Skip to main content

අනුකලනය (integration) - 2


තවත් සාම්‍යන්...

ඉහත පොදු සාම්‍යන් හැරුණු විට, ප්‍රධාන වශයෙන් අවකලන සාම්‍යයන් ආශ්‍රයෙන් සාදාගත් පහත සඳහන් සූත්‍රද අනුකලන සාම්‍යන් ලෙස යොදා ගත හැකියි.

5. ex dx = ex + c

මතකද ex ශ්‍රිතය අවකලනය කරන විට, නැවතත් ex ම ලැබෙන බව පැවසුවා (අවකලනය පාඩම්වලදී)? එසේ නම්, එහි විලෝම වශයෙන්ද ex අනුකලනය කරන විට, ලැබිය යුත්තේ ex ම තමයි (ඊට අමතරව c නම් නියත පදයක්ද දැමිය යුතු බව ඔබ දන්නවා).


6. 1/x dx = ln(x) + c

මෙය ගොඩනඟා ඇත්තේ d ln(x)/dx = 1/x යන අවකලන සාම්‍යය ආශ්‍රයෙන් බව පේනවා නේද? එනම්,

d ln(x)/dx = 1/x
[d ln(x)/dx] dx = [1/x] dx දෙපැත්තම අනුකලනය කිරීමෙන්
ln(x) = 1/x dx → 1/x dx = ln(x)

අවකලනය හා අනුකලනය එකට යෙදෙන විට ඒ දෙක එකිනෙකට විලෝම නිසා දෙක එකිනෙකට උදාසීන වී ගොස් ශ්‍රිතය පමණක් ශේෂ වේ. උදාහරණයක් ලෙස, යම් සංඛ්‍යාවක් 5න් වැඩි කර, නැවත 5න් බෙදූ විට මුල් සංඛ්‍යාව වෙනස් වන්නේ නැහැනෙ. එලෙසම යම් ශ්‍රිතයකට අවකලනය (හෝ අනුකලනය) යොදා ඉන්පසුව අනුකලනය (හෝ අවකලනය) යොදන විට ශ්‍රිතය නොවෙනස්ව පවතී.










6 වැනි සාම්‍යය ඇසුරින්ම මෙම සාම්‍යයත් ගොඩනැඟේ. මින් කියන්නේ යම් ශ්‍රිතයක් භාගයක හරය ලෙසද, එම ශ්‍රිතයේ අවකලනය එම භාගයේ ලවය වශයෙන්ද පවතින විට, භාගයක් ස්වරූපයෙන් තිබෙන එම සංයුක්ත ශ්‍රිතයේ අනුකලනය කළ විට, එම ශ්‍රිතයේ e පාදයේ ලඝු විය යුතු බවයි.

ln|f(x)| ලෙස ලියා තිබීමෙන් හැඟවෙන්නේ f(x) ශ්‍රිතයේ අගය ධන වුවත් ඍණ වුවත්, ලඝු බලන විට ධන අගයක් ලෙස පමණක් තිබිය යුතු බවයි. ඊට හේතුව ඍණ සංඛ්‍යාවක ලඝු ගණනය කිරීමට බැරි වීමයි. යම් සංඛ්‍යාවක් හෝ ගණිත ප්‍රකාශයක් || යන සංඛේතයේ මැදට යොදන විට, ඉන් කියන්නේ එම සංඛ්‍යාව හෝ ප්‍රකාශය ධන වුවත් ඍණ වුවත් හැමවිටම ධන ලෙස සලකන්න කියාය (|| යන්න නිරපේක්ෂ අගය සොයන ගණිත කර්මයේ සංඛේතයයි).

මෙම සූත්‍රයද අවකලන සූත්‍රයක විලෝමය සලකා සාදා ගත් එකකි. ඒ කෙසේදැයි බලමු. d ln(x)/dx = 1/x වන බව ඔබ දන්නවා. මෙහි x වෙනුවට f(x) ආදේශ කළ විට, එය ශ්‍රිතයක ශ්‍රිතයක් බවට පත් වේ. එවිට යන දාම රීතිය යොදාගෙන පහත ආකාරයට එය අවකලනය කළ හැකියි නේද?










ඉහත අවකලනයේ ප්‍රතිලෝමය දැන් සැලකූ විට ලැබෙන්නේ අපට අවශ්‍ය අනුකලන සාම්‍යයි. එනම්,










උදාහරණ කිහිපයක් බලමු.





ඉහත ශ්‍රිතයේ හරය x2 වන අතර එහි අවකලනය වන 2x ලවයේ ඇත. එනිසා පහසුවෙන්ම මෙම සාම්‍යය යෙදිය හැකියි.

