ආධුනික ගුවන් විදුලිය හා සන්නිවේදන තාක්ෂණය දෙවැනි කොටස


ආධුනික ගුවන් විදුලිය හා සන්නිවේදන තාක්ෂණය ගැන කොටස් වශයෙන් පළ කළ ලිපි පෙලෙහි මුල් ලිපි ටික අළලා සකස් කරන ලද පාඩම් මාලාවේ දෙවැනි කොටස පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකිය.

ham2.pdf download

Comments

  1. ඔබට බෙහෙවින් ස්තූතියි.... දීර්ඝායුෂ පතමි.....

    ReplyDelete
  2. ප්‍රායෝගික පරීක්ෂණ මුකුත් නෑනේ. ඇන්ටනා බටයක් සාදාගන්න හැටි පමණි අත්තේ. ඒකත් ටිකක් තේරෙන්නෑ. :×[

    ප්‍රායෝගිකව එක එක උපකරණ සාදා ගන්නා හැටි දැම්මනම් වටිනවා. Ham 3 කල එළි දකින්නේ කවද්ද? :) දිගටම ලියන්න. ඔබට ජය !!!

    ReplyDelete
    Replies
    1. ආධුනික ගුවන් විදුලි පාඩම්වල තවත් ලිපි/පෝස්ට් හතරක් පහක් විතර දාන්නට තිබෙනවා. යම් ගැටලුවක් නිසා එය දැමීමට ප්‍රමාද වී තිබෙන අතර, පසුවට එය දැමීමට සිතාගෙන සිටිනවා. එනිසාම තුන්වැනි pdf එකත් තවම දැමිය නොහැකිය.

      මා බොහෝවිට න්‍යායයන් තමයි උගන්වන්නේ. ඊට හේතුව ප්‍රායෝගිකව සිදු කර කර ටෙස්ට් කරමින් ඒවා සිදු කරන්නට ගියොත් මට වසරකට පොතක් දෙකක් පමණයි ලිවිය හැකි වන්නේ. එහෙත් ඇත්තටම ඉගෙන ගන්න කෙනෙකු නම්, තමන් විසින්ම ඒවා අත්හදා බලන්න.මා ඉගෙන ගන්නා කාලයේ බොහෝ දේවල් ප්‍රායෝගිකව සිදු කර ඇත.

      මා මෙම පොත්වලින් බලාපොරොත්තු වන්නේ තම තමන් දැනුම ලබා ගෙන ඒ දැනුමින් තම තමන්ම ප්‍රායෝගික දේවල් නිපදවීමයි. යමෙකුට අවශ්‍ය වන්නේ වැඩ කරන යමක් නිපදවීමට පමණක් නම්, දැනටමත් අන්තර්ජාලයේ එවැනි පරිපථ හා අටවුම් පිලිබඳ රූප හා විස්තර ඕන තරම් තිබේ (ඉංග්‍රිසි දැනුම නැතිව වුවත් එවන් රූපයක් බලා ගෙන ඒවා සාදා ගැනීමට හැකියි).

      අනිවාර්යෙන්ම මා ලියූ සෑම පොතකම දෙවැනි සංස්කරණයක් පසුවට කරන අතර, එහිදී මා විසින් සිදුකර තිබෙන දෝෂද ඉවත් කරමින්, මා විසින්ම සකස් කළ රූපද ඇතුලත් කරමින්, මා විසින්ම ප්‍රායෝගිකව සාදන පරිපථ හා ඇටවුම්ද ඇතුලත් කරමින් ඒවා ප්‍රින්ට් කරනු ඇත.

      ප්‍රායෝගිකව සිදු කිරීම ඇත්තටම අපහසු නැත; නමුත් ඒ සඳහා කාලයද, මුදල්ද විශාල ලෙස වැය වේ.

      Delete
  3. තව දෙයක් පැවසීමට කැමතියි. ලංකාවේත් ලෝකයෙත් බහුතරයක් ආධුනික ශිල්පින් (ලංකාවේ නම් සියල්ලෝම කිව්වත් වරදක් නැති තරම්) කරන්නේ කඩෙන් උපකරණ මිලදී ගැනීමයි. සමහරුන් ඇන්ටනා පවා එලෙස මිල දී ගනී; නැතිනම් දන්නා අයකු ලවා සාදා ගනී.

    ඉලෙක්ට්‍රොනික්ස් විෂයට සම්බන්දව මා වෙනම පොත් කාණ්ඩයක් ලියමින් තිබෙන අතර, ප්‍රායෝගික නිර්මාන (යම් ප්‍රමාණයක්) මා පසුවට ලියන්නට බලාපොරොත්තු වන එම පොත් කාණ්ඩයේම පරිපථ සැලසුම්කරණය යටතේ ලිවීමට ඇත. ඔබ දකින යම් යම් පරිපථ කවුරුන් හෝ නිර්මාණය කරන්නට එපැයි. පරිපථ සැලසුම්කරණය තරමක් සංකීර්ණ විෂයකි. සියල්ලම ඔලුවේ මතක තබා ගනිමින්ද කළ නොහැකිය. සැබෑ ලෝකයේදී (පොඩි පොඩි පරිපථ හැරෙන්නට) පරිපථ සැලසුම් කරන්නේ, ඉන්පසුව ඒවා ටෙස්ට් කර නිපදවන්නේ ඉංජිනේරුවන් කණ්ඩායමක් එක්වයි. එනිසා තනියම වැඩ කරන හා එම වැඩවලින් එකදු රුපියලක්වත් නොලැබෙන (නොසොයන) මට මේවා ලිවීම විශාල අභියෝගයකි; ප්‍රායෝගික ගැටලු රාශියකට මාත් මුහුන දේ.

    ReplyDelete
  4. බොහොම ස්තූතියි ඔබට මේ කරනා සත්කාරයට නියමයි 👌👌👌👌👌

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1