Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

Death of a cosomological phenomenon

The black-hole absorbing all fermions 
And bosons of knowledge of science
Radiating theories of quarks and cosmos 
Ultimately transcended spiritually 
Through a divine quantum tunnel 
In its worm-hole to another universe of paradise 
To live with the God... 
RIP Stephen Hawking...


Comments

  1. ඒ වුනාට නලීන් ද සිල්වා මහත්තයානම් කීවෙ වෙන කතාවක්.

    ඇංග්ලිකන් ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයතුල සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයින් බිහිවී ඇත්තේ අඩුවෙන්.
    බොහෝවිට සිදුවී ඇත්තේ වෙනත් සංස්කෘති තුල බිහිවූවන් ඇංග්ලිකන් සංස්කෘතියට හරවා ගැනීමයි. (මුස්ලිම් ආගමට හැරෙනවා වගේ)
    උදාහරනයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් විද්වතා ඇමරිකා ඔරුමත්තුනාඩුවට සංක්‍රමණයවීම දැක්විය හැකියි.

    මේ හේතුව නිසාම ස්ටීවන් හෝකින් මහතාට ඇංග්ලිකන් ශිෂ්ටාචාරය තුලින් ලොකු ප්‍රචාරයක් ලැබුනා.
    එහිදී ඔහුගේ ආබාධිත තත්වයත් ප්‍රචාරක උපක්‍රමයක් හැටියෙට පාවිච්චි වුනා.

    මටනම් ඔයගැන විචාරයක් දෙන්න තරම් විද්‍යා දැනුමක් නෑ.
    කාලාම සූත්‍රයේ තියෙනවා නලීන් ද සිල්වා වගේ විඤ්ඤූන්ගේ උපදෙස්වලට ගරු කරන්න කියලා.
    එහෙම අදහසක් තියෙන බවයි කිව්වේ.

    ReplyDelete
    Replies
    1. උත්තරය හරිම සරලයි... යම් යන්ත්‍රයකින් නිපදවන භාණ්ඩ අතරින් එකක් නරක් වුවොත් බොහෝවිට එය අහඹු සිද්ධියක් විය හැකියි... එහෙත් එම භාණ්ඩ අතරින් බොහෝ ගණනක් නරක් වුවොත් එය යන්ත්‍රයේ වරදකි... සාමාන්‍ය සමාජය කෙසේ වෙතත් ලෝකප්‍රකට විද්‍යාඥයන් හා විද්වත් සභා විසින් ස්ටීව්ව පැසසීමයි සිල්වාගේ පැසසීමයි ගැනත් මට දැනෙන්නේ එලෙසය...

      රදෆඩ්, කෙල්වින්, ෆැරඩේ, විලියම් තොම්සන්, ඩාර්වින්, ෆ්‍රැන්සිසි ක්‍රික්, ජේ ජේ තොම්සල්, ඩෝල්ටන්, පෝල් ඩිරැක්, මැක්ස්වෙල්, පීටර් හිග්ස්, රොබට් බොයිලි, අයිසැක් නිව්ටන්, චැඩ්වික්, ජූල් ආදි ලෙස බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් රැසකගේ නම් සිහිපත් වේ... එහෙත් මා සොයා නැත ඒ අය කුමන ආගමක් ඇදහූවාද කියා... එක එකාගේ ආගම, ජාතිය, කුලය සෙවීම සිල්වාගේ රාජකාරිය නිසා මා එම වැඩේ කරන්නට යන්නේ නැත... (එහෙත් ආගම් ජාති කුලමල සොයන ඔහුම පුදුමෙට මෙන් බුදු රදුන්ගේ අගසව් වන්නටද උත්සහ කරයි).

      අනේ සිල්වා නොදිටි මොක්පුර!

