Skip to main content

රාජපක්ක පිල්ලි

මේ දිනවල දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කරවීමේදී ප්‍රමාද වීම් ගැන විවිධ බහුජන පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා. එහි සත්‍යතාවක් ඇත. එහෙත් ඊට රජයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනුනු බවක් පෙනෙන්නට නැත. හිටි ගමන්ම නින්දෙන් අවදි වූවා සේ පජාත අලි රැල මේ ගැන කෑ ගසන්නේ කුප්‍රකට බැඳුම්කර මංකොල්ලය ගැන ජනපති විමර්ශන කොමිසමේ එලිදරව් නිසා "ගැහැනිගෙන්-අහන්න" රවීකේ බබාට සිදු වූ දේ නිසාය.

ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම අජූතයි හා කුජීතයි. නඩු අහනවාට වඩා කල් තැබීමයි සිදු වන්නේ. එයත් මාස ගණන් පස්සටයි. මනුෂ්‍යයන්ට ඇත්තටම දෙවැනි වරට අගතිය සිදු වන්නේ උසාවියෙනි. තමන් ඇත්තටම වරදකරු වුවත් නිර්දෝෂි වුවත්, නඩුවක් ඉතා දිගු කාලයක් පැවතීම ඔහුගේ හා පවුලේ උදවියගේ ජීවිතයට සිදු කරන අනිසි බලපෑම ඉතා අධිකය. ඒ ගැන විජ්ජවිජ්ජාලවලින් හෝ වෙනත් ආයතනවලින් ඇත්තටම සමීක්ෂණ කළ යුතුව ඇත. සමීක්ෂණ කළත් නැතත්, එම බලපෑමේ තරම ඕනෑම කෙනෙකුට සිතා ගත හැකිය.

නඩු මෙතරම් ඈතට කල් යන්නේ නඩුකරුවන්ගේ හා නීති අංශවල සිටින පිරිස අඩු නිසාය (තවත් හේතු තිබේ). එසේ නම්, රජය විසින් නව උසාවි හා නඩුකරුවන් වැඩි කළ යුතුය. රජයේ මූලික වගකීම එයයි. ඉඳහිට කොහේ හෝ මුල්ලක උසාවියක් විවෘත කර පුරසාරම් දොඩා මීට විසඳුම් දිය නොහැකිය. බුරුතු පිටින් උසාවි වැඩි කල යුතුය. වලත්ත ඇමතියන්ගේ රත ගාය හා රථගාය සඳහා කඩිනමින් පරිපූරක ඇස්තමේන්තුවලින් ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරන කාලකන්නි ආණ්ඩුවලට මෙවැනි අත්‍යවශ්‍ය දේ සඳහා ප්‍රතිපාදන නැතැයි කීමම විහිලුවකි.

මහෙන්ද්‍ර පර්සි රාජපක්ක හුතු-මානන්ගේ රෙජිමයේ සිටි කම්බ හොරු අල්ලන්න විශාල මෙන්ම බලවත් ජනවරමකිනුයි පවතින ආණ්ඩුව බලයට පත් වූයේ. ශීරන්තිගේ ලොකු අම්මාට මැනික් මලු දී අතුරුදහන් වී, නැවත එම මැනික් මල්ල ගෙන සල්ලි මල්ලක් ලබා දී ගිය ශක්‍රයා කවුදැයි උසාවියට තීරණය කිරීමට තවම බැරි වී ඇත. බැසිල්ගේ ගැහැනි විසින් සුභ නැකැත් බලවා, විශාල මන්දිර සාදා, ශුබ නැකතට තෙමේම උලුවස්ස පැන දැන් එම මන්දිර තමන්ගේ නොවන බව කියන විට, එතකොට අනුන්ගේ ගෙවල්වලට මෙතරම් මහන්සි වී වැඩ කටයුතු කළ ඇමති බිරින්දෑ ගැන උසාවියට තීරණය කිරීමට තවම බැරිය. ලක්ෂ පන්දහකට අධික රාජ්‍ය මුදලක් සිල් රෙදිවලට වියදම් කර මැතිවරණ අල්ලස් ලබා දුන් පර්සි රාජපක්කගේ ලේකම් වීරතුංගට සිදු වන දේ අපි බලාගෙන සිටිමු. රතුපස්වල රාජ්‍ය ත්‍රස්තවාදින් කළ ව්‍යසනය ගැන නඩුවේදී ගෝටාගේ බ්‍රිගේඩියර් ලොලු පැටියාට (දේශප්‍රිය නම් පාහරයාට) නීතිය ඉටුවන හැටි බලාගෙන සිටිමු. අවනඩු ලැයිස්තුව ඉතා දිගු වන අතර, ඒ සෑම දෙයක් ගැනම අපි කට ඇරගෙන බලාගෙන සිටිමු.

