Skip to main content

Posts

Showing posts from August, 2015

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 19

ADSL කනෙක්ෂන් එකක් සාදා ගැනීම අන්තර්ජාලයට සම්බන්ධ වීමට පවතින ඉතාම හොඳම හා ලාභදායිම ක්‍රමය මෙයයි . මේ සඳහා රැහැන් දුරකථන සම්බන්ධතාවක් (wire line connection) අවශ්‍ය කරනවා . ( දැනට ලංකාවේ රැහැන් දුරකථන සේවාවක් ලබාදෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් පමණි . ඒ කියන්නේ දැනට ඒඩීඑස්එල් සේවාව ලබා දෙන්නේද එම සමාගම පමණි .) තවද , සෑම ප්‍රදේශයකම මෙම පහසුකම ලැබෙන්නේ නැති වීමටද පුලුවන් . එනිසා , පළමුව ටෙලිකොම් එකට කතා කර , එම පහසුකම තමන්ට ලබාගත හැකිදැයි විමසිය යුතුය . ඉන්පසු ඔබ අදාල ෆෝම් පුරවා එය ලබාගත යුතුයි ( විවිධ ගාස්තු යටතේ පැකේජ ගණනාවක්ම පවතී ). එවිට , ඔබට vr221234567@sltadsl වැනි යූසර්නේම් එකකුත් පාස්වර්ඩ් එකකුත් ලැබේ . එම යූසර්නේම් හා පාස්වර්ඩ් ආරක්ෂා කරගන්න . වෙන අයකු ඒවා දැනගතහොත් ඔවුන්ට ඒවා හොරෙන් පාවිච්චි කළ හැකියි ( එවිට , ඔබට හිමි ඩේටා ප්‍රමාණයයි අඩු වන්නේ ). නිකමට හෝ කවුරුන් හෝ ඔබේ පාස්වර්ඩ් හොරෙන් පාවිච්චි කරනවා යැයි සිතුනොත් වහම පාස්වර්ඩ් වෙනස් කරන්න . එය ඔබට ටෙලිකොම් වෙබ්සයිට් එකට ගොස් කරගත හැකියි . ඒ විතරක්ද නොවේ , ඔබට දැනට ඉතිරි ඩේටා ප්‍රමාණයද ඔවුන්ගෙ වෙබ්සයිට් එකෙන් දැක ගත හැකියි . තවද...

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 18

WiFi කනෙක්ෂන් එකක් සාදා ගැනීම WiFi යන්නටම WLAN (Wireless LAN) යන නමද භාවිතා කෙරෙනවා . වයිෆයි ස්විච් එකක් ( මෙය WiFi Access Point (AP) එකක් කියාද හැඳින් වෙනවා ) හා වයිෆයි පහසුකම සහිත නෙට්වර්ක් කාඩ් එකක් පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබිය යුතුයි මේ සඳහා . මෙවැනි වයිෆයි නික් wlan0, wlan1 ආදී ලෙස හැඳින්වෙනවා . බොහෝ ලැප්ටොප්වලද දැන් වයිෆයි තිබෙනවා ( එනිසා ඩෙස්ක්ටොප් පරිගණක සඳහා තමයි නික් කාඩ් එකක් සවි කිරීමට අවශ්‍ය වන්නේ ). සාමාන්‍යයෙන් ලැප්ටොප්වල වයිෆයි ඔන් / ඕෆ් කිරීමට කුඩා ස්විචයක්ද තිබෙනවා ( කීබොඩ් එකේ උඩම තීරුවේ හෝ යූඑස්බී පෝට් එහෙම තිබෙන පැත්තක ). මෙය hardware switch කියා හැඳන්වෙනවා . එවැනි ස්විචයක් තිබේ නම් , පළමුව එය ඕන් කරන්න . ඉන්පසුව සිස්ටම් ට්‍රේ එකේ නෙට්වර්ක් අයිකනය මත රයිට් ක්ලික් කර , ඉන් Enable WiFi යන්න තෝරන්න . මෙය software switch කියායි හැඳින්වෙන්නේ . ෆෝන් එකක් offline mode (flight mode) කරනවා බදු දෙයක් තමයි මෙම ස්විච දෙකෙන් කරන්නේ ( කුමක් ඕෆ් කළත් වයිෆයි ඕෆ් වේ ). දැන් පෙරදී ඊතර්නෙට් සඳහා කනෙක්ෂන් එකක් සෑදුවා මෙන් වයිෆයි කනෙක්ෂන් එකක් සෑදිය යුතුයි . පෙර සේම , නෙට්වර්ක් අයිකන...

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 17

නෙට්වර්ක් සෙටිංස් ඔබ දන්නවා පරිගණක ජාලයක් හෙවත් computer network එකක් යනු පරිගණක කිහිපයක් එකිනෙකට සන්නිවේදනය කළ හැකි පරිධි කිසියම් හෝ විද්‍යුත් ක්‍රමයකින් සම්බන්ධ කිරීමක් . සාමාන්‍යයෙන් ඔබ දැනගත යුත්තේ ලෑන් එකක් සාදා ගැනීම ( හෝ තිබෙන ලෑන් එකකට ඔබේ පරිගණකය සම්බන්ධ කරන අයුරු ), හා අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ධ කරන අයුරුය . නෙට්වර්කිං යනු වෙනම ඉගෙන ගත යුතු බරපතල විෂයකි . මෙහි දැක්වෙන්නේ ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතියකි ලෙස ලිනක්ස් භාවිතා කරන සාමාන්‍ය යූසර් කෙනෙකු දැනගෙන සිටිය යුතු තරමේ සරල විස්තරයක් පමණි . සටහන මූලිකවම , අවකාශීය පැතිරීම අනුව නෙට්වර්ක් වර්ග තුනකි . 1. LAN (Local Area Network) - නිවසක් , කාර්යාලයක් , කාමරයක් , ගොඩනැඟිල්ලක් වැනි කුඩා ප්‍රදේශයක් පුරා පැතිරුණු ජාලයක් ලෑන් යන නමින් හැඳින් වේ . මෙවැනි නෙට්වර්ක් එකක පරිගණක එකිනෙකාට සන්නිවේදනය කරන දත්ත වේගය හෙවත් බෑන්ඩ්විත් (bandwidth) එක ඉතා විශාලය ( බොහෝවිට , අඩුම තරමේ තත්පරයට මෙගාබිට් 100 ක වේගයක් (100 Megabits per second - 100Mbps) වත් ඇති අතර , දැන් 1000Mbps, 10000Mbps වැනි ඉතා ඉහළ වේගයන් දක්වාද තාක්ෂණය දියුණුවී ඇත )....