Skip to main content

රට ඔද්දල් කරන පාණ්ඩුවේ හාල්පාරුවෝ

සයිටම් ප්‍රශ්නය කාටත් රටටත් වාසි දායක විදියට විසඳීමට නම් එය පුන්‍යායතනයක් බවට පත් කළ යුතුය. තවද, රෝහල නඩත්තුව හා පවත්වාගෙන යෑමත් සිසුන්ගෙන් අය කර ගන්නා මුදලින් සිදු කළ යුතුය. සුඛෝපභෝගි රෝහලක් රට වැසියාගේ බදු මුදලින් නඩත්තු කිරීම කිසිසේත් සාධාරණ නොවේ (එසේ නැති නම්, අනෙක් රජයේ රෝහල්ද එලෙස උසස් මට්ටමට පත් කළ යුතුය).

එය පුණ්‍යායතනයක් බවට පත් කර දැන් බඳවා ගන්නා ප්‍රමාණය මෙන් සිය ගුණයක් ඉහල නංවා හැකි නම් විදෙස් සිසුන් බඳවා ගැනීමට පහසුකම් සලසා දිය යුතුය. විදේශීය සිසුන්ගෙන් දේශීය සිසුන්ගෙන් අය කරන ගණන මෙන් දෙගුණයක් වත් අය කර ගෙන, ඉන් ලැබෙන ආදායමෙන් දේශීය සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දිය යුතුය.

රජය එසේ ක්‍රියා කිරීම යුක්ති සහගත මෙන්ම සහේතුක වේ. ඉන් විදේශ ආයෝජන අධෛර්යමත් නොවේ අර කාලකන්නි කැබිනට් ප්‍රකාශකයා කියන පරිදි. කිසිවක් තේරුම් ගත නොහැකි මෝඩ මී හරක් නොවෙයි ආයෝජකයන් කියන්නේ. පාණ්ඩුව කියන තරම් විදේශ ආයෝජන ඇත්තේද නොවේ; එනිසානේ රාජ්‍ය දේපල විකුනන් කන්නට මුංට සිදු වී තිබෙන්නේ. එහෙත් මුං කටමැත දොඩවන්නේ හරියට ආයෝජකයෝ අද පෙට්‍රල් ෂෙඩ්වලින් තෙල් ගහ ගන්න පෝලිමේ සිටින්නා සේය.

ඉතිහාසයේ නම්බුකාර විදියට සිදු කරපු මහා බැංකු බැඳුම්කර මංකොල්ලය ගැනත් දැන් දැන් කරුණු හෙලි වෙමින් පවතී. ඒ කාලයේ එහි කිසිදු වැරැද්දක් සිදු වී නොමැති බව පැවසූ අඩනිරුවත් පවුලේ ලොක්කී රෝසිත්, තාත්තගේ නඩුකාරකමත් තමන්ට ගෙවල් දෙක තුනක් තිබෙන බව පම්පෝරි ගහන මන්දමානසික සේනසිංහත් අදත් පෙර ලෙසම හොරකමක් නැතැයි කියන්නට ඉදිරිපත් වන්නේද? රනිල් අර්ජුන්ගේ සම්පුර්න වගකීම භාර ගන්නේ යැයි කැබිනට්ටුවත් පොරොන්දු වෙමින් ඌව මුල් පුටුවට පත් කළේ නම්, දැන් එම වගකීම ඉටුකරමින් ගෙදර ගොස් දැන්වත් ළමයෙකු හදන්නට උත්සහ කළ යුතුය.

හම්බන්තොට වරායේ බරපැන රටට විශාල වැඩිය. එය කාලකන්නි රාජපක්කයාගේ ඔද වැඩි කිරීමට සාදපු සැලසුමකට විනා විද්‍යාත්මක සැලසුමකට සිදු වූවක් නොවන බව පෙනේ. එනිසා එහි වගකීම අඩු කිරීමට වෙනත් රටවලින් වෙස්සන්තරලා එන්නේ නැත. වගකීම මෙන්ම ලාභයද තවත් රාජ්‍ය නොවන ආයතනයක් සමඟ බෙදා ගැනීම මේ වෙලාවේ අත්‍යාවශ්‍ය දෙයකි. සමහරවිට අපට අවශ්‍ය පරිදි කොන්දේසි සියල්ල අදාල ආයතනය විසින් පිළිගැනීමට අකමැති විය හැකිය. කවුරුත් එය තේරුම් ගත යුතු වුවත්, තවමත් රාජපක්ක කල්ලිය මෝඩ හරක් වැසියන් කුලප්පු කරමින් ප්‍රශ්න ඇති කරන බවක් පෙනේ.

