Skip to main content

ආධුනික ගුවන් විදුලිය හා සන්නිවේදන තාක්ෂණය දෙවැනි කොටස


ආධුනික ගුවන් විදුලිය හා සන්නිවේදන තාක්ෂණය ගැන කොටස් වශයෙන් පළ කළ ලිපි පෙලෙහි මුල් ලිපි ටික අළලා සකස් කරන ලද පාඩම් මාලාවේ දෙවැනි කොටස පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකිය.

ham2.pdf download

Comments

  1. ඔබට බෙහෙවින් ස්තූතියි.... දීර්ඝායුෂ පතමි.....

    ReplyDelete
  2. ප්‍රායෝගික පරීක්ෂණ මුකුත් නෑනේ. ඇන්ටනා බටයක් සාදාගන්න හැටි පමණි අත්තේ. ඒකත් ටිකක් තේරෙන්නෑ. :×[

    ප්‍රායෝගිකව එක එක උපකරණ සාදා ගන්නා හැටි දැම්මනම් වටිනවා. Ham 3 කල එළි දකින්නේ කවද්ද? :) දිගටම ලියන්න. ඔබට ජය !!!

    ReplyDelete
    Replies
    1. ආධුනික ගුවන් විදුලි පාඩම්වල තවත් ලිපි/පෝස්ට් හතරක් පහක් විතර දාන්නට තිබෙනවා. යම් ගැටලුවක් නිසා එය දැමීමට ප්‍රමාද වී තිබෙන අතර, පසුවට එය දැමීමට සිතාගෙන සිටිනවා. එනිසාම තුන්වැනි pdf එකත් තවම දැමිය නොහැකිය.

      මා බොහෝවිට න්‍යායයන් තමයි උගන්වන්නේ. ඊට හේතුව ප්‍රායෝගිකව සිදු කර කර ටෙස්ට් කරමින් ඒවා සිදු කරන්නට ගියොත් මට වසරකට පොතක් දෙකක් පමණයි ලිවිය හැකි වන්නේ. එහෙත් ඇත්තටම ඉගෙන ගන්න කෙනෙකු නම්, තමන් විසින්ම ඒවා අත්හදා බලන්න.මා ඉගෙන ගන්නා කාලයේ බොහෝ දේවල් ප්‍රායෝගිකව සිදු කර ඇත.

      මා මෙම පොත්වලින් බලාපොරොත්තු වන්නේ තම තමන් දැනුම ලබා ගෙන ඒ දැනුමින් තම තමන්ම ප්‍රායෝගික දේවල් නිපදවීමයි. යමෙකුට අවශ්‍ය වන්නේ වැඩ කරන යමක් නිපදවීමට පමණක් නම්, දැනටමත් අන්තර්ජාලයේ එවැනි පරිපථ හා අටවුම් පිලිබඳ රූප හා විස්තර ඕන තරම් තිබේ (ඉංග්‍රිසි දැනුම නැතිව වුවත් එවන් රූපයක් බලා ගෙන ඒවා සාදා ගැනීමට හැකියි).

      අනිවාර්යෙන්ම මා ලියූ සෑම පොතකම දෙවැනි සංස්කරණයක් පසුවට කරන අතර, එහිදී මා විසින් සිදුකර තිබෙන දෝෂද ඉවත් කරමින්, මා විසින්ම සකස් කළ රූපද ඇතුලත් කරමින්, මා විසින්ම ප්‍රායෝගිකව සාදන පරිපථ හා ඇටවුම්ද ඇතුලත් කරමින් ඒවා ප්‍රින්ට් කරනු ඇත.

      ප්‍රායෝගිකව සිදු කිරීම ඇත්තටම අපහසු නැත; නමුත් ඒ සඳහා කාලයද, මුදල්ද විශාල ලෙස වැය වේ.

      Delete
  3. තව දෙයක් පැවසීමට කැමතියි. ලංකාවේත් ලෝකයෙත් බහුතරයක් ආධුනික ශිල්පින් (ලංකාවේ නම් සියල්ලෝම කිව්වත් වරදක් නැති තරම්) කරන්නේ කඩෙන් උපකරණ මිලදී ගැනීමයි. සමහරුන් ඇන්ටනා පවා එලෙස මිල දී ගනී; නැතිනම් දන්නා අයකු ලවා සාදා ගනී.

    ඉලෙක්ට්‍රොනික්ස් විෂයට සම්බන්දව මා වෙනම පොත් කාණ්ඩයක් ලියමින් තිබෙන අතර, ප්‍රායෝගික නිර්මාන (යම් ප්‍රමාණයක්) මා පසුවට ලියන්නට බලාපොරොත්තු වන එම පොත් කාණ්ඩයේම පරිපථ සැලසුම්කරණය යටතේ ලිවීමට ඇත. ඔබ දකින යම් යම් පරිපථ කවුරුන් හෝ නිර්මාණය කරන්නට එපැයි. පරිපථ සැලසුම්කරණය තරමක් සංකීර්ණ විෂයකි. සියල්ලම ඔලුවේ මතක තබා ගනිමින්ද කළ නොහැකිය. සැබෑ ලෝකයේදී (පොඩි පොඩි පරිපථ හැරෙන්නට) පරිපථ සැලසුම් කරන්නේ, ඉන්පසුව ඒවා ටෙස්ට් කර නිපදවන්නේ ඉංජිනේරුවන් කණ්ඩායමක් එක්වයි. එනිසා තනියම වැඩ කරන හා එම වැඩවලින් එකදු රුපියලක්වත් නොලැබෙන (නොසොයන) මට මේවා ලිවීම විශාල අභියෝගයකි; ප්‍රායෝගික ගැටලු රාශියකට මාත් මුහුන දේ.

    ReplyDelete
  4. බොහොම ස්තූතියි ඔබට මේ කරනා සත්කාරයට නියමයි 👌👌👌👌👌

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

Let's Learn Sinhalese in English 16

Let’s learn how to work with numbers now. First memorize the following Sinhala words/sounds for numbers. There are nice and easy patterns just like in English. Only “eka siyaya” is slightly different because instead of “ek-“, it has “eka” (but still “ek-“ in prefix form is as same as “eka” both having the meaning of “one”).   1 - eka 2 - dheka 3 - thuna 4 - hathara 5 - paha 6 - haya 7 - hatha 8 - ata 9 – navaya /namaya 10 - dhahaya 11 - ekolaha 12 - dholaha 13 - dhahathuna 14 - dhahahathara 15 - pahalava 16 - dhahasaya 17 - dhahahatha 18 – dhaha-ata 19 - dhahanavaya 20 – vissa         (“ visi -”) 21 – visi-eka 22 – visi-dheka 23 – visi-thuna 24 – visi-hathara 25 – visi-paha 26 – visi-haya 27 – visi-hatha 28 – visi-ata 29 – visi-navaya 30 – thiha    ...