      Delete
    2. සිල්වාගේ විඤ්ඥූ කතාව මාද අසා තිබෙනවා ඔහුම දොඩවන. විඤ්ඥු කවුරුදැයි තීරණය කරන්නේ කවුද? සිල්වාද? මාද? මෛත්‍රීපාලද? එය සමාජ සම්මතයකි. එද විද්වත්/බහුශ්‍රැත/ප්‍රඥා සමාජය විය යුතුය. එවිට විද්වත් සමාජයේ අර්ථ සීමනය කරන්නේ කවුරුන් විසින්ද? එය අතිසංකීර්ණ තත්වයකි. තත්වය කෙසේ සංකීර්ණ වුවත්, පොදු සමාජයේ අද වන විට මායිම් ගැසී තිබේ... එහි විවිධ ඓතිහාසික විවරණ එක එක්කෙනාට තිබිය හැකිය. සියල්ල තීරණය වන්නේ සමාජ අන්තර්ක්‍රියාවකින්ය. එහිදී සිල්වාගේ, ඔබගේ, මගේ මතයන්ටද බලපෑමක් ඇති කළ හැකියි; ඒවායේ බර තැබීම් අඩු වැඩි වේවි. සමාජ සම්මත හරියට ඒලෙවල් විභාගයේ ලකුණු කියන ඉසෙඩ් ස්කෝර් එක බඳුය. පවතින සමාජයේම හරස්කඩක් ලෙස සෑම දෙයක්ම ඉස්මතු වේ. එනිසා සියල්ල සාපේක්ෂ වේ. අදට වසර 2000කට පෙර සිටි විඤ්ඥුන්ට වඩා අද සිටින විඤ්ඥුන් අවශ්‍යයෙන්ම වෙනස් වේ. එය තේරුම් ගැනීමට හිටපු විද්‍යා මහාචාර්ය දැන් ආචාර්ය සිල්වාගේ ටියුබ් ලයිට් මොලයට නොහැකි වීම ඔහුගෙන් ඉගෙන ගත් සිසුන්ට සිදු වී තිබෙන සාධාරණ හෝ අසාධාරණ දැනුම් සංක්‍රමණයේ ස්වභාවය හා පරිමාව විසින් කවදා හෝ ප්‍රමාණ කළ හැකි වේවි (සමහරවිට නොහැකිද වේවි).

      Delete
    3. රදෆඩ්, කෙල්වින්, ෆැරඩේ,
      ඩාර්වින්, ෆ්‍රැන්සිසි ක්‍රික්, ජේ ජේ තොම්සල්, ඩෝල්ටන්, පෝල් ඩිරැක්, රොබට් බොයිලි, චැඩ්වික්, ජූල්

      සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ නෙමෙයි.

      Delete
    4. මා ඔවුන් සෛද්ධාන්තික විද්‍යාඥයන් ලෙස හැඳින් වූයේද නැත... මා ස්ටීව්ගේ වටිනාකම ගැන පමනි කතා කළේ; එයත් උපමාවකින්ය...

      තවද, එක්ස්පෙරිමන්ටල් හා තියරෙටිකල් යන්න 100% බෙදා වෙන් කළ හැකි එකක් නොවේ... එය හරියට දේදුන්නේ පාට 7ක් තිබෙනවා කිව්වත් එක් වර්ණයක් අනෙක් වර්ණයෙන් වෙන් වන්නේ කුමන තැනකින්ද යැයි හරියටම පැවසිය නොහැකියා සේය. පීටර් හිග්ස් හිග්ස් බෝසෝනය ගැන හෙලි කළේ පර්යේෂණයකින්ද? නිව්ටන් චලිත නියම හෙලි කළේ පර්යේෂනයකින්ද? ක්වන්ටම් න්‍යායන් ඉදිරිපත් කළ ඩිරැක් වැන්නන් ඒවා සියල්ල සිදු කළේ පර්යේෂන මඟින්ද?

      Delete
  2. ආණ්ඩුව ෆේස්බුක් ආයතනය සමඟ ඇතිකරගත් එකඟතා ගැන තොරතුරු , තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදෙනවද?

    ReplyDelete
    Replies
    1. පුරවැසියකුට එය ලබා ගැනීමේ අයිතිය ඇත... එහෙත් රටේ බලාත්මක වන නීතියේ ආධිපත්‍යයක් නැති හෙයින් (ලේඩි ජස්ටිස්ව වෛශ්‍යා වෘත්තියේ යොදවන හෙයින්) ශක්තිමත් පුරවැසි සංවිධාන නොමැති හෙයින් ඒවා ලබා නොදීමට ආණ්ඩුව සමහරවිට කටයුතු කරාවි... ඉල්ලලම බලන්න.

      Delete
  3. හිග්ස් බෝසෝනය ගැන දැනගන්නෝන

    ReplyDelete
    Replies
    1. ක්වන්ටම් භෞතිකයේ තිබෙනවා ක්වන්ටම් ක්ෂේත්‍රයක් (quantum field) හිග්ස් ක්ෂේත්‍රය කියලා... ඒක මුලු විශ්වය පුරාම පැතිර පවතින්නක්. ඊට අමතරව තවත් ක්වන්ටම් ක්ෂේත්‍ර (හෝ ක්වන්ටම් අංශු) කිහිපයක්ම තිබෙනවා. හිග්ස් ක්ෂේත්‍රය අන්තර්ක්‍රියා කරනවා මෙම අනෙක් ක්ෂේත්‍ර සමඟත්.

      හිග්ස් ක්ෂේත්‍රයේ තැනින් තැන "කැළඹිලි" ඇති වෙනවා. එම අවස්ථාවලදී තාවකාලිකව යම් ක්වන්ටම් අංශුවක් නිර්මාණය වෙනවා (පසුව නැවත එම අංශුව නැති වෙලා යනවා). හිග්ස් ක්ෂේත්‍රයේ ඇති වන මෙවැනි තාවකාලික අංශු තමයි හිග්ස් බෝසෝන් කියා හඳුන්වන්නේ.

