Skip to main content

saitm හරහා පිළිබිඹු වන සමාජ පැතිකඩ

ඊයෙ පෙරේදා සයිටම් වසා දමනු යැයි තර්ජනය කරමින් සමස්ථ වැඩ වර්ජනයක් වෛද්‍යවරුන් ප්‍රමුඛව සිදු විය. ආණ්ඩුව මොනවා කිව්වත් එම වැඩ වර්ජනයෙන් පොදු ජනයාට විශාල අහිතරක බලපෑමක් සිදු වූ බවට සැකයක් තර්කයක් නැත.

නර්ස් නෝනා කෙනෙක් ශබ්දෙට අධෝ වාතයක් හැරියත් ස්ට්‍රයික් කරන දොස්තරයන්ට නම් ලෙඩුන්ට බෙහෙත් නොදීම හා ලෙඩුන් පීඩිතව දුකින් සිටිනවා දැක කාලකන්නි සතුටක් ඇතිව ආඩම්බර වනු ඇති තමන් සාර්ථක වූවා යැයි උජාරුව ප්‍රෙස්කන්ෆරන්ස් තියමින්.

ජනයාට හෙන ගැහුවත් ගානක් නැති හිරි වැටිච්ච ආණ්ඩුවේ හිරි ඔතප් බිඳුණු වනචර දේශපාලුවන්ට නම් ඇත්තටම ඉන් ගාණක් දැනෙන්ට නැතිව ඇති. දේශපාලුවන්ට ඉතිං දැනෙන ප්‍රශ්න වී තිබෙන්නේ කෝටි දහයක පමණ වාහනයක් නැතිව ගමන් බිමන් යන්න බැරි තරමට පස්ස පැත්තේ ගෙඩි දමන ලෙඩ ඇති වීම වැනි මහා බැරෑරුම් ගැටලු පමණි.

තැපැල් ඇමති අලීම් කිව්වේ පොදු ජනයා ඇත්තටම ඇමතින්ට එවන් වාහන ලබා දීම අනුමත කරන බවයි. ඌට තව ටිකක් මොලේ වැඩෙන්නට රට ඉඳි හා ඔටු බිත්තර සමඟ තණකොල කන්නට දිය යුතුය.

එහෙත් බලන් ගියාම ඒ කතාවෙත් සත්‍යතාවක් තිබිය හැකි බව පේනවා මොකද ලංකාවේ සිටින්නේ එවන් තණ කන හරක් හා වැස්සියන් ටිකකි. නැතිනම් කොහොමද වනචර දේශපාලුවන් ලංකාවේ මේ තරම් වැජඹෙන්නේ?

ඇත්තටම සයිටම් එකට දොස්තරලා (හා වෙනත් අය) මෙච්චර විරුද්ධ ඇයිදැයි කවුරුත් වාස්තවික කරුණු දක්වනවා මා විශේෂයෙන් විද්‍යුත් ජනමාධ්‍යයෙන් දුටුවේ නැත. සයිටම් හි වෛද්‍ය විද්‍යාලයක් සඳහා තිබිය යුතු මූලික සුදුසුකම් නැතිද? නිදහස් අධ්‍යාපනය ඉන් නැති වෙන නිසාද? මෙම කාරණා දෙකෙන් ඔබ්බට වෙනත් සාධාරණ හේතු මට නම් සිතා ගත නොහැකිය (වෙනත් හේතු තියෙන අය ඉන්නව නම් කමෙන්ට් කරන්න).

නිදහස් අධ්‍යාපනය කන්නංගර මහතා ගෙන ආවේ සියලු අධ්‍යාපනය නොමිලේ ලබා දෙන අදහසින් නොවන බවයි මාගේ දැනීම. එහෙත් නිදහස් අධ්‍යාපන මන්ත්‍රය කියවන එවුන් මේ ගැන නිරවුල් දැනුමක් ඇතිවද එය සිදු කරන්නේ? එකල අධ්‍යාපනය සීමිත ප්‍රභූ පිරිසකට පමණක් කොටු වී තිබුණි. එය ඉවත් කර සියලුම වැසියන්ට පොදුවේ අධ්‍යාපන පහසුකම් හා ප්‍රවේශය ලබා දීමයි (මාගේ දැනුමේ හැටියට) කන්නංගරගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ අරමුණ.

