොටස් දැමිය යුතු ස්ථානය (හෙවත් පිළිවෙළ) වේ.

I like.  (මම කැමැතියි.)             → I like to eat(මම කැමැතියි කන්ඩ.)
                                                
→ I like to be eating(මම කැමැතියි කකා ඉන්ඩ.)

ඉහත අකාරායට එවැනි to-ක්‍රියා සහිත කොටස් වාඛ්‍යවලට පහසුවෙන් එකතු කළ හැකියි.

Children like to play.  (ළමයි කැමැතියි සෙල්ලම් කරන්ඩ.)
I am coming to work.  (මම එනවා වැඩ කරන්නට.)
We want to be stuying.  (අපිට ඕන පාඩම් කර කර ඉන්ට.)
My father wants to have finished.  (මගේ තාත්තට ඕන ඉවර කරලා තියෙන්නට.)

ක්‍රියාපදයක් හෝ ක්‍රියාපදයක් ආශ්‍රය කරගෙන සෑදෙන ස්වරූප (ඉහත to-ක්‍රියා, ing-ක්‍රියා ආදිය) වලට අයිතිවාසිකම් දෙකක් ඇත.  එනම්, කුමන ආකාරයකින් හෝ පවතින්නේ ක්‍රියාවක් නම්, ඊට ක්‍රියා විශේෂණ පද ගැනීමට හා කර්ම පද (හා නිපාත කොටස්ද) ගැනීමට පුළුවන.  

ඒ අනුව ක්‍රියා ආශ්‍රයෙන් සෑදෙන to-ක්‍රියාද අවශ්‍ය නම් කර්ම පද හා ක්‍රියා විශේෂණ ගත හැකිය.

to eat (කන්නට)           → to eat mangoes (අඹ කන්නට)
                                   
→ to eat quickly (ඉක්මනින් කන්නට)
                                   
→ to eat in the canteen (කැන්ටිමේ කන්නට)
                                   
→ to eat mangoes quickly (ඉක්මනින් අඹ කන්නට)   ආදි ලෙස.

Children like to play cricket.  (ළමයි කැමැතියි ක්‍රිකට් සෙල්ලම් කරන්ඩ.)
I am coming to work with you.  (මම එනවා ඔයා එක්ක වැඩ කරන්නට.)
We want to be stuying hard.  (අපිට ඕන මහන්සියෙන් පාඩම් කර කර ඉන්ට.)
My father wants to have finished it quickly.  (මගේ තාත්තට ඕන ඒක ඉක්මනින් ඉවර කරලා තියෙන්නට.)

Exercises 5-9
They do not like to disturb us.  (...............................................)
Kamal is playing to win the game this time.  (....................................)
………………………………….  (මට ඕන ජනාධිපති වෙන්නට/වෙන්න.)

යමක් කරන්නේ තවත් යමක් කිරීමට නම්, ඉහත to පදය වෙනුවට අවශ්‍ය නම් in order to යන දිගු වචන පෙළද ආදේශ කළ හැකිය.  එහෙත්, like, want වැනි කැමත්තක් හඟවන ක්‍රියාවලට පසුව ඇති to-ක්‍රියාව සඳහා මෙය භාවිතා නොවේ, මක්නිසාද යත් එම like, want වැනි ක්‍රියාවලින් ක්‍රියාශීලිව යමක් කරන බවක් නොකියවෙන නිසා.  ලිඛිත ව්‍යවහාරයේදී මෙය බහුලව භාවිතේ කෙරේ.

I am coming in order to work with you.  (මම එනවා ඔයා එක්ක වැඩ කරන්නට.)
and හා but භාවිතා කොට අපට to-ක්‍රියා කොටස් කිහිපයක් වුවද එකට ලිවිය හැකිය.
I went to see him and to bring the book back.  (ඔහුව බලන්නට සහ පොත නැවැත ගෙනෙන්නට මම ගියා.)

සමහර විටෙක to-ක්‍රියා කොටස් කෙටි නම්, දෙවැනියට යෙදෙන to පදය නැතිව වුවද ලියන සිරිතක් ඇත.
 
I went to see him and to bring the book back.  → I went to see him and bring the book back.
 
“කරන්නට” ආදී තේරුම මෙන්ම එහි විරුද්ධ තේරුම වන “නොකරන්නට/කරන්නට නෙ‍මේ” යනුවෙන්ද අපට ලිවීමට පුළුවන්.  කළ යුත්තේ to-ක්‍රියාවට මුලින් not දැමීමය.

not to work (වැඩ නොකරන්නට/ වැඩ කරන්නට නෙමේ)
not to be working (වැඩ නොකරමින් ඉන්නට/ වැඩ කර කර ඉන්නට නෙමේ)
I went there not to tell the truth(මම එහි ‍ගියේ ඇත්ත කියන්නට නෙමේ/ඇත්ත නොකියන්නට)
I asked him not to be watching TV, but to be reading the book(මම ඔහුට කිව්වේ ටිවි බලමින් ඉන්නට නෙමේ, නමුත් පොත කියව කියව ඉන්නට (“මම ඔහුට කිව්වේ පොත කියව කියව ඉන්නට මිසක් ටිවි බලමින් ඉන්නට නෙමේ.” ලෙස ‍‍වගන්තිය තවත් හුරුබුහුටි කළ හැකිය.))

ඉහත උදාහරණයෙන් පෙනෙන්නේ and මෙන්ම but ද යෙදිය හැකි බව නේද?  ඇත්ත වශයෙන්ම ඔබට හැම දෙයක්ම ඇඟිල්ලෙන් ඇන ඇන කියා දීමට අවශ්‍ය නැත.  භාෂාවක් යනු රීති හා රටා සමූහයක් උගත් පසු තමන්ගේ බුද්ධිය (නිර්මාණශීලිත්වය) භාවිතා කර අවශ්‍ය අදහස් ඉදිරිපත් කිරීමයි.  ඔබ ඉගෙන ගන්නා විවිධ ව්‍යකරණ කොටස් හා රටාවන් තමන්ට අවශ්‍ය පරිදි එකතු කළ හැකිය.  මූලික දේවල් උගත් පසු ඔබට එය කළ හැකිය.  බය වෙන්න එපා.  ‍ඉංග්‍රීසියෙන් පත පොත කිහිපයක් කියවූ විට ඔබට එසේ කිරීමට බියක් පවතී නම්, එයද ඉවත් වී යනු ඇත.

අප මෙතෙක් ඉගෙන ගත් සියලු වගන්තිවල go, eat, drink ආදී ලෙස යම් කිසි ක්‍රියාවක් තිබුණා නේද?  එම මූලික ක්‍රියාපද ඒ ඒ tense එක අනුව විවිධ කැපිලි කෙටිලි සිදුකර (ing, ed වැනි කොටස් එකතු කර) වාඛ්‍ය සෑදුවා.  තව විදියකින් කි‍යතොත්, ඒ සියලු වාඛ්‍යවල යම් “ක්‍රියාවලියක්” (action) තිබ්බා නේද?  එසේ නම්, පහත වාඛ්‍යයන් දෙස මඳක් බලන්න.

මම ගුරුවරයෙක්.                     කමල් හොඳයි.


ඉහත වාඛ්‍යවල ඔබට යම් (කරනවා,යනවා, නිදියනවා, සිතනවා වැනි) action එකක් දැක ගත හැකිද?  නැහැ නේද?  මෙවැනි වාඛ්‍ය තරමක් විශේෂයි නේද?  ඔවි, ඊ ළඟ පාඩමින් අප මෙවැනි වාඛ්‍ය  ලියන අයුරු ඉගෙන ගනිමු.

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,