Skip to main content

දෙවොලේ කපුුවාගෙන් කෙලෙසෙන දේව මෑණි

මෑතකදී ලංකාවේ පුරවැසියකුට උසාවියට අපහස කළා යැයි චෝදනාවට විශාල කාලයකට සිර දඬුවම් නියම වූ පුවතක් අසන්නට ලැබුණි. ඒ "දෙක දෙකෙන් බෙදූ විට ශේෂය බිංදුව" යැයි ලොවට නව ගණිතයක් හඳුන්වා දුන් නූතන පෛත්තියංගරස් හෙවත් විමල් වීරවංශට එරෙහිව නඩුවකදී, උසාවිය තුල "අත නඩුකාරයා දෙසට එල්ල කරමින් කෑ ගැසු" හෙයිනි. හොඳ වෙලාවට ඌ අත පමණක් ඔසවනවා නඩුකාරයා දැක තිබෙන්නේ; බැරිවෙලාවත් තව තවත් අවයව සෙලවෙනවා දැක්කා නම් එල්ලා මැරීමට නියම කිරීමටත් ඉඩ තිබුණේ යැයි සිතේ. මින්පසු උසාවි යන විට තදට "ලන්කට් එකක්" ඇඳගෙන යෑමට කවුරුත් සිතා ගත යුතුය.

දක්ෂ කථිකයකුගේ කට කක්කුස්සි කටක්ද රිදී සීනුවක්ද යන්න තීරණය වන්නේ එම හඬ කුමක් අරඹයා නැඟේද යන්න මතයි. ඒ අනුව, වීරවංශ පෝතකයා කූං කූං ගාන්නේද උඩු බුරලන්නේද සියලු සුනඛ වැඩ කළේද උදාරාර්ථයෙන් නොව උදරාර්ථයෙන්ම බව ඕනෑම පොඩ් එකෙකු දනී. එවුන්ට දිය හැකි උපරිම දඬුවම් නීත්‍යානුකූලව කඩිනමින් දිය යුතුය.

එසේ වුවත්, උසාවියේ දැන් කාලෙක සිට ෆැෂන් එකක් වී තිබෙන උසාවි අපහස චෝදනා එල්ල කරමින් චෝදනාවට සාපේක්ෂව අතිශය දුර්දාන්ත දඬුවම් නියම කිරීම කිසිසේත් මෙවන් දියුනු යුගයක අනුමත කළ නොහැකිය. මීට පෙර මුලු අධිකරණයම එකම අසූචි ගොඩක් කළ අගවිනිසුරුවෙකු විසින් එස්බීව අවුරුදු දෙක තුනකට හිරේ යැවේව්ද මෙවන්ම සරල පදනම් විරහිත චෝදනාවකටය. තරුණ ලේ ඉක්මනින් රත් වන නිසාදෝ එකල මා හදාරමින් සිටිය නීති උපාධිය පවා අත්හැර දැමුවේ නීතිය පන මෙන් රැකිය යුතු අයවලුන් විසින්ම එලෙස නීතිය ලංකා සමාජයේ වෛශ්‍යා වෘත්තියේ යෙදවීම අප්‍රිය කළ නිසාය (ඉන් මට නීති උපාධිය නැති වී පෞද්ගලිකව පාඩු විඳීමට සිදු වූවා පමණකැයි දැන් සිතේ).

දැන්වත් වහම ජනතා නියෝජිතයක් විසින් උසාවියට අපහස කිරීම (contempt of court) අර්ථ දක්වා ඊට දිය හැකි උපරිම දඬුවම් නිශ්චය කළ යුතුය පාර්ලිමේන්තු පනතකින්. කොන්දේසි විරහිතව අභිමතය (discretion) තිබීම තන්හා, ද්වේශ, මෝහ ආදියෙන් ගිලී සිටින සාමාන්‍ය මානවයා බොහෝ අකටයුතුකම්වලට පොළඹවන බව පුන පුනා ඉතිහාසය ස්ඵුට කරමින් තිබෙනවා. පිරිසක් විසින් තීරණ ගැනීමේ වටිනාකම මතු වන්නේ මෙතැනයි. විශේෂයෙන් තනි පුද්ගලයන් විසින් තීන්දු ලබා දෙන මහෙස්ත්‍රාත් උසාවි ආදියෙන් මෙම අභිමතය අන්තගාමි ලෙස භාවිතා විය හැකිය.

සදාචාරයෙනුත් නෛතිකවත් රටේ පරම අධිපතිත්වය (supremacy) පවතින්නේ රටේ ජනතාව සතුවයි. එහෙත් උසාවියක් වැනි තැනකදී රටේ සෑම තරාතිරමකම වැඩිහිටියන් වයස තිහේ තිස්පහේ පසුවන වයසින්, බුද්ධියෙන්, තපෝ බලයෙන් හෝ වෘද්ධි වී නැති බොහෝ විට තවම කසාදවත් බැඳ නැති මහෙස්ත්‍රාත් වරයෙකු හෝ මෙනවියක ඉදිරියේ පූස් පැටව් සේ හැසිරීමට නියමිනුත් අනියමිනුත් බල කෙරේ. යුක්තිය සාධාරණත්වය ලබා ගන්නැයි අපට කියන්නේ බෙලහීන නෝන්ජලයන් ලෙසයි (ඇත්තටම මීට වඩා වෙනස් සාධාරණ ආකාරයෙන් සිතන නඩුකාරවරුන්ද සිටින අතර ඔවුන්ට මෙම චෝදනාව අදාල නැත).

