Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

අනුකලනය (integration) - 1


හැඳින්වීම

අනුකලනය (integration හෝ integral calculus) යනු කලනයේ (calculus) ප්‍රධාන කොටස් දෙකෙන් එකකි. කලනයේ අනෙක් ප්‍රධාන කොටස අවකලනය (differentiation) වන අතර, මෙම පාඩම් මාලාව කියවීමට පෙර අවකලනය ගැන හොඳ දැනුමක් ලබාගෙන සිටීමට අවශ්‍යයි මොකද මා අනුකලනය ගැන කියා දෙන්නේ අවකලනය මත පදනම්වයි.

අනුකලනයද ගණිත කර්මයකි. එකතු කිරීම හා අඩු කිරීම එකිනෙකට විරුද්ධ ගණිත කර්ම දෙක වන්නා සේම, අනුකලනය හා අවකලනයද එකිනෙකට විරුද්ධ හෙවත් විලෝම ගණිත කර්ම දෙක වේ. අනුකලනයද ක්‍රියා කරන්නේ ශ්‍රිත (function) මතයි. අවකලනයේදී සිදු කළේ යම් ශ්‍රිතයක ස්වායත්ත විචල්‍යය වෙනස් කරන විට, එහි පරායත්ත විචල්‍යය වෙනස්වීමේ සීඝ්‍රතාව සෙවීමයි (ස්වායත්ත විචල්‍ය කිහිපයක් ඇති විට පාර්ශ්විය අවකලනය සිදු කරන හැටිද අවකලනය නම් පාඩම් මාලාවේදී අප ඉගෙන ගත්තා). තවත් නිවැරදිව කියතොත්, අවකලනයෙන් සිදු කළේ ක්ෂණික වෙනස්වීමේ සීඝ්‍රතාව (instantaneous rate of change) සෙවීමයි. රූපමය හෙවත් ප්‍රාස්ථාරිකව කියතොත් අවකලනය යනු ප්‍රස්ථාර වක්‍රයේ ඕනෑම ලක්ෂ්‍යයකදී බෑවුම/ස්පර්ශකය සෙවීමයි. මෙම වෙනස්වීමේ සීඝ්‍රතාව හෙවත් බෑවුම අපට අවකලනයේදී ලැබෙන්නේ ශ්‍රිතයක් ආකාරයෙන් බවද ඔබ දැන් දන්නවා. එවිට, අනුකලනයෙන් කරන්නේ කුමක්ද?

යම් ශ්‍රිතයක වෙනස්වීමේ සීඝ්‍රතාව දන්නේ නම් එම වෙනස්වීමේ සීඝ්‍රතාව අයිති ශ්‍රිතය කුමක්දැයි අනුකලනයෙන් දැන ගත හැකියි.

උදාහරණයක් ලෙස, 2x යනු යම් ශ්‍රිතයක වෙනස්වීමේ සීඝ්‍රතාව නම්, x2 යනු එම ශ්‍රිතය බව අනුකලනයෙන් සොයා ගත හැකියි. ඉහත අනුකලනයෙන් ලැබුණු පිළිතුර සත්‍ය බව ඔබට පහසුවෙන් දැනගත හැකියි x2 ශ්‍රිතය නැවත අවකලනය කළොත්. එවිට, dx2/dx = 2x වේ. ඒ කියන්නේ වෙනස්වීමේ සීඝ්‍රතාව 2x ලෙස ලැබී තිබෙනවා.

ඉහත කාරණය (එනම්, යම් ශ්‍රිතයක වෙනස්වීමේ සීඝ්‍රතාව දන්නේ නම්, එම වෙනස්වීමේ සීඝ්‍රතාව සහිත ශ්‍රිතය අනුකලනයෙන් ලැබෙන බව) රූපයක් ආශ්‍රයෙන්ද විමසා බලමු. පහත දැක්වෙන්නේ x2 නම් ශ්‍රිතයේ ප්‍රස්ථාරයයි. එම ප්‍රස්ථාර වක්‍රය මත ලක්ෂ්‍ය කිහිපයක් තෝරාගෙන එම ලක්ෂ්‍යවල ස්පර්ශක (එනම් අවකලන) ඇඳ ඇත.
 
