Skip to main content

ජීවිතය සතුටින් ජයගමු.

http://www.pickthebrain.com/blog/5-things-remember-everything-seems-going-wrong/ යන ඉංග්‍රිසි ලිපියෙහි අනුවර්තනයකි මෙය (පදානුගත පරිවර්ථනයක් නොවේ). එම ලිපියෙහි වැඩි ප්‍රමාණයක් ඉතා වැදගත් නිවැරදි හා සිත්ගන්නා සුළු ආකාරයට ලියා තිබෙන බැවින්, එය සිංහල පාඨකයන්ටද සමීප කිරීමේ අදහසින් මෙම අනුවර්තනය කරන ලදි.



ජීවිතයේ සියල්ලම කනපිටට සිදුවෙනවා වගේ පෙනෙන විට මේ දේවල් 5 මතක තබා ගන්න


දුක හා සැප ජීවිතයට පොදු දෙයක්. ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ අවස්ථාවක් එන්න පුළුවන් සියළු බලාපොරොත්තු සුන් වෙලා යන. ඔබට ජීවිත‍ය අපායක් සේ දැනෙන්නට පුළුවන්. එහෙත්, මෙවැනි අමිහිරි තත්වයකින් ගොඩ ඒමට තිබෙන රහස නම් එම තාවකාලික අමිහිරි තත්වය ඔබේ මුළු ජීවිතයටම ඍණාත්මකව බලපාන්නට ඉඩ නොදීමයි. මෙවැනි අමාරු කාලයන් ජීවිතයට වටිනා පාඩම් එකතු කරනවා. ඔබට ගොඩක් දුක හිතේවි, නමුත් එය ඔබේ ලස්සන ජීවිතය අවුල්කර ගැනීමට හේතුවක් නොකර ගන්න. ඒ සඳහා ඔබ කළ යුතු කුඩා දේවල් කිහිපයක් තිබෙනවා. ‍එම දේවලින් ඔබේ අපහසුතා හා බලාපොරොත්තු විරහිත බව සහමුලින්ම අතුගා දමන්නට පුළුවන්.


1. ‍මේකත් අනෙක් දේවල් වගේම ඉබේම කාලයත් සමග අවසන් වේවි

"සෑම අඳුරු රැයකට පසුව සූර්යා නැවත උදේට පායනවා" කියා කියමනක් ඇත. මේ මොහොතේ ජීවිතය ඉතා අමාරු බව දැනෙන්නට පුළුවන්, නමුත් එම අමාරු කාලය සදාකාලිකව පවතින්නේ නැත. දේවල් නිතර වෙනස් වෙනවා. ඒක ලෝක ස්වභාවය. ඉතිං මේ අමාරු කාලයත් ඉක්මනින්ම හොඳ අතට පත් වෙනවා. නිතරම ඔබ ඔබටම සිහිකැඳවන්න "ඉක්මනින්ම මේ කාලය ඉවර වේවි; මීට පෙරත් අමාරු කාලවල් ආවා; ගියා; එලෙසම මෙකත් ඉක්මනින්ම ඉවර වේවි" කියලා. එය පවුලේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්; රැකියාවට අදාල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්; ආදර සබඳතාව ගැන ප්‍රශ්නයක්‍ වෙන්න පුළුවන්; ප්‍රශ්නය කුමක් වුවත්, එය ඉක්මනින්ම අවසන් වෙලා සාමාන්‍ය තත්වයට පත් වෙනවා කියා ඔබ දන්නවා. සිතන්න මොහොතක්. අතීතයේ සමහර අමිහිරි ප්‍රශ්නයක් දිහා දැන් බැලුවහම ඔබට බොහෝ විට සිනහ යනවා ඇත අයියෝ මං කොච්චර මෝඩ විදියටද හැසිරුණේ කියා. එලෙසම ඔබ දැන් සිටින ප්‍රශ්නය ගැනත් එලෙසම සිතාවි තව ටික කාලයක් ගියාට පසුව. ප්‍රශ්නයකදී වටින්නේ ඉන් ජීවිතයට පාඩම් ඉගෙන ගැනීමයි.


