Skip to main content

Death of a cosomological phenomenon

The black-hole absorbing all fermions 
And bosons of knowledge of science
Radiating theories of quarks and cosmos 
Ultimately transcended spiritually 
Through a divine quantum tunnel 
In its worm-hole to another universe of paradise 
To live with the God... 
RIP Stephen Hawking...


Comments

  1. ඒ වුනාට නලීන් ද සිල්වා මහත්තයානම් කීවෙ වෙන කතාවක්.

    ඇංග්ලිකන් ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයතුල සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයින් බිහිවී ඇත්තේ අඩුවෙන්.
    බොහෝවිට සිදුවී ඇත්තේ වෙනත් සංස්කෘති තුල බිහිවූවන් ඇංග්ලිකන් සංස්කෘතියට හරවා ගැනීමයි. (මුස්ලිම් ආගමට හැරෙනවා වගේ)
    උදාහරනයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් විද්වතා ඇමරිකා ඔරුමත්තුනාඩුවට සංක්‍රමණයවීම දැක්විය හැකියි.

    මේ හේතුව නිසාම ස්ටීවන් හෝකින් මහතාට ඇංග්ලිකන් ශිෂ්ටාචාරය තුලින් ලොකු ප්‍රචාරයක් ලැබුනා.
    එහිදී ඔහුගේ ආබාධිත තත්වයත් ප්‍රචාරක උපක්‍රමයක් හැටියෙට පාවිච්චි වුනා.

    මටනම් ඔයගැන විචාරයක් දෙන්න තරම් විද්‍යා දැනුමක් නෑ.
    කාලාම සූත්‍රයේ තියෙනවා නලීන් ද සිල්වා වගේ විඤ්ඤූන්ගේ උපදෙස්වලට ගරු කරන්න කියලා.
    එහෙම අදහසක් තියෙන බවයි කිව්වේ.

    ReplyDelete
    Replies
    1. උත්තරය හරිම සරලයි... යම් යන්ත්‍රයකින් නිපදවන භාණ්ඩ අතරින් එකක් නරක් වුවොත් බොහෝවිට එය අහඹු සිද්ධියක් විය හැකියි... එහෙත් එම භාණ්ඩ අතරින් බොහෝ ගණනක් නරක් වුවොත් එය යන්ත්‍රයේ වරදකි... සාමාන්‍ය සමාජය කෙසේ වෙතත් ලෝකප්‍රකට විද්‍යාඥයන් හා විද්වත් සභා විසින් ස්ටීව්ව පැසසීමයි සිල්වාගේ පැසසීමයි ගැනත් මට දැනෙන්නේ එලෙසය...

      රදෆඩ්, කෙල්වින්, ෆැරඩේ, විලියම් තොම්සන්, ඩාර්වින්, ෆ්‍රැන්සිසි ක්‍රික්, ජේ ජේ තොම්සල්, ඩෝල්ටන්, පෝල් ඩිරැක්, මැක්ස්වෙල්, පීටර් හිග්ස්, රොබට් බොයිලි, අයිසැක් නිව්ටන්, චැඩ්වික්, ජූල් ආදි ලෙස බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් රැසකගේ නම් සිහිපත් වේ... එහෙත් මා සොයා නැත ඒ අය කුමන ආගමක් ඇදහූවාද කියා... එක එකාගේ ආගම, ජාතිය, කුලය සෙවීම සිල්වාගේ රාජකාරිය නිසා මා එම වැඩේ කරන්නට යන්නේ නැත... (එහෙත් ආගම් ජාති කුලමල සොයන ඔහුම පුදුමෙට මෙන් බුදු රදුන්ගේ අගසව් වන්නටද උත්සහ කරයි).

      අනේ සිල්වා නොදිටි මොක්පුර!

