Skip to main content

වැපුරූ තරමට නොලැබෙන පිං බිම...

අද මං 300 වැනි බ්ලොග් පෝස්ට් එකත් ඔන්න දැම්මා. නිකං ගණන් හදල බැලුවහම මේ වන විට මං තනියම ඒ4 පිටු 2000කට අධික ගණනක් පුරාවට අධ්‍යාපනික ලිපි/පාඩම් ලියා, ඒ සියල්ලම නොමිලේ ලබා දී තිබෙනවා.

අපරාදෙ කියන්න බැහැ මේ සඳහා මං විශාල කාලයක් හා දැවැන්ත මහන්සියක් වැය කළත්, පවුලෙන්, නෑයන්ගෙන්, මිතුරන්ගෙන් හා වේයන්ගෙන්වත් එකදු වචනයකින්වත් සපෝට් එකක් දිරිගැන්වීමක් මෙතෙක් ලැබී නැත. ඒ වෙනුවට සැවොම (එකෙක් නෑර) පැවසුවේ දැන් අනුන්ට කොරා ඇති කියාය. දැන්වත් ගැහැනියෙක් බැඳ ගනින් කියාය. මේක ඉතිං ලංකාව නිසා කටින් පමණක් මහා සංස්කෘතියක් හා ක්‍රියාවෙන් මහ විකෘතියක් තිබෙන ජන කොටසක් නිසා, ඒ ගැන එතරම් දොම්නසක් ඇත්තටම නැත. තිබුණා නම්, මේ වැඩේ මා අත් හැර දමා බොහෝ කලක් වනු ඇත.

අන්තර්ජාලයේ මාග් ලිපි කියවන ශමින්ද වැනි කෙනෙකු දෙදෙනෙකු පමණක් නිති දිරිගැන්වීම මා ආදරයෙන් මතක් කරනවා.

Comments

  1. ඔබතුමා නවත්තන්න එපා..ඔය වගේ අය ඉන්නේ සීමිත පිරිසයි..මමත් වරක් කීවා මිනිස්සු ගනදවේයන් සොයනවා බුද්දිය ගන්න සිමෙන්ති පිලිම වලින්..ඔබවැනි ජීවමාන ගන දෙවිවරු අන්තර්ජාලයේ නොමිලේම බුද්දිය දෙනවා..ඔබ අදයිරියමත් වන්න එපා..මේ මිනිස්සුන්ගේ ආකල්ප වල සංස්කෘතියේ හැටි..ලගදීම කලක් එනවා ඔබ වැනි අයට..අන්න එදාටත් ඔබතුමාට මාව මතක් වේවි..දිගටම කරගෙන යන්න..මල් මල් චීත්තවලට ලැබෙන ප්‍රතිචාර නැත ඔබ වැනි අයට..දිගටම ඕනේ..තෙරුවන් සරනයි..ඉතාම සීමිතයි ඔබ වැනි ගැබුරුම දැනුම දෙන අය..සින්හලෙන්..ඉන්ග්‍රීසියෙන් නම් මටත් බැරියෑ කොපි කරලා පේස්ට් කරන්න..නැවතත් මගේ ගවුරවය..ස්තුති..මම ප්‍රයෝජන ගත්තා..සහ ගන්නවා..

    ReplyDelete
  2. Obathumage hakiyawa ta ha kapaweemata man hamadamath garukaranawa....

    ReplyDelete
  3. අනේ සිංහලෙන් ලියන එක වටිනවා නවත්වන්ඩ එපා

    ReplyDelete
  4. ගුරුතුමනි මා හට මෙම බ්ලොගය නෙත ගැටුනේ ඊයේ දින සවස් භාගයේ ය. මා දන්නා තරමින් මෙතරම් ගවේෂණශීලීව, නිර්මාණාත්මකව, නිවැරදි විෂයය කරුණු සිංහලෙන් අප වෙත සමීප කරවූ තවත් මාර්ගගත වෙබ් සේවාවක් නොමැති තරම්ය. පුරා පැය 9 කටත් වඩා අධික කාලයක් මා එක හුස්මට මෙහි ඇති පොස්ට් ඉතා කෑදරකමින් කියවීමි. ඉන් ලද ආශ්වාදය, මා ලද දැනුම මෙපමනකයි කිව නොහැකිය. මිනිසත් බව වියකෙමින් යන මෙවන් අවධියක ඔබතුමා ඉටුකරන මෙම සද්කාර්යය පිදුම් ලද යුතු වේ. මා ඔබෙන් ආයාචනා කර සිටින්නේ කිසිවිටෙකත් මෙය නොනවත්වන ලේසි. මා මෙන්ම මගෙන් අධ්‍යාපනය ලබන දරුවන්ද නොබෝ දිනක සිට ඔබගේ මෙම සුවිශේෂී මෙහෙවරින් ලබන ප්‍රයෝජනය මෙතෙකැයි කිව නොහැක. ඔබට සදා ජය ගුරුතුමනි.

    ReplyDelete
  5. ශමින්ද, ඩිල්හාන්, අටම්පහුර, පුෂ්පකුමාර... ඔබලාට ස්තූතියි... මා හැමදාමත් (පාසලේ ඉගෙන ගත්තු කාලයේ පවා) අනිත් අයට ඉගැන්වීමෙන් මහත් ආශ්වාදයක් ලබනවා. එනිසා අනිවාර්යෙන්ම මා දිගටම සිංහලෙන් අධ්‍යාපනික ලිපි ලියනවා... මට ලියන්නට ඉඩ අහුරණ ඇත්තම ජීවිතයේ ප්‍රායෝගික කරුණු කාරණාවලට (කසාද බඳිනවා වගේ... හාහාහා) මිසක් මට ලැබෙන හෝ නොලැබෙන ප්‍රසංසා ලාභ ආදියෙන් එය නතර නොවන බව මා ඒකයි පෝස්ට් එකෙත් සඳහන් කර තිබෙන්නේ. නැවතත් ඔබ සියලු දෙනාටම ස්තූති කරමින් සුභ පතනවා.

    ReplyDelete
  6. මම මේ බ්ලොග් එකට අදමයි ආවෙ, පරණ ලිපි ගොඩක් තියනවා හෙමීට ඒ ටික ඔක්කොම කියවන්න ඕනෙ. ලියන එක නවත්තන්න එපා .

    ReplyDelete
    Replies
    1. නැහැ මං නවත්වන්නේ නැහැ... ලියන්නට හිතපු ඒවා මං ලියල ඉවර කරනවා හැකි තරම්... :)

      Delete
  7. oba wapurana me watina beeja boho kalayak obata pin aswenna laba denu etha.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...