මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...
ඔබට බෙහෙවින් ස්තූතියි.... දීර්ඝායුෂ පතමි.....
ReplyDelete:)
Deleteප්‍රායෝගික පරීක්ෂණ මුකුත් නෑනේ. ඇන්ටනා බටයක් සාදාගන්න හැටි පමණි අත්තේ. ඒකත් ටිකක් තේරෙන්නෑ. :×[
ReplyDeleteප්‍රායෝගිකව එක එක උපකරණ සාදා ගන්නා හැටි දැම්මනම් වටිනවා. Ham 3 කල එළි දකින්නේ කවද්ද? :) දිගටම ලියන්න. ඔබට ජය !!!
ආධුනික ගුවන් විදුලි පාඩම්වල තවත් ලිපි/පෝස්ට් හතරක් පහක් විතර දාන්නට තිබෙනවා. යම් ගැටලුවක් නිසා එය දැමීමට ප්‍රමාද වී තිබෙන අතර, පසුවට එය දැමීමට සිතාගෙන සිටිනවා. එනිසාම තුන්වැනි pdf එකත් තවම දැමිය නොහැකිය.
Deleteමා බොහෝවිට න්‍යායයන් තමයි උගන්වන්නේ. ඊට හේතුව ප්‍රායෝගිකව සිදු කර කර ටෙස්ට් කරමින් ඒවා සිදු කරන්නට ගියොත් මට වසරකට පොතක් දෙකක් පමණයි ලිවිය හැකි වන්නේ. එහෙත් ඇත්තටම ඉගෙන ගන්න කෙනෙකු නම්, තමන් විසින්ම ඒවා අත්හදා බලන්න.මා ඉගෙන ගන්නා කාලයේ බොහෝ දේවල් ප්‍රායෝගිකව සිදු කර ඇත.
මා මෙම පොත්වලින් බලාපොරොත්තු වන්නේ තම තමන් දැනුම ලබා ගෙන ඒ දැනුමින් තම තමන්ම ප්‍රායෝගික දේවල් නිපදවීමයි. යමෙකුට අවශ්‍ය වන්නේ වැඩ කරන යමක් නිපදවීමට පමණක් නම්, දැනටමත් අන්තර්ජාලයේ එවැනි පරිපථ හා අටවුම් පිලිබඳ රූප හා විස්තර ඕන තරම් තිබේ (ඉංග්‍රිසි දැනුම නැතිව වුවත් එවන් රූපයක් බලා ගෙන ඒවා සාදා ගැනීමට හැකියි).
අනිවාර්යෙන්ම මා ලියූ සෑම පොතකම දෙවැනි සංස්කරණයක් පසුවට කරන අතර, එහිදී මා විසින් සිදුකර තිබෙන දෝෂද ඉවත් කරමින්, මා විසින්ම සකස් කළ රූපද ඇතුලත් කරමින්, මා විසින්ම ප්‍රායෝගිකව සාදන පරිපථ හා ඇටවුම්ද ඇතුලත් කරමින් ඒවා ප්‍රින්ට් කරනු ඇත.
ප්‍රායෝගිකව සිදු කිරීම ඇත්තටම අපහසු නැත; නමුත් ඒ සඳහා කාලයද, මුදල්ද විශාල ලෙස වැය වේ.
තව දෙයක් පැවසීමට කැමතියි. ලංකාවේත් ලෝකයෙත් බහුතරයක් ආධුනික ශිල්පින් (ලංකාවේ නම් සියල්ලෝම කිව්වත් වරදක් නැති තරම්) කරන්නේ කඩෙන් උපකරණ මිලදී ගැනීමයි. සමහරුන් ඇන්ටනා පවා එලෙස මිල දී ගනී; නැතිනම් දන්නා අයකු ලවා සාදා ගනී.
ReplyDeleteඉලෙක්ට්‍රොනික්ස් විෂයට සම්බන්දව මා වෙනම පොත් කාණ්ඩයක් ලියමින් තිබෙන අතර, ප්‍රායෝගික නිර්මාන (යම් ප්‍රමාණයක්) මා පසුවට ලියන්නට බලාපොරොත්තු වන එම පොත් කාණ්ඩයේම පරිපථ සැලසුම්කරණය යටතේ ලිවීමට ඇත. ඔබ දකින යම් යම් පරිපථ කවුරුන් හෝ නිර්මාණය කරන්නට එපැයි. පරිපථ සැලසුම්කරණය තරමක් සංකීර්ණ විෂයකි. සියල්ලම ඔලුවේ මතක තබා ගනිමින්ද කළ නොහැකිය. සැබෑ ලෝකයේදී (පොඩි පොඩි පරිපථ හැරෙන්නට) පරිපථ සැලසුම් කරන්නේ, ඉන්පසුව ඒවා ටෙස්ට් කර නිපදවන්නේ ඉංජිනේරුවන් කණ්ඩායමක් එක්වයි. එනිසා තනියම වැඩ කරන හා එම වැඩවලින් එකදු රුපියලක්වත් නොලැබෙන (නොසොයන) මට මේවා ලිවීම විශාල අභියෝගයකි; ප්‍රායෝගික ගැටලු රාශියකට මාත් මුහුන දේ.
බොහොම ස්තූතියි ඔබට මේ කරනා සත්කාරයට නියමයි 👌👌👌👌👌
ReplyDelete:)
Delete