එසේ වුවත් රනිල්ගේ හා උගේ නරි කැල රටේ ගහන ගේම් නිසා කාටත් උන්ගේ ක්‍රියාවන් ගැන විශ්වාසයක් නැත. මහනායක හිමිවරුන්ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ යැයි පවසන්නේ එම අවිශ්වාසය නිසාය. රනිල් බටහිර රාජ්‍යවල කොම්ප්‍රාදෝරුවෙකු ලෙස හැඳින් වුවත් නියම තත්වය නම් ඌ බටහිර රටවලට වෛශ්‍යාකම් කරන වෙසගනකි. ඌ නවතින්නේ මුලු රටම එක එකාට විකුණාය. බටහිරට වෙසගන වුවත්, ලංකාව තුල තුච්ඡ කපටි තගයෙකු ලෙස ක්‍රියා කරයි. සමහරවිට ඌ ලිච්ඡවි න්‍යාය භාවිතා කරනවා ඇත්තේ පිරිස සමඟ නිදන කාමරය තුල පමණක් විය හැකිය.

සාමකාමීව පවත්වන විරෝධතාවලට මුලික මිනිස් අයිතිවාසිකමක් අපට ඇත. එය මහෙස්ත්‍රාත් උසාවියට හෝ නීතිය නමා පස්ස පැත්තේ ගාගෙන සිටින දේශපාලුවන්ට යස් සර් නෝ සර් කියන නපුංසක පොලිස්පතිනිට (පතියෙක් ලෙස වැඩ කරන බවක් නොපෙනේ) අතික්‍රමණය කළ නොහැකිය. ඊයේ තෙල් සංස්ථාවේ සේවකයන් කළ වැඩ වර්ජනය හරිද වැරදිද යන්න කුමක් වුවත්, ඊට කුඩුකාරයන් මැරයන් ලවා පහර දීම තුච්ඡ වැඩකි. එසේ පොලු අරන් පහර දෙද්දි කාකි ඇදුම ඇදන් සිටි පොලිස් පිම්පි බල්ලන් එදෙස බලා සිටීම ඊටත් වඩා බඩ දගලන දසුනකි. පොලිස්පතිනිය අගමැත්තාගේ ඇට මිරිකන විට, මෙම පොලිස් බල්ලෝ මිරිකුවේ හා ලෙවකෑවේ කාගේ ඇටයද?

ඊටත් වඩා විහිලුව අද දුටුවේ පාර්ලිමේන්තු හරක් ගාලේ නායක හරකාගෙනි. ඊයේ මුලු ලොවම සේවකයන්ට පොලුවලින් පහර දෙන දුටුවත්, ඌට එවැනි දර්ශන පෙනී නැත. පාර්ලිමේන්තුව මහා සාරගර්භ උත්තරීතර තැනක් නම්, මෙවැනි වෙසියන්ගේ පුතුන් සභානායක තනතුරු දරන්නේ කෙසේද? ගැටලුව වන්නේ මුං නියෝජනය කරන්නේ මොන රටක්ද? මොන ජන කොටසක්ද? මුගේ ඇස් දෙක හොදින් පෙනෙන්නට සේදිය යුත්තේ කලල් #@4 වලිනි. ඊට වඩා දෙයක් කියන්නට සිතට එන්නේ නැත.

Comments

  1. බොහොම හැඟුම්බරව ලියපු රචනයක්...

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවේ කාලකන්නින්ගේ මේ තුච්ඡ වැඩ දැක හැගීමබර නොවෙයි නම් තමයි ගැටලුව විය යුත්තේ...

      Delete
  2. පුදුමයක් නෑ. අපිට කරන්න කිසි දෙයක් නෑ කියලා හිතෙද්දි තමයි කණගාටු...

    ReplyDelete
    Replies
    1. සිංහලයන් අර පිස්සො වගේ මුස්ලිම් විරෝධය දක්වනවා සේ ඒවා පසෙකින් තබා ජාති ආගම් පක්ෂ ආදි භේදයන්ගෙන් තොරව කාලකන්නි දේශපාලුවන්ගේ සක්කිලි වැඩවලට විරෝධය පානවා නම් නොබියව මං හිතන්නේ ඒකත් ලොකු වෙනසක් වේවි... දේශපාලුවන් දැන දැනම බලු වැඩ කරන්නේ මොකද උන් දන්නවා මොනා කළත් තමන්ට ඡන්දය ලබා දෙන හරක් ඉන්නේ කියා...

      Delete
  3. රනිල් වික්‍රමසිංහNovember 24, 2017 at 7:34 PM

    අපිට මෙහෙම ප්‍රසිද්ධියේ බනින්න එපා ඔයි. ලැජ්ජ හිතෙනවා. අර අැස් හෝදන එකක් මං ebay එකෙන් ගෙන්න ගත්තා. ඒක පාවිච්චි කරන්නෙ කොහොමද මෙයා.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...