Skip to main content

දේශභ්‍රෂ්ට ජාතිමාමකයෝ

මහනුවර ඇති වී තිබෙන ගැටුම්වලට එක එක අය ලබා දෙන ලේබලය කුමක් වුවත් එය අතිශය ලැජ්ජ සහගත තත්වයකි. පැහැදිලිවම එම සියලු සිදුවීම්වල වගකීම ආණ්ඩුව විසින් ගත යුතුය. මානව වර්ගයාටම බලපාන අයුරින් දිගින් දිගටම සිදුවන අකටයුතුකම්වලදී සන්නද්ධ අරගලයකින් හරි එම මානව-භක්ෂකයන්ව සමූලඝාතනය කළ යුතු යැයි අවංකවම සිතන හා කියන අප හට වුවද ආගම, ජාතිය, කුලය, වර්ගය ආදී ළැඳියාවන් පදනම් කරගෙන සිදු කරන මෙවැනි ගැටුම් පිලිකුල් සහගත වේ.

කෙසේ වුවද, වත්මනෙහි ඇති වී තිබෙන මෙම ගැටුම් සහේතුකද වේ. දැන් කාලයක් තිස්සේ මුස්ලිම් ජනවර්ගයා හා සිංහලයන් අතර දුරස්ථභාවයක් එදිරිවාදිකමක් ඇති වී තිබේ. ඊට හේතුව විමසා ආණ්ඩුව විසින් විද්‍යාත්මකව සුදුසු පියවර ගත යුතුව තිබුණත් කාලක්නි දේශපාලුවන් හා උන්ගේ පදේට නටන "යර්ස් සර් නෝ සර් කියන නීතිය නමා පශ්චාත් භාගයේ ගසා ගෙන සිටින" පොලිසිය මුනිවත රකිමින් සිටිනු දක්නට ලැබුණා. එහෙත් යමක් සිදු වූ පසුව එකවර හීනෙන් නැගිට්ට එවුන් සේ නිදිමරගාතේ දැන් ප්‍රතිචාර දක්වමින් සිටී. සිංහල, දෙමල, මුස්ලිම් භේදයකින් තොරව රට තුල පැන නැඟී ඇති සියලුම ප්‍රශ්නවලට වග කිව යුත්තේ දේශපාලුවන් බව නම් ඉතා පැහැදිලිය.

මුස්ලිම් ජාතිකත්වය පදනම් කර ගත් පක්ෂවල වාසිය ලබා ගැනීමට ඇති ලොල්කම නිසා මෙතෙක් රටේ සිටි සෑම රාජ්‍ය නායකයකුම බදහුදීන්, හකීම් වැනි එවුන්ගේ දාසයන් සේ වැඩකරනු පසුගිය දශකය දෙක තුල අපට දක්නට ලැබුණා. බදහුදීන් කැලෑ පිටින් වනසන විට පරිසර ඇමතිකමද දරන සිංහල ජනපති ඔහේ හිටං බලාගෙන සිටිනවා. ඇත්තටම ඌට හිටං ඉන්නව හැරෙන්නට නායකයකු සේ වැඩක් කරන්නට සක්‍යතාවක් තිබේදැයි සැකයක් ඇත. තවද සිවාජලිංගම් වැනි උග්‍ර ජාතිවාදින් ත්‍රස්තවාදින් මැඬපැවැත්වීමට කොන්දක් රට කරවන බල්ලන්ට නැත. දැන් ලංකාවේ නීතියේ ආධිපත්‍ය ගනිකාවගේ කන්‍යාභාවය මෙනි.

දෙමළ හා මුස්ලිම් ජාතිවාදින් අතලොස්සක් එලෙස හෝල් සේල් එකේ අන්තවාදීව කටයුතු කරද්දී සිංහලුන් සිල්ලරට එය කරයි. මේ සියල්ල මධ්‍යයේ රටේ ජාතික යැයි කියා ගන්නා පක්ෂවල සිටින අවජාතක දේශපාලුවන් හා නායකයන් තමන්ගේ විවිධ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඒවා භාවිතා කරනවා. ටීවී එක ඉදිරියේ බවුන් වඩන සුචරිතවාදී එවුන් තිරයෙන් පිටුපස ම්ලේච්ඡ වනචාරින් මෙනි.

