Skip to main content

අනුකලනය (integration) - 3


අනුකලන සෙවීමේ උපක්‍රම

ආදේශයෙන් අනුකලනය කිරීම

ඉහත සාම්‍ය ලැයිස්තුවේ ශ්‍රිත දෙකක ගුණිතයක් (f(x).g(x)) හෝ ශ්‍රිත දෙකක අනුපාතයක් (f(x)/g(x)) ලෙස ඇති සංයුක්ත ශ්‍රිතයක් අනුකලනය කිරීම සඳහා කිසිදු සාම්‍යයක් තිබුණේ නැති බව දුටුවාද? එහෙත් අවකලනයේදී නම් ඒ අවස්ථා දෙක සඳහාම සාම්‍යන් දෙකක් තිබුණා. ඉන් අදහස් වන්නේ අනුකලනයකදී ගුණිත හෝ අනුපාත වශයෙන් ඇති බොහෝ සංයුක්ත ශ්‍රිත අනුකලනය කිරීම ඉතාම අපහසු බවයි.

එසේ වුවත්, ශ්‍රිත දෙකක ගුණිතයක් ලෙස පවතින පහසුවෙන් අනුකලනය කළ හැකි විශේෂ අවස්ථා කිහිපයක්ද තිබෙනවා. ආදේශයෙන් අනුකලනය කිරීම (integration by substitution) ක්‍රමය යොදා ගත හැකි එවැනි ආකාරයක් තමයි අප දැන් ඉගෙනීමට හදන්නේ. ශ්‍රිත දෙකක ගුණිතයක් පවතින්නේ පහත ආකාරයට නම් ආදේශ ක්‍රමය අනිවාර්යෙන්ම යෙදිය හැකිය.

f(g(x)).g'(x) dx = f(u) du ; u = g(x) ලෙස ආදේශ කරමු.

ඉහත සූත්‍රයේ රටාව වටහා ගන්න. f යනු ශ්‍රිතයක ශ්‍රිතයකි. එනම් f ශ්‍රිතයේ ස්වායත්ත විචල්‍යය ලෙස තිබෙන්නේ g(x) නම් ශ්‍රිතයයි. මෙම g(x) ශ්‍රිතයේ අවකලනය සමගයි ශ්‍රිතයක ශ්‍රිතය ගුණිත වී තිබෙන්නේ. එවිට එම ගුණිතයේ අනුකලනය වෙනුවට දකුණු පස ඇති ශ්‍රිතයේ අනුකලනය සෙවිය හැකියි. = ලකුණට දකුණු පස ඇති ශ්‍රිතය සාදාගෙන තිබෙන්නේ g(x) නම් ශ්‍රිතයට u නම් අකුරක් ආදෙශ කරමින්ය (ඔබට කැමති අකුරක් ආදේශ කරගත හැකියි). එලෙස ආදේශ කළ විට dx විෂයද du බවට පත් විය යුතුය.

මෙම රීතිය ආදේශන රීතිය (substitution rule) ලෙසද හැඳින්වේ. එය ප්‍රායෝගිකව යොදා ගන්නා අයුරු උදාහරණ කිහිපයක් ආශ්‍රයෙන් බලමු.

18x2 4(6x3 + 5) dx සුලු කරමු. මෙහි ශ්‍රිත දෙකක් ගුණ කර තිබේ: 18x2 හා 4(6x3 + 5). සාමාන්‍යයෙන් ශ්‍රිත දෙකක ගුණිතයක් ඍජුවම අනුකලනය කළ නොහැකි බව ඔබ දැන් දන්නවා. එනිසා වෙනත් උපක්‍රමයකින් එය අනුකලනය කළ හැකිදැයි බැලිය යුතුය.

4(6x3 + 5) හෙවත් f(g(x)) නම් ශ්‍රිතයක ශ්‍රිතය තුළ ඇති 6x3 + 5 යන කොටස g(x) වන අතර, එහි අවකලනය වන g'(x) = 18x2 වේ. එවිට මුල් ගණිත ප්‍රකාශය f(g(x)).g'(x) යන ස්වරූපයෙන් පවතී. ඒ කියන්නේ ආදේශන රීතිය මෙහි යොදා මෙය අනුකලනය කරන්නට පුලුවන්.

ආදේශන රීතියෙන් සිදු වන්නේ ශ්‍රිත දෙකක ගුණිතය තනි ශ්‍රිතයක් බවට පත් කර ගැනීමකි. තනි ශ්‍රිත අනුකලනය කිරීමට අනුකලන සාම්‍යයන් රැසක්ම තිබෙන නිසා බොහෝවිට එය පහසුවෙන්ම සුලු කළ හැකි වෙනවා.