කෙසේ හෝ ඊට මේ වෙන කොට නියමින් හෝ අනියමින් "නොමිලේ අධ්‍යාපනය" යන තත්වයද ආරූඪ වී ඇත. එය ඇත්තෙන්ම හොඳ විකාශයකි. සමස්ථ අධ්‍යාපනයම රටක පුරවැසියන්ට නොමිලේ ලැබේ නම් එය කොතරම් අගනේද? අභාග්‍යයකට මෙන් එවන් ගුණාත්මක නොමිලේ අධ්‍යාපනයක් ලංකාවේ තිබේදැයි සිතා බලන්න.

අද පාසල්වල පහසුකම් නිසි මට්ටම්වල නැත. සමහර (බොහෝ) ගුරුවරු උගන්වන්නේ නැත. ගුරුවරුන්ගේ දැනුම් මට්ටම අන්ත පහළය (මා එය පෞද්ගලිකවම නිතර අත්විඳින තත්වයකි). විෂයෙන් පරිභාහිර දැනුමක් ගුරුවරුන්ගෙන් ලැබෙන්නේද නැත; ඇසුවත් ළමුන්ට පිළිතුරු ලැබෙන්නේද නැත. පාසල යනු දෙවොලක් බඳුය; එහි සිටින්නේ දෙමාපියන්ට සමාන අය යැයි කියයි. එහෙත් කන පලන, කුනු හරුපෙන් බනින මදාවියන් (හා එවැනි මදාවි ගුරුවරියන්) නිතර දක්නට ලැබේ. මා පෞද්ගලිකවමත් එවැනි අය දනී. (දෙවිවරුන් වැනි ගුරුවරු පිරිසක්ද මේ අතර සිටින අතර, ඒ අය පවා අර වැනි වැරදි ඉදිරියේ මුනිවත රකිමින් තමන්ගේ රාජකාරිය පමණක් ඉටු කරමින් නෝන්ජල්ව සිටී.)

මේ සියල්ලම නිසා ළමුන් ටියුෂන්වලට ඇබ්බැහි වී සිටී. ටියුෂන් නොයන ළමුන් සිටින්නේ කොහේද? අධ්‍යාපනය නොමිලේත් ගුණාත්මකවත් ලබා දේ නම් ළමුන් ටියුෂන් යන්නේ ඇයි? දෙමාපියන්ට කසන සල්ලියක් තිබෙන නිසාද? ළමුන් තමන්ගේ නිදහස අඩු කර ගන්නට ඇති කැමැත්ත නිසාද යන්නේ? ඒ නිදහස් අධ්‍යාපනයේ හරය වන පාසල් අධ්‍යාපන පද්ධතියේ තරමයි.

උසස් අධ්‍යාපනයේ තත්වය ඊටත් අන්ත බාලය. අද විජ්ජවිජ්ජාල පවතී. ඒවායේ අතිශය බහුතරය පිටවන්නේ රජයේ රැකියා ඉල්ලා අඬන, දුන්නේ නැතිනම් පාරවල බුදියන එවුන් ටිකකි. කැම්පස් එක ඇතුලේ අරාබි සුල්තාන්ලා මෙන් කාමාතුරයන්ව හැසිර එලියට විත් සමාජයට තවත් බරක් බවට පත් වන පිරිස විශාලය (මට මතකයි එක්තරා විශ්ව විද්‍යාල උපකුලපතියෙක් ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාව පරික්ෂා කිරීමට පවා කටයුතු කරන්නට යෙදුණා). අඩු අධ්‍යාපනයන් සහිත පිරිසට මඟ කියන ඔවුන්ටත් සහනයක් ලබා දෙන පිරිසක් නොවේද කැම්පස්වලින් පිට විය යුත්තේ?