එහෙත් නඩු ඇසෙන බවක් නැත; කාර්තු ගණන් නඩු කල් යන බව නම් නිතර ඇසේ. මෙවැනි තත්වයක් තුල, විශේෂ අධිකරණ පිහිටුවා අඛණ්ඩ නඩු ඇසීම සිදු කළ යුතුය. ඉල්ලූ ජනවරම තුලද එසේ කරන බව පොරොන්දු වී තිබුණි. සියලු රාජ්‍ය ප්‍රතිපත්ති ජනවරමට යටත්ය. නීති රීති රෙගුලාසි, සම්ප්‍රදායන් සියල්ල ජනවරමට යටත්ය. එහෙත් අධිකරණ ඇමැත්තා තෙමේ නීති විශාරද යැයි හඟවා සිටියත්, එම සරල හා ප්‍රමූලික සිද්ධාන්තය අමතක කර ඇත. එය ඌට අමතක වී යැයි ඇත්තටම විශ්වාස කළ නොහැකිය. අනිවාර්යෙන්ම දූෂිතයන් පාදඩයන් ආරක්ෂා කිරීමේ කොන්ත්‍රාත්තුව ඌ විසින් ඉටු කරයි. ආණ්ඩුවේ මුල් කාලයේ සිටම ඍජුවත් වක්‍රවත් එය සිදු විය. ගෝටාව නීතිය මඟින් අත්අඩංගුවට ගැනීම වැලැක් වූයේ තමන් යැයි පුරසාරම් දෙඩෙව්වේ ඌය. ඇවන්ගාඩ් ආරක්ෂා කළේ ඌය.

ජන වරම හා ජන මතය මඳකට අමතක කර දැම්මත්, නීතිය අනුව රජයට විශේෂ අධිකරණ පැනවීමට බලය ඇත. එය නීතියට ඇඟිලි ගැසීමක් ලෙස දූෂිත අධිකරණ ඇමැත්තා පවසන්නේ ඒ හැර ඌට කියන්නට වෙන මොනවත් නැති නිසාය. නීතිය අනුව යමක් කිරීමට ප්‍රතිපාදන සලසා තිබේ නම්, එම ප්‍රතිපාදනය ක්‍රියාවට නැඟිමේ කිසිදු අනීතික බවක් නැත. සමහරවිට යුක්තිය/සාධාරණත්වය ගැන එහිදි කරුණු මතුවිය හැකිය (එවිට තත්කාරණය මත එය තීරණය වේ). තවද, සාමාන්‍ය හෝ විශේෂ හෝ අධිකරණ යනු අධිකරණමයි. එකම වෙනස නඩු ඉක්මනින් ඇසීමයි. එය කෙසේද අසාධාරණ වන්නේ? අයුක්තියක් සිදු වෙනවා නම්, එය සිදු වන්නේ නඩු කල් යෑම නිසා දුක් විඳින සෙසු ජනයාටයි. ඒ අයටත් එවිට පිටකොටුවට විත් අපේ නඩුත් කඩිනම් කරනු යැයි උද්ඝෝෂන කළ හැකියි. එහෙත් මහින්දට දාසකම් කරන විජේදාසට කිසිසේත් එය නඩු අසනු ලබන අයට අසාධාරණයක් සිදු වේ හෝ අධිකරණයට ඇඟිලි ගසනවා යැයි කිව නොහැකිය. නීති ප්‍රතිපාදනයක් ක්‍රියාත්මක කිරීම ඇඟිලි ගැසීමක් වන්නේ නැත.

