Skip to main content

රට ඔද්දල් කරන පාණ්ඩුවේ හාල්පාරුවෝ

සයිටම් ප්‍රශ්නය කාටත් රටටත් වාසි දායක විදියට විසඳීමට නම් එය පුන්‍යායතනයක් බවට පත් කළ යුතුය. තවද, රෝහල නඩත්තුව හා පවත්වාගෙන යෑමත් සිසුන්ගෙන් අය කර ගන්නා මුදලින් සිදු කළ යුතුය. සුඛෝපභෝගි රෝහලක් රට වැසියාගේ බදු මුදලින් නඩත්තු කිරීම කිසිසේත් සාධාරණ නොවේ (එසේ නැති නම්, අනෙක් රජයේ රෝහල්ද එලෙස උසස් මට්ටමට පත් කළ යුතුය).

එය පුණ්‍යායතනයක් බවට පත් කර දැන් බඳවා ගන්නා ප්‍රමාණය මෙන් සිය ගුණයක් ඉහල නංවා හැකි නම් විදෙස් සිසුන් බඳවා ගැනීමට පහසුකම් සලසා දිය යුතුය. විදේශීය සිසුන්ගෙන් දේශීය සිසුන්ගෙන් අය කරන ගණන මෙන් දෙගුණයක් වත් අය කර ගෙන, ඉන් ලැබෙන ආදායමෙන් දේශීය සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දිය යුතුය.

රජය එසේ ක්‍රියා කිරීම යුක්ති සහගත මෙන්ම සහේතුක වේ. ඉන් විදේශ ආයෝජන අධෛර්යමත් නොවේ අර කාලකන්නි කැබිනට් ප්‍රකාශකයා කියන පරිදි. කිසිවක් තේරුම් ගත නොහැකි මෝඩ මී හරක් නොවෙයි ආයෝජකයන් කියන්නේ. පාණ්ඩුව කියන තරම් විදේශ ආයෝජන ඇත්තේද නොවේ; එනිසානේ රාජ්‍ය දේපල විකුනන් කන්නට මුංට සිදු වී තිබෙන්නේ. එහෙත් මුං කටමැත දොඩවන්නේ හරියට ආයෝජකයෝ අද පෙට්‍රල් ෂෙඩ්වලින් තෙල් ගහ ගන්න පෝලිමේ සිටින්නා සේය.

ඉතිහාසයේ නම්බුකාර විදියට සිදු කරපු මහා බැංකු බැඳුම්කර මංකොල්ලය ගැනත් දැන් දැන් කරුණු හෙලි වෙමින් පවතී. ඒ කාලයේ එහි කිසිදු වැරැද්දක් සිදු වී නොමැති බව පැවසූ අඩනිරුවත් පවුලේ ලොක්කී රෝසිත්, තාත්තගේ නඩුකාරකමත් තමන්ට ගෙවල් දෙක තුනක් තිබෙන බව පම්පෝරි ගහන මන්දමානසික සේනසිංහත් අදත් පෙර ලෙසම හොරකමක් නැතැයි කියන්නට ඉදිරිපත් වන්නේද? රනිල් අර්ජුන්ගේ සම්පුර්න වගකීම භාර ගන්නේ යැයි කැබිනට්ටුවත් පොරොන්දු වෙමින් ඌව මුල් පුටුවට පත් කළේ නම්, දැන් එම වගකීම ඉටුකරමින් ගෙදර ගොස් දැන්වත් ළමයෙකු හදන්නට උත්සහ කළ යුතුය.

හම්බන්තොට වරායේ බරපැන රටට විශාල වැඩිය. එය කාලකන්නි රාජපක්කයාගේ ඔද වැඩි කිරීමට සාදපු සැලසුමකට විනා විද්‍යාත්මක සැලසුමකට සිදු වූවක් නොවන බව පෙනේ. එනිසා එහි වගකීම අඩු කිරීමට වෙනත් රටවලින් වෙස්සන්තරලා එන්නේ නැත. වගකීම මෙන්ම ලාභයද තවත් රාජ්‍ය නොවන ආයතනයක් සමඟ බෙදා ගැනීම මේ වෙලාවේ අත්‍යාවශ්‍ය දෙයකි. සමහරවිට අපට අවශ්‍ය පරිදි කොන්දේසි සියල්ල අදාල ආයතනය විසින් පිළිගැනීමට අකමැති විය හැකිය. කවුරුත් එය තේරුම් ගත යුතු වුවත්, තවමත් රාජපක්ක කල්ලිය මෝඩ හරක් වැසියන් කුලප්පු කරමින් ප්‍රශ්න ඇති කරන බවක් පෙනේ.