ගැටලු නම් විශාල ප්‍රමාණයක් පවතී. ලංකාව දුප්පත් රටක් වීමම නොවේ මේ සියලු දේට මුල. චින්තනයේ වැරදි තිබේ. සැලසුම්වල වැරදි තිබේ. කිසිවක් නිවැරදි කිරීමට බලය ඇති එවුන්ට ඒ සඳහා අවශ්‍යතාවක් නැත.

මේ සියල්ලටම වඩා ගැටලුවලින් බැටකන එවුන් සියලු ගැටලු තවත් උග්‍ර කරයි. විජ්ජවිජ්ජාල ශිෂ්‍යන් හා පාසල් ළමුන්ගේ දෙමාපියන් ඊට හොඳම උදාහරණ සපයයි. ගැටලුවක් තිබේ නම් ඊට ලබා ගත හැකි ප්‍රායෝගික සුදුසුතම විසඳුම ඉල්ලා සිටීම හා ඒ වෙනුවෙන් සටන් කිරීම කළ යුතු වුවත්, බොහෝ සටන් අද හුදු සටන්ම පමණි. කිසිදු තාර්කික පදනමක් පේන්නට නැත. සයිටම් ගැටලුවේදී එය හොඳින් පෙනේ.

පළමු කාරණය GMOA හෝ වෛද්‍ය සභාව (SLMC) හෝ විජ්ජවිජ්ජාල සිසුන්ට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන්නට. එකෙක් දෙන්නෙක් හැරෙන්නට විජ්ජවිජ්ජාල ගිය සියල්ලන්ම ටියුෂන් බඩ ගාපු එවුන්ය. පාසල්වල පැමිණිමේ ලේඛන බැලුයේ නම් නිදහස් අධ්‍යාපනය වළදාපු එවුන්ය (මාද එසේය; උසස් පෙල අවුරුදුවල මාගේ ඇටෙන්ඩන්ස් 30%ක් පමණ විය). එහෙත් එය පාසල් ළමුන්ගේ වරදක් නොව, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරින් තම වගකීම ඉටු නොකිරීම නිසා ඇති වූ තත්වයකි.

ටියුෂන් යනු බැරෑරුම් ප්‍රශ්නයකි. ඔය පිකට් කරන, ස්ට්‍රයික් කරන හැමෝම ටියුෂන් තහනම් කරන්න යැයි ස්ට්‍රයික් කළ යුතුව තිබුණා. අවශ්‍ය නම් දැනුදු එය කළ හැකියි (ඔට්ටුයි මුං ඕක කරන්නෙ නැහැ). අමුඅමුවේ නිදහස් අධ්‍යාපනය වැලලෙන්නේ එතැනය. එය සයිටම් ප්‍රශ්නයට වඩා සිය දහස් ගුණයක් විශාලය සමාජීය, ආර්ථික, හා ගුණාත්මක පැති සියල්ලෙන්ම. එහෙත් කවුරුත් එතැනදී මුනිවත රකී.

දැන් එලෙස නිදහස් අධ්‍යාපනයෙන් පීලි පැන විජ්ජවිජ්ජාල ඇතුලු පසුව එකවරම දේශප්‍රේමි සටන්කාමි විප්ලවවාදී සලුපිලි කටපාඩමින් කරුණු දත් බුද්ධි හීන ශිෂ්‍යන්ට කාලකන්නි දේශපාලන ප්‍රවාහයන් විසින් අන්දවයි. උනුත් කදිමට ඇඳ ගනී. දැලි රැවුල වවාගෙන ඉන්පසු දොඩම් ගෙඩි දෙකක් උස නැති එවුන් මහා පෞරුෂ මවා පායි. අසභ්‍යත්වයට ක්ලැසිකල් තත්වයක් හිමි වේ. ඊට පිටුපසින් තුච්ඡ ලිංගික ආශාවන්ද නැත්තේ නොවේ. සමහරවිට අර උපකුලපතිට ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පරික්ෂා කිරීමට සිතුනේ මේ ගැන තවත් තහවුරු කර ගන්නට විය යුතුයි. මෙවුන් ටික ඉන්පසු රටේ හැම ප්‍රශ්නයටම උන්ට වඩා කෙරුමන් විශේෂඥයන් නැතැයි යන විකෘති මානසිකත්වයෙන් මහාපාරවල් වසාගෙන සිටී.

