Skip to main content

දේශභ්‍රෂ්ට ජාතිමාමකයෝ

මහනුවර ඇති වී තිබෙන ගැටුම්වලට එක එක අය ලබා දෙන ලේබලය කුමක් වුවත් එය අතිශය ලැජ්ජ සහගත තත්වයකි. පැහැදිලිවම එම සියලු සිදුවීම්වල වගකීම ආණ්ඩුව විසින් ගත යුතුය. මානව වර්ගයාටම බලපාන අයුරින් දිගින් දිගටම සිදුවන අකටයුතුකම්වලදී සන්නද්ධ අරගලයකින් හරි එම මානව-භක්ෂකයන්ව සමූලඝාතනය කළ යුතු යැයි අවංකවම සිතන හා කියන අප හට වුවද ආගම, ජාතිය, කුලය, වර්ගය ආදී ළැඳියාවන් පදනම් කරගෙන සිදු කරන මෙවැනි ගැටුම් පිලිකුල් සහගත වේ.

කෙසේ වුවද, වත්මනෙහි ඇති වී තිබෙන මෙම ගැටුම් සහේතුකද වේ. දැන් කාලයක් තිස්සේ මුස්ලිම් ජනවර්ගයා හා සිංහලයන් අතර දුරස්ථභාවයක් එදිරිවාදිකමක් ඇති වී තිබේ. ඊට හේතුව විමසා ආණ්ඩුව විසින් විද්‍යාත්මකව සුදුසු පියවර ගත යුතුව තිබුණත් කාලක්නි දේශපාලුවන් හා උන්ගේ පදේට නටන "යර්ස් සර් නෝ සර් කියන නීතිය නමා පශ්චාත් භාගයේ ගසා ගෙන සිටින" පොලිසිය මුනිවත රකිමින් සිටිනු දක්නට ලැබුණා. එහෙත් යමක් සිදු වූ පසුව එකවර හීනෙන් නැගිට්ට එවුන් සේ නිදිමරගාතේ දැන් ප්‍රතිචාර දක්වමින් සිටී. සිංහල, දෙමල, මුස්ලිම් භේදයකින් තොරව රට තුල පැන නැඟී ඇති සියලුම ප්‍රශ්නවලට වග කිව යුත්තේ දේශපාලුවන් බව නම් ඉතා පැහැදිලිය.

මුස්ලිම් ජාතිකත්වය පදනම් කර ගත් පක්ෂවල වාසිය ලබා ගැනීමට ඇති ලොල්කම නිසා මