Skip to main content

ත්‍රිකෝණමිතිය (trigonometry) - 3


0o, 90o, 180o, 270o, 360o කෝණ

මෙම කෝණ 5 විශේෂිත අවස්ථාවන් කිහිපයකි. පළමුව අංශක 0 කෝණය සලකමු. මෙවිට අංශුව පොඩ්ඩක්වත් වෘත්ත පරිධිය ඔස්සේ ගමන් කොට නැත. ඒ කියන්නේ වෘත්ත අරය x අක්ෂය මත සමපාත වී ඇත. (වෘත්ත අරය රතු පාටින් දක්වා ඇත.)



මෙවිට කෝණය 0යි. කර්ණය වෙනස් නොවේ (මොකද කර්ණය යනු හැමවිටම වෘත්ත අරයනෙ). බද්ධ පාදය යනු x අක්ෂය දිගේ පවතින දුර නිසා, එය දැන් අරයට සමාන වී ඇත (අරය හා බද්ධ පාදය සමපාත වී තිබෙන නිසා). එහෙත් දැන් සම්මුඛ පාදයේ දිග ශූන්‍යයි. එනම් ඇත්තටම සම්මුඛ පාදයක් ඇත්තෙත් නැත. ඒ කියන්නේ සත්‍ය ලෙසම මෙතැන ත්‍රිකෝණයක්ද නැත. එහෙත් අනුපාත ගණනය කිරීමට එය ගැටලුවක් ඇති කරන්නේ නැහැ මොකද අප මූලිකව බලන්නේ දැන් වෘත්තයයි. මෙම කුඩා විස්තරය තුළ අප සොයා ගත් කරුණු මත අනුපාත සොයමු.

සයින්(0) = සම්මුඛ පාදය/කර්ණය = 0/r = 0 වේ.
කොස්(0) = බද්ධ පාදය/කර්ණය = r/r = 1 වේ.
ටෑන්(0) = සම්මුඛ පාදය/බද්ධ පාදය = 0/r = 0 වේ.

කොසෙක්(0) = කර්ණය/සම්මුඛ පාදය = r/0 = අනන්තය වේ.
සෙක්(0) = කර්ණය/බද්ධ පාදය = r/r = 1 වේ.
කොට්(0) = බද්ධ පාදය/සම්මුඛ පාදය = r/0 = අනන්තය වේ.

මතකයට
ඕනෑම ලොකු කුඩා සංඛ්‍යාවක් 0න් බෙදන විට, පිළිතුර ලෙස ලැබෙන්නේ සිතාගත නොහැකි තරමේ විශාල අගයකි. මෙම සිතාගත නොහැකි අතිදැවැන්ත අගය "අනන්තය" (infinity) ලෙසයි හැඳින්වෙන්නේ. අනන්තය යනු ඇත්තටම නිශ්චිත අගයක් නොවන බව මින් පැහැදිලි වෙනවා නේද? අනන්තය ධන හෝ ඍණ විය හැකියි. එනම්, ධන සංඛ්‍යාවලින් හෙවත් සංඛ්‍යා රේඛාවේ ධන පැත්ත දිගේ යන විට ධන අනන්තය ලැබේ. එලෙසම ඍණ අනන්තයද පවතී.

තවද, ඕනෑම ලොකු කුඩා සංඛ්‍යාවක් අනන්තයෙන් බෙදූ විට, පිළිතුර ලෙස ලැබෙන්නේ ශූන්‍ය හෙවත් 0 වේ. මෙවිට බෙදනු ලබන්නේ ධන හෝ ඍණ අනන්තයෙන් විය හැකියි. 0ට ධන ඍණ භේදයක් නැහැනෙ.

ඇත්තටම ඉහත ආකාරයට කොසෙක්, සෙක්, කොට් වෙන වෙනම රූපය ආශ්‍රයෙන්ම ගණනය කිරීමට අවශ්‍ය නැත. සයින්, කොස්, ටෑන් යන මූලික අනුපාත 3 ආශ්‍රයෙන්ම ඒවා ගණනය කළ හැකියි. මේ ක්‍රමයෙන් පහත ආකාරයට ඒවා ගණනය කළ හැකියි නේද?

කොසෙක්(0) = 1/සයින්(0) = 1/0 = අනන්තය
සෙක්(0) = 1/කොස්(0) = 1/1 = 1
කොට්(0) = 1/ටෑන්(0) = 1/0 = අනන්තය

දැන් අංශක 90 කෝණය ගැන බලමු. මෙවිට සම්මුඛ පාදය හා කර්ණය එකිනෙකට සමපාත වන අතර, බද්ධ පාදය ශූන්‍ය වේ. මෙම දත්ත මත අනුපාත සාදමු.



සයින්(90) = r/r = 1 වේ.
කොස්(90) = 0/r = 0 වේ.
ටෑන්(90) = r/0 = අනන්තය වේ.

කොසෙක්(90) = 1/සයින්(90) = 1/1 = 1 වේ.
සෙක්(90) = 1/කොස්(90) = 1/0 = අනන්තය වේ.
කොට්(90) = 1/ටෑන්(90) = 1/අනන්තය = 0 වේ.

දැන් බලමු අංශක 180 කෝණය. මෙවිට, බද්ධ පාදය හා අරය සමපාත වේ. අරය යනු හැමවිටම ධන අගයකි (ඍණ අගයක් සහිත අරයක් වෘත්තයක තිබිය නොහැකියිනෙ). එහෙත් දැන් බද්ධ පාදය ගැන එසේ සිතිය නොහැකියි. බද්ධ පාදය දැන් තිබෙන්නේ x අක්ෂය මත වුවත්, එය තිබෙන්නේ ඍණ කොටසේය. ඒ කියන්නේ බද්ධ පාදයේ අගය ඍණ වේ. තවද, සම්මුඛ පාදය ශූන්‍ය වේ.



