Skip to main content

අලි බබා සහා හොරු සමඟ හෙලුවෙන්

විශේෂ අපරාධ මහාධිකරණයක් ස්ථාපනය කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අතර, එය මේ මොහොත වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයටද ලක් කෙරී ඇත. විරුද්ධ පාර්ශව මූලිකව පොදු විපක්ෂය හා ලංකා නීතිඥ සංගමයයි. එහෙත් ඒ දෙගොල්ලන්ගේ ස්ථාවර වෙනස්ය. බැලූබැල්මට කිසිවෙකුට මීට විරුද්ධ වීමට බැරිය. තවද, එය රටේ ජාතික මැතිවරණ දෙකකින්ම ජනවරමකින්ද සම්මත වූ ඡන්ද පොරොන්දුවකි. එකවරම එය ජනමත විචාරණයකින් සම්මත වූවක් සේ නොසැලකිය හැකි වුවත්, ජනයා ඊට පක්ෂ වී තිබෙන බව ගම්‍ය කළ හැකිය.

රටේ නීතිය ක්‍රියාත්මක වීම ගොලුබෙලි ගමනේය. නීතිඥ ප්‍රජාවට නම් එම අධිකරණ කටයුතු ප්‍රමාදය ලොතරැයියකට සමානය. එනිසාදෝ ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස ඊට මැදිහත් නොවී අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉල්ලා නොසිටින්නේ (වරින් වර කුඩා නිවේදන නිකුත් කරනවා හෝ වොයිස්කට් දෙනවා හැරෙන්නට). රන්ජන් රාමනායක උසාවි හා නීතිඥයන් ගැන පැවසූ දේට අපද සියයට අනන්ත ගණනකින් එකඟ වේ.

එවැනි තත්වයක් තුල, රටේ සම්පත් බිලියන ගණනින් සොරකම් කළ එවුන්ගේ නඩුවත් කඩිනමින් ඇසීමට මෙවැනි උසාවියක් බිහි කිරීම පැසසිය යුත්තකි. එයද අනෙක් මහාධිකරණය මෙන්ම තවත් මහාධිකරණයක් පමණි. එයද රටේ සෙසු අධිකරණ සේම පරිපාලනය වන්නක් වනු ඇත. ඊට පත් වන්නේද රටේ වෙනත් අධිකරණවල සිටින විනිසුරුවන් වැනිම විනිසුරුවන්ය. රටේ පවතින පොදු නීතියමයි එහිත් ක්‍රියාත්මක වන්නේ. ඉතිං, එවන් අධිකරණයකින් කෙනෙකුට අවාසියක් අවැඩක් වන්නේ කෙසේද? චෝදනා ලද්දෙකු අවංකවම තමන් නිර්දෝෂි යැයි සිතන්නේ නම් හෝ තමන්ගේ නිර්දෝෂි බව ඔප්පු කිරීමට සාක්ෂි ඇත් නම්, ඇත්තටම ඔවුන්ද මෙවැනි උසාවියක් ඇති වීම ගැන සතුටු විය යුතුය. අසතුටු විය හැක්කේ ඇත්තටම පාදඩ සොරුන්ය; රට මංකොල්ල කාපු එවුන්ය.

රටේ පවතින පොදු තත්වයට සාපේක්ෂව පුරවැසියෙකුට සිතිය හැකියි එය තමන්ගේ මානව අයිතියක් උල්ලංඝනය වීමක් ලෙස මොකද තමන්ගේ නඩු වසර ගණන් ඇදෙද්දී තෝරා ගත් නඩු සීග්‍රව ඇසෙන නිසා. එසේ නම්, ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යා යුත්තේ සාමාන්‍ය ජනයාය. එහෙත් දැන් ඊට විරුද්ධව ගොස් ඇත්තේ වෙනත් පිරිසකි. පොදු විපක්ෂයේ නියෝජිතයන් ඊට විරුද්ධ වීම කාටත් ප්‍රත්‍යක්ෂ ලෙස පැහැදිලි කරුණකි. ඔවුන් කලබල වී ඇත. අමුතුවෙන් අටුවා ටීකා ඒ ගැන ලිවීමට අවශ්‍ය නොවේ.

