මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා. තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය. ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙම පොතෙහි “අතිරේකය - 1 ” බලා පළමුව එම හැකියාව ඇති කරගන්න. තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද? එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා. එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ. ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය. එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...
ඔබට බෙහෙවින් ස්තූතියි.... දීර්ඝායුෂ පතමි.....
ReplyDelete:)
Deleteප්‍රායෝගික පරීක්ෂණ මුකුත් නෑනේ. ඇන්ටනා බටයක් සාදාගන්න හැටි පමණි අත්තේ. ඒකත් ටිකක් තේරෙන්නෑ. :×[
ReplyDeleteප්‍රායෝගිකව එක එක උපකරණ සාදා ගන්නා හැටි දැම්මනම් වටිනවා. Ham 3 කල එළි දකින්නේ කවද්ද? :) දිගටම ලියන්න. ඔබට ජය !!!
ආධුනික ගුවන් විදුලි පාඩම්වල තවත් ලිපි/පෝස්ට් හතරක් පහක් විතර දාන්නට තිබෙනවා. යම් ගැටලුවක් නිසා එය දැමීමට ප්‍රමාද වී තිබෙන අතර, පසුවට එය දැමීමට සිතාගෙන සිටිනවා. එනිසාම තුන්වැනි pdf එකත් තවම දැමිය නොහැකිය.
Deleteමා බොහෝවිට න්‍යායයන් තමයි උගන්වන්නේ. ඊට හේතුව ප්‍රායෝගිකව සිදු කර කර ටෙස්ට් කරමින් ඒවා සිදු කරන්නට ගියොත් මට වසරකට පොතක් දෙකක් පමණයි ලිවිය හැකි වන්නේ. එහෙත් ඇත්තටම ඉගෙන ගන්න කෙනෙකු නම්, තමන් විසින්ම ඒවා අත්හදා බලන්න.මා ඉගෙන ගන්නා කාලයේ බොහෝ දේවල් ප්‍රායෝගිකව සිදු කර ඇත.
මා මෙම පොත්වලින් බලාපොරොත්තු වන්නේ තම තමන් දැනුම ලබා ගෙන ඒ දැනුමින් තම තමන්ම ප්‍රායෝගික දේවල් නිපදවීමයි. යමෙකුට අවශ්‍ය වන්නේ වැඩ කරන යමක් නිපදවීමට පමණක් නම්, දැනටමත් අන්තර්ජාලයේ එවැනි පරිපථ හා අටවුම් පිලිබඳ රූප හා විස්තර ඕන තරම් තිබේ (ඉංග්‍රිසි දැනුම නැතිව වුවත් එවන් රූපයක් බලා ගෙන ඒවා සාදා ගැනීමට හැකියි).
අනිවාර්යෙන්ම මා ලියූ සෑම පොතකම දෙවැනි සංස්කරණයක් පසුවට කරන අතර, එහිදී මා විසින් සිදුකර තිබෙන දෝෂද ඉවත් කරමින්, මා විසින්ම සකස් කළ රූපද ඇතුලත් කරමින්, මා විසින්ම ප්‍රායෝගිකව සාදන පරිපථ හා ඇටවුම්ද ඇතුලත් කරමින් ඒවා ප්‍රින්ට් කරනු ඇත.
ප්‍රායෝගිකව සිදු කිරීම ඇත්තටම අපහසු නැත; නමුත් ඒ සඳහා කාලයද, මුදල්ද විශාල ලෙස වැය වේ.
තව දෙයක් පැවසීමට කැමතියි. ලංකාවේත් ලෝකයෙත් බහුතරයක් ආධුනික ශිල්පින් (ලංකාවේ නම් සියල්ලෝම කිව්වත් වරදක් නැති තරම්) කරන්නේ කඩෙන් උපකරණ මිලදී ගැනීමයි. සමහරුන් ඇන්ටනා පවා එලෙස මිල දී ගනී; නැතිනම් දන්නා අයකු ලවා සාදා ගනී.
ReplyDeleteඉලෙක්ට්‍රොනික්ස් විෂයට සම්බන්දව මා වෙනම පොත් කාණ්ඩයක් ලියමින් තිබෙන අතර, ප්‍රායෝගික නිර්මාන (යම් ප්‍රමාණයක්) මා පසුවට ලියන්නට බලාපොරොත්තු වන එම පොත් කාණ්ඩයේම පරිපථ සැලසුම්කරණය යටතේ ලිවීමට ඇත. ඔබ දකින යම් යම් පරිපථ කවුරුන් හෝ නිර්මාණය කරන්නට එපැයි. පරිපථ සැලසුම්කරණය තරමක් සංකීර්ණ විෂයකි. සියල්ලම ඔලුවේ මතක තබා ගනිමින්ද කළ නොහැකිය. සැබෑ ලෝකයේදී (පොඩි පොඩි පරිපථ හැරෙන්නට) පරිපථ සැලසුම් කරන්නේ, ඉන්පසුව ඒවා ටෙස්ට් කර නිපදවන්නේ ඉංජිනේරුවන් කණ්ඩායමක් එක්වයි. එනිසා තනියම වැඩ කරන හා එම වැඩවලින් එකදු රුපියලක්වත් නොලැබෙන (නොසොයන) මට මේවා ලිවීම විශාල අභියෝගයකි; ප්‍රායෝගික ගැටලු රාශියකට මාත් මුහුන දේ.
බොහොම ස්තූතියි ඔබට මේ කරනා සත්කාරයට නියමයි 👌👌👌👌👌
ReplyDelete:)
Delete