Proposal to Reform the United Nations Preamble It is obvious that the current United Nations is not democratic and fair because it is effectively controlled by the five States which have the veto power. Even to amend it to become a better democratic global institution is impossible because the Security Council stops such process. This situation must be stopped at any cost. The vast majority of the Member states are deprived of their equitable place and dignity in this present system. Therefore, they must be prepared to be brave and smart enough to re-form a new United Nations, if the existing system is not willing to be reformed in better and democratic way. 1. A new UN Charter should be adopted based on the current Charter with amendments to include the proposed changes herewith. 2. The functional and administrative organizational hierarchy should be as follows. 3. The General Assembly (UNGA) shall be made the apex body of the UN, and all other arms/of
ස්වයං කතාව (self talk)
එක්තරා
ආකාරයකින් ජීවිතය යනුද පරිගණක
වැඩසටහනක් බදුය.
ඊයේ
මා මිතුරෙකුට මෙලෙස ප්‍රකාශ
කළ විට, ඔහු
ඊට විමතියෙන් එකවර ප්‍රතිචාර
දැක්වූයේ ඒ කියන්නේ ජීවිතයේ
සියල්ලම සිදු වන්නේ පෙර (කා
විසින් හෝ)
සකසන
ලද උපදෙස්/නියෝග
මාලාවකටද යනුවෙන් අසමින්.
නැහැ,
මා
ඉන් අදහස් කළේ ඉරණම (fate/destiny)
අනුව
සියල්ල සිදු විය යුතු බව නොවේ.
එහෙත්
ඔබේ මේ මොහොතේ උරුමව ඇති ජීවිතයට
සියයට සියයක් නොවූවත් වැඩි
ප්‍රතිශතයකින් වගකිව යුතු
වන්නේ ඔබේ ජීවිතයේ පවතින
එක්තරා "ප්‍රෝග්‍රෑම්
එකක්" වේ.
ස්වයං
කතාවට එන්නට පෙර මදක් අප එය
විමසා බලමු.
ජීව
විද්‍යාව අනුව,
ගස්වැල්
සතුන් මිනිසුන් සියල්ලෙහිම
වැදගත් ලක්ෂණයක් වන්නේ ජාන
(gene)
පැවතීමයි.
ඒ
ඒ ජීවියා තුළ පවතින ජාන සැකැස්ම
අනුව ඒ ඒ ජීවියාගේ බොහෝ ගති
ලක්ෂණ තීරණය වේ.
අඹ
ගසකින් පැපොල් ගසක් වෙනස්
වන්නේ කෙලෙසද,
එලෙසම
වඳුරෙකුගෙන් මිනිසා වෙනස්
වන්නේද මෙම ජාන වෙනසක්කම්
නිසාය.
එලෙසම,
එක්
අඹ වර්ගයකින් තවත් අඹ වර්ගයක්
(රසෙන්,
පෙනුමෙන්,
ගෙඩියේ
ප්‍රමාණයෙන් ආදිය)
වෙනස්
වන්නේ කෙලෙසද,
එලෙසම
එක් මනුස්සයකුගෙන් තවත්
මනුස්සයෙක් වෙනස් වන්නේද මෙම
ජාන වෙනස්කම් නිසාය.
(අප
මූලිකව මනුස්සයන් ගැන පමණක්
මෙම ලිපියෙන් කතා කරමු.)
මේ
අනුව පළමු වටයේදී අපගේ ගතිගුණ
තීරණය වී හෙවත් ප්‍රෝග්‍රෑම්
වී හමාරය.
එය
සිදු කළේ ජාන මගිනි.
මෙම
ප්‍රෝග්‍රෑම් එක වෙනස් කිරීමට
(තවමත්
පවතින විද්‍යා තාක්ෂණය අනුව)
අපහසුය.
එහෙත්
ජානවල සුවිශේෂිතා නිසා ඉතා
දක්ෂ මෙන්ම ඉතාම මෝඩ මිනිසුන්
බිහි විය හැකියි.
ජීවිතයේ
යම් යම් ගුණ ඉතා කදිම ධණාත්මක
ආකාරයට මෙන්ම ඉතා ඍණාත්මක
ආකාරයට ජාන නිසා ඇති විය හැකිය.