එනිසා කිසිදු ශිෂ්‍ය සංගමකයකට සදාචාරමය අයිතියක් නැහැ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන්නට. අප දන්නා කාලයේ සිට උන් මේවා වෙනුවෙන් පෙනී සිටියානෙ. වසරකට විසි දහක්වත් විජ්ජවිජ්ජාලවලින් පිට වේ. ඔබ දැක තිබේද කැම්පස් අවුට් වෙච්ච එකෙක් මේ වෙනුවෙන් දැන් පෙනී සිටිනවා? උන් ඇත්තටම හදවතින්ම දැනුවත් බවින් යුතුව නම් හඬ නැඟුවේ මේ වන විට උන්ගේ උද්ඝෝෂන කැම්පස් පිට වූ අයත් සමඟ කොතරම් විශාල පිරිසක් සමඟ කළ හැකිද? එහෙත් කැම්පස් පිට වූ වුන් දැන් උද්ඝෝෂන කරන්නේ රජයේම රැකියා ඉල්ලමින්ය. මෙය මල විකාරයකි. මින් පැහැදිලි වන්නේ උන්ගේ සැබෑ තත්වයයි. උන් එසේ හැසිරෙන්නේ ඇයිදැයි ඇත්තටම වෙනම බැලිය යුතුය.

වෛද්‍යවරුන්ට නම් නිදහස් අධ්‍යාපනය ගැන කතා කිරීමට කොහෙත්ම හැකියාවක් නැත. නිදහස් සෞඛ්‍ය අමුඅමුවේ මරන්නේ උන්ය. කෙනෙකු විශාල මුදලක් හම්බ කිරීම ගැන අපට ගැටලුවක් නැත. හැමෝම හැකිතරම් හම්බ කළ යුතුයි සාධාරණව. එහෙත් තමන් යමක් කරමින් එයම තවත් කෙනෙකු කරන විට, ඊට විරුද්ධ වීමට ඇති අයිතිය කුමක්ද? GMOA සදාචාරාත්මක නොවන ලෙස හෝ විරුද්ධ වුවත් SLMC ට අඩුම ගානේ නීතිමය අවහිරතාවක්ද පවතිනවා එවැනි විරෝධයකට (මා දැක තිබෙනවා එහි සාමාජිකයන් ජනමාධ්‍ය ඔස්සේ තමන්ට ප්‍රකාශ කළ නොහැකි එවැනි මත ප්‍රකාශ කරනවා). වෛද්‍ය සභාව යම් නිශ්චිත නීත්‍යානුකූල වගකීමක් ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තු පනතකින් පිහිටුවා තිබෙන රාජ්‍ය ආයතනයකි. එය නිර්දේශපාලනික වන අතර, තමන්ට පනතින් ලැබී ඇති කරුණුවලට පිටින් ක්‍රියාකිරීමට කිසිදු බලයක් නැත. මා හිතන පරිදි දැනට තිබෙන වෛද්‍ය සභාවට විරුද්ධව නඩුවක් ගොනු කර ඔවුන්ගේ බලාතික්‍රමණය පෙන්වා සභාව විසුරුවා හැරිය යුතු හා හැකි තත්වයක් තිබේ.

වෛද්‍යවරුන්ගේ මුදල් හඹායෑමේ පිස්සුව පැහැදිලි කිරීමට එක් උදාහරණයක් ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ එක් වෛද්‍යවරයෙකුගෙන් (හලඹාරච්චි) මැනවින් දෘෂ්‍යමාන වේ (ඔහු මා සමඟ තරමක් හිතවත්ය). ඔහු කාලයක සිට ප්‍රසිද්ධ වන්ෂොට් වෙදෙකි (අධිමාත්‍රා බෙහෙත් පළමු වරම දෙන කෙනෙකි). ළඟදී ඔහු විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත් විය. දැන් එකවරම ඔහුගේ ගාස්තු ඉතා වැඩි වී තිබේ. ඒ ඔහුගේ විශේෂඥ උපාධිය නිසාය. ගැටලුව වන්නේ ඔහු විශේෂඥ වන්නේ එක්තරා රෝග කාණ්ඩයකට පමණි. එම ලෙඩ සඳහා බෙහෙත් නියම කිරීමට වැඩි ගාස්තුවක් අය කිරීම තරමක් හෝ සාධාරණ වුවත්, සාමාන්‍ය MBBS වෙදෙකුට කළ හැකි බෙහෙත් නියම කිරීමකදී කොහොමද තමන් විශේෂඥ වූ පලියට වැඩියෙන් අය කරන්නේ? එහි ලොජික් එකක් නැත. තිබෙන එකම ලොජික් එක බඩගෝස්තරවාදයයි.

