Skip to main content

ආධුනික ගුවන් විදුලිය හා සන්නිවේදන තාක්ෂණය පළමු කොටස

ආධුනික ගුවන් විදුලිය හා සන්නිවේදන තාක්ෂණය ගැන කොටස් වශයෙන් පළ කළ ලිපි පෙලෙහි මුල් ලිපි ටික අළලා සකස් කරන ලද පාඩම් මාලාවේ පළමු කොටස පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකිය.

ham1.pdf download

Comments

  1. පීඩීඑෆ් එක දෙනකං ඉවසිල්ලක් නැතිව හිටියෙ.මේක නම් සුපිරියි. සුපිරි නිමාවක් එක්ක ලස්සන වැඩක්. මේ පීඩීඑෆ් හදන මෘදුකාංගය මොකක්ද? ඔබ වැඩ කරන්නෙ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මත ද? නොමිලේම දෙන එක ගැන හිස නමා ගරු කරමි.... සතියකට පාරක් මගේ කැමතිම බ්ලොග් වලට ගිහින් යාවත්කාලීන කරපු දේවල් කියවනව. මේ බ්ලොග් එක මාරම අධ්‍යාපනික වැඩක්... විශේෂයෙන් ගණිත පාඩම් , ඉලෙක්ට්‍රොනික්ස් , ලිනක්ස් ගැන එහෙම මං ආසාවෙන් කියෙව්ව. හැම පීඩීඑෆ් එකම මං බාගත කරගත්ත. මාර ලස්සන නිමාවක් තියනව පැහැදිලි සරල අන්තර්ගතයක් එක්ක. ඔබට දීර්ගායු වේවා.....
    -S.R.

    ReplyDelete
    Replies
    1. :) මං පාවිච්චි කරන්නේ libreoffice package එකයි. ඒක නොමිලේ ලබා දෙන අති විශිෂ්ට ඔෆිස් පැකේජ් එකක්. එහි තිබෙනවා පීඩීඑෆ් ෆෝමැට් එකට සේව් (එක්ස්පෝට්) කළ හැකි පහසුකම.

      මං ඔය දෙවර්ගයම භාවිතා කරනවා. දැන් නම් වින්ඩෝස් පාවිච්චි කරන්නේ මොකද ලිනක්ස් දමා තිබුණු පරිගනකය පිච්චුනා...

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දෙවැනි ගෝටාගමනය

මාලිමා ආණ්ඩුවක් පතමින් විශාල පිරිසක් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන බවක් පෙනෙන අතර, ඇත්තටම මට ආයේ මතක් වන්නේ ගෝඨාභය ජනපතිවරණයට තරග වදින කොට තිබුණු තත්වයමයි.  මාලිමාව ගෙඩි පිටින්ම කරන්නේ එකල රාජපක්කලා කරපු ප්‍රචාරණ වැඩපිලිවෙලමයි. එහෙත් කිසිදු විමසිල්ලක් නැති සිංහල තරුන වහල්ලු ජවිපෙ/මාලිමා රජයක් ආ විට බොහෝවිට ඇති විය හැකි දේවල් ගැන සිතා බලා තිබේද? ගෝඨාභය ඇන ගත් දේවල් අතර ලොකුවටම තිබුනේ විදෙස් විනිමය හිඟ වීමය. එම නිසා රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, බෙහෙත් හා තවත් අත්‍යවශ්‍ය දේ රටට ආනයනය කිරීමට බැරි විය. එනිසාම විදුලිය කපන්නට සිදු විය. තෙල් පෝලිම්වල වරුගනන් සිටින්නට සිදු විය. ඒ අත්දැකීම් එකින් එක නැවත මතක් කිරීමට අවශ්‍ය නැත මොකද අප එය හොඳටම විඳෙව්වෙමු.  එහෙත් එම අත්දැකීමට ආයේ මුහුන දීමට සිදු විය හැකි බවක් පෙනේ. කවදත් විදෙස් ණය වලින්ම විදෙස් ණය සේවාකරණය කරමින් සිටි ලංකාව මෑත ඉතිහාසයේ කිසිදා දේශීය නිෂ්පාදනය ඉහල දැමීමෙන් එම ණය ගෙවන තත්වයක සිටියේ නැත. එමනිසා නිරන්තරයෙන් අප විදෙස් ණය උගු​ලේ සිර වී සිටියා. මාලිමා රජයක් ආ සැනින් එම තත්වය කනපිට පෙරලෙන්නේ නැත. ඒ සඳහා වසර කිහිපයක් ගත වනු ඇත (ඔවුන් ...