දැන් අපට කරන්නට තිබෙන්නේ (6x3 + 5) = g(x) ලෙස ගත් ශ්‍රිතය u ට සමාන කර ආදේශන රීතිය අනුව f(u) du සුලු කිරීමයි. පළමුවෙන්ම, u = 6x3 + 5 යන ශ්‍රිතය x විෂයෙන් අවකලනය කරන්න. එවිට, du/dx = 18x2 ලැබේ. එය du = 18x2 dx ලෙස සකස් කළ හැකියි. දැන් අපට du හා dx අතර සම්බන්ධතාවක් ලැබුණා. මෙම සම්බන්ධතාව ලබා ගැනීම අත්‍යවශ්‍යයි මොකද dx විෂය වෙනුවට du ආදේශ කරන විට, නිකංම dx තිබෙන තැනට du දැමිය නොහැකියි; ඒ වෙනුවට ඉහත සම්බන්ධතාවයි යොදා ගන්නේ. අප සතුව දැන් තිබෙන දත්ත යොදා ගෙන අනුකලනය සිදු කරමු.

f(g(x)).g'(x) dx = f(u) du

4(6x3 + 5) = f(g(x)) හා 18x2 = g'(x) ලෙස සලකමු.
u = g(x) ගත් විට, du = 18x2 dx ලෙස ලැබේ.

18x2 4(6x3 + 5) dx = 4(6x3 + 5) du = (6x3 + 5)1/4 (18x2 dx)
u1/4 du = (4/5)u5/4 + c

දැන් අපි අනුකලනය සිදු කර හමාරය. එහෙත් පුරුද්දක් වශයෙන් කළ යුතු දෙයක් තිබෙනවා. මුල් ශ්‍රිතයේ තිබූ විචල්‍යන් වෙනස් කර සුලු කිරීමක් කර අවසන් වූ පසුව, නැවත මුල් ශ්‍රිතයේ තිබූ විචල්‍යවලින්ම අවසන් පිළිතුර තැබිය යුතුය. එනිසා ඉහත අවසන් පිළිතුරෙහි u යන්නට ආදේශ සිදු කරන්න.

(4/5)u5/4 + c = (4/5)(6x3 + 5)5/4 + c

ඉහත ගණනය කිරීම දෙස හොඳින් නිරීක්ෂණය කළොත් පෙනෙනවා = ට දකුණු පස ඇති කොටසින් සිදු වී තිබෙන්නේ යම් සරල වීමක් බව. එනම් = ට වම් පැත්තේ ඇති සංකීර්ණ ගණිත ප්‍රකාශය වෙනුවට ඉතාම සරල ගණිත ප්‍රකාශයකුයි දකුණු පැත්තේ ලැබෙන්නේ. මෙම සරල වීම සිදු වන්නේම වම්පස ගුණිත වී තිබෙන ශ්‍රිත දෙක ඒ කියපු ආකාරයට තිබීම නිසාමය (එනම්, ශ්‍රිතයක ශ්‍රිතය එහි අභ්‍යන්තර ශ්‍රිතයේ අවකලනය සමග ගුණිත වී තිබීම).

ආදේශන ක්‍රමයේදී ආදේශ කිරීමට සුදුසු ශ්‍රිතය තෝරා ගැනීම ඉතාම වැදගත්. වැරදි ශ්‍රිතයකට u ආදේශ කළොත් විසඳිය නොහැකි වෙනවා. සාමාන්‍යයෙන් නිවැරදිව ආදේශ කළ පසු, = ට දකුණු පස ප්‍රකාශයේ x පද කිසිවක් ඉතිරි නොවී u පද පමණක් තිබිය යුතුය. තවත් උදාහරණයක් බලමු.




ඉහත ශ්‍රිතයද බැලූ බැල්මටම ආදේශන රීතිය යොදාගෙන සුලු කළ හැකි බව පේනවා. බලන්න සයින් තුළ තිබෙන අභ්‍යන්තර ශ්‍රිතයේ අවකලනය වන (1 – 1/t) වලින් තමයි සයින් ගුණිත වී තිබෙන්නේ. t – ln t = s යැයි සිතමු. එවිට ds/dt = 1 – 1/t වේ. එය ds = (1 – 1/t) dt ලෙස සැකසිය හැකියි. දැන් ආදේශන රීතිය යොදා ගෙන සුලු කරමු.

