මෑතකදී මා මිල දී ගත් අව් කන්නාඩියේ ප්‍රමිතිය ගැන මට ගැටලුවක් ඇති විය. දැන් මා එම ගැටලුව මුලු මනින්ම විසඳා ගත් අතර, එහි ඇති වැදගත්කම නිසා ඒ ගැන කෙටි ලිපියක් ලියන්නට සිතුනා. සමහර අය සිතන්නේ අව් කන්නාඩි පලදින්නේ සෝබනේට බවයි. ඔව්, සෝබනේටත් එය පැලදිය හැකි අතර මා සිතන්නේ ලංකාවේ බොහෝ අය එය පලදින්නේ ඇත්තටම සෝබනේට තමයි මොකද ඔවුන් මිල දී ගන්නා අව් කන්නාඩියේ තිබිය යුතු වැදගත් අංග මොනවාද යන්න ගැන අවබෝධයක් නැති අතර, හුදෙක්ම එහි හැඩය ගැන පමනයි සලකන්නේ. පලමුව කිව යුත්තේ ප්‍රමිතිගත අව්කන්නාඩි පැලදීම ඇත්තටම ඉතාම හොඳ සෞඛ්‍යසම්පන්න පුරුද්දක් බව. ඊට හේතු කිහිපයක් තිබේ. එලිමහනේ යද්දී හෝ සිටිද්දී අපේ ඇසට සාමාන්‍ය ආලෝකයට පමනක් නොව පාරජම්බූල කිරන (ultraviolet rays - UV rays) පවා ඇතුලු වේ. පාරජම්බූල කිරන යනු ඇසට පමනක් නොව, බොහෝ දේවලට අහිතකර කිරණ විශේෂයකි (හරියට එක්ස්රේ වගේ දරුනුයි යැයි සිතන්න). ඉතිං, එක්ස් කිරණ මෙන්ම පාරජම්බූල කිරණද අපේ ඇසට කොතරම් ඇතුලු වුවත් අපට එය තේරෙන්නේ නැත (ඇස සංවේදී නැත). ඉතිං, පාරජම්බූල කිරණ ඇසට ඇතුලු වූ විට ඇසේ සුද මතු වේ. අද එය සුලභ රෝගයකි (බොහෝ අය කාච දමන්නේ එම රෝගය නිසාය). ඉති...
niyamai
ReplyDeleteThank you!!!
:) onna ehi dewani ekath damma...
Deletethank you...
ReplyDelete:)
Deleteපීඩීඑෆ් එක දෙනකං ඉවසිල්ලක් නැතිව හිටියෙ.මේක නම් සුපිරියි. සුපිරි නිමාවක් එක්ක ලස්සන වැඩක්. මේ පීඩීඑෆ් හදන මෘදුකාංගය මොකක්ද? ඔබ වැඩ කරන්නෙ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මත ද? නොමිලේම දෙන එක ගැන හිස නමා ගරු කරමි.... සතියකට පාරක් මගේ කැමතිම බ්ලොග් වලට ගිහින් යාවත්කාලීන කරපු දේවල් කියවනව. මේ බ්ලොග් එක මාරම අධ්‍යාපනික වැඩක්... විශේෂයෙන් ගණිත පාඩම් , ඉලෙක්ට්‍රොනික්ස් , ලිනක්ස් ගැන එහෙම මං ආසාවෙන් කියෙව්ව. හැම පීඩීඑෆ් එකම මං බාගත කරගත්ත. මාර ලස්සන නිමාවක් තියනව පැහැදිලි සරල අන්තර්ගතයක් එක්ක. ඔබට දීර්ගායු වේවා.....
ReplyDelete-S.R.
:) මං පාවිච්චි කරන්නේ libreoffice package එකයි. ඒක නොමිලේ ලබා දෙන අති විශිෂ්ට ඔෆිස් පැකේජ් එකක්. එහි තිබෙනවා පීඩීඑෆ් ෆෝමැට් එකට සේව් (එක්ස්පෝට්) කළ හැකි පහසුකම.
Deleteමං ඔය දෙවර්ගයම භාවිතා කරනවා. දැන් නම් වින්ඩෝස් පාවිච්චි කරන්නේ මොකද ලිනක්ස් දමා තිබුණු පරිගනකය පිච්චුනා...