Skip to main content

ටීආර්සී සුහද කොකා

අද දින මා පලමු වරට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිතා කළා. ඒ ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන කොමිසම් සභාවෙන් යම් තොරතුරක් ඉල්ලා සිටිමිනි. ඇත්තටම එහි සිටි තොරතුරු නිලධාරියා (information officer) වන සුජීවා රොඩ්‍රිගෝ ඉතාම ප්‍රියමනාප හා දිරිගන්නාසුලු ආකාරයෙන් කටයුතු කිරීම ඉතා සතුටුදායකය. ඇගේ එම උද්‍යෝගිමත් සහයෝගය මට අවශ්‍ය තොරතුරු ලබා දෙන තෙක් හා ඉන් පසුවත් පවතී යැයි විශ්වාස කරමි.

මා ඉල්ලා සිටි තොරතුරු වූයේ ජාතික සංඛ්‍යාත බෙදාදීමේ වගුවයි (National Frequency Allocation Table - NFAT). එය පොදු ලියවිල්ලකි (public document). අද වන තුරුත් එම තොරතුර මහජනයාට ලබා දී නැත. එම වගකීම නියාමන කොමිසම සතුය. තවද, ජාත්‍යන්තර සම්මුති - විශේෂයෙන් ජාත්‍යන්තර විදුලිසංදේශ සංගමය (International Telecommunications Union - ITU), අනුව ලංකාවේ නියාමන කොමිසම විසින් මෙම තොරතුර නිතිපතා ජාත්‍යන්තර සංගමයටද සැපයිය යුතුය.

එසේ වුවත්, කොමිසමේ සංඛ්‍යාත පරාස (spectrum management) භාරව කටයුතු කරන අධ්‍යක්ෂක (හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂ) ඉතාම දියාරු ප්‍රතිචාරයකි ඒ සම්බන්දව පෙන්වූයේ. කොමිසමේම තවත් නිලධාරියෙකුගේ කීම මත මා මුලින්ම තොරතුරු අයිතිවාසිකම යටතේ ඉල්ලීමක් ලෙස නොව, සුහදව එම තොරතුර ඔහුගෙන් ලබා ගැනීමට උත්සහ කළා.

පලමුව පැවසුවේ එය ඔවුන්ගේ වෙබ් අඩියේ පවතින බවයි.

එහෙත් එය තවම වෙබ් අඩවියේ නැති බව හේත්තු ගැන්වූ පසුව කියන්නට පටන් ගත්තේ, එවැනි ලියවිල්ලක් තවම කොමිසම විසින් සකස් කර නැති බවත්, තොරතුරු දැනගැනීමේ පනත අනුව එවැනි නැති ලියවිල්ලක් ලබා දීමට කොමිසම නෛතිකව බැඳී නොමැති බවයි.

එහෙත් එවැනි ලියවිල්ලක් ජාත්‍යන්තර සම්මුති ප්‍රකාරව පැවතිය යුතු බව මා පැවසූ විට, නැවත වෙනත් නැටුමක තාලයක් පෙන්වන්නට වුණි. එනම්, එවැනි ලියවිල්ලක් ඇති බවත්, එය මට ඕන විදියට (ෆෝමැට් එකට) නොව ඔවුන්ට ඕන විදියට පමණක් දිය හැකි බවත්ය. මං කිසිම විටක මට අවශ්‍ය විදියක් ගැන කිව්වේ නැතිවම, එවැන්නක් කීවේ තමන්ගේ හයිකාරකම පෙන්වීමට විය හැකිය.

මට මොන ෆෝමැට් එකින් ලැබුණත් ගැටලුවක් නැති බව පැවසූ විට, එය දිය නොහැකි බව හැඟවූයේ එම ලියවිල්ලේ දෝෂ තිබෙන බව පවසමිනි. එවැනි දෝෂ සහිත ලියවිල්ලක් දීමෙන් ඔවුන්ට ගැටලු ඇති විය හැකි බවයි.

තවද, දැනට එම දෝස ඉවත් කරමින් සිටින බවත් පැවසීය. ඒ සඳහා කොතරම් කාලයක් මා බලං සිටිය යුතුදැයි ඇසූ විට, එය කිව නොහැකි බවත්, ඒ සඳහා ඉන්නේ එක පුද්ගලයකු බවත් ඔහුද එය "පාට්ටයිම් එකේ" කරන බවයි. කුඩා ලියවිල්ලක් සෑදීමට මුංට මෙච්චර කල් යනවා නම්, ඊට වඩා බරපතල දෙයක් කිරීමට මෙවැනි කුසීත කුජීත නිලධාරින්ට හැකි වේවිද? සුහඳව ලබා ගත නොහැකි වීම නිසා, තොරතුරු දැනගැනීමේ නීතය යටතේ මවිසින් ලිඛිත ඉල්ලීමක් සිදු කළා.

ඇත්තටම ඔහුගේ ප්‍රතිචාරය මුල සිටම එය නොදෙන තැනටයි තිබුණේ. දැන් ඔහුගේ තර්ක අනුව විශාල වැරද්දක් ඔවුන් කර ඇත. එනම්, ඔවුන් ජාත්‍යන්තර සංගමයට යවා තිබෙන්නේ මෙතෙක් කල් බොරු ලියවිලිද? මා එය ජාත්‍යන්තර සංගමයෙන් විමසන්නට සිතා සිටිමි.

කොමිසම තුල එවැනි කුජීතයන් සිටින අතර, තවත් හොඳ නිලධාරින්ද සිටින බව මා අත්දැකීමෙන්ම දන්නවා. එනිසා මට අවශ්‍ය දත්තය ඉක්මනින් ලැබේවි යැයි බලාපොරොත්තුවෙන් සිටිමි.

Comments

Popular posts from this blog

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...