සයින්(180) = 0/r = 0 වේ.
කොස්(180) = -r/r = -1 වේ.
ටෑන්(180) = 0/-r = 0 වේ.

කොසෙක්(180) = 1/0 = අනන්තය වේ.
සෙක්(180) = 1/-1 = -1 වේ.
කොට්(180) = 1/0 = අනන්තය වේ.

අංශක 270 කෝණය බලමු. මෙවිට සම්මුඛ පාදය හා අරය සමපාත වී ඇත. එහෙත් සම්මුඛ පාදය පිහිටන්නේ y අක්ෂයේ ඍණ දිශාවේ බැවින් සම්මුඛ පාදයේ අගය ඍණ ලෙස සැලකිය යුතුය. බද්ධ පාදය 0 වේ.




සයින්(270) = -r/r = -1 වේ.
කොස්(270) = 0/r = 0 වේ.
ටෑන්(270) = -r/0 = ඍණ අනන්තය වේ.

කොසෙක්(270) = 1/-1 = -1 වේ.
සෙක්(270) = 1/0 = අනන්තය වේ.
කොට්(270) = 1/ඍණ අනන්තය = 0 වේ.

අංශක 360 කෝණය ගැන අමුතුවෙන් සලකා බැලීමට දෙයක් නැත. ඊට හේතුව අංශක 360 යනු අංශක 0 ම තමයි. එනම් යම් අංශුවක් අංශක 0 සිටින විටත් අංශක 360හි සිටින විටත්, එම අවස්ථා දෙක එකිනෙකට සමපාතව පවතිනවා. එනිසා අංශක 0දී සලකා බැලූ කාරණා සියල්ල මීට අදාල වන අතර, අංශක 0දී ලැබුණු අගයන්මයි අංශක 360 සඳහාත් පවතින්නේ.

දැන් ඉහත ප්‍රතිඵල සියල්ල පහත ආකාරයට වගුවක සාරාංශගත කළ හැකිය.



0o 90o 180o 270o 360o
sin
0
1
0
-1
0
cos
1
0
-1
0
1
tan
0
infinity
0
-infinity
0
csc
infinity
1
infinity
-1
infinity
sec
1
infinity
-1
infinity
1
cot
infinity
0
infinity
0
infinity

30o, 45o, 60o කෝණ

මෙම කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාත අගයන් සරල ජ්‍යාමිතිය යොදාගෙන සෙවිය හැකියි. පළමුවෙන්ම අංශක 45 කෝණය බලමු. ඒ සඳහා පහත රූපය සලකන්න.



මෙහි B කෝණය ගමු. මෙම ත්‍රිකෝණය සඳහා පයිතගරස් ප්‍රමේයය දැමූ විට, BC2 = AB2+AC2 වේ. එහෙත් AB = AC ද වේ (සමද්විපාද ත්‍රිකෝණයේ සමාන පාද දෙක). එවිට, BC2 = AC2 + AC2 = 2AC2 වේ. තවද, BC2 = AB2 + AB2 = 2AB2 ලෙසද එය ලිවිය හැකියි. ඒ අනුව 45 කෝණය සඳහා පහත ආකාරයට අනුපාත ගණනය කරමු.




 
අංශක 30 හා 60 කෝණ සඳහා පහත රූපය සලකමු. මුලින්ම ABC නම් ත්‍රිකෝණය සලකන්න. එහි අංශක 30 ක හා 60 ක කෝණ ඇත. දැන් A ශීර්ෂයේ සිට BC පාදය තෙක් AD නම් රේඛාවක් නිර්මාණය කරන්න AC දිගට AD සමාන වන පරිදි. මෙම AD දිග a ලෙසද ගමු. එවිට ACD ත්‍රිකෝණය ඉබේම සමපාද ත්‍රිකෝණයක් බවට පත් වේ මොකද කෝණ 3ම සමාන නිසා (හෙවත් පාද 3ම සමාන නිසා). මෙවිට ADB කෝණය අංශක 120ක් වේ (180 – 60 = 120 නිසා). දැනටමත් B කෝණය (හෙවත් ABC කෝණය) 30 නිසා, ඉබේම BAD කෝණයත් අංශක 30ක් බවට පත් වේ. ඒ කියන්නේ ADB ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයකි. එහි BD පාදය හා AD පාදය සමානය. එනිසා BD = a වේ. (AC = CD = AD = BD = a වේ.) එවිට, BC = 2a = 2AC වේ. තවද, BC2 = AC2+AB2 → (2a)2 = a2 + AB2 → AB2 = 4a2 – a2 = 3a2 වේ.



දැන් අපට හැකියි මෙම දත්ත ඔස්සේ අනුපාත සියල්ල සොයන්න.


 
ඉහත ගණනය කිරීම් බලන විට, සයින්(30) = කොස්(60) හා සයින්(60) = කොස්(30) බව පේනවා නේද? මූලික අනුපාත 3න් අනෙක් අනුපාත 3හි අගයනුත් සෙවිය හැකියිනෙ. මේ සියලු දත්ත පහත වගුවේ සාරාංශගත කර ඇත. අංශක 0, 30, 45, 60, 90, 180, 270 කෝණවල සයින්, කොස්, ටෑන් අගයන් මතක තබා ගැනීමට වටිනවා. (trigonometry ...)



30o 45o 60o
sin
1/2
1/2
3/2
cos
3/2
1/√2
1/2
tan
1/√3
1
3
csc
2
2
2/√3
sec
2/√3
2
2
cot
3
1
1/√3

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...