Skip to main content

අනුකලනය (integration) - 4


කොටස් වශයෙන් අනුකලනය කිරීම

සංකීර්ණ ස්වභාවයේ පවතින සමහර අනුකල ප්‍රකාශන විසඳීමේ තවත් උපක්‍රමයක් තමයි කොටස් වශයෙන් අනුකලනය කිරීම (integration by parts). ඒ සඳහා යොද ගන්නා පොදු සූත්‍රය පහත දැක්වේ.

u dv = uv - v du

ඇත්තටම ඉහත සරල අනුකල සමීකරණය සාදා ගෙන තිබෙන්නේ ගුණිතයක අවකලනය සොයන අවකලන සාම්‍යය ආශ්‍රයෙනි




















ශ්‍රිත දෙකක ගුණිතයක් අනුකලනය කරන විට හා පෙර උගත් ආදේශන රීතියද යෙදිය නොහැකි අවස්ථාවකදී මෙම රීතිය යෙදිය හැකිදැයි බැලිය යුතුය. මෙම රීතිය යෙදෙන අයුරු උදාහරණ ආශ්‍රයෙන්ම බලමු.

4xe5x dx යන්න සුලු කරන්න. මෙය ඍජුවම විසඳීමට සරල අනුකල සාම්‍යයක් නැති බව පේනවා මොකද ශ්‍රිතවල ගුණිතයක් අනුකලනය කිරීමට සාම්‍යයක් නැති නිසා. මීට ආදේශන රීතියද යෙදිය නොහැකියි. ඊට හේතුව 5x = u ලෙස සැලකූ විට, එහි අවකලනය 5 වේ. එහෙත් ගුණිතයේ තිබෙන්නේ 4x වේ. එනම් වැඩිපුර x විචල්‍ය පදයක් ඇත. වෙනස පවතින්නේ නියත පද ගුණිතයක් නම් (එනම් x වෙනුවට තිබෙන්නේ 4x ආදී ලෙස නම්) එවිටද ආදේශන රීතිය යෙදිය හැකි වුවත්, මෙහි වෙනස පවතින්නේ විචල්‍ය පද ගුණිතයකිනි. ඉතිං දැන් බලමු මීට කොටස් වශයෙන් අනුකලනය කිරීමේ උපක්‍රමය යෙදිය හැකිද කියා.

ප්‍රකාශනයේ ඉදිරියෙන්ම තිබෙන 4 අනුකලය ඉදිරියට ගෙන ආ හැකි නිසා, එම නියත ගුණිත පදය සලකන්න එපා. මෙම රීතිය යෙදීමේදී කල්පනා කළ යුතු ක්‍රමය මෙයයි. u dv ලෙස දී ඇති ගුණිත ප්‍රකාශය සකස් කළ හැකිදැයි බැලිය යුතුය. ඒ සඳහා පළමුවෙන්ම කරන්නට තිබෙන්නේ ගුණිතයේ යම් කොටසක් සඳහා u ආදේශ කිරීමයි. එවිට ප්‍රකාශයේ ඉතිරි කොටස ඉබේම dv බවට පත් වේ.

දැන් මෙම උදාහරණයට පහත දැක්වෙන ආදේශ කිරීම් කරමු.

x = u
 
එවිට ඉබේම, e5x dx = dv වේ.

ඉහත ආදේශනය සිදු කළ පසු, හැමවිටම u හි අවකලනයත් dv හි අනුකලනයත් සෙවිය යුතුය (සෑමවිටම මෙම ගණනය කිරීම් දෙක කිරීමට සිදු වේ. මෙම සුලු කිරීම් දෙක ගැටලුවක් නැතිව සිදු කළ හැකි නම්, බොහෝවිට කොටස් වශයෙන් අනුකලනය කිරීමේ උපක්‍රමය සාර්ථකව යෙදිය හැකි බව නිගමනය කළ හැකියි). u අවකලනය කිරීමෙන් u හා මුල් ("ඔරිජිනල්") ගුණිත ප්‍රකාශයේ ඇති ස්වායත්ත විචල්‍යය වන x අතර සම්බන්ධතාවක් ලබා ගැනේ (එනම් du හා dx අතර සම්බන්ධතාවක්). dv අනුකලනය කිරීමෙන් ලැබෙන්නේ v . ඒ අනුව,

du/dx = dx/dx = 1 → du = 1.dx = dx
v = dv = e5x dx = e5x/5

ඉහත අනුකලයේදී ලැබෙන නියත පදය (c) දැනට අමතක කරමු. ඉදිරියටත් අනුකලනය සිදු කිරීමට තිබෙන බැවින්, ඒවායෙන්ද නියත පද බිහිවෙන බැවින්, අපට අවසානයේ ලැබෙන පිළිතුරට එක් නියත පදයක් එකතු කළ හැකියි.

දැන් u dv = uv - v du යන සූත්‍රයට ඉහත සොයා ගත් කොටස් ආදේශ කරමු. 4 යන නියත ගුණිතයද තිබෙන බව වටහ ගන්න.