මෙම
තත්වය ජානමය නැඹුරුතාව (genetic
predisposition) ලෙස
හැඳින්විය හැකි අතර ඊට ඔබට
කරන්නට දෙයක්ද නැත.
එය
ඉබේ සිදු වෙන දෙයකි.
එහෙත්
මනුස්සයයන් මෙම ජානමය නැඹුරුතාව
නිසා ඉතා හොඳ හෝ ඉතා නරක අන්ත
දෙක තුළ උපත ලබන්නේ සාපේක්ෂව
සුළු පිරිසකි.
වැඩි
හරියක්ම සිටින්නේ මෙම අන්ත
දෙක මැදය.
එනම්
ජානමය නැඹුරුතාව අපට පහසුවෙන්
නොසලක් හැරිය හැකියි.
එය
ක්‍රීඩා කිරීමට සම තරග බිමක්
බදුය. තමන්ම
ගොඩනඟා ගන්නා දක්ෂතා මත තරග
කිරීමට ඔබට සිදු වනු ඇත.
ඇත්තටම
එය හොඳ දෙයකි.
ස්වභාව
ධර්මයා හැම කෙනාටම එකම අයුරින්
සලකන්නට උත්සහ කරන බවක් ඉන්
පෙනේ.
එමෙන්ම
දෙවැනි වටයකින් නැවත මනුස්සයා
ප්‍රෝග්‍රෑම් වේ.
එය
නම්, තමන්
මීට පෙර කළ කී දේවල්,
පුරුදු
පුහුණු වෙච්ච දේවල්,
සිතූ
පැතූ හැටි,
අත්දැකීම්
හා අධ්‍යාපනය ආදී දේ මගිනි.
ඔබ
අද ඔය සිටින විදියට සිටින්නේ
මෙන්න මෙම ප්‍රෝග්‍රෑම්
එක නිසයි.
උඳු
වැපුරුවොත් උඳු ලැබේ;
තල
වැපුරුවොත් තල ලැබේ.
එලෙසම
ඔබේ අතීතයේ ක්‍රියාකාරිත්වයන්ගේ
බලපෑම නිරතුරුවම ඔබට මත්තට
ලැබේ. මනෝ
හා් මෝහන විද්‍යාවන් අනුව
ඔබේ අතීතයේ පෙර සඳහන් කළ ලෙසම,
අධ්‍යාපනය,
අත්දැකීම්,
කළ
කී දේවල් ආදිය නිසා ඒවායේ
සියලු මතකයන් යටි සිතේ ගබඩා
වේ. ඒවා
නිකංම ගබඩා වී පවතින්නේ නැත.
එම
ගබඩා වී පවතින මතකයන් ඔබේ සිත
කය වචනය යන සියලු ආකාරයේ
ක්‍රියාවන්ට බලපෑම් එල්ල
කරයි. එම
බලපෑම යහපත් ධණාත්මක ආකාරයෙන්
පවතී නම් එය සතුටට හා යහපතට
හේතුවක් වුවත්,
බොහෝ
විට අපට ඇත්තේ අයහපත් ඍණාත්මක
බලපෑමකි.
ඇත්තටම
ඔබේ ජීවිත තරගය ජයග්‍රහණය කළ
යුත්තේ මෙන්න මෙම දෙවැනි වටයේ
ප්‍රෝග්‍රෑම්
එක වෙනස් කර ගැනීමෙනි.
උදාහරණ
කිහිපයක් බලමු.
ඔබ
යම් ක්‍රමයකින් සිගරට් බොන්නට
පුරුදු වුවොත්,
ඉන්
ඔබේ ජීවිතයට බාධාවක් ඇති වේ.
ඔබ
පොත්පත් කියවීමේ පුරුද්දක්
ඇති කර ගත්තොත් ඉන් ජීවිතයට
ආලෝකයක් ලැබේ.
කෙනෙකු
සිගරට් බොන්නටත්,
කෙනෙකු
පොත් කියවන්නටත්,
තවත්
කෙනෙකු තවත් දේවල් කිරීමට
පෙළඹවීම ගැන සිතා බලන්න.