ඉහත ප්‍රස්ථාරය හොඳින් බලන්න. එහි ස්පර්ශක ටික ළඟින් ළඟින් ඇන්ද විට ඉබේම යම් වක්‍රයක් ලැබෙනවා නේද? ඇඳීමේ පහසුව හා බලා තේරුම් ගැනීමේ පහසුව තකා මා ස්පර්ශක කිහිපයක් පමණි ඇඳ තිබෙන්නේ. එහෙත් සෛද්ධාන්තිකව ප්‍රස්ථාර වක්‍රයේ සෑම ලක්ෂ්‍යයකම එවැනි ස්පර්ශක ඇඳිය යුතුය (එවිට ස්පර්ශක අනන්ත ගණනක් ඇඳීමට සිදු වේ). එලෙස ඉතාම ළඟින් ළඟින් ස්පර්ශක ඇන්දොත් අපට ලැබෙන්නේ ඉතාම නිවැරදි ප්‍රස්ථාර වක්‍රයකි. ඉන්පසු එම වක්‍රයට හිමිකම් කියන ශ්‍රිතය කුමක්දැයි හඳුනාගත හැකියි (අප දැන් සලකා බැලූ උදාහරණයේදී, එම ශ්‍රිතය x2 වේ). එය තමයි අනුකලනය මඟින් ලැබෙන ප්‍රතිපලය.

ඉහත හපන්කම අපට සිදු කළ හැක්කේ වෙනස්වීමේ සීඝ්‍රතාව ශ්‍රිතයක් විදියට ලබා දී තිබෙන නිසාය. එවිට සෑම ලක්ෂ්‍යයකටම ස්පර්ශක ඇඳිය හැකියි x සඳහා විවිධ අගයන් ආදේශ කරමින්. උදාහරණයක් ලෙස 2x යන්න ශ්‍රිතය නැවත සලකමු. ඉතිං එහි x වලට …, -2, -1, 0, 1, 2, … ආදී ලෙස විවිධ අගයන් ආදේශ කරමින් ස්පර්ශක ඕනෑම ගණනක් ඇඳිය හැකියි. එහෙත් එලෙස ස්පර්ශක දහස් ගණනක් ඇඳීම ප්‍රායෝගික නැත. එනිසා ප්‍රායෝගිකව, ස්පර්ශක ඇඳ එමඟින් යම් ප්‍රස්ථාර වක්‍රයක් ලබා ගෙන, ඉන්පසු ඊට සරිලන ශ්‍රිතයක් අර්ථ දක්වීම සිදු කරන්නට යන්නේ නැත. ඊට වඩා ඉතාම පහසුවෙන් දී ඇති ශ්‍රිතය මත අනුකලනය නම් ගණිත කර්මය කළ විට, ඉබේම ලැබෙන්නේ අපට අවශ්‍ය ප්‍රතිපලයයි.

අනිශ්චිත අනුකලනය

දැන් ඔබට අනුකලනයෙන් සිදු වන්නේ කුමක්ද යන දැනුම ඇත. අනුකලනය ගණිත කර්මයට ආවේණික වචන හා සංඛේතද ඇත. යම් දී ඇති ශ්‍රිතයක් මත අනුකලනය කරන විට, අවකලනයේදී මෙන්ම එම ශ්‍රිතයේ ඇති ස්වායත්ත විචල්‍යයට සාපේක්ෂවයි අනුකලනය කළ යුත්තේ. උදාහරණයක් ලෙස 2x ශ්‍රිතයේ අනුකලනය පහත ආකාරයටයි ලියා දක්වන්නේ.

F(x) = ∫ 2x dx

ඉහත ප්‍රකාශය ශබ්ද කරන්නේ "x විෂයට සාපෙක්ෂව 2x ශ්‍රිතය අනුකලනය කරන්න" (integrate 2x with respect to x) කියාය. හැමවිටම විෂය ඉහත දක්වා ඇති ලෙසම d අකුරකට පසුව අවසානයේ යෙදිය යුතුය. එහි යන සංඛේතයෙන් අනුකලන ගණිත කර්මය හැඟවේ. මෙම සලකුණ අනුකලන සලකුණ (integral sign/symbol) ලෙස හැඳින්වෙනවා. මතකද අවකලනයේදී d ( )/dx වැනි සංඛේත ක්‍රමයක් යොදා ගත්තා? යන්න සාදා ගෙන තිබෙන්නේ ඉංග්‍රිසි S අකුර ඇදීමෙනි. ඊට හේතුව මොහොතකින් ඔබට වැටහේවි. මෙම සලකුණ හැමවිටම අනුකලනය කරන ශ්‍රිතයේ ඉදිරියෙන්ම ලිවිය යුතුය.