      මෙලෙසම තමයි වෙනත් ක්වන්ටම් ක්ෂේත්‍ර ගැනත් සිතිය යුත්තේ. ඒවායේ ඇතිවන තාවකාලික කැළඹිලි තත්වයන් තමයි ඒ ඒ ක්ෂේත්‍රයේ නමින් හැඳින්වෙන යම් අංශුවක් ලෙස සලකන්නේ. මෙවැනි කැළඹිලි නිසා ඇති වන තාවකාලික ක්වන්ටම් අංශු අතථ්‍ය අංශු (virtual particles) ලෙස හැඳින් වෙනවා. පරමාණුවක් වැනි ඉතා කුඩා අවකාශයක්/පරිමාවක් තුල මෙවැනි අංශු බිලියන ගණනින් තිබේවි.

      එහෙත් ලස්සන තත්වයක් පවතිනවා. එනම්, ඕනෑම යම් කාල පරිච්ඡේදයක් ගත් විට යම් පරිමාවක් තුල යම් කිසි අංශු ප්‍රමාණයක් ස්ථිර ලෙසම පැවතිය හැකියි. මේවා අතථ්‍ය අංශු ලෙස සලකන්නේ නැත. මේවා තථ්‍ය/සත්‍ය අංශු (real particles) ලෙස පොදුවේ හැඳින්වේ. උදාහරණයක් ලෙස, පරමාණුවක් වැනි කුඩා ඉඩ අවකාශයක්/පරිමාවක් සලකන්න. එහි මෙලෙස ස්ථිරව පවතින ක්වන්ටම් අංශු 4ක් පවතිනවා යැයි සිතන්න. මෙතැන ස්ථිර යනු සදාකල් යන අර්ථය නොවේ.

      ඉතිං ලස්සන වැඩේ වන්නේ අර අප ගත් උදාහරණයේදී තථ්‍ය අංශු ලෙස පැවතියේ අප් ක්වාර්ක් 2ක්, ඩවුන් ක්වාර්ක් 1ක්, හා ඉලෙක්ට්‍රෝන් 1ක් නම්, එය හයිඩ්‍රජන් පරමාණුව ලෙස සාමාන්‍ය විද්‍යාවේදී අප හඳුන්වනවා (ක්වාර්ක්, ඉලෙක්ට්‍රෝන් යනු ක්වන්ටම් අංශු දෙවර්ගයකි). එසේ වුවත්, එම හයිඩ්‍රජන් පරමාණුව තුල වර්චුවල් අංශු කෝටි ගණනක් වුව තිබිය හැකියි. මෙම වර්චුවල් අංශු නිසා පරමාණුවක් තුල තිබෙන ශක්ති ප්‍රමාණය ඉහල යනවා මොකද සෑම ක්වන්ටම් අංශුවක්ම යනු යම් ශක්ති ප්‍රමාණයකි.

      අවසාන වශයෙන් තවත් කුඩා දෙයක් පැහැදිලි කරන්නම්. ඒ බෝසෝන හා ෆර්මියන් යන වචන දෙක ගැන. ක්වන්ටම් අංශු මූලිකව වර්ග දෙකකි. එක් වර්ගයක අංශුවලට යම් ස්කන්ධයක් පවතින අතර, අවකාශයෙන් යම් ඉඩක්ද ගනී. මෙවැනි අංශු තමයි ෆර්මියන් (fermion) කියන්නේ. ක්වාර්ක්, ඉලෙක්ට්‍රෝන, හා ඒවායේ ප්‍රති අංශු ලෙස දැනට අංශු වර්ග 24ක් තිබෙනවා ෆර්මියන් යටතේ. ඔබට පැහැදිලි වෙනවා ඇති අප පදාර්ථය ලෙස හඳුන්වන සියල්ල සෑදී තිබෙන්නේ මෙම ෆර්මියන් නිසා බව (අර ෆර්මියන් අංශු වර්ග 24නුත් 3ක් පමණි ඇත්තටම අප දකින පදාර්ථ සාදන්නේ - අප් ක්වාර්ක්, ඩවුන් ක්වාර්ක්, ඉලෙක්ට්‍රෝන). ස්කන්ධයක් නැති අංශු තමයි බොසෝන් (boson) ලෙස හැඳින්වෙන්නේ. එවැනි අංශු 12ක් පමණ තිබෙනවා. ශක්ති ලෙස අප හඳුනා ගන්නා සියල්ල සෑදෙන්නේ මෙම බොසෝන මඟිනි. උදාහරණයක් ලෙස, සියලුම විද්‍යුත් හා චුම්භක ශක්තින් (ආලෝකය, විදුලිය, චුම්භකත්වය, රේඩියෝ තරංග, රසායනික ශක්තිය) සෑදෙන්නේ ෆෝටෝන් (photon) කියන බොසෝනය මඟිනි.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,