එසේ වුවත් රනිල්ගේ හා උගේ නරි කැල රටේ ගහන ගේම් නිසා කාටත් උන්ගේ ක්‍රියාවන් ගැන විශ්වාසයක් නැත. මහනායක හිමිවරුන්ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ යැයි පවසන්නේ එම අවිශ්වාසය නිසාය. රනිල් බටහිර රාජ්‍යවල කොම්ප්‍රාදෝරුවෙකු ලෙස හැඳින් වුවත් නියම තත්වය නම් ඌ බටහිර රටවලට වෛශ්‍යාකම් කරන වෙසගනකි. ඌ නවතින්නේ මුලු රටම එක එකාට විකුණාය. බටහිරට වෙසගන වුවත්, ලංකාව තුල තුච්ඡ කපටි තගයෙකු ලෙස ක්‍රියා කරයි. සමහරවිට ඌ ලිච්ඡවි න්‍යාය භාවිතා කරනවා ඇත්තේ පිරිස සමඟ නිදන කාමරය තුල පමණක් විය හැකිය.

සාමකාමීව පවත්වන විරෝධතාවලට මුලික මිනිස් අයිතිවාසිකමක් අපට ඇත. එය මහෙස්ත්‍රාත් උසාවියට හෝ නීතිය නමා පස්ස පැත්තේ ගාගෙන සිටින දේශපාලුවන්ට යස් සර් නෝ සර් කියන නපුංසක පොලිස්පතිනිට (පතියෙක් ලෙස වැඩ කරන බවක් නොපෙනේ) අතික්‍රමණය කළ නොහැකිය. ඊයේ තෙල් සංස්ථාවේ සේවකයන් කළ වැඩ වර්ජනය හරිද වැරදිද යන්න කුමක් වුවත්, ඊට කුඩුකාරයන් මැරයන් ලවා පහර දීම තුච්ඡ වැඩකි. එසේ පොලු අරන් පහර දෙද්දි කාකි ඇදුම ඇදන් සිටි පොලිස් පිම්පි බල්ලන් එදෙස බලා සිටීම ඊටත් වඩා බඩ දගලන දසුනකි. පොලිස්පතිනිය අගමැත්තාගේ ඇට මිරිකන විට, මෙම පොලිස් බල්ලෝ මිරිකුවේ හා ලෙවකෑවේ කාගේ ඇටයද?

ඊටත් වඩා විහිලුව අද දුටුවේ පාර්ලිමේන්තු හරක් ගාලේ නායක හරකාගෙනි. ඊයේ මුලු ලොවම සේවකයන්ට පොලුවලින් පහර දෙන දුටුවත්, ඌට එවැනි දර්ශන පෙනී නැත. පාර්ලිමේන්තුව මහා සාරගර්භ උත්තරීතර තැනක් නම්, මෙවැනි වෙසියන්ගේ පුතුන් සභානායක තනතුරු දරන්නේ කෙසේද? ගැටලුව වන්නේ මුං නියෝජනය කරන්නේ මොන රටක්ද? මොන ජන කොටසක්ද? මුගේ ඇස් දෙක හොදින් පෙනෙන්නට සේදිය යුත්තේ කලල් #@4 වලිනි. ඊට වඩා දෙයක් කියන්නට සිතට එන්නේ නැත.

Comments

  1. බොහොම හැඟුම්බරව ලියපු රචනයක්...

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවේ කාලකන්නින්ගේ මේ තුච්ඡ වැඩ දැක හැගීමබර නොවෙයි නම් තමයි ගැටලුව විය යුත්තේ...

      Delete
  2. පුදුමයක් නෑ. අපිට කරන්න කිසි දෙයක් නෑ කියලා හිතෙද්දි තමයි කණගාටු...

    ReplyDelete
    Replies
    1. සිංහලයන් අර පිස්සො වගේ මුස්ලිම් විරෝධය දක්වනවා සේ ඒවා පසෙකින් තබා ජාති ආගම් පක්ෂ ආදි භේදයන්ගෙන් තොරව කාලකන්නි දේශපාලුවන්ගේ සක්කිලි වැඩවලට විරෝධය පානවා නම් නොබියව මං හිතන්නේ ඒකත් ලොකු වෙනසක් වේවි... දේශපාලුවන් දැන දැනම බලු වැඩ කරන්නේ මොකද උන් දන්නවා මොනා කළත් තමන්ට ඡන්දය ලබා දෙන හරක් ඉන්නේ කියා...

      Delete
  3. රනිල් වික්‍රමසිංහNovember 24, 2017 at 7:34 PM

    අපිට මෙහෙම ප්‍රසිද්ධියේ බනින්න එපා ඔයි. ලැජ්ජ හිතෙනවා. අර අැස් හෝදන එකක් මං ebay එකෙන් ගෙන්න ගත්තා. ඒක පාවිච්චි කරන්නෙ කොහොමද මෙයා.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...