විෂම අනුකලය විෂම අනුකලය (improper integral) යනු නිශ්චිත අනුකලයේදී මතු වන සුවිශේෂි තත්වයකි . සාමාන්‍යයෙන් නිශ්චිත අනුකල ප්‍රකාශයක් සුලු කර අවසන් වූවාට පසුව අපට යම් නිශ්චිත අගයක් ( හෙවත් නිශ්චිත වර්ගඵලයක් ) ලැබෙනවානෙ . එහෙත් යම් හේතු නිසා නිශ්චිත අනුකල ප්‍රකාශය සුලු කළ පසුත් අවසන් අගය නිශ්චිත නොවන අවස්ථා ඇත . විෂම අනුකලය යොදන්නට සිදු වන්නේ එබදු අවස්ථාලය . ප්‍රධාන ලෙස මෙවැනි අවස්ථා දෙකක් ඇත . ඔබ දැන් දන්නවා නිශ්චිත අනුකල ප්‍රකාශයක් සුලු කිරීමේදී පියවරවල් දෙකක් තිබෙනවා . පළමු පියවරේදී අනිශ්චිත අනුකල සුලු කිරීමකුයි සිදු වන්නේ ( දෙවැනි පියවරේදී නිශ්චිත පරාසයේ අගයන් දෙක ඊට ආදේශ කිරීම සිදු වෙනවා ). මෙම පළමු පියවරේදී ලැබෙන්නේද ශ්‍රිතයක්නෙ . ඉතිං අනුකලයේ දක්වා ඇති පරාසය තුළ , සමහර ශ්‍රිත අසන්තතික (discontinuous) විය හැකියි . පහත රූපය බලන්න . ඉහත රූපයේ දැක්වෙන්නේ අනුකලනයට භාජනය වන යම් ශ්‍රිතයක ප්‍රස්ථාරයකි . එහි x=2 වන විට ප්‍රස්ථාරය කැඩී / අසන්තතික වී ඇත . දැන් පෙන්වා ඇති පරිදි 2 යන අවස්ථාවත් ඇතුලත් වන පරිදි යම් x අගය පරාසයක වර්ගඵලය ( එනම් නිශ්චිත අනුකලය ) සොයන විට ගැටලුවක්...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025