මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද? ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය. එය එතරම් අපහසු දෙයක්ද නොවේ. ඔබේ උනන්දුව හොඳින් තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය. මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්. මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි. එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය. කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා. පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට. ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ. එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි . මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා. ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත. එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි. එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා. ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි. එම අ...
niyamai
ReplyDeleteThank you!!!
:) onna ehi dewani ekath damma...
Deletethank you...
ReplyDelete:)
Deleteපීඩීඑෆ් එක දෙනකං ඉවසිල්ලක් නැතිව හිටියෙ.මේක නම් සුපිරියි. සුපිරි නිමාවක් එක්ක ලස්සන වැඩක්. මේ පීඩීඑෆ් හදන මෘදුකාංගය මොකක්ද? ඔබ වැඩ කරන්නෙ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මත ද? නොමිලේම දෙන එක ගැන හිස නමා ගරු කරමි.... සතියකට පාරක් මගේ කැමතිම බ්ලොග් වලට ගිහින් යාවත්කාලීන කරපු දේවල් කියවනව. මේ බ්ලොග් එක මාරම අධ්‍යාපනික වැඩක්... විශේෂයෙන් ගණිත පාඩම් , ඉලෙක්ට්‍රොනික්ස් , ලිනක්ස් ගැන එහෙම මං ආසාවෙන් කියෙව්ව. හැම පීඩීඑෆ් එකම මං බාගත කරගත්ත. මාර ලස්සන නිමාවක් තියනව පැහැදිලි සරල අන්තර්ගතයක් එක්ක. ඔබට දීර්ගායු වේවා.....
ReplyDelete-S.R.
:) මං පාවිච්චි කරන්නේ libreoffice package එකයි. ඒක නොමිලේ ලබා දෙන අති විශිෂ්ට ඔෆිස් පැකේජ් එකක්. එහි තිබෙනවා පීඩීඑෆ් ෆෝමැට් එකට සේව් (එක්ස්පෝට්) කළ හැකි පහසුකම.
Deleteමං ඔය දෙවර්ගයම භාවිතා කරනවා. දැන් නම් වින්ඩෝස් පාවිච්චි කරන්නේ මොකද ලිනක්ස් දමා තිබුණු පරිගනකය පිච්චුනා...