මේ වන විටත් පාසල් අධ්‍යාපනයත්, කාර්මික අධ්‍යාපනයත්, විශ්ව විද්‍යාල අධ්‍යාපනයත්, වෘත්තිමය/ප්‍රොෆෙෂනල් අධ්‍යාපනයත් ආදී ලෙස සෑම මට්ටමකම අධ්‍යාපනය ලංකාව තුල මුදලට ලබා දේ. ඒ ගැන මුන් අද වන තුරු කටක් හැර කතා කරන්නේ නැත. සමහර වෙදුන්ගේ දූලා පුතාලා යන්නේද පෞද්ගලික පාසල්වලටයි. එසේ තිබියදී වෛද්‍ය විද්‍යා උපාධිය පමණක් මුදලට ලබා ගත නොහැක්කේ මන්දැයි තර්කානුකූලව තේරුම් කර දිය හැකි ජගතෙක් සිටීද?

එනිසා ඔය ස්ට්‍රයික් කරපු එකෙකුටවත් අයිතියක් නැහැ නිදහස් අධ්‍යාපනය නාමයෙන් කතා කරන්නට. නිදහස් අධ්‍යාපනය යනු තණ කන මහාජනයා තමන් විහින්ම කාලයක් තිස්සේ අත්හරිමින් සිටින දෙයකි (දැනුවත්ව හෝ නොදැනුවත්ව). එහෙත් සයිටම් එකේ ගුණාත්මකබව ගැන නම් කතා කිරීමට කාටත් අයිතියක් තිබේ. මොකද ඉන් පිටවන වෙදුන් මිනිසුන්ගේ ජීවිත සමඟ කටයුතු කරන නිසා.

සයිටම් හිතවාදින් හා විරුද්ධවාදීන් දෙපිරිසම පොදුවේ පිළිගන්නා තත්වයක් තිබේ. එනම් සයිටම් හි ගොඩනැඟිලි, පුස්තකාලය, ලැබ්, ඉගැන්වීම් ක්‍රම, උගන්වන අයගේ කොලිටිය (වැඩි මහාචාර්යවරුන් ප්‍රමාණයක් සිටීම) රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සමාන හෝ ඊටත් උසස් බව කවුරුත් පිළිගනී. ගැටලුව තිබෙන්නේ සායනික පුහුනුවේය. එසේ නම්, අපට අවශ්‍ය ගැටලුවට විසඳුමක් නම්, මේ කවුරුත් සායනික පුහුනුව වැඩි කිරීමට කටයුතු කළ යුතුව තිබේ. නෙවිල් ෆනෑන්ඩු රෝහලේ හෝ රජයේ රෝහල්වල හෝ එය සිදු කිරීමට අවසර දිය යුතුය. ඒ සඳහා පහසුකම් හා ප්‍රවේශය ලබා දිය යුතුය. එහෙත් මේ උන්මත්තක වෙදුන් ඊට ඉඩ දෙන්නේද නැත.

