Skip to main content

අනුකලනය (integration) - 2


තවත් සාම්‍යන්...

ඉහත පොදු සාම්‍යන් හැරුණු විට, ප්‍රධාන වශයෙන් අවකලන සාම්‍යයන් ආශ්‍රයෙන් සාදාගත් පහත සඳහන් සූත්‍රද අනුකලන සාම්‍යන් ලෙස යොදා ගත හැකියි.

5. ex dx = ex + c

මතකද ex ශ්‍රිතය අවකලනය කරන විට, නැවතත් ex ම ලැබෙන බව පැවසුවා (අවකලනය පාඩම්වලදී)? එසේ නම්, එහි විලෝම වශයෙන්ද ex අනුකලනය කරන විට, ලැබිය යුත්තේ ex ම තමයි (ඊට අමතරව c නම් නියත පදයක්ද දැමිය යුතු බව ඔබ දන්නවා).


6. 1/x dx = ln(x) + c

මෙය ගොඩනඟා ඇත්තේ d ln(x)/dx = 1/x යන අවකලන සාම්‍යය ආශ්‍රයෙන් බව පේනවා නේද? එනම්,

d ln(x)/dx = 1/x
[d ln(x)/dx] dx = [1/x] dx දෙපැත්තම අනුකලනය කිරීමෙන්
ln(x) = 1/x dx → 1/x dx = ln(x)

අවකලනය හා අනුකලනය එකට යෙදෙන විට ඒ දෙක එකිනෙකට විලෝම නිසා දෙක එකිනෙකට උදාසීන වී ගොස් ශ්‍රිතය පමණක් ශේෂ වේ. උදාහරණයක් ලෙස, යම් සංඛ්‍යාවක් 5න් වැඩි කර, නැවත 5න් බෙදූ විට මුල් සංඛ්‍යාව වෙනස් වන්නේ නැහැනෙ. එලෙසම යම් ශ්‍රිතයකට අවකලනය (හෝ අනුකලනය) යොදා ඉන්පසුව අනුකලනය (හෝ අවකලනය) යොදන විට ශ්‍රිතය නොවෙනස්ව පවතී.










6 වැනි සාම්‍යය ඇසුරින්ම මෙම සාම්‍යයත් ගොඩනැඟේ. මින් කියන්නේ යම් ශ්‍රිතයක් භාගයක හරය ලෙසද, එම ශ්‍රිතයේ අවකලනය එම භාගයේ ලවය වශයෙන්ද පවතින විට, භාගයක් ස්වරූපයෙන් තිබෙන එම සංයුක්ත ශ්‍රිතයේ අනුකලනය කළ විට, එම ශ්‍රිතයේ e පාදයේ ලඝු විය යුතු බවයි.

ln|f(x)| ලෙස ලියා තිබීමෙන් හැඟවෙන්නේ f(x) ශ්‍රිතයේ අගය ධන වුවත් ඍණ වුවත්, ලඝු බලන විට ධන අගයක් ලෙස පමණක් තිබිය යුතු බවයි. ඊට හේතුව ඍණ සංඛ්‍යාවක ලඝු ගණනය කිරීමට බැරි වීමයි. යම් සංඛ්‍යාවක් හෝ ගණිත ප්‍රකාශයක් || යන සංඛේතයේ මැදට යොදන විට, ඉන් කියන්නේ එම සංඛ්‍යාව හෝ ප්‍රකාශය ධන වුවත් ඍණ වුවත් හැමවිටම ධන ලෙස සලකන්න කියාය (|| යන්න නිරපේක්ෂ අගය සොයන ගණිත කර්මයේ සංඛේතයයි).

මෙම සූත්‍රයද අවකලන සූත්‍රයක විලෝමය සලකා සාදා ගත් එකකි. ඒ කෙසේදැයි බලමු. d ln(x)/dx = 1/x වන බව ඔබ දන්නවා. මෙහි x වෙනුවට f(x) ආදේශ කළ විට, එය ශ්‍රිතයක ශ්‍රිතයක් බවට පත් වේ. එවිට යන දාම රීතිය යොදාගෙන පහත ආකාරයට එය අවකලනය කළ හැකියි නේද?