අව් කන්නාඩියක් (sunglass) තෝර ගන්නා හැටි

මෑතකදී මා මිල දී ගත් අව් කන්නාඩියේ ප්‍රමිතිය ගැන මට ගැටලුවක් ඇති විය. දැන් මා එම ගැටලුව මුලු මනින්ම විසඳා ගත් අතර, එහි ඇති වැදගත්කම නිසා ඒ ගැන කෙටි ලිපියක් ලියන්නට සිතුනා. සමහර අය සිතන්නේ අව් කන්නාඩි පලදින්නේ සෝබනේට බවයි. ඔව්, සෝබනේටත් එය පැලදිය හැකි අතර මා සිතන්නේ ලංකාවේ බොහෝ අය එය පලදින්නේ ඇත්තටම සෝබනේට තමයි මොකද ඔවුන් මිල දී ගන්නා අව් කන්නාඩියේ තිබිය යුතු වැදගත් අංග මොනවාද යන්න ගැන අවබෝධයක් නැති අතර, හුදෙක්ම එහි හැඩය ගැන පමනයි සලකන්නේ. පලමුව කිව යුත්තේ ප්‍රමිතිගත අව්කන්නාඩි පැලදීම ඇත්තටම ඉතාම හොඳ සෞඛ්‍යසම්පන්න පුරුද්දක් බව. ඊට හේතු කිහිපයක් තිබේ. එලිමහනේ යද්දී හෝ සිටිද්දී අපේ ඇසට සාමාන්‍ය ආලෝකයට පමනක් නොව පාරජම්බූල කිරන (ultraviolet rays - UV rays) පවා ඇතුලු වේ. පාරජම්බූල කිරන යනු ඇසට පමනක් නොව, බොහෝ දේවලට අහිතකර කිරණ විශේෂයකි (හරියට එක්ස්රේ වගේ දරුනුයි යැයි සිතන්න). ඉතිං, එක්ස් කිරණ මෙන්ම පාරජම්බූල කිරණද අපේ ඇසට කොතරම් ඇතුලු වුවත් අපට එය තේරෙන්නේ නැත (ඇස සංවේදී නැත). ඉතිං, පාරජම්බූල කිරණ ඇසට ඇතුලු වූ විට ඇසේ සුද මතු වේ. අද එය සුලභ රෝගයකි (බොහෝ අය කාච දමන්නේ එම රෝගය නිසාය).  ඉති...

ලංකාවේ දේශපාලන පවුල්

තරමක ඕපාදූපයක් ගැන ලියන්නට හිතුනා. මේක දේශපාලන ඔපාදූපයක්. ලංකා දේශපාලනය හැඩගැස්වීමට (හොඳට නරකට) මූලික වූ දේශපාලන චරිත හා පරම්පරා කිහිපයක තොරතුරු ටිකක් ගැනයි මේ සටහන. ඔවුන් එකිනෙකා නෑයෝ. අන්න ඒ නෑදෑකම් ගැන පමනයි මා මෙහිදි සටහන් කරන්නට සිතන්නේ. සේනානායක, බණ්ඩාරනායක, ඔබේසේකර, විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල ආදී පරම්පරා අතර තිබෙන නෑ සබඳතා ගැනයි මේ විමසුම. එහෙත් ඒ ගැන ලිවීමට පෙර මේ මොහොතේ සමාජ මාධ්‍ය තුල පක්ෂ විපක්ෂව කතා කෙරෙන ජනපති අනුර හා පිරිසගේ විදෙස් සංචාර වියදම හා ඊට සාපේක්ෂව හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාරක වියදම ගැනත් කෙටියෙන් සටහනක් තැබීමට කැමතියි. හිටපු ජනපතිවරුන්ගේ, විශේෂයෙන් මහින්ද රාජපක්කගේ විදෙස් සංචාර ගැන අපට ඇත්තටම ඇත්තේ පිලිකුලකි. උන් රටේ දුප්පත් ජනයාගේ වියදමින් එම ගමන් බිමන් ගියේ හා විනෝද වුනේ ධනවත් කුවේරයන් මෙනි. ඒ ගැන තිබෙන පිලිකුල එලෙසම නොවෙනස්ව තිබේ. ඊට සාපේක්ෂව අනුර කුමාරගේ වියදම රුපියල් ලක්ෂ 18ක් බව පැවසේ. මේ ගැන චාමර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කලා. අනුරට බාගේ ටිකට් කඩලද දන්නේ නැහැ යනුවෙන් ඔහු කල හාස්‍යජනක ප්‍රකාශය ඇත්තටම ඇසිය යුතු ඉතාම නිවැරදි ප්‍රකාශයය...