ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි. එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...
thank you very much sir. <3 <3
ReplyDeletewelcome :)
Deleteහෙට මට ඇගයීමක් තියෙයි. ඒ ඇගයීම මම සාර්ථකව කරනවා නම් ඒ ඔබේ මේ ග්‍රන්ථයේ පිහිටෙන්. බොහොම ස්තුතියි. ඔබ විශිෂ්ඨ මිනිසෙක්...! ජය...!
ReplyDelete:) පොත පත කියවා දැනුම මනසේ රඳවා ගෙන, තමන් තනිවමත් තවත් අයත් සමඟත් තර්ක විතර්ක කරමින් එම දැනුම ඇඟට "පත්තියම්" කර ගත් විට, එම දැනුම කිසිදා ඔබව අමාරුවේ නොදමනු ඇත. විශ්වාසයෙන් යුතුව එය කරන්නට හැකි වේ යැයි මා සුභ පතනවා.
Deleteඔබතුමාට බොහොම ස්තුතියි .මෙවැනි තවත් ලිපි ලිවීමට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා .ශ්‍රී ලාංකීය ළමයින් උදෙසා ඔබ වෙනුවෙන් කරන මහඟු සේවය අගය කළ යුතුමයි .
ReplyDeleteපින්සිද්ද වෙනව මේ කරනදේට....ජයවේවා
ReplyDelete