කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත ...
thank you very much sir. <3 <3
ReplyDeletewelcome :)
Deleteහෙට මට ඇගයීමක් තියෙයි. ඒ ඇගයීම මම සාර්ථකව කරනවා නම් ඒ ඔබේ මේ ග්‍රන්ථයේ පිහිටෙන්. බොහොම ස්තුතියි. ඔබ විශිෂ්ඨ මිනිසෙක්...! ජය...!
ReplyDelete:) පොත පත කියවා දැනුම මනසේ රඳවා ගෙන, තමන් තනිවමත් තවත් අයත් සමඟත් තර්ක විතර්ක කරමින් එම දැනුම ඇඟට "පත්තියම්" කර ගත් විට, එම දැනුම කිසිදා ඔබව අමාරුවේ නොදමනු ඇත. විශ්වාසයෙන් යුතුව එය කරන්නට හැකි වේ යැයි මා සුභ පතනවා.
Deleteඔබතුමාට බොහොම ස්තුතියි .මෙවැනි තවත් ලිපි ලිවීමට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා .ශ්‍රී ලාංකීය ළමයින් උදෙසා ඔබ වෙනුවෙන් කරන මහඟු සේවය අගය කළ යුතුමයි .
ReplyDeleteපින්සිද්ද වෙනව මේ කරනදේට....ජයවේවා
ReplyDelete