යම් ශ්‍රිතයක් අවකලනය කළ විට ලැබෙන්නේ ව්‍යුත්පන්නයයි (derivative). එලෙසම යම් ශ්‍රිතයක් අනුකලනය කළ විට ලැබෙන්නේ ප්‍රති-ව්‍යුත්පන්නයයි (anti-derivative). ඒ අනුව F(x) මඟින් ප්‍රතිව්‍යුත්පන්නය නිරූපණය කෙරේ.

මෙතෙක් ඔබ භාවිතා කළ වචන වෙනුවට මෙම නව වචන යොදාගෙන අනුකලනය අධ්‍යනය කළ යුතුය. එනම්, වෙනස්වීමේ සීඝ්‍රතාව අනුකලනය කළ විට, ඉන් එම සීඝ්‍රතාවට අයිති ශ්‍රිතය ලැබේ යැයි කියනවා වෙනුවට, යම් ශ්‍රිතයක් අනුකලනය කර ප්‍රතිව්‍යුත්පන්නය සොයනවා යැයි කියමු.

ඇත්තටම ඉහත අනුකලන ප්‍රකාශනය සුලු කළ විට x2 යන ශ්‍රිතය ලැබේ. එය පහත ආකාරයට ලිවිය හැකියි.

2x dx = x2

අනුකලනයේදී සුලු ගැටලුකාරි තත්වයක්ද ඇත. පළමුව ඒ ගැන සොයා බලමු. x2, x2 + 3, x2 + c යන ශ්‍රිත තුන වෙන වෙනම අවකලනය කරන්න (c යනු ඕනෑම නියත පදයකි). එවිට,

d (x2)/dx = 2x
d (x2+3)/dx = 2x + 0 = 2x
d (x2+c)/dx = 2x + 0 = 2x

ඉහත ශ්‍රිත තුන සඳහාම ලැබුණේ එකම අවකලන ප්‍රතිපලය නේද? එහි පුදුම වන්නට දෙයක් නැහැ මොකද ඕනෑම නියත පදයක අවකලනය ශූන්‍යයි. එහෙත් ගැටලුව මතු වන්නේ 2x අනුකලන කරන විටයි. 2x නම් වෙනස්වීමේ සීඝ්‍රතාවේ අයිතිකාර ශ්‍රිතය කුමක්ද? එය x2 ? x2+3 ? x2+230 ? ඇත්තෙන්ම අපට නිශ්චිතවම එය ප්‍රකාශ කළ නොහැකියි. x2 කොටස අනිවාර්යෙන්ම තිබෙන බව පමණක් නිශ්චිතවම කිව හැකියි. එහෙත් ඊට අමතරව යම් නියත පදයක් තිබිය හැකියි; නොතිබියත් හැකියි. ඒ ගැන නිශ්චිත අදහසක් අපට කිව නොහැකියි. එනිසා යම් ශ්‍රිතයක් අනුකලනය කරන විට, අප විසින් යම් නියත පදයක්ද එකතු කළ යුතු වෙනවා මෙම ගැටලුව සමථයකට පත් කිරීමට නම්. එවිට සත්‍ය ලෙසම අප අනුකලන ප්‍රකාශයක් ලිවිය යුත්තේ පහත ආකාරයටයි.

2x dx = x2 + c

c යනු ඕනෑම නියත පදයකි (ඔබට කැමති නම් c වෙනුවට k හෝ t හෝ වෙනත් ඕනෑම අකුරක් යෙදිය හැකියි; අකුරෙහි නොවේ වැදගත්කම තිබෙන්නේ).