නීති සංගමය විරුද්ධ වන්නේ එම කෙටුම්පතේ ඇති යම් යම් යෝජනා ස්වල්පයක් ගැන පමණි. ඉන් එකක් වන්නේ මෙතෙක් නීතිපති සතුව තිබූ යම් අභිමත බලයක් ඉන් වංචා දූෂන විමර්ෂන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්ටද හිම වීම ඔවුන් පිලි ගන්නේ නැත. එහෙත් එය අපට ගැටලුවක් නොවේ. නීතිපති යනුද අධයක්ෂක ජනරාල් යනුද රජයේ ස්වාධීන ආයතන දෙකක ප්‍රධානින්ය. ඔවුන් දෙදෙනාටම බලය හිමි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. ඉතිං, නීතිපතිම සියලු බලතල ඉසිලිය යුතු යැයි කියන්නේ මන්ද? මා කල්පනා කරන ලෙසට, නීතිඥ සංගමය යෝජනා කළ යුත්තේ, නීතිපතිගෙන් දැනට ඔහු සතුව තිබෙන බලතල එසේම තිබෙන්නට හැර, අධ්‍යක්ෂක ජෙනරාල්ටද කෙටුම්පතේ කියනා යම් බලතල කිහිපයක් සමපාත වන සේ පැවරීමයි. එවිට දෙදෙනාටම නඩු පැවරීමට  හැකියාව ලැබේවි. දෙදෙනා සාකච්ඡා කර නඩු පැවරීම තවත් ශක්තිමත් හා අප්‍රමාද අයුරින් සිදු කළ හැකි වනු ඇත.


නීතිඥ සංගමය විරුද්ධ වන අනෙක් කරුණ වන්නේ මෙම මහාධිකරණයෙන් දුන් තීන්දුවක් සම්බන්දයෙන් යම් පාර්ශ්වයක් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමේදී පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් එවැනි නඩුද අඛණ්ඩව පැවැත්වීම ප්‍රායෝගික නොවන බවයි. එහෙත් මෙම නඩුවල තිබෙන බැරෑරුම්කම හා දැනටමත් ප්‍රබල සාක්ෂි පැවතීම හා එවන් නඩු සිය ගණනක් නොපැවතීම යන කරුණු මත ඒවාට ප්‍රමුඛතාව ලබා දීම එතරම් අප්‍රායෝගික නොවේ. මට නම් පෙනෙන්නේ, නීතිඥ සංගමයේ "පුරුෂාධිපත්‍යය" අවධි වී මේවාට විරුද්ධ වීමක් සේ පමණි. සංගමයේ සිටින යම් අයගේ පොරත්වය ඔසවා තැබීමට කරන සෙල්ලමකි. කෙසේ වෙතත්, පොදු විපක්ෂය කියන තර්කය නීතිඥ සංගමය පිලි නොගන්නා බව පෙනේ. ඒ අනුව අප සිතන්නේ අධිකරණ ශාලාව තුල කරුණු දැක්වීමේදී පොදු විපක්ෂයේ තර්කනයට විරුද්ධවද තම අදහස් නීතිඥ සංගමය විසින් දක්වනු ඇත කියාය.

මේ අතරේ තවත් සැකයක් මතු වේ. එනම්, රනිල්ගේ සර්ව රෝග නිවාරණය මෙම කෙටුම්පත හරහා විසඳා ගනීවිදෝ යන්නයි. පොදු විපක්ෂය නැවත කඩිමුඩියේ රනිල්ට විරුද්ධව විශ්වාසභංගය කතා බහට ගැනීම අවිශ්වාස කටයුතු වේ. එකිනෙකාගේ ක්‍රියාදාම අවසානයේ තිරයේ පිටුපස හිලව් කර ගැනීමට ඉඩ තිබේ. ඒ ගැනත් අප සිහියෙන් සිටිය යුතුය.

Comments

Popular posts from this blog

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...