(1 – 1/t)sin(t – ln t) dt = sin(s) ds = - cos (s) + c = - cos(t – ln t) + c

යන්න සුලු කරන්න. මෙහි 3n2 – 2n යන අභ්‍යන්තර ශ්‍රිතය අවකලනය කළ විට ලැබෙන්නේ 6n – 2 බැවින් මෙම ශ්‍රිතයත් ආදේශයෙන් සුලු කළ හැකියි. ඉහත ශ්‍රිතයේ ඉදිරියෙන්ම තිබෙන 5 යන නියතය ඊට බලපෑමක් එල්ල නොකරයි මක්නිසාද එය ට ඉදිරියෙන් ගෙන ආ හැකිය. ඒ අනුව







සුලු කරන්න. මෙහි අභ්‍යන්තර ශ්‍රිතය වන (5 – 10x3) අවකලනය කළ විට, -30x2 ලැබේ. එහෙත් අනුකලනය කිරීමට තිබෙන ගුණිතයේ තිබෙන්නේ x2 පමණි. සුලු වෙනසක් මෙහි තිබෙනවා නේද? ඒ කියන්නේ ආදේශ රීතිය මෙහි යොදන්නට බැහැ කියාද? නැත; කලබල වන්නට කිසිදු කාරණයක් නැත. මෙවැනි නියත පද ගුණාකාරයක වෙනසක් ඇති විට එය පහසුවෙන්ම නිරාකරණය කර ගන්නට පුලුවන් පහත ආකාරයට පද සකස් කිරීමෙන්.

u = 5 – 10x3
du/dx = -30x2 → du = -30x2 dx →  

බලන්න දැන් අපට අවශ්‍ය x2 dx යන කොටස ලැබී තිබෙනවා. අප සිදු කළේ සාමාන්‍ය පරිදි අවකලනය සිදු කර, අපට අවශ්‍ය කොටස එන පරිදි පද අනෙක් පසට ගෙන යාම පමණි. දැන් du පදය තනියම නොවෙයි ආදේශ කරන්නේ; -1/30 යන නියත පද ගුණාකාරයත් සමගමයි ආදේශ කනරන්නේ. ඒ අනුව දැන් සුපුරුදු ආදේශ රීතිය අනුගමනය කරමු මෙතැන් සිට.







ඉහත සලකා බැලූ උදාහරණ සියල්ලම ශ්‍රිත දෙකක ගුණිතයක් ලෙසයි තිබුණේ. එහෙත් ශ්‍රිත දෙකක අනුපාතයක් ලෙස පවතින අවස්ථාවක්ද සමහරවිට මෙම ආදේශන රීතිය මඟින්ම සුලු කළ හැකිය. එවිට, පළමුවෙන්ම අනුපාතය ගුණිතයක් ආකාරයට පත් කර ගත යුතුය. එසේ ගුණිතයක් ආකාරයට පත් වූ පසු, සාමාන්‍ය ආදේශන රීතිය යෙදිය හැකි පරිදි පැවතියද යුතුය (එනම්, f(g(x)).g'(x) ආකාරයට). කෙසේ හෝ වේවා මෙම කොන්දේසිය සැපිරිය යුතුම වෙනවානෙ.

උදාහරණයක් ලෙස, බලමු. බැලූ බැල්මට මෙය ශ්‍රිත දෙකක අනුපාතයක් නේද? එහෙත් අනුපාතයක් වෙනුවට මෙම ප්‍රකාශය ගුණිතයක් ආකාරයට පහසුවෙන්ම පත් කර ගත හැකියි සාමාන්‍ය දර්ශක රීති යෙදීමෙන්. එනම්,





දැන් 1 – 4x2 = u ලෙස සලකා u අවකලනය කරන විට, du/dx = -8x ලැබේ. එහෙත් අපට අවශ්‍ය වන්නේ -8x නොව x වේ. එනිසා මීට පෙර උදාහරණයේදී කළා මෙන් නියත පද එහා මෙහා කර පහත සම්බන්ධතාව සාදා ගත හැකියි.

du/dx = -8x → du = -8x dx → (-1/8) du = x dx

දැන් සියල්ල සූදානම් නිසා ආදේශන රීතිය යොදමු.








තවත් ගැටලුවක් බලමු. sin(1-x).(2 – cos(1-x))4 dx සුලු කරමු. මෙය බැලූ බැල්මට යම් ගැටලුවක් ඔබට අැති කළ හැකියි. එනම්, දැන් ඔබ අභ්‍යන්තර ශ්‍රිතය ලෙස ගත යුත්තේ කුමක්ද? (1-x) ? Cos(1-x) ? නැතහොත් (2 – cos(1-x)) ? මට්ටම් කිහිපයකින් අභ්‍යන්තර ශ්‍රිත මෙම ප්‍රකාශය තුළ ඇත. ඇත්තටම මෙතැන ශ්‍රිතයක ශ්‍රිතයක ශ්‍රිතයක ශ්‍රිතයකුයි පවතින්නේ (මට්ටම් 4ක්). පළමු මට්ටම 1-x වේ; දෙවැනි මට්ටම cos(1-x) වේ; තෙවැනි මට්ටම (2 – cos(1-x)) වේ; සිව්වැනි මට්ටම (2 – cos(1-x))4 වේ.