මේ
සියල්ලටම හේතුව කවුරුන් හෝ
(දෙවියන්
විසින් හෝ)
පෙර
සකස් කළ වෙනස් කළ නොහැකි ඉරණම
හෝ කර්මය නොවේ.
ඒවා
සියල්ලම ඔබ විසින්ම පෙර දවසක
සකස් කර ගත් පුරුදු වේ.
මිනිසුන්
යම් යම් හොඳ හෝ නරක පුරුදු හා
ජීවන රටාවන් ගත කිරීම පිළිබඳ
පර්යේෂණ සිදු කර ඇත.
සියලු
ප්‍රශ්න සඳහා අතීත හේතුවක්
සොයාගත හැකි බව තහවුරු වී ඇත.
ඔබට
එම අතීත සිදුවීම එදා සිදු
නොවූවා නම් අද එම පුරුද්ද හෝ
තත්වය ඇති වන්නේ නැත.
එම
සිදුවීම නිකංම සිදුවීමක්
වූවා නම්,
ඉන්
ජීවිතයට මෙතරම් බලපෑමක් ඇත්
වන්නට බැහැ නේද?
ඒ
කියන්නේ අතීත සිදුවීම් නිකංම
සිදුවීම් නොවන බවයි.
ඒවා
යටි සිතේ ගබඩා වී ඔබේ අනාගත
ක්‍රියාකාරකම්වලට බලපෑම්
කරන අනාගත ජීවිතය සකස් කරන
ප්‍රෝග්‍රෑම් එකේ කොටස් බවටයි
පත්ව තිබෙන්නේ.
එහෙත්
ජානමය බලපෑම මෙන් නොව,
මෙම
යටි සිතේ බලපෑම අපට පහසුවෙන්
වෙනස් කළ හැකියි.
ඉහත
සරලව පැහැදිලි කළ මෙම පොදු
තත්වය හොඳින් තේරුම් ගැනීම,
තමන්ගේ
සත්‍ය ප්‍රශ්න හොඳින් අවබෝධ
කරගැනීම,
හා
ඒවා හරිගැස්සීමට ඵලදායි
උපක්‍රම සොයා අනුගමනය කිරීම
වැදගත් වේ.
ඒ
සඳහා විවිධ උපක්‍රම පවතී.
මෝහනමය
ප්‍රතිකර්ම ඒ අතර මුල් තැනක්ද
ගනී. මීට
අමතරම තමන්ටම ස්වයංව කර ගත
හැකි උපක්‍රමයකි ස්වයං කතාව.
එහෙත්
ඔබ සිටින්නේ සමාජයකයි.
ඒ
කියන්නේ ඔබේ ක්‍රියාවන්ගේ
ප්‍රතිඵලය තීරණය වන්නේ ඔබේ
තනි දක්ෂකම හෝ අදක්ෂකම නිසාම
නොවේ.
අන්‍යයන්ගේ
බලපෑමද වැදගත්.
සමහරවිට
අන්‍යයන්ගේ බලපෑම ඔබට පාලනය
කිරීමට නොහැකියි.
එය
හරියට රිලේ දිවීමක් වැනියි.
ඔබ
කොතරම් හොඳින් දිව්වත් අනිත්
තුන්දෙනාගේ දක්ෂතාවද,
තරගයේ
අනෙක් ටීම්වල සිටින අයගේ
දක්ෂතාවද ඔබේ ජයග්‍රහණයට
බලපානවා.
එහෙත්
ඔබේ ජීවිතයේ තනි අයිතිය ඔබට
ඇත. එය
සුදුසු ලෙස වෙනස් කරගැනීම ඔබ
විසින් කළ හැකි හා කළ යුතුය.
ඒ
සඳහා ස්වයං කතාව නම් උපක්‍රමය
යොදා ගන්නා අයුරු දැන් විමසා
බලමු.
ස්වයං
කතාව (self
talk) යනු
තමන් විසින් තමන්ටම කතා කිරීමයි.
මෙම
කතාව තමන්ට මෙන්ම අහල පහල
අයටත් අසෙන තරමේ ශබ්ද නඟා කතා
කිරීමේ සිට තමන්ගේ සිතින්
තමන්ටම කතා කර ගැනීම දක්වා
පරාසයක සිදු විය හැකියි.