 




8. ax dx = ax/ln(a) + c


9. ln(x) dx = x.ln(x) – x + c


10. sin(x) dx = - cos(x) + c


11. cos(x) dx = sin(x) + c


12. tan(x) dx = - ln|cos(x)| + c


13. cot(x) dx = ln|sin(x)| + c


14. sec(x) dx = ln |sec(x) + tan(x)| + c


15. csc(x) dx = - ln |csc(x) + cot(x)| + c


16. sec2(x) dx = tan(x) + c


17. csc2(x) dx = - cot(x) + c


18. sec(x).tan(x) dx = sec(x) + c


19. csc(x).cot(x) dx = - csc(x) + c


ඇත්තටම අනුකලනය අවකලනය තරම් පහසුවෙන් සුලු කළ නොහැකියි. අවකලනය කිරීමට පහසුයි නම් අනුකලනය අපහසු වන්නේ කෙසේදැයි ඔබට සිතෙනු ඇත. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කිරීම හා එහි විලෝමය වන සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීම යන ගණිත කර්ම දෙක සලකන්න. වඩා පහසු ගුණ කිරීම නේද? ගුණ කිරීමෙහි විලෝමය වන බෙදීම එතරම් පහසුවෙන් සිදු කළ නොහැකියිනෙ. අන්න ඒ වගේ තමයි අවකලනයට වඩා සුලු කිරීම අමාරුයි අනුකලනයේදී.

එනිසා, අනුකලනයන් සුලු කිරීමේදී අනුකල සාම්‍යන් ඉතාම ප්‍රයෝජනවත්ය. විශාල ප්‍රමාණයක් අනුකල සාම්‍යන් ගොඩනඟා ගෙන ඇත (මා ඉහත දැක්වූයේ ඉන් කිහිපයක් පමණි). කිසිවෙකුට ඒසා විශාල අනුකල සාම්‍යන් ප්‍රමාණයක් මතකේ තබා ගැනීමටද බැරිය. එනිසා ඔබට සියලු අනුකල සාම්‍යන් මතක තබා ගැනීමට අවශ්‍ය නැත. ඉහත පෙන්වා දුන් ඒවා මතක තබා ගන්න.

තවද, ඉහත සාම්‍යන්ගෙන් බොහෝමයක් ඍජුවම අවකලනය ආශ්‍රයෙනුයි ගොඩනඟා ගෙන තිබෙන්නේ. උදාහරණයක් ලෙස, ටෑන් අවකලනය කල විට සෙක්2 ලැබේ. එවිට එහි විලෝමය වන සෙක්2 අනුකලනය කළ විට ටෑන් ලැබේ යැයි පැවසිය හැකියිනෙ. ඉහත 16 සිට 19 දක්වා ඇති සාම්‍යන් 4ම එලෙස ලබා ගත් ඒවාය. අනුකලනයේදී සෑම සාම්‍යක්ම ඉතාම වැදගත්ය. ප්‍රමූලධර්මවලින් අනුකලනය සෙවිය නොහැකිය. එනිසා සාම්‍යන් ආශ්‍රයෙන්ම ඒවා විසඳීමට ඇති නිසා, ලබා ගත හැකි සෑම ලොකු කුඩා සාම්‍යක්ම ගණිතඥයින් අත් හරින්නේ නැත. මීට අමතරව අනුකලනය සෙවීම සඳහා සුවිශේෂි උපක්‍රම කිහිපයක්ද ඇත.

Comments

Popular posts from this blog

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

Company Registration in Sri Lanka (සමාගම් ලියාපදිංචි කිරීම)

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව තුල පෞද්ගලික සමාගමක් (private limited company) ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පියවරින් පියවර සිදු කරන අයුරු විස්තර කිරීමයි. ඇත්තටම මෙම කාරණය තරමක් කරදරකාරි දෙයක් වුවද, ආත්ම විශ්වාසය හා අවශ්‍ය කරන සුලු දැනුමක් තිබේ නම් තමන්ගේ ව්‍යාපාරය තමන්ටම පෞද්ගලික සමාගමක් ලෙස ලියා පදිංචි කර ගත හැකියි. මෙම ලිපියෙන් එම අවශ්‍ය සුලු දැනුම ලබා දීමට මා උත්සහ කරනවා. එය විස්තර කිරීමට පෙර ප්‍රවේශයක් ලෙස පොදු කාරණා කිහිපයක් මුලින්ම පැවසීමට ඇත. මිනිසුන්ට විවිධ අවශ්‍යතා (needs) හා උවමනාවන් (wants) තිබෙන අතර, ඒවා භාණ්ඩ (goods) හා සේවා (services) වශයෙන් ඔවුන් ලබා ගන්නවා. මේවා සැපයීමට මිනිසා විසින් නොයෙකුත් සංවිධාන (organizations) පිහිටුවනවා. ඇත්තටම සංවිධාන වර්ග රාශියක් තිබේ ( ආණ්ඩුව, අමාත්‍යංශ, පාර්ලිමේන්තුව, උසාවි, දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාරි, කොමිෂන්, සමිති, සමුපකාර, තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් , ආදි ලෙස). මේ අතරින් තනි තනි පුද්ගලයන් වශයෙන් හෝ පුද්ගල කණ්ඩායමක් වශයෙන් ගත් විට, අපට වැදගත් වන්නේ ඉන් සමහර සංවිධාන ව්‍යුහයන් පමණි. ආණ්ඩුව, අමාත්‍යංශ, පාර්ලිමේ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...