Skip to main content

සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ...


කෙදිනද කුඩු හදන්නට එන්නේ
කෙදිනද කුඩු වෙලා අප ඉන්නේ
සෞමය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වෙන්නේ...

බිඳුණු සෙනෙහේ දළු ලියලාලා විත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞමය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වෙන්නේ...

දෙපය දොවා පිණි දිය දොරේ පිය
බිරිඳක වුදා නේද අගේ
මා හිස සිඹ දොඩනා කතන්දර
රසමසවුළු සුව දිදි තුඩ තබන්නට
සෞමය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වෙන්නේ...

නිරන්ජලා සරෝජනී ගයන මේ ගීතය බිරිඳක් සිතිය පැතිය යුත්තේ කෙසේදැයි ප්‍රේමකීර්ති පෙන්වා දෙන අපූරුව වචනයෙන් ඔබ්බේ පවතින්නකි. සමහරවිට මෙය ප්‍රේමකීර්තිගේ සිතේ බිරිඳකගෙන් ඔහු පැතූ දේද විය හැකිය මොකද ඔහුගේ කෙටි ජීවන සැරියේ ආදරයේ පහස විඳිය යුතු පමණින්ම ලැබූවෙකු නොවේ. ඔහු එක වචන පෙලකින් කියන දේ වරුවක් වුවද සිත සිත සිහින මවමින් සිටිය හැකිය.

මේ පදවැල්වල කියානා අන්දමේ බිරිඳක් ලැබීමම අද කාලයේ කොතරම් දුලභදැයි සිතේ. ඒ ගැන තත්කාලීන සමාජය ගැන විවරණය කරමින් ගීතයෙන් ලබපු සැනසීම මොහොතකට හෝ නැති කර ගැනීමට නොසිතේ. මෙහි පේලියෙන් පේලියට සිතේ ඇඳෙන නාට්‍යානුසාරී චිත්ත රූපවලින් පැය ගණනක චිත්‍රපටයක් වුවද සෑදිය හැකිය.

අන්තර්ජාලයේ සමාජ ජාලාවලින්, ජංගම දුරකතනයෙන්, පැය ගණන් රූපවාහිනියේ ගොන් පැය නාට්‍යවලින් තොර රොමාන්තික (romantic) සාමකාමී යුවතිපති සම්බන්දය විඳින්නට බැරි තරමට අද මිනිසුන් පවුකාරයන් බවට පත් වීද?

Comments

Popular posts from this blog

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් ඩවුන්ලෝඩ් කර ගැනීම

මෙම බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළකළ ඉංග්‍රීසි පාඩම් මාලාව තනි පොතක් ලෙස ඊ-බුක් එකක් ලෙස පහත ලින්ක් එකෙන් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිය. පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් PDF

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...