සමහරෙක්
ශබ්ද නඟා ස්වයං කතා සිදු කරනවා.
තමත්
සමහරෙක් මුමුනනවා වැනි ස්වරයකින්
එය සිදු කරනවා.
තවත්
කෙනෙක් සිතින් එය කියන අතර
තමන්ගේ මුහුණේ ඉරියව් හා
අත්පාද යම් යම් වෙනස්කම් සිදු
කරනවා (උදාහරණයක්
ලෙස යම් වීර්යකින් යමක් තමන්ට
කියාගන්නා විට අතේ ඇඟිලි නවා
ගැනීම;
එහෙමත්
නැතිනම් දත්මිටි කෑම).
තවත්
සමහරෙක් කිසිදු ඉරියව්
වෙනස්වීමක් පවා නොපෙන්වා
සිතින් එය කියා ගන්නවා.
ස්වයං
කතාව තුන් ආකාරයකට සිදු විය
හැකියි.
(ඇත්තටම
සෑම තැනකම හා පොතකම පාහේ දක්වා
තිබෙන්නේ ආකාර දෙකක් කියාය.
මා
යෝජනා කරන්නේ එය තුන් ආකාරයක්
බවයි.) එනම්,
ඍණාත්මක
(negative), ධණාත්මක
(positive), උපයෝගී
(utilitarian) යන
ආකාර තුනයි.
ඍණාත්මක
හා ධණාත්මක යන ආකාර දෙක තමයි
ඇත්තටම මේ අතරින් අපට වැදගත්
වන්නේ. එහෙත්
වැඩි හරියක්ම අප තුළින් සිදු
වන්නේ උපයෝගී ස්වයං කතා වේ.
එහි
හොඳ හෝ නරක ගතියක් නැත.
ඔබ
හොඳින් විමසා බැලුවොත් අප
සිදුකරන ක්‍රියාවන් කතාවන්
සිතීම් පවා බොහෝ විට හොඳ හෝ
නරක නොවන උපයෝගී මට්ටමේ ඒවාය.
උදාහරණයක්
ලෙස, ඔබ
අද රෑට පාන් වෙනුවට රොටි කනවා
යැයි සිතීම/තීරණය
කිරීම ගත හැකියි.
ඔබ
හෙට රතුපාට හෝ සුදු පාට කමිසයක්
ඇඳිය හැකියි.
මේවායේ
හොඳ හෝ නරක බවක් නැත.
හුදු
ක්‍රියාවන් පමණි.
ඔබ
දැනුවත්ව හෝ නොදැනුවත්වම
ස්වයං කතාව නිතරම සිදු කරනවා.
ඇත්තටම
තමන්ගේ පෞරුෂය (personality)
දිදුලන
ආකාරයට සාදා ගැනීමට (මෝහනයට
පසුව) ඇති
ඉතා හොඳම අනර්ඝතම ක්‍රමය නම්
ස්වයං කතාවයි.
එය
සිදු කිරීමත් ඉතා පහසුයි.
ඉක්මනින්
ඇබ්බැහි වෙන ගතියකුත් එහි
තිබෙනවා.
ස්වයං
යෝජනා (self
suggestion) යනුවෙන්
හැඳින්වෙන උපක්‍රමයද මෙහි
උපකොටසක් ලෙස මා දකිනවා.
එහෙත්
ස්වයං යෝජනා ක්‍රමයට වඩා මෙය
ඉතා ඵලදායි.
එමනිසා
එය හොඳින් හඳුනාගෙන සිදු
කරගන්නා ආකාරය මී ළඟ ලිපියෙන්
සවිස්තරාත්මකව මා පෙන්වා
දෙන්නම්.
පෞද්ගලිකව
මා එය සිදු කරන ආකාරයම උදාහරණ
ලෙස දක්වා එය පැහැදිලි කර දීමට
මා අදහස් කරනවා.
Thanks
ReplyDeleteමෙය ඉතා වැදගත් ලිපි කිහිපයක ආරම්භය බව පෙනේ. ඔබට ස්තුතියි.
ReplyDelete