යාතුකර්මයේදී ඉල්ලා අස් වන මොඩර්න් පෙරේතයෝ

අද ඔනරබල් රවීකේ එම්පී ඇමතිකමින් ඉල්ලා අස් විය. අපරාදේ කියල හිතෙනවා හිටං හිටංගේ විද්‍යාත්මක විෂය බෙඳීමට අනුව ලොතරැයි මණ්ඩල දෙක විදෙස් අමාත්‍යංශයට පූට්ටු කළේ රටේ බොහෝ නොසන්සුන්තා ඇති කරමින්.

ලංකාවේ සිදු වූයේ පුදුම ඉල්ලා අස්වීමකි. ඌගේ පස්ස පැත්තට පයින් ගා කනෙන් අල්ලා එලියට නොදැම්මා විතරය. හිරිකිතයක් නැති සක්කිලි දේශපාලුවන්ව එලෙස ලෙහෙසියෙන් එලවා දැමිය නොහැකි බවයි මෙයින් ගත යුතු පාඩම.

බැඳුම්කර සිද්ධියේදී කිසිදු අවනීතියක් ඉටු වී නැතැයි ඒ කාලේ පොතක් ලියූ මහා ලේකක, තමන්ගේ එක ගෙයක කාමර 10ක්ද අනෙක් ගෙදරක කාමර 8ක්ද තිබෙනවා යැයි මාධ්‍යයේ පාරම්බාන (හෝ උම්බෑ ගාන?) එම්පී සේනසිංහ තවත් පොතක් ලියයිද දන්නේ නැහැ දැන් ඩබ්.ඒ. සිල්වාගේ විජයබා කොල්ලයට නොදෙවෙනි වන, මහාබැංකු කොල්ලය කියා. සමහරෙකු චෝදනා කරන්නේ මූටත් ඇලෝසියස්ගෙන් තවත් ගෙයක් ලැබුණු බවයි (මූ මටත් අපහස නඩුවක් දායිද දන්නේ නැහැ ට්‍රිලියනයක් විතර ඉල්ලලා).

මං හිතන්නේ අද ඉඳන් අපි තොවිලයක් යාතුකර්මයක් සිදු කර ආතුරයෙකුට වැහිච්ච පෙරේතයකු එලවා දමන විට, පෙරේතයා ඉල්ලා අස් වෙනවා යැයි ව්‍යවහාර කරමු එලවා දමනවා යැයි කියනවා වෙනුවට, ඔනරබල් රවීකේට ගෞරව පිණිස. මූව ඉතිහාස ගත කළ යුතු හොඳම ක්‍රමය එයයි.


Comments

  1. Nadut hamuduruwange badut hamuduruwange...

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1