ජනපතිද හැමදාම හිටගෙන එකම කතාව කියයි. එනම්, තමන්ට හිටං අන්තර්ජාලයෙන් ෆේස්බුක් එකෙන් සමාජ වෙබ්ජාලාවලින් හිටං හැමදාම බනිනවා හිටං කියා. ඒ බනින්නේ ඌ කන බොන ගැහැනිත් එකක් බුදියන එකේ වැරදි කියමින් නොවේ. තමන්ට ලැබුණු ජනවරම හරිහැටි ඉටු නොකර හිටං ඉන්න නිසාය. ජාතින් අතර සංහිඳියාවට හෝ රාජ්‍ය නායකයකයන්ට අතට අත දී නාකි ගැහැනුන්ගේ ග්ලවුස් නැති අත සිඹීම වැනි සිඟිති ආතල් ගැනීමට පමනක් නොවේ මිනිසුන් ජනපතියෙකු පත් කර ගත්තේ. ලබා දුන් පොරොන්දු ඉටු කිරීම ජනපතිගේ යුතුකමයි.

අදටත් විදුලි බල මණ්ඩලයේ අංක එකේ දූෂිතයා විදුලිබල අමාත්‍යංශ ලේකම් සුරේන්ය. ඌ අදටත් යහතින් සිටී. විදුලිබල මණ්ඩලයට අනුබද්ධව රාජ්‍ය ආයතන දුසිම් ගණනක් සදාගෙන කරන දූෂන අදටත් එලෙසම තිබේ. අමාත්‍යංශ ලේකම්වරු පත් කරන්නේ ජනපතිය. දින 100 ඇතුලත ගෙනනවා යැයි කි්‍යූ විගනන පනත තවම නැත. උගේ අම්මගේ විද්‍යානුකූලව අමාත්‍යංශ බෙදපු හැටි අප දුටුවා. දේශපාලන කප්පං ලෙස අමාත්‍යංශ හා යානවාහන පුදන හැටි අප කවුරුත් දුටුවා. අප්‍රියම කාරණය වන්නේ මේවා නතර කරනවා යැයි දිවුරා ආපු එවුන්ම ඒවා සිදු කිරීමයි. කවුරුත් අනතුරු හඟවා සිටියදීම මහා බැංකුවට එම අපරාදය සිදු වන තෙක් හිටං බලාගෙන සිට මුලු රටේම බලවත් ඉල්ලීම මත නොකර ඉන්න බැරි තැන කොමිසමක් ඇටෙව්වා. අඩුම ගානේ එම කොමිසමෙන් නැති වූ ජාතික ධනය නැවත අත්පත් කර ගත හැකි පුරුෂ ලිංගිකයකු වේදැයි අප බලාගෙන ඉන්නවා. සජින්වාස් වැනි අන්ත දූෂිතයන් ළං කර ගත්තේද ජනපතිය. මහින්දගේ ජංගි සුප් බීපු මාධ්‍යවේදියකු යැයි කියා ගන්නා මාධ්‍ය ගණිකාවක් තමන්ගේ ජනපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂක බවට පත් කර ගත්තේ තමන්ට ලැජ්ජාවක් නැති බව පෙන්වමිනි. මේ ආදි වශයෙන් දේශපාලන නපුංසකකමට බැනුම් අහන බව ඌට නොතේරේ. රවිකේ වගේ ඌත් බබා.

මා සිතන්නේ දැන් දේශපාලුවන්ට නැටීමට දුන් කාලය හොඳටම ඇතිය. රටට ආදරය කරන මිනිසුන් නීතිය හා දූෂිතයන්ගේ ජීවිත අයිතිය තම අතට ගැනීමට කාලය එළඹ ඇත. යුක්තිය ධර්මය වෙනුවෙන් සිදු කරන සිදු කරන ප්‍රචණ්ඩත්වය උත්තමයි.

Comments

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...