ඉහත අවකලනයේ ප්‍රතිලෝමය දැන් සැලකූ විට ලැබෙන්නේ අපට අවශ්‍ය අනුකලන සාම්‍යයි. එනම්,










උදාහරණ කිහිපයක් බලමු.





ඉහත ශ්‍රිතයේ හරය x2 වන අතර එහි අවකලනය වන 2x ලවයේ ඇත. එනිසා පහසුවෙන්ම මෙම සාම්‍යය යෙදිය හැකියි.

 




8. ax dx = ax/ln(a) + c


9. ln(x) dx = x.ln(x) – x + c


10. sin(x) dx = - cos(x) + c


11. cos(x) dx = sin(x) + c


12. tan(x) dx = - ln|cos(x)| + c


13. cot(x) dx = ln|sin(x)| + c


14. sec(x) dx = ln |sec(x) + tan(x)| + c


15. csc(x) dx = - ln |csc(x) + cot(x)| + c


16. sec2(x) dx = tan(x) + c


17. csc2(x) dx = - cot(x) + c


18. sec(x).tan(x) dx = sec(x) + c


19. csc(x).cot(x) dx = - csc(x) + c


ඇත්තටම අනුකලනය අවකලනය තරම් පහසුවෙන් සුලු කළ නොහැකියි. අවකලනය කිරීමට පහසුයි නම් අනුකලනය අපහසු වන්නේ කෙසේදැයි ඔබට සිතෙනු ඇත. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කිරීම හා එහි විලෝමය වන සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීම යන ගණිත කර්ම දෙක සලකන්න. වඩා පහසු ගුණ කිරීම නේද? ගුණ කිරීමෙහි විලෝමය වන බෙදීම එතරම් පහසුවෙන් සිදු කළ නොහැකියිනෙ. අන්න ඒ වගේ තමයි අවකලනයට වඩා සුලු කිරීම අමාරුයි අනුකලනයේදී.

එනිසා, අනුකලනයන් සුලු කිරීමේදී අනුකල සාම්‍යන් ඉතාම ප්‍රයෝජනවත්ය. විශාල ප්‍රමාණයක් අනුකල සාම්‍යන් ගොඩනඟා ගෙන ඇත (මා ඉහත දැක්වූයේ ඉන් කිහිපයක් පමණි). කිසිවෙකුට ඒසා විශාල අනුකල සාම්‍යන් ප්‍රමාණයක් මතකේ තබා ගැනීමටද බැරිය. එනිසා ඔබට සියලු අනුකල සාම්‍යන් මතක තබා ගැනීමට අවශ්‍ය නැත. ඉහත පෙන්වා දුන් ඒවා මතක තබා ගන්න.

තවද, ඉහත සාම්‍යන්ගෙන් බොහෝමයක් ඍජුවම අවකලනය ආශ්‍රයෙනුයි ගොඩනඟා ගෙන තිබෙන්නේ. උදාහරණයක් ලෙස, ටෑන් අවකලනය කල විට සෙක්2 ලැබේ. එවිට එහි විලෝමය වන සෙක්2 අනුකලනය කළ විට ටෑන් ලැබේ යැයි පැවසිය හැකියිනෙ. ඉහත 16 සිට 19 දක්වා ඇති සාම්‍යන් 4ම එලෙස ලබා ගත් ඒවාය. අනුකලනයේදී සෑම සාම්‍යක්ම ඉතාම වැදගත්ය. ප්‍රමූලධර්මවලින් අනුකලනය සෙවිය නොහැකිය. එනිසා සාම්‍යන් ආශ්‍රයෙන්ම ඒවා විසඳීමට ඇති නිසා, ලබා ගත හැකි සෑම ලොකු කුඩා සාම්‍යක්ම ගණිතඥයින් අත් හරින්නේ නැත. මීට අමතරව අනුකලනය සෙවීම සඳහා සුවිශේෂි උපක්‍රම කිහිපයක්ද ඇත.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...