මෙවන් අවස්ථාවක මුලින්ම බැලීම සුදුසුයි පිටතින්ම තිබෙන අභ්‍යන්තර ශ්‍රිතය. ඒ අනුව, (2 – cos(1-x)) යන ශ්‍රිතය බලමු. එවිට, u = (2 – cos(1-x)) වේ. එය අවකලනය කරමු. මෙයද ශ්‍රිතයක ශ්‍රිතයක් නිසා දාම රීතිය යොදා ගෙනයි අවකලනය කළ යුත්තේ. එවිට, du/dx = (sin(1-x)).(-1) වේ.

බලන්න අනුකලනය සොයන මුල් ප්‍රකාශයේද sin(1-x) නම් කොටස පවතිනවා. ඒ කියන්නේ අප අවකලනය කිරීමට තෝරා ගත් අභ්‍යන්තර ශ්‍රිතය නිවැරදියි. ඒ අනුව ඉහතදී අවකලනය කළ ශ්‍රිතය මුල් ශ්‍රිතයට ගැලපෙන සේ පහත ආකාරයට සකස් කළ හැකියිනෙ.

du/dx = - sin(1 – x) → du = - sin(1 – x) dx → sin(1 – x) dx = - du

දැන් සුපුරුදු ලෙස ආදේශන රීතිය යොදමු.

sin(1-x).(2 – cos(1-x))4 dx = (u4)(-du) = -u5/5 + c
= (-1/5)(2 – cos(1-x))5 + c

ඉහත ආකාරයට පිටතින්ම තිබෙන අභ්‍යන්තර ශ්‍රිතය යොදා ගෙන සුලු කිරීමේදී කෙනෙකු අසන්නට පුලුවන් අභ්‍යන්තර ශ්‍රිතවල බලපෑම නොසලකා හරිනවාද කියා. නැත. පිටතම ඇති අභ්‍යන්තර ශ්‍රිතය අවකලනය කරන විට, ඊට දාම රීතිය යොදන බැවින් එම අභ්‍යන්තර ශ්‍රිතවල බලපෑම එලෙසම පවතින්නට අප විසින් ඉඩ සලසා දී තිබෙනවා. එය ඉබේම වෙනවා දාම රීතිය යොදන විට (අමුතුවෙන් සිතන්නට දෙයක් නැත).

මෙවැනි ගැටලු හැකි තරම් විසඳා මෙම ක්‍රමයට හුරු වෙන්න. ඉහත උදාහරණවලින් මතක තබා ගත යුතු කරුණු මෙසේය. සමහර ප්‍රකාශන බැලූ බැල්මට ආදේශන රීතිය යොදන්නට පුලුවන් බව පෙනෙනවා. තවත් ප්‍රකාශනවල යම් නියත ගුණාකාරයක වෙනසක් පෙනීමට පුලුවන් (උදාහරණ ලෙස, x3 තිබෙන්නට අවශ්‍ය වුවත් ලැබෙන්නේ 4x3 විය හැකියි). එවිට යෙදිය යුතු පිළියම ඉහත උදාහරණවලදී ඔබ ඉගෙන ගත්තා. තවත් ප්‍රකාශන අනුපාත ස්වරූපයෙන් තිබෙන්නේ. එවිට ඒවා ගුණිත ප්‍රකාශන බවට පත් කරගෙන f(g(x)).g'(x) ස්වරූපයෙන් පවතිනවාද යන්න සොයා බලා, එසේ කළ හැකි නම් ආදේශන රීතිය යෙදිය හැකියි. තවත් අවස්ථාවල අභ්‍යන්තර ශ්‍රිත මට්ටම් කිහිපයකින් පවතිනවා. එවිට ගැලපෙන මට්ටම ඔබට තෝරා ගැනීමට සිදු වෙනවා. බොහෝවිට පිටතින්ම ඇති අභ්‍යන්තර ශ්‍රිතයෙන් පටන් ගෙන එය සොයා බලන්න (අවකලය සාදමින්). පිටතින් ඇති යම් අභ්‍යන්තර ශ්‍රිතයක් නිවැරදි තෝරා ගැනීම ලෙස හැඟී යන විට, ඊටත් අභ්‍යන්තරයේ ඇති ශ්‍රිත ගැන තැවීමට අවශ්‍ය නැති බවද ඉහතදී මා පෙන්වා දුන්නා.

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...