Skip to main content

politics vs polytricks

හෙට දිනයෙත් ඔන්න රෝහල්වල වෙදහොරු ටික ස්ට්‍රයික්ලු. ප්‍රත්‍යන්ත ජනපදවල ශාඛාවල බලවත් ඉල්ලීම මත GMOA එක මහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ස්ට්‍රයික් කොරන්ට අකමැත්තෙන් වුවත් තීරණය කළ බවකුයි අරාජික රටේ වෙදහොරුන්ගේ මූලස්ථානයේ අද කළ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී අර එම්බාම් කරන එකෙකුගේ මුහුනක් තිබෙන එහි මරුමුස් ලේකම් තැන කිව්වේ.

තමන් වදාපු අම්ම තාත්තට පවා කේන්තිය නිසා පොල්ලෙන් ගා මරන එවුන් ටිකක් සිටින සමාජයේ ඇත්තටම මේ ස්ට්‍රයික් කොරන එවුන්ගෙන් දහ දොලොස් දෙනෙකුට පොල්ලෙන් ගා මරා දමන්නට තරම් මල පනින එකෙක් නැති වීමත් කරුමයකි. එසේ කරන එවුන්ට ජනපති සමාව දීමට වටී; නැත්නම් ඉතිං ඕක තියෙන්නෙ පොල් ගාන්නැයි.

වැඩ බැරි නපුංසක ආණ්ඩුවෙන් පිලියම් එන තුරු බලා නොසිට දැන්වත් මේ වෙදහොරුන්ගේ ස්ට්‍රයික් මේනියාවට ජනයා විසින්ම කැලෑ නීතිය යෙදිය යුතුය. අයුක්තියට එරෙහිව ප්‍රචණ්ත්වය යෙදීම යුක්තියුක්ත යැයි භගවත් ගීතාවේද ශ්‍රී ක්‍රිෂ්ණා විසින් අනුශාසනා කර ඇත.

අද දිනයේ පමණක් "අනේ මහින්ද මහත්තයා රටේ සිටියා නම්" කියා කිහිප දෙනෙකුම පවසනවා ඇසිණි. එසේ කියන අයගේ විස්තර ටීකාවේ හැටියට මහින්ද හා ගෝඪා රාජපක්කයන්ගේ දාමරික සුදු වෑන් රාජ්‍ය ත්‍රස්තවාදයට බයෙන් මුං මෙතරම් දඟලන්නේ නැතිව ස්ට්‍රයික් නැතිව පූස් පැටව් සේ සිටිනු ඇතැයි ඔවුන් කියයි. බලන් ගියාම එය සම්පූර්ණ සත්‍යයකි. ඒ කාලේ මුං මෙච්චර දැඟළුවාද?

හැමදේම ඔද්දල් වන තුරු බලා සිටිමින් නිසි තීරණ නිසි වෙලාවට නොගන්නා නපුංසක ජන අධිපතියෙක් සිටීමේ කරුමය අද මුලු රටම අත්විඳී. හෙට ඇමති මණ්ඩල සංශෝදනයක් සිදු වන බවක්ද පැවසේ. එම සංශෝදනයේදී වනචර වැඩ බැරි නාස්තිකාර ඇමැත්තන් ඉවත් කර සුදුස්සන් පත් කරාවි යැයි සිතිය නොහැකිය (හෙට වෙනකල් අපි බලා සිටිමුකො). අපේ ජන අධිපතිට කොන්දක් ඉම්පෝට් කර බද්ද කළ යුතු වේවි එවන් අභීත තීරණ ගැනීමට නම්.

දුටුගැමුණු කුමරා තමන්ගේ පිය රජානන්ට කාන්තාභරන යැව්වා සේ, මෛත්‍රීට ගැහැනු යට ඇඳුම් හා පැම්පර්ස් ටිකක් යැවීමට මට සිතේ (අපට ඉතිං ආභරන ගන්න සල්ලි නැහැනෙ).

ඒ අතර බලු සේනාවේ ගලබොඩඅත්තේ හිංසාව අත්හැර අවිහිංසාව අද දින වැලඳ ගැනීමේ සතුටු දායක පුවතද මාධ්‍ය ඔස්සේ දකින්නට පිං කළ බවක් දැනේ. අනේ ඔහුගේ සත්‍යග්‍රහය චිරාත් කාලයක් එතැනම සිදු කරගෙන යන්නට සියලු සැපපහසුකම් සපයා දෙන්න යැයි අප රජයෙන් හුදෙක් ඉල්ලා සිටිනවා. දේශපාලු කොන්ත්‍රාත් කරන අර නර්ස් නෝනලා මැද හුරතල් වන, රාවනාව විකුනන් කන, රනවිරුවන්ව විකුනන් කන සිවුරු දරන තුන් හතර දෙනාත් එතැනම සත්‍යග්‍රහයට වාඩි කළ හැකි නම් රටට මීට වඩා හොඳක් උදාවිය හැකිය.