      Delete
    2. සිල්වාගේ විඤ්ඥූ කතාව මාද අසා තිබෙනවා ඔහුම දොඩවන. විඤ්ඥු කවුරුදැයි තීරණය කරන්නේ කවුද? සිල්වාද? මාද? මෛත්‍රීපාලද? එය සමාජ සම්මතයකි. එද විද්වත්/බහුශ්‍රැත/ප්‍රඥා සමාජය විය යුතුය. එවිට විද්වත් සමාජයේ අර්ථ සීමනය කරන්නේ කවුරුන් විසින්ද? එය අතිසංකීර්ණ තත්වයකි. තත්වය කෙසේ සංකීර්ණ වුවත්, පොදු සමාජයේ අද වන විට මායිම් ගැසී තිබේ... එහි විවිධ ඓතිහාසික විවරණ එක එක්කෙනාට තිබිය හැකිය. සියල්ල තීරණය වන්නේ සමාජ අන්තර්ක්‍රියාවකින්ය. එහිදී සිල්වාගේ, ඔබගේ, මගේ මතයන්ටද බලපෑමක් ඇති කළ හැකියි; ඒවායේ බර තැබීම් අඩු වැඩි වේවි. සමාජ සම්මත හරියට ඒලෙවල් විභාගයේ ලකුණු කියන ඉසෙඩ් ස්කෝර් එක බඳුය. පවතින සමාජයේම හරස්කඩක් ලෙස සෑම දෙයක්ම ඉස්මතු වේ. එනිසා සියල්ල සාපේක්ෂ වේ. අදට වසර 2000කට පෙර සිටි විඤ්ඥුන්ට වඩා අද සිටින විඤ්ඥුන් අවශ්‍යයෙන්ම වෙනස් වේ. එය තේරුම් ගැනීමට හිටපු විද්‍යා මහාචාර්ය දැන් ආචාර්ය සිල්වාගේ ටියුබ් ලයිට් මොලයට නොහැකි වීම ඔහුගෙන් ඉගෙන ගත් සිසුන්ට සිදු වී තිබෙන සාධාරණ හෝ අසාධාරණ දැනුම් සංක්‍රමණයේ ස්වභාවය හා පරිමාව විසින් කවදා හෝ ප්‍රමාණ කළ හැකි වේවි (සමහරවිට නොහැකිද වේවි).

      Delete
    3. රදෆඩ්, කෙල්වින්, ෆැරඩේ,
      ඩාර්වින්, ෆ්‍රැන්සිසි ක්‍රික්, ජේ ජේ තොම්සල්, ඩෝල්ටන්, පෝල් ඩිරැක්, රොබට් බොයිලි, චැඩ්වික්, ජූල්

      සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ නෙමෙයි.

      Delete
    4. මා ඔවුන් සෛද්ධාන්තික විද්‍යාඥයන් ලෙස හැඳින් වූයේද නැත... මා ස්ටීව්ගේ වටිනාකම ගැන පමනි කතා කළේ; එයත් උපමාවකින්ය...

      තවද, එක්ස්පෙරිමන්ටල් හා තියරෙටිකල් යන්න 100% බෙදා වෙන් කළ හැකි එකක් නොවේ... එය හරියට දේදුන්නේ පාට 7ක් තිබෙනවා කිව්වත් එක් වර්ණයක් අනෙක් වර්ණයෙන් වෙන් වන්නේ කුමන තැනකින්ද යැයි හරියටම පැවසිය නොහැකියා සේය. පීටර් හිග්ස් හිග්ස් බෝසෝනය ගැන හෙලි කළේ පර්යේෂණයකින්ද? නිව්ටන් චලිත නියම හෙලි කළේ පර්යේෂනයකින්ද? ක්වන්ටම් න්‍යායන් ඉදිරිපත් කළ ඩිරැක් වැන්නන් ඒවා සියල්ල සිදු කළේ පර්යේෂන මඟින්ද?

      Delete
  2. ආණ්ඩුව ෆේස්බුක් ආයතනය සමඟ ඇතිකරගත් එකඟතා ගැන තොරතුරු , තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදෙනවද?