 
තවත් උදාහරණයක් බලමු. (2s + 5)sin(s) ds සුලු කරන්න. 2s + 5 යන්න u ලෙස සලකමු. එවිට,

u = 2s + 5
du/ds = 2 → du = 2 ds

dv = sin(s) ds
dv = sin(s) ds → v = -cos(s)

දැන් සූත්‍රයට ඉහත අගයන් ආදේශ කරමු. එවිට,

(2s + 5)sin(s) ds = (2s+5)(-cos(s)) - -cos(s)(2ds)
= -(2s+5)cos(s) + 2[sin(s)] = -(2s + 5)cos(s) + 2sin(s) + c

තවත් උදාහරණයක් ලෙස n2cos(5n) dn සුලු කරන්න. u = n2 ලෙස ගමු. එවිට dv = cos(5n) dn බවට පත් වේ. එවිට,

du/dn = 2n → du = 2n dn
v = dv = cos(5n) dn = sin(5n)/5

n2cos(5n) dn = (n2)(sin(5n)/5) - (sin(5n)/5)(2n dn)
= (1/5)n2sin(5n) – (2/5) nsin(5n) dn - (1)

ඉහත ආකාරයට නිවැරදිව පියවරෙන් පියවර සුලු කරගෙන යන විට, අපට එකවර අවසන් පිළිතුරක් මෙහිදී ලැබුණේ නැහැ නේද? nsin(5n) dn ලෙස තවත් අනුකල ප්‍රකාශයක් එහි තිබේ. එම කොටසත් සුලු කරන තුරු අවසන් පිළිතුර ලැබුණා සේ සලකන්නට බැහැ. එනිසා මෙම නව අනුකල ප්‍රකාශය විසඳීමට සිදු වෙනවා එය වෙනමම ප්‍රකාශයක් සේ සලකා. එම නව අනුකල ප්‍රකාශය දෙස බැලූ විට පෙනී යන්නේ එයද ශ්‍රිත දෙකක ගුණිතයක් සේ පවතින බවයි. ඊට අමතරව, එය විසඳීමට හැකි වන්නේ නැවතත් කොටස් වශයෙන් අනුකලනය කිරීමෙන් බව පෙනේ. ඒ අනුව එම කොටස වෙනමම දැන් සුලු කරමු.

u = n → du/dn = 1 → du = dn
dv = sin(5n) dn → v = sin(5n) dn = -cos(5n)/5

nsin(5n) dn = (n)(-cos(5n)/5) - (-cos(5n)/5)(dn)
= (-1/5)ncos(5n) + (1/25)sin(5n) + c'

දැන් මෙම විසඳුම ඉහත (1) ප්‍රකාශයට ආදේශ කරන්න.

n2cos(5n) dn = (1/5)n2sin(5n) – (2/5) nsin(5n) dn
= (1/5)n2sin(5n) – (2/5) [(-1/5)ncos(5n) + (1/25)sin(5n) + c']
(1/5)n2sin(5n) + ( 2/25)ncos(5n) - ( 2/125)sin(5n) + c

ඉහත උදාහරණය අනුව පෙනී යන්නේ සමහර ප්‍රකාශන විසඳීමට කිහිප පාරක්ම අනුකලන සෙවීමට සිදු වන බවයි. එනම් මුල් ප්‍රකාශය විසඳාගෙන යන විට එම ප්‍රතිපලය තුළ තවත් අනුකල ප්‍රකාශයක් නිර්මාණය වේ. එහෙත් මෙම නව අනුකල ප්‍රකාශය හැමවිටම ඊට පෙර අනුකල ප්‍රකාශයට වඩා සරලයි. අවසානයේදී කිසිදු අනුකල ප්‍රකාශයක් හමු නොවන තුරු සුලු කිරීම දිගටම කරගෙන යා යුතුය.

තවත් උදාහරණයක් ලෙස ln(x) dx විසඳමු. මෙය විසඳීමට ඇත්තටම අනුකල සාම්‍යයක් ඇත. මීට අමතරව කොටස් වශයෙන් අනුකලනය කිරීමේ උපක්‍රමයෙන්ද මෙය විසඳිය හැකිය (ඇත්තටම අනුකල සාම්‍යය සාධනය කරන්නේද මෙමඟිනි). ln(x) = u ලෙස සලකමු. ඒ අනුව,

u = ln(x) → du/dx = (1/x) → du = (1/x) dx
dv = dx → v = dv = dx = x

ln(x) dx = (ln(x))(x) - x ((1/x)dx)
= xln(x) - 1 dx = xln(x) – x + c

මේ ආකාරයට තවත් උදාහරණ රාශියක් සුලු කර මෙම ක්‍රමයද හුරු විය යුතුයි.
 

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

ශ්‍රී ලංකා ජාතික ගීය හා කොඩිය (National Anthem and Flag of Sri Lanka)

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ දිගට පලල අනුපාතය හා වර්ණ පිලිවිතර පහත ආකාරයට තිබිය යුතුය. (The heigh to width aspect ratio and color specification of the National Flag (the Lion Flag) of Sri Lanka are as follows:) Height to Width Ratio – 1:2 Number of Colors – 4 (Golden Yellow, Green, Orange, Maroon) Color Specification – Golden Yellow                               hex: #FFBE29                               CMYK:   0, 0.254, 0.839, 0                                RGB: (255, 190, 41)           ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...