මිනිසෙකුට කිසිසේත් නවතා ගත නොහැකි තරමේ ස්වාභාවික ශාරිරික තත්වයක් වන කැස්සක් ගියත් නඩු කාරයාගේ සිට එහි දොර මුර කරන පොලිස් කොස්තාපල්ගේ ගැරහුමට ලක් වේ. කුඩා ළමයකු බැරිවෙලාවත් හැඬුවොත් තත්වය එයමයි. බැරිවෙලාවත් ඇඳුමේ බොත්තමක් බුරුල් කාසයෙන් ගැලවී ගියොත් සමහරවිට ටික වෙලාවකට හෝ ඌටත් බලු කූඩවක පහස හිමි කර දේ.

එහෙත් නීතිඳ කුලරත්නගේ දුරකතනය නාද වීම නිසා උසාවිය ඔහුට විරුද්ධව කටයුතු කිරීමේ සිද්ධියේදී එකට උඩුබුරපු අපේ මහා ලොකු බාර් ඇසෝෂියන් එකේ බලපෑමෙන් උසාවිය පූස් පැටියෙක් විය. එතෙක් කල් එම අසාධාරණය පොදු ජනයාට විඳීමට සිදු වීම ගැන බාර් එක නොදැන සිටියාද? අදටත් අපි වෙනුටවන් ඒ ගැන කතා කරනවාද? ඒ උන්ගේ රෙද්දෙ ප්‍රොෆෙෂනල් හැදියාවයි. උසාවිය තුල ඒ කියන්නේ එක් එක් මිනිසාට වෙනස් වෙනස් අයුරින් සලකන බවක් පෙනේ. එය මානව හිමිකම්වලටද විරුද්ධය. සාමාන්‍ය ජනතාවට යුක්තිය පසිඳලනවා යැයි කිව්වත් එතැන පොදු ජනයා හැසිරීමට සිදු වී තිබෙන්නේ පාතාල නායකයකු ඉදිරියේ සිටිනාව මෙනි.

ඉතාමත්ම සරල අවස්ථාවලට පවා කිසිදු ප්‍රායෝගික තත්වයන් නොසලකා නඩු කල් දැමීමටත් උපන් හපන් දක්ෂකමක් ඔවුනට ඇත. උදාහරණයක් ලෙස, යම් පවුල් ගැටලුවලදී එම උසාවියට අනුබද්ධ පවුල් උපදේශනයට යොමු කරතත්, එම තනතුර පුරප්පාඩුව පවතී. එය නඩුකාරයා නොදැන සිටීද? නැත. එය දැන සිටීම ඔහුගේ යුතුකමක් හා වගකීමකි. එසේ තිබියදීත්, නැවත නැවත කැඳවන අවස්ථාවලදී එයම සිදු කරයි. ඉතිං පවුල් ප්‍රශ්න මඳිවට එම අසරණ මිනිසුන් දැන් උසාවි ගානේ බඩ ගෑමට සිදු වේ. එවන් විටක ඒ චිත්ත පීඩාව නිසාම ගැහැනිට මෝල් ගහෙන් ගසා මරා දමා ඌ කොල නැති ගහේ එල්ලෙන්නට පෙළඹෙනු ඇත.

ජඩ වැඩ කරන වෛද්‍යවරුන්ට එරෙහිව ක්‍රියා කිරීමට අනෙක් වෛද්‍යවරුන් කටයුතු නොකරයි. බොහෝ වෘත්තින් එලෙසය. නඩුකාරයන්ද එසේමය. අලි හොරකමේ සිටි නඩුකාරයෙකුව කොතරම් ආරක්ෂා කරන්නට ක්‍රියා කළේද යන්න කවුරුත් දනී. ආබෲගේ සිද්ධියත් එසේය. ඒවා නිකංම ජාතක කතා වගේ කතා වස්තු පමණි. ඇහුව අමතක කළා. එහෙත් පුරවැසියෙකුට නැගෙන චිත්තාවේගයක් නිසා වරක් පිට කරන වචන ගොන්නකට නම් ඌව වසර ගණන්වලට සිරදඬුවම් ලබා දීමට තරම් ශුද්ධවන්තය. හරියට එම වචන වැදී උන්ගේ කන් බෙර හෝ කන්‍යා පටල පැලී ගියා වගේ හැසිරෙන්නේ.

මෙය අපේ නීතියේ තිබෙන වෛශ්‍යා ස්වභාවයයි. හැන්ද තිබෙන එකා හැදියාවක් තිබේ නම්, අනුන්ගේ බඩගින්න නිවා තමන්ට අවසානයේ බෙදා ගන්නේ. එහෙත් අපේ එවුන් මුලින්ම බෙදා ගන්නේ තමුන්ටයි. පාර්ලිමේන්තු මන්ත්‍රින් කරන්නේද එයයි. උන්ට ලක්ෂ ගණන් දීමනා, වාහන දෙක තුන ගැනීම, හා අවුරුදු 5ක් සිටීමෙන් ජීවිත කාලයටම ඉහල විශ්‍රාම වැටුප් පවා ලබා ගන්නේ පොදු ජනයාගේ දීමනා හා විශ්‍රාම වැටුප් ඉවත් කරමින්ය. උසාවියේ එවුන්ගේ උසාවි අපහස නීතිය ක්‍රියාත්මක වීමත් එබදුය. රාජාණ්ඩු සමහේ කැකිල්ලේ රජුගේ නඩු ඇසීම විසුළුවක් වන අයට ජනරජ සමයේ මෙම අතිබයංකර තත්වය වගේ වගක් නැත.

Comments

  1. ඕක හරියට හදා ගත්තනම් ගොඩක් දේවල් හරියයි.

    ReplyDelete
    Replies
    1. හදන්න නම් බොහෝ දේවල් තිබෙනවා... මේ හැම දේම සමාජ දේහයේ කුණු වෙච්ච ස්වභාවයයි පෙන්වන්නේ... සමාජයේ එක් හරස් පැති කඩක් වන අධිකරණත් එහි පිලිබිඹුවක්... ශක්තිමත් විචාරශීලි බුද්ධිමත් පුරවැසියන් ප්‍රමාණය වැඩි කිරීම සාර්ථකම පිලියම ලෙස මා දකින්නේ... එසේ වන තුරු, සමහර කිසිම චාරයක් නැති අවභාවිතාවන්ට පැලැස්තර හෝ දැමිය යුතුමයි...

      Delete
  2. මම මේ ලිපිය මෙහි පළ කලා.
    http://nelumyaya.com/?p=7378
    හොඳ විස්තර , ඉගෙන ගගණන් බොහොමයක් දේ ඇති නිසා අනිත් අයත් මේ බ්ලොගයට එනවා නම් හොඳයි.

    ReplyDelete
  3. දොස්තරලට බනින මිනිහෙක්වත් පොලිසියටයි උසාවියටයි දොස් කියන්නේ නෑ.. නිකං හිරේ විලංගුවේ වැටෙන්න බෑනේ.. ඔන්න තත්වේ.. :)

    ReplyDelete
    Replies
    1. ඕක තමයි අභාග්‍යය... අර කවුදෝ කියලත් තියෙනවා වගේ බුද්ධිමතුන්ගේ නිශ්ශබ්දතාව මේ යුගයේ පවතින විශාලතම නපුරයි... හැම එකාම තම තමන්ගේ වාසියට හෝ රහසිගත න්‍යායපත්‍රයන්ට වැඩ කරපු වැඩ කරන නිසා අපේ ඇස් ඉදිරිපිටම අපේ සියලු දේ කෙලෙසා දැමෙනවා... අර භගවත් ගීතාවේ ක්‍රිෂ්ණ කියන්නෙත් ඒකනෙ අසාධාරණයට එරෙහිව ධර්ම යුද්ධ කිරීම සන්‍යාසිව බනභාවනා කරනවාට වඩා වටිනවා කියලා...

      Delete
  4. මුනිවත බිඳ යමක් කළයුතුය.නමුත් කවුරුන්ද ?? ආඬි 7 දෙනාගේ කැඳ හැලිය වගේ මෙතන.අනෙකා කරාවි කියා බලාන ඉන්නවා.බලන් ගියාම කවුරුත් කරල නෑ. හැබැයි ඉතිං ඇත්තටම බැලුවොත් කරන්නැයි කියල දේකුත් නෑ.articles tyewi.apit kiyawa adahas palakarawi.barima unot kipadena ekwa samaja aragalayak etikarai.but antime wenne sahajieanayata,yahapewetmata බාධා karana දේශද්‍රෝහි ලේබලය ඇලවී sabba sesahama නඩුවලට පුදලා ,මහ උළු ගෙදර මහා ගාන්ධර්වයන් වෙන්නයි.

    ReplyDelete
    Replies
    1. prathipala balaagena weda nokara hari de karanna uthsaha karanawa nam wena kisima deyak wedagath na... samaajaya kiyanne gathika deyak... adahas nirbayawa prakaasha kirima watinawa...

      Delete
  5. July 3rd mat usawiye hire yanna hari katakaranawa mge nduwedi.. untama giya rata.අරාජිකත්වය wtarai tyenne.hamadamat meka 3rd world country ekk wei mema yaddi.

    ReplyDelete
    Replies
    1. yakadaya rath unaamane thalanna ona... ithin kalabala nowee molen kalpana karala weda kaloth goda... idiriyedi wadaa honda ha loku deyak wenuwen warthamaanaye tharamak iwasilimath unata gataluwak natha.

      Delete
  6. Dn dn hamoma kynawa mn කලබල wela පොරවෙන් kapannona de niyapotten kadanna tyagatta kyala..hmmm

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...