    ReplyDelete
    Replies
    1. පුරවැසියකුට එය ලබා ගැනීමේ අයිතිය ඇත... එහෙත් රටේ බලාත්මක වන නීතියේ ආධිපත්‍යයක් නැති හෙයින් (ලේඩි ජස්ටිස්ව වෛශ්‍යා වෘත්තියේ යොදවන හෙයින්) ශක්තිමත් පුරවැසි සංවිධාන නොමැති හෙයින් ඒවා ලබා නොදීමට ආණ්ඩුව සමහරවිට කටයුතු කරාවි... ඉල්ලලම බලන්න.

      Delete
  3. හිග්ස් බෝසෝනය ගැන දැනගන්නෝන

    ReplyDelete
    Replies
    1. ක්වන්ටම් භෞතිකයේ තිබෙනවා ක්වන්ටම් ක්ෂේත්‍රයක් (quantum field) හිග්ස් ක්ෂේත්‍රය කියලා... ඒක මුලු විශ්වය පුරාම පැතිර පවතින්නක්. ඊට අමතරව තවත් ක්වන්ටම් ක්ෂේත්‍ර (හෝ ක්වන්ටම් අංශු) කිහිපයක්ම තිබෙනවා. හිග්ස් ක්ෂේත්‍රය අන්තර්ක්‍රියා කරනවා මෙම අනෙක් ක්ෂේත්‍ර සමඟත්.

      හිග්ස් ක්ෂේත්‍රයේ තැනින් තැන "කැළඹිලි" ඇති වෙනවා. එම අවස්ථාවලදී තාවකාලිකව යම් ක්වන්ටම් අංශුවක් නිර්මාණය වෙනවා (පසුව නැවත එම අංශුව නැති වෙලා යනවා). හිග්ස් ක්ෂේත්‍රයේ ඇති වන මෙවැනි තාවකාලික අංශු තමයි හිග්ස් බෝසෝන් කියා හඳුන්වන්නේ.

      මෙලෙසම තමයි වෙනත් ක්වන්ටම් ක්ෂේත්‍ර ගැනත් සිතිය යුත්තේ. ඒවායේ ඇතිවන තාවකාලික කැළඹිලි තත්වයන් තමයි ඒ ඒ ක්ෂේත්‍රයේ නමින් හැඳින්වෙන යම් අංශුවක් ලෙස සලකන්නේ. මෙවැනි කැළඹිලි නිසා ඇති වන තාවකාලික ක්වන්ටම් අංශු අතථ්‍ය අංශු (virtual particles) ලෙස හැඳින් වෙනවා. පරමාණුවක් වැනි ඉතා කුඩා අවකාශයක්/පරිමාවක් තුල මෙවැනි අංශු බිලියන ගණනින් තිබේවි.

      එහෙත් ලස්සන තත්වයක් පවතිනවා. එනම්, ඕනෑම යම් කාල පරිච්ඡේදයක් ගත් විට යම් පරිමාවක් තුල යම් කිසි අංශු ප්‍රමාණයක් ස්ථිර ලෙසම පැවතිය හැකියි. මේවා අතථ්‍ය අංශු ලෙස සලකන්නේ නැත. මේවා තථ්‍ය/සත්‍ය අංශු (real particles) ලෙස පොදුවේ හැඳින්වේ. උදාහරණයක් ලෙස, පරමාණුවක් වැනි කුඩා ඉඩ අවකාශයක්/පරිමාවක් සලකන්න. එහි මෙලෙස ස්ථිරව පවතින ක්වන්ටම් අංශු 4ක් පවතිනවා යැයි සිතන්න. මෙතැන ස්ථිර යනු සදාකල් යන අර්ථය නොවේ.