එහෙත් සංහිඳියාව නාමයෙන් හෝ ඩොලර් රියල් කුට්ටිවලට යට වී හෝ රටේ පොදු උරුමය වැනසෙමින් යන ස්වරූපයක්ද රට තුල ඇත. එම දුක්ඛිත තත්වය පොදු සංස්කෘතික උරුමයට පමණක් නොව, පරිසරයට, නීතියේ ආධිපත්‍යට, රටේ ස්වෛරිභාවයටද එලෙසම පවතී. අපට ජීඑස්පී දීමට යුරෝපිය රටවල් සමලිංගිකත්වයට නීත්‍යානුකූල බව ලබා දෙන්න යැයි පවසන විට, ගොවි පුත් මහා බෞද්ධයා ජන අධිපතිට ඊට විරුද්ධව නිල ප්‍රකාශයක් කිරීමට බැරි bottom එකක් සේ හැසිරේ. විදෙස් ඇමැත්තා, පොලිසිය භාර ඇමැත්තා, අගමැත්තා ආදී එවුන්ගේ නම් යුරෝපීය සංගමයේ එම ඉල්ලීමට සිත පිනා යන්නට ඇති.

ලෝකයේ බොහෝ රටවල පොලිටික්ස් ඇතත් ලංකාවේ තිබෙන්නේ පොලිට්‍රික්ස්ය. එහෙම නැතිනම් මහින්ද මැයි දිනයේදී තමන් විසින්ම දූෂිත හා දීන ලෙස චීනුන්ට සින්නක්කරයට විකිණූ ඉතා වටිනා ඉඩම් දෙකක් දෙපැත්තේ තියා ගෙන මෙන්න මේ ආණ්ඩුව පිටරැටියන්ට ඉඩම් විකුණනවා අපි හිටිය නම් ඕව කරන්නෙ නැහැයි මන්ද බුද්ධිකයකු සේ ප්‍රකාශ කරන්නේ කෙසේද? ඩලස් ඇමති මණ්ඩලයේ ඉන්න කාලේ වනචරයන් අපතයන් සමඟම ඇමති මණ්ඩලයේ සිටිමින් මෙවැනිම ඇමති සංශෝධන ගණනාවක්ම දැක ආණ්ඩු කරමින්, අද යකි නාරං ගහේ ජවනාරං ගැන කතා කරන්නේ කෙසේද? පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගේ ද්විත්ව පුරවැසි බව සෙවීමට තරම් රජයක් අපොහොසත්ව "ඔව් එහෙම අය ඉන්නවා කියල අපිටත් ආරංචියි" වැනි කතා කියන පකිස් බූරු ඇමැත්තන් සිටින්නේ කොහොමද? අරාබි නිසොල්ලාසයට එකතු කළ හැකි ඩේසි ආච්චිගේ මැනික් මල්ල කතාව උසාවියේ සාක්ෂියක් වූයේ කෙසේද?

අවිහිංසාවාදී ගලබොඩඅත්තේගේ එක් ප්‍රකාශයකට පෞද්ගලිකව අපත් එකඟය. එනම්, රටේ නීතිය හා අධිකරණ පිළිගත නොහැකිය. යුක්තිය යනු තම තමන්ගේ හෘද සාක්ෂියට අනුව හට ගන්නා නමුත් පොදුවේ කාටත් සාධාරණ තත්වයකි. අප පිළිගත යුත්තේ එයයි. අධිකරණය යනු වනචර දේශපාලුවන් කිහිප දෙනෙකුගේ සිතැඟිවලට අනුව සාදපු නීති ක්‍රියාත්මක කරන පඩි ලබන පිරිසක් සිටින ආයතන පමණි; එය හරියට සිල්ලර කඩයකි පාර්ලිමේන්තු තොග කඩේ බඩු විකුණන. එනිසා රට ශුද්ධ වීමට එක්කෝ යෝධ සුනාමියක් ඇවිත් අප සියල්ලන්ම බිලි විය යුතුය; නැතිනම් රට වනසන සෑම තරාතිරමකම කාලකන්නින්ව සන්නද්ධ අරගලයකින් බිලි ගත යුතුය. යුක්තිය වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය සාධාරය!!!


Comments

  1. /ලෝකයේ බොහෝ රටවල පොලිටික්ස් ඇතත් ලංකාවේ තිබෙන්නේ පොලිට්‍රික්ස්ය.// මේක නම් ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නොව, ලංකාවේ politicians නැත; ඉන්නේ poly-tricks-ians ය.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...