2.  ‍ටික කාලෙකින් මේ කිසිම දෙයක් ප්‍රශ්නයක් නොවේ

ඔබ දැනට තිබෙන ප්‍රශ්නය ලෝකේ තිබෙන ලොකුම ප්‍රශ්නය ලෙස ඔබට දැනෙනවා ඇති. එහෙත් ඒ ප්‍රශ්නය තව ටික කාලෙකින් ඔබට එතරම් දැනෙන්නෙ නැහැ. ඔබේ ජීවිතේ මීට කලින් ප්‍රශ්න ඇති වූ විටත් ඔබට ඒ වෙලා‍වෙ දැනෙන්නට ඇත්තේ මේ ලෙසමයි. එහෙත් ඒවා දැන් ඔබට කොහෙත්ම ප්‍රශ්න නොවේ නේද? ඔබ ටික කාලෙකට පසුව මේ ප්‍රශ්නය ගැනත් සිතාවි මා එදා ලොකුවට සිතන් හිටියට එය මහා මෝඩ වැඩක් නේද කියා.  සමහර විට ඔබ දෙවියන්ට ස්තූති කරාවි ඔබට එම ප්‍රශ්නයෙන් එතෙර වෙන්නට ශක්තිය ලබා දුන්නා කියා. ප්‍රශ්නය කොතරම් ලොකුවට දැනුනත් ඔබ ඔබටම මතක් කර දෙන්න එය ඔබේ ජීවිතයේ එක් කුඩා අවස්ථාවක් දෙයක් පමණයි කියා. එම කුඩා අවස්ථාවට ඔබේ මුළු ජීවිතයට කඩා දැමීමට ඉඩ දෙනවාද?


නරක කාලයට නරක පුරුද්දක් තිබෙනවා. ඒ තමයි අපේ සිත පොඩි කර පාගා අඳුරු කිරීමට. ඒ නිසා ඔබට සිතෙනවා ඇති කිසිම බලාපොරෙත්තුවක් ජීවිතයේ දැන් නැහැ කියා. එහෙත් ඔබ ගැන විශ්වාස කරන්න. ඔබ මීට පෙරත් මෙවැනි අර්බුදවලට මුහුණ දී ඒවායෙන් ගොඩ වූවා නේද? සමහර විට ඒ කිසිදු ප්‍රශ්නයකට වඩා මේ ප්‍රශ්නය තරමක් ලොකුයි යැයි සිතෙන්නටත් ඔබට පුළුවන්. ඇත්තටම එසේ වන්නටත් පුළුවන්. එහෙත් විශ්වාස කරන්න ඔබ ‍අතීතයේදී කළාක් සේම මේ ප්‍රශ්නයෙනුත් ගොඩ එනවා. ඔබට බැහැයි කියා සිතෙන්නේ ඇත්තටම ඔබට හැකියාව නැති නිසා නොව, ප්‍රශ්නයක් ආ විට සිතට ස්වාභාවිකව දැනෙන්නේ එලෙසයි. සිතන්න ඔබ දැන් ඔබේ ජීවිතය නැවත අඳුරු බලවේගයෙන් ඉවත් කරගන්නට සැරසෙනවා කියා. ඔබට කැමැති අනාගතය ගොඩ නඟන්නට පියවර ගන්න.


3. වේදනාව යනු ඇත්තටම ඔබේ ජීවිත‍යට අත්‍යවශ්‍ය දෙයක්

ජීවිතය ලස්සන අවස්ථාවන්ගෙන් පිරුණු එකක්. ඒ ලස්සන අවස්ථාවන් අත්විඳින්නට නම් අමාරු කාලයන් තුළින් ඔබ යා යුතුයි වේදනාව කියන්නේ ඔබේ දියුණු‍වට අත්‍යවශ්‍ය දෙයක්. එමගින් ඔබට තව තවත් ශක්තිමත් කරනවා. මතකද ඔබ පළමු වරට බයිසිකලයක් පදින්නට පුරුදු වූ අවස්ථාව. ඔබ වැටෙන්නට ඇති. තුවාල වෙන්නට ඇති. එහෙත් ඔබ ඒ දුක් පීඩා සුළු කාලයක් විඳීමෙන් පසුව බයිසිකලය වැටෙන්නේ නැතිව පදින්නට පුරුදු වුණා නේද? එවැනි නොයෙකුත් අත්දැකීම් ඔබට තිබෙනවා. මතක් කර බලන්න. වේදනාව කියන්නේ අපිට ශක්තිමත් කරන, සතුට ලස්සන පෙන්වාදෙන තාවකාලික අපහසුතාවක් පමණයි. අතීතයේ සමහර වේදනාත්මක අත්දැකීම් ලැබීම ගැන සමහර විට ඔබ දැන් සතුටු වෙනවා නේද? "ඒක එහෙම වුණු එකම තමයි හොඳ. දැන් තමයි මට ඒකේ වටිනාකම තේරෙන්නෙ. මං එදා එහෙම වේදනාවක් වින්ද නිසා තමයි අද මට මේ වගේ සතුටක් හෝ හොඳ ජීවන තත්වයක් ලැබී තිබෙන්නේ." මිනිසුන් කොතෙකුත් එවැනි දේ පවසනවා නේද? ඒකෙන් පේන්නේ වේදනාව දැන් වේදනාවක් වුණාට ටික කාලෙකින් එය ජීවිතයට සතුට හා ශක්තිය සපයන වෙස්වලාගත් ආශිර්වාදයක් බවයි.


4. අනෙක් මිනිසුන්ගේ දුර්වලතා ඔබේ ප්‍රශ්නයක් කර ගන්න එපා

කරදර කාලයන්වලත් සාමාන්‍ය කාලයෙදිත් ඔබට නොයෙක් මිනිසුන් හමුවෙනවා. ඒ අතර බොහෝ මිනිසුන් ඉන්නවා ඔබගේ හැකියාවන් ඔබේ යහපත්බව නොදැක හැමවිටම ඔබට පහත් කර සලකන. ඇත්තටම ඔබට කරදර ඇතිවන කාලය තමයි නියම යාළුවන් හඳුනා ගැනීමට තිබෙන හොඳම කාලය. ඔබ වටා සිටින්නේ ජීවිතය ඍණාත්මකව දකින මිනිසුන් නම්, ඔවුන්ගෙන් සදහාටම අයින් වෙන්නට නොහැකි නම්, අඩුම ගානේ කරදර කාලවලදිවත් ඔවුන්ගෙන් ඈත්ව සිටින්න. එවැනි අයගෙන් ඔබට සහනයක් නොව තවත් ප්‍රශ්න බැරෑරුම් වීමක් තමයි වෙන්නේ. ඔබගේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන්, ඒවාට හොඳින් ඇහුම්කන් දෙන්න පුළුවන්, ඔබට ශක්තියක් සැහැල්ලුවක් දනවන අයව ළං කර ගන්න.


5. කිසිදු දුකක් නැති තැන සැපක්ද නොමැත

ලෝකයේ නියතව නොවෙනස්ව තිබෙන කිසිම දෙයක් නැත. ඇත්තටම ලෝකයේ නියතව තිබෙන එකම දෙය නම් වෙනස වේ. හැමවිටම ජීවිතය ඔබේ සිතැඟි අනුවම නොපවතී. සමහර කාලවලදී ජීවිතය අපායක් සේ දැනෙන අතර, තවත් කාලවලදී ඔබ සිතන පරිදිම සියලු දේවල් සිදු වේ. ජීවිතයේ ස්වභාවය එබදුයි.


ජීවිතය සැහැල්ලුවෙන් හොඳින් යන කොට අපේ බලාපොරොත්තුද ඉහළ යනවා. උසස් බලාපොරොත්තු තබා ගැනීම ඇත්තටම හොඳයි. එහෙත් බලාපොරොත්තු ඉහළ යන විට, ඒවා සැබෑ කර ගැනීමට නොහැකි වන විට ඔබට දැනෙන දුකද පීඩාවද වැඩි වන්නට පුළුවන්. කෝකටත් ජීවිතයේ දුක්ඛිත කරදරකාරී කාලවලට මුහුණ දීමට සිදු වුවොත් ඊටද සූදානම්ව සිටීම සාර්ථක ජීවිතයකට අවශ්‍ය වේ. ඒ වගේමයි අපි අත්දැකීමෙන්ම දන්නවා නරක කාලය ඉවර වුණාම නැවත අපට හොඳ කාලයක් ලැබෙනවා. ජීවිතයේ සාමාන්‍ය ස්වභාවය එයයි. දුක හා සැප නිරන්තරයෙන්ම පෙරළෙනවා.


එමනිසා ඔබට දැනට ජීවිතේ ලැබී ඇති දේවලට හැමවිටම කෘතඥ වෙන්න. ජීවිතය සිනහවෙන් ගෙවන්න. ජීවිතය කෙටියි. සතුටුදායක මොහොතවල් පවතින්නේ සුළු කාලයක්. එමනිසා ජීවිතය හැකි පමණ සතුටින් සිටින්නට අත්දැකීම් එකතු කරගන්නට උත්සහ කරන්න. අද රාත්‍රිය අඳුරු වුණාට හෙට අනිවාර්යෙන්ම ඉර පායන බව නිතරම මතක් කර ගන්න.

Comments

  1. බොහොම වටිනා ලිපියක්. අපි හැමෝම ඒ වගේ අමාරු කාලවල් ගත කරනවා. ඒ වගේම ළිං කටින් ගොඩ එනවා. ගොඩ එන්න උපකාර වෙන හොඳ විස්තර ටිකක්.
    බොහොම ස්තුතියි...

    ReplyDelete
  2. අදහස් ටික නම් ගොඩක් ලස්සනයි. ජීවිතයට ගොඩක් වටින උපදේශ ටිකත්. අැත්තටම මට මීට කලින් ප්‍රශ්න වලට මුහුණ දුන්නට වඩා මේ ලිපියෙන් පස්සෙ අපේ ජීවිත ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.

    ReplyDelete
  3. අද කාලේ පාසල්,අතිරේක පංති වලින් නිකන්වත් මෙවැනි උපදේශ නම් දෙන්නේ නැති තරම්,
    මං නම් හිතන්නේ විෂය නිර්දේශයේ නැති හින්දද කොහෙදෝ,අනික තරඟකාරීත්වය.
    රටක් දියුණු වීමට නම් මිනිසාගේ බුද්ධිය වගේම අාකල්පත් පෝෂණය විය යුතුයි.
    Tekcroach නිසා අපට මේ දෙකම ලැබෙනවා.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

Quantum ( ක්වන්ටම්) යන වචනය අන්තර්ජාලයෙ හා වෙනත් ලිපි තුල නොයෙකුත් ක්ෂේත්‍රවල යොදා ගනු ලබන බව පෙනෙනවා. ක්වන්ටම් න්‍යායන් ඔස්සේ ආගමික සිද්ධාන්ත සාධනය කරන අය, යන්ත්‍රමන්ත්‍ර ආදිය ඔප්පු කරන්න උත්සහ කරන අය පවා ඒ අතර සිටී. ඊටත් අමතරව, විද්‍යා ප්‍රබන්ද හා බැලූබැල්මට විද්‍යාත්මක දේවල් යැයි සිතෙන නමුත් තවමත් විද්‍යාත්මක නොවන බොහෝ දෑ ක්වන්ටම් යන ලේබලය යටතේ විස්තර කර ඇත. උදාහරණයක් ලෙස, ලංකාවේ සිටින ප්‍රකට විද්‍යාඥයකු වන ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන පවා සිත යනු ක්වන්ටම් සංසිද්ධියක් යැයි නිතරම පවසනු මා අසා ඇත. එහෙත් විද්‍යා සමාජය තුල සිත යනු හරියටම කුමක්දැයි නිර්වචනය කර නොමැති අතර එය කිසිසේත් ක්වන්ටම් මඟින් තවමත් පැහැදිලි කරද නැත. එය ඔහුගේ හා ඔහුගේ පිරිවරේ මතය පමනි. ඉතිං, මේ සියලු අනවශ්‍ය හා අවිද්‍යාත්මක දේවල් බැහැර කර ගත් විට, ඇත්ත ක්වන්ටම් විද්‍යාව හමු වේ. ඒ හැරත් මේ සියලු මනස්ගාත සමඟ ක්වන්ටම් විද්‍යාව අධ්‍යනය කිරීම ඇරඹිය නොහැකිය.   විද්‍යාව (science) යනු තත්කාලයේ (ඒ කියන්නේ කතා කරන මොහොත වන විට) විද්‍යා සමාජය විසින් සම්මත විද්‍යාත්මක පර්යේෂන ක්‍රමවේද (scientific method) ඔස්සේ ඔප්...