තවද, කිසිදු වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නැතිව "වඳ පෙති" සංවාදය තවමත් ජයට යයි. මට පෞද්ගලිකවම ඇති ප්‍රශ්නය වන්නේ වෛද්‍යවරුන්, උගතුන් ආදිය (ඉඳහිට හෝ පැමින) වඳ පෙති කියා දෙයක් නැති බව සපථ කළත් එයම කියව කියවා සිටින සිංහලයන් අන්තර්ජාලය තුල මෙන්ම සාමාන්‍ය ජන සමාජයේත් බහුලව හමු වේ. එහෙත් නිල වශයෙන් රජය මේ ගැන දැනුවත් කිරීමක් ජනතාවට සිදු කර නැත. ඡන්ද කාලයේදී ආණ්ඩුවේ වියදමින් ටීවි ඇඩ් දැමූ එවුන්ට, හැම ඉලව්වකටම දෛනිකවම ප්‍රෙස් කන්ෆර්න්ස් තියන එවුන්ට මේ ගැන ජනතාව දැනුවත් කිරීමට අවශ්‍යතාවක් තිබී නැත. සයිටම් අහෝසි කරන්නට ලෙඩ්ඩු මරන වෛද්‍ය සංගමයට මේ ගැන කිසිදු වගකීමක් නැතිවා සේ උන්ද සිටී.

මහසොන් බලකාය, සිංහලේ වැනි විසුලු නම් (උන් සමහරවිට සිතාගෙන ඇති එවැනි නමක් දා ගත්තහම මිනිසුන් ඇත්තටම මහසෝනට බය වන්නා සේ බය වේවියි කියා) දමාගෙන විවිධ ජාතිවාදීන් බිහි වුවත්, ඒවා මැඬලීමට ආණ්ඩුව අසමත්ය. එවැනිම අන්තවාදී මුස්ලිම් කල්ලි සිටී. අමිත් වීරසිංහගේ දරුණු ජාතිවාදි පනිවුඩයක් මා හිතවත් ඉංජිනේරුවෙකු හරහා පසුගිය දවසක මගේ ෆේස්බුක් මැසෙන්ජර් එකටද ලැබුණි. එහිදී මා උගේ අම්මාගෙන් අවසර ගෙන ඉතා පෙරාපු සිංහලෙන් ඊට පිලිතුරු සැපයීමි. උගත් වුවත් මාගේ අර ඉංජිනේරු මිතුරා වැනි මී හරක්ද එවුන්ගේ වැඩවලට අනුබල දීම ඛේදනීය වේ (මිත්‍රයා වුවත් මී හරකෙක් සේ සිතන විට ඌට මී හරකා නොකියා බැරිය).

ලෝකය දෙස බලන විට මුස්ලිම්වරුන් ඒ බොහෝ ගැටුම්වල පාර්ශ්වයකි. එබැවින් සිංහලයන්ම වැරදි යැයි සිතිය නොහැකිය. ලංකාව තුලද ලෝක ප්‍රවණතා ඉස්මතු වෙනවා විය හැකිය. ඒකට තමයි රටක වෘත්තිමය බුද්ධි අංශ සිටින්නේ. අපේ ආරක්ෂක අංශ මෑතක නිම කළ උතුරේ යුද්ධයේදී දක්ෂතා පෙන්නුවත් සමස්ථයක් වශයෙන් පසුගාමී නොදියුණු ස්වභාවයක් පෙන්වයි. රතුපස්වල සිද්ධිය එය ප්‍රකට කළ එක් අවස්ථාවකි. යම් යම් සිද්ධි වැලැක්වීමට ඔවුන්ගේ ප්‍රථම උපක්‍රමය වන්නේ ඒ දේවල් වහම තහනම් කිරීමයි. ඕන ගොනකුට එය කළ හැකිය. අමුතුවෙන් වෘත්තිමය ආරක්ෂක අංශ ඊට අවශ්‍ය නැත. අමාරු නමුත් ඉතා ඵලදායි ක්‍රමවේදය වනුයේ ඒ ඒ දේවල් භාවිතා කරන්නට ඉඩ සලසා ඒවා මොනිටර් කිරීමයි. ඇත්තටම එමඟින් වරදකරුවන් පහසුවෙන් හඳුනා ගැනීමටද අවකාශය සැලසෙනවා. බොහෝ පිරිසක් යම් රහසිගත ව්‍යාපෘතියක සිටින විට ඉතා ඉක්මනින් හා පහසුවෙන් ඒවා හෙලිදරව් වීම ස්වාභාවිකය. එනිසා තහනම් කිරීමට වඩා වැදගත් වන්නේ ඒවා කරන හා මෙහෙයවන අයව හඳුනාගෙන උන්ට රජ කාලේ දඬුවම් දීමයි. එහෙත් අපේ ආරක්ෂක අංශ මොන්ටිසෝරි ලෙවල් එකේ නිසා සමහරවිට එය කිරිමට බැරිව ඇති.

මේ අල්ල පනල්ලේ රනිල්ගේ ව/මල්ල කරේය...  ඒකාට විරුද්ධව ආ විරෝධය හා විශ්වාස භංගයට වෙච්ච දෙයක් නැත. පුංචි ඡන්දෙන් රජයට මතක් කර දුන් පාඩම් දැන් ආයෙත් උන්ට අමතක වේවිද? මහා බැංකු හොරා අර්ජුන් මහෙන්ද්‍රන් ගැන වචනයක් කියවෙන්නේ නැත.

Comments

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...