ලැබෙන පිළිතුර හරියටම නිශ්චිත නැහැ නේද? එය හරියටම නිශ්චිත වන්නේ c හි නියම අගය කුමන හෝ ක්‍රමයකින් දැනගත හැකි නම් පමණි. ඇත්තටම එම c අගය අනුකලනය තුලින්ම දැනගැනීමට බැරිය (එය දැනගැනීමට වෙනත් ක්‍රමයක් අනුගමනය කිරීමට සිදු වෙනවා; ඒ ගැන පසුව බලමු). එනිසා අනිවාර්යෙන්ම හැමවිටම වාගේ අවිනිශ්චිත පිළිතුරක් තමයි අපට ලැබෙන්නේ. එනිසාම මෙම අනුකලනයට අනිශ්චිත හෙවත් අවිනිශ්චිත අනුකලනය (indefinite integration) කියා කියනවා. පසුවට අප ඉගෙන ගන්නවා c අගය නැතිව අනුකලන ප්‍රතිපලයක් ලබා ගන්නා හැටි (එය නිශ්චිත අනුකලනය ලෙස හැඳින්වෙනවා). කෙසේ වෙතත් අවිනිශ්චිත අනුකලනය මත තමයි සියලුම අනුකලන ක්‍රම ගොඩනැඟී තිබෙන්නේ.

දැන් බලමු පොදුවේ අනුකලනය සිදු කරන (එනම් සුලු කරන) අයුරු. ඒ සඳහා පහත අනුකලන සාම්‍යයන් (integral identities හෝ integration identities) දැනගත යුතු වෙනවා.


අනුකල සාම්‍යයන්

1. a dx = ax + c

ඕනෑම නියත පදයක් යම් විෂයකින් අනුකලනය කරන විට, එම නියත පදය වරක් විෂයෙන් ගුණ කළ, හා ඊට අමතරව සුපුරුදු නියත පදයක් ඊට එකතු කළ ප්‍රතිපලයක් ලැබේ. ඉහත අනුකලනය නිවැරදි දැයි බැලීමට අවශ්‍ය නම් අනුකලන ප්‍රතිපලය එම විෂයෙන්ම අවකලනය කර බලන්න. එවිට,

d (ax + c)/dx = a

වේ. ඒ කියන්නේ ඉහත ප්‍රකාශය නිවැරදියි. උදාහරණ කිහිපයක් බලමු.

∫ 3 dt = 3t + c
∫ 2.52 ds = 2.53s + c

2. xn dx = [x(n+1)/(n+1)] + c

මෙය අවකලනයේදී හමු වූ ජව රීතියේ (power rule) හි විලෝමය බව ඔබට පේනවාද? උදාහරණ කිහිපයක් බලමු.

∫ x4 dx = x(4+1)/(4+1) + c = x5/5 + c
∫ t3 dt = t4/4 + c
∫ s4 ds = s5/5 + c

මෙම සූත්‍රයෙහි n යන්න -1 විය නොහැකියි. ඊට හේතුව බලාගත හැකියි n -1 ආදේශක කර සුලු කරගෙන යන විට. එනම්,

∫ x-1 dx = x(-1+1)/-1+1 + c = x0/0 +c = 1/0 + c

වේ. එහි හරයේ 0 ඇත. යම් අගයක් බින්දුවෙන් බෙදූ විට පිළිතුර අනන්තය වේ. එනිසා එය අවලංගු අවස්ථාවක් ලෙස සැලකේ.  n = -1 වන විට, මෙම සාම්‍යය වෙනුවට වෙනත් සාම්‍යයක් යෙදිය යුතු වෙනවා. x-1 = 1/x නිසා, මෙවිට යෙදිය යුතු වන්නේ පහත 6 වැනියට දැක්වෙන සාම්‍යයි.

තවද, ඉහත පළමු සාම්‍යයද මෙම රීතිය ආශ්‍රයෙන්ම ලබා ගත හැකියි. එනම්,

∫ a dx = a.1 dx = a.x0 dx = a.x(0+1)/(0+1) + c = ax + c

3. cf(x) dx = c f(x) dx

මින් කියන්නේ යම් ශ්‍රිතයක් යම් නියත පදයකින් ගුණ කර ඇති විට, එම නියත පදය නොසලකා ශ්‍රිතය සාමාන්‍ය ලෙස අනුකලනය කර, එම ලැබෙන ප්‍රතිපලය අර නොසලකා හැරපු නියත පදයෙන් ගුණ කරන්න කියාය. උදාහරණ කිහිපයක් බලමු.