      ඉතිං ලස්සන වැඩේ වන්නේ අර අප ගත් උදාහරණයේදී තථ්‍ය අංශු ලෙස පැවතියේ අප් ක්වාර්ක් 2ක්, ඩවුන් ක්වාර්ක් 1ක්, හා ඉලෙක්ට්‍රෝන් 1ක් නම්, එය හයිඩ්‍රජන් පරමාණුව ලෙස සාමාන්‍ය විද්‍යාවේදී අප හඳුන්වනවා (ක්වාර්ක්, ඉලෙක්ට්‍රෝන් යනු ක්වන්ටම් අංශු දෙවර්ගයකි). එසේ වුවත්, එම හයිඩ්‍රජන් පරමාණුව තුල වර්චුවල් අංශු කෝටි ගණනක් වුව තිබිය හැකියි. මෙම වර්චුවල් අංශු නිසා පරමාණුවක් තුල තිබෙන ශක්ති ප්‍රමාණය ඉහල යනවා මොකද සෑම ක්වන්ටම් අංශුවක්ම යනු යම් ශක්ති ප්‍රමාණයකි.

      අවසාන වශයෙන් තවත් කුඩා දෙයක් පැහැදිලි කරන්නම්. ඒ බෝසෝන හා ෆර්මියන් යන වචන දෙක ගැන. ක්වන්ටම් අංශු මූලිකව වර්ග දෙකකි. එක් වර්ගයක අංශුවලට යම් ස්කන්ධයක් පවතින අතර, අවකාශයෙන් යම් ඉඩක්ද ගනී. මෙවැනි අංශු තමයි ෆර්මියන් (fermion) කියන්නේ. ක්වාර්ක්, ඉලෙක්ට්‍රෝන, හා ඒවායේ ප්‍රති අංශු ලෙස දැනට අංශු වර්ග 24ක් තිබෙනවා ෆර්මියන් යටතේ. ඔබට පැහැදිලි වෙනවා ඇති අප පදාර්ථය ලෙස හඳුන්වන සියල්ල සෑදී තිබෙන්නේ මෙම ෆර්මියන් නිසා බව (අර ෆර්මියන් අංශු වර්ග 24නුත් 3ක් පමණි ඇත්තටම අප දකින පදාර්ථ සාදන්නේ - අප් ක්වාර්ක්, ඩවුන් ක්වාර්ක්, ඉලෙක්ට්‍රෝන). ස්කන්ධයක් නැති අංශු තමයි බොසෝන් (boson) ලෙස හැඳින්වෙන්නේ. එවැනි අංශු 12ක් පමණ තිබෙනවා. ශක්ති ලෙස අප හඳුනා ගන්නා සියල්ල සෑදෙන්නේ මෙම බොසෝන මඟිනි. උදාහරණයක් ලෙස, සියලුම විද්‍යුත් හා චුම්භක ශක්තින් (ආලෝකය, විදුලිය, චුම්භකත්වය, රේඩියෝ තරංග, රසායනික ශක්තිය) සෑදෙන්නේ ෆෝටෝන් (photon) කියන බොසෝනය මඟිනි.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...

Let's Learn Sinhalese in English 16

Let’s learn how to work with numbers now. First memorize the following Sinhala words/sounds for numbers. There are nice and easy patterns just like in English. Only “eka siyaya” is slightly different because instead of “ek-“, it has “eka” (but still “ek-“ in prefix form is as same as “eka” both having the meaning of “one”).   1 - eka 2 - dheka 3 - thuna 4 - hathara 5 - paha 6 - haya 7 - hatha 8 - ata 9 – navaya /namaya 10 - dhahaya 11 - ekolaha 12 - dholaha 13 - dhahathuna 14 - dhahahathara 15 - pahalava 16 - dhahasaya 17 - dhahahatha 18 – dhaha-ata 19 - dhahanavaya 20 – vissa         (“ visi -”) 21 – visi-eka 22 – visi-dheka 23 – visi-thuna 24 – visi-hathara 25 – visi-paha 26 – visi-haya 27 – visi-hatha 28 – visi-ata 29 – visi-navaya 30 – thiha    ...