2017 මැයි 12 දින රජයේ මුද්‍රනාලයෙන් ප්‍රකාශයට පත් අංක 2019 දරන ඉංග්‍රිසි ගැසට් පත්‍රයේ තිබෙන රජයේ නිවේදනයක තිබෙන ව්‍යාකරණ දෝෂ සිල්ලරට නොව තොග වශයෙන්ම තිබෙනු දැක කාටත් දැන ගැනීම පිනිස ඒ ගැන ලිවීමට සිතුවා... සාමාන්‍යයෙන් රජයේ මුද්‍රනාලයේදී සෝදුපත් බැලීම සිදු කරතත්, මෙම නිවේදනය සොදුපත් බැලූ එවුන් කරටි කැඩෙන්න බීගෙන ඔලුව සාක්කුවේ දාගෙන එය සමහරවිට සිදු කරන්නට ඇති. සරල සිම්පල් කැපිටල් අකුරු හරිහැටි ලිවීම, විරාම ලකුණු දැමීම වැනි සරල කාරණයේ සිට කර්මකාරක වාක්‍ය හා පාද ලිවීමේ දෝෂ දක්වා සෑම ජාතියේම දෝෂ මෙහි ඇත.
හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...






Comments
Post a Comment
Thanks for the comment made on blog.tekcroach.top