ඒ අනුව සයිටම් විරෝධි විය හැකි සාධාරණා කාරණා දෙකක් තිබුණත්, ඒ කිසිවක් නොසලකා "නැහැ සයිටම් වසනු" කියා මුන් කියන්නේ ඇයිදැයි නොතේරේ. එක එකාගේ මත හෝ ආශාවන් වැදගත් නැත. රටක හා පොදුවේ බලපාන දේවලදී තර්කානුකූල හා යුක්තිගරුක බවයි පදනම විය යුත්තේ. පාදෙනියට හෝ වෙනත් එකෙකුට තමන් ගෑනිත් එක්ක කෙම්මුර දවස්වලට නිදියනවාද නැද්ද වැනි තීරණ පෞද්ගිලක මට්ටමින් තමන්ගේ මතය හා ආශාව අනුව ගත හැකිය. අපේ විරුද්ධත්වයක් ඊට නැත. එහෙත් මේ අප කාගේත් රටය. එහි තීරණ එක එක පිම්පියන්ට ඕන විදියට ගත නොහැකිය.

කෙනෙකුට දොස්තර කෙනෙකු වීමට හෝ යහපත් ඕනෑම දෙයක් කිරීමට සිහිනයක් ඇත් නම් ඒ සිහින සැබෑ කර ගත හැකි සාධාරණ ක්‍රමවේද රටක තිබිය යුුතුය. එය ඔහුට පහසුවෙන් හා නොමිලේ ලැබේ නම් ඉතා හොඳය. එහෙත් ලංකාවේ (හෝ ලෝකයේ වෙනත් රටක) එවැනි මනෝරාජික තත්වයක් නැත. ඉතිං, දැනුත් අධ්‍යාපනය විකිනෙන ලංකාවේ සයිටම් විරෝධය කිසිසේත් පිළිගත නොහැකිය.

මෙම උද්ඝෝෂන ක්‍රියාවලිය මඟින් වඩා යහපත් තත්වයකට සයිටම් ගොස් ඇත. එය ඇකඩමික් පාලක මණ්ඩලයක් යටතේ පාලනය වීම, කොටස් වෙළඳපොල හරහා අයිතිකාරිත්වය පුලුල් කිරීම, රෝහල රජය යටතට ගැනීම වැදගත් පියවරවල්ය. ඊට අමතරව, ලාභ නොලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට (එමඟින් ගාස්තු අඩු වේ) තවදුරටත් පීඩනය එල්ල කළ හැකි නම් පොදු ජනයාට තවත් වාසිදායක තත්වයක් ඇති වනු ඇත.

එහෙත් එය වසා දැමීම කිසිදු යහපතක් ඇති නොවේ. ඉන් යහපත ඇති වන්නේ දැනට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන වෙදුන්ටයි. ඇත්තටම මුන් සයිටම් අහෝසි කරන්නට වලිකන එක් ප්‍රධාන සාධකයක් එය විය හැකියි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් වැඩියෙන් දොස්තරවරුන් පිට වූ විට, ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව උන්ට හම්බ කරන මුදල් ප්‍රමාණය අනිවාර්යෙන්ම අඩු වේවි. එය මහාජනයා පැත්තෙන් හොඳ තත්වයකි.

අවසානයේ තවත් දෙයක් කිව යුතුය. දැන් කවුරුත් කියන්නේ රජයේ වෛද්‍ය සිසුන් ඉතා අනර්ඝ කොලිටියෙන් යුතු බඩු බවයි. එසේ නම්, අප කවුරුත් යෝජනා කරනවා රජයේ සිසුන්ටත්, විදෙස් රටවල සිට එන සිසුන්ටත්, සයිටම් සිසුන්ටත් එකම කඩඉම් විභාගයක් පොදුවේ පවත්වන්න කියා.

වෛද්‍ය සේවාවේ ගුණාත්මක බව ඉල්ලා කෑ ගසන වෛද්‍යවරුන් හා සිසුන් මා හිතන්නේ ඊට උඩින්ම කැමති වනු ඇත. කොන්ද පන තිබෙන රජයක් නම් අනිවාර්යෙන්ම එය කළ යුතුය. එහෙත් නපුංසක අගමැතිත් හිටං ඉන්න ජනපතිත් කයිවාරු දත් දොසතර සෞඛ්‍ය ඇමතිත්, මෙලෝ රහක් නැති උසස් අධ්‍යාපන ඇමතිත් එය සිදු කළොත් බටහිරින් ඉර පායන දවසක් ලෝකයට උදාවනු ඇත.

Comments

  1. දුන්නා රිදෙන්න.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...