2x3 dx = 2 x3 dx = 2(x4/4 + c) = x4/2 + 2c = x4/2 + c'

ඉහත සුලු කිරීම වෙත අවධානය යොමු කරන්න. එහිදී නියත පදයද 2න් ගුණ කිරීමට සිදු වෙනවා. එහෙත් c යනු දැනටත් අප නිශ්චිතව අගය නොදන්නා නියතයකි. ඉතිං එවැනි අවිනිශ්චිත නියතයක් යම් කිසි අගයකින් ගුණ කළ විට හෝ බෙදූ විට හෝ ඊට අගයක් එකතු හෝ අඩු කළ විට හෝ වෙනත් ඕනෑම ගණිත කර්මයක් සිදු කළ විට හෝ එම පදය තවමත් පවතින්නේ අවිනිශ්චිත ආකාරයෙන්මයි. එනිසා 2c = c' ලෙස මා සංඛේතවත් කර තිබෙනවා. එහෙත් c' යන්න c ට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නිශ්චිත නැත. එනිසා c කිව්වත් c' කිව්වත් අපට ඉන් වෙනසක් නැත. එනිසා නිකරුණේ මා ඉහත කරපු ආකාරයට අනිශ්චිත නියත පද ගුණ කර අමුතුවෙන් c' ආදී අලුත් නියත පද හඳුන්වා දීමට අවශ්‍ය නැත. එබැවින් c ට මුකුත් නොකරම එලෙසම තබන්න.

5s4 ds = 5 s4 ds = 5(s5/5 + c) = s5 + c

4. [f(x) ± g(x)] dx = f(x) dx + g(x) dx + c

ශ්‍රිත දෙකක් හෝ කිහිපයක් එකට එකතු කර හෝ අඩු කර තිබෙන විට, එම මුලු සංයුක්ත ශ්‍රිතයම එකට අනුකලනය කරනවා වෙනුවට වෙන වෙනම අනුකලනය කර එකතු හෝ අඩු කළ හැකියි.

මෙහිදීද f(x) වෙනම අනුකලනය කළ විට c1 නියතයක්ද, g(x) වෙනම අනුකලනය කළ විට c2 නියතයක්ද ලැබේ. පෙර තර්ක කරපු විදියටම අනිශ්චිත නියත පද දෙකක් එකතු කළත් නැවත ලැබෙන්නේද අනිශ්චිත නියත පදයක් නිසා, කෙලින්ම තනි c නියත පදයකින් එය දැක්විය හැකියි. උදාහරණයක් බලමු.

(4x3 + 2x - 9x2) dx = 4x3 dx + 2x dx - 9x2 dx
= 4 x3 dx + 2 x dx - 9 x2 dx = 4(x4/4) + 2(x2/2) – 9(x3/3)
= x4 + x2 – x3/3 + c

Comments

  1. අවුල්ම පාඩමක් තමයි... බලමු කියවල. ජය !

    ReplyDelete
  2. haha... අනුකලනය නම් බොහෝ දෙනෙකුට තරමක් අවුල් තමයි. එය අවකලනය තරම් රසවත් නැහැ. එහෙත් අනුකලනය කියන්නේ අවකලනය වගේම නැතිවම බැරි ගණිත කර්මයක්. ක්වන්ටම් විද්‍යාවේ ඔක්කොම වගේ සමීකරණ ගොඩ නඟා තිබෙන්නෙත් අනුකලනය ආශ්‍රයෙන්. එහෙත් ඉතිං බේසික්ස් ඉගෙන ගත්තහම ඒ කියන තරම්ම අවුලුත් නැහැ. ඕනෑම ගණිත කර්මයක් හෝ සංකල්පයක් මුලින්ම සරලව අවබෝධ කර ගන්න ඕන. ඇඟට වදින්න ඉගෙන ගන්න ගැඹුරට යන්නෙ නැතිව. ඊට පසු ලොකු ලොකු දේවල් කරන හැටි ඉගෙන ගන්න.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,