Skip to main content

ටීආර්සී සුහද කොකා

අද දින මා පලමු වරට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිතා කළා. ඒ ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන කොමිසම් සභාවෙන් යම් තොරතුරක් ඉල්ලා සිටිමිනි. ඇත්තටම එහි සිටි තොරතුරු නිලධාරියා (information officer) වන සුජීවා රොඩ්‍රිගෝ ඉතාම ප්‍රියමනාප හා දිරිගන්නාසුලු ආකාරයෙන් කටයුතු කිරීම ඉතා සතුටුදායකය. ඇගේ එම උද්‍යෝගිමත් සහයෝගය මට අවශ්‍ය තොරතුරු ලබා දෙන තෙක් හා ඉන් පසුවත් පවතී යැයි විශ්වාස කරමි.

මා ඉල්ලා සිටි තොරතුරු වූයේ ජාතික සංඛ්‍යාත බෙදාදීමේ වගුවයි (National Frequency Allocation Table - NFAT). එය පොදු ලියවිල්ලකි (public document). අද වන තුරුත් එම තොරතුර මහජනයාට ලබා දී නැත. එම වගකීම නියාමන කොමිසම සතුය. තවද, ජාත්‍යන්තර සම්මුති - විශේෂයෙන් ජාත්‍යන්තර විදුලිසංදේශ සංගමය (International Telecommunications Union - ITU), අනුව ලංකාවේ නියාමන කොමිසම විසින් මෙම තොරතුර නිතිපතා ජාත්‍යන්තර සංගමයටද සැපයිය යුතුය.

එසේ වුවත්, කොමිසමේ සංඛ්‍යාත පරාස (spectrum management) භාරව කටයුතු කරන අධ්‍යක්ෂක (හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂ) ඉතාම දියාරු ප්‍රතිචාරයකි ඒ සම්බන්දව පෙන්වූයේ. කොමිසමේම තවත් නිලධාරියෙකුගේ කීම මත මා මුලින්ම තොරතුරු අයිතිවාසිකම යටතේ ඉල්ලීමක් ලෙස නොව, සුහදව එම තොරතුර ඔහුගෙන් ලබා ගැනීමට උත්සහ කළා.

පලමුව පැවසුවේ එය ඔවුන්ගේ වෙබ් අඩියේ පවතින බවයි.

එහෙත් එය තවම වෙබ් අඩවියේ නැති බව හේත්තු ගැන්වූ පසුව කියන්නට පටන් ගත්තේ, එවැනි ලියවිල්ලක් තවම කොමිසම විසින් සකස් කර නැති බවත්, තොරතුරු දැනගැනීමේ පනත අනුව එවැනි නැති ලියවිල්ලක් ලබා දීමට කොමිසම නෛතිකව බැඳී නොමැති බවයි.

එහෙත් එවැනි ලියවිල්ලක් ජාත්‍යන්තර සම්මුති ප්‍රකාරව පැවතිය යුතු බව මා පැවසූ විට, නැවත වෙනත් නැටුමක තාලයක් පෙන්වන්නට වුණි. එනම්, එවැනි ලියවිල්ලක් ඇති බවත්, එය මට ඕන විදියට (ෆෝමැට් එකට) නොව ඔවුන්ට ඕන විදියට පමණක් දිය හැකි බවත්ය. මං කිසිම විටක මට අවශ්‍ය විදියක් ගැන කිව්වේ නැතිවම, එවැන්නක් කීවේ තමන්ගේ හයිකාරකම පෙන්වීමට විය හැකිය.

මට මොන ෆෝමැට් එකින් ලැබුණත් ගැටලුවක් නැති බව පැවසූ විට, එය දිය නොහැකි බව හැඟවූයේ එම ලියවිල්ලේ දෝෂ තිබෙන බව පවසමිනි. එවැනි දෝෂ සහිත ලියවිල්ලක් දීමෙන් ඔවුන්ට ගැටලු ඇති විය හැකි බවයි.

තවද, දැනට එම දෝස ඉවත් කරමින් සිටින බවත් පැවසීය. ඒ සඳහා කොතරම් කාලයක් මා බලං සිටිය යුතුදැයි ඇසූ විට, එය කිව නොහැකි බවත්, ඒ සඳහා ඉන්නේ එක පුද්ගලයකු බවත් ඔහුද එය "පාට්ටයිම් එකේ" කරන බවයි. කුඩා ලියවිල්ලක් සෑදීමට මුංට මෙච්චර කල් යනවා නම්, ඊට වඩා බරපතල දෙයක් කිරීමට මෙවැනි කුසීත කුජීත නිලධාරින්ට හැකි වේවිද? සුහඳව ලබා ගත නොහැකි වීම නිසා, තොරතුරු දැනගැනීමේ නීතය යටතේ මවිසින් ලිඛිත ඉල්ලීමක් සිදු කළා.

ඇත්තටම ඔහුගේ ප්‍රතිචාරය මුල සිටම එය නොදෙන තැනටයි තිබුණේ. දැන් ඔහුගේ තර්ක අනුව විශාල වැරද්දක් ඔවුන් කර ඇත. එනම්, ඔවුන් ජාත්‍යන්තර සංගමයට යවා තිබෙන්නේ මෙතෙක් කල් බොරු ලියවිලිද? මා එය ජාත්‍යන්තර සංගමයෙන් විමසන්නට සිතා සිටිමි.

කොමිසම තුල එවැනි කුජීතයන් සිටින අතර, තවත් හොඳ නිලධාරින්ද සිටින බව මා අත්දැකීමෙන්ම දන්නවා. එනිසා මට අවශ්‍ය දත්තය ඉක්මනින් ලැබේවි යැයි බලාපොරොත්තුවෙන් සිටිමි.

Comments

Popular posts from this blog

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත ...

ශ්‍රී ලංකා ජාතික ගීය හා කොඩිය (National Anthem and Flag of Sri Lanka)

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ දිගට පලල අනුපාතය හා වර්ණ පිලිවිතර පහත ආකාරයට තිබිය යුතුය. (The heigh to width aspect ratio and color specification of the National Flag (the Lion Flag) of Sri Lanka are as follows:) Height to Width Ratio – 1:2 Number of Colors – 4 (Golden Yellow, Green, Orange, Maroon) Color Specification – Golden Yellow                               hex: #FFBE29                               CMYK:   0, 0.254, 0.839, 0                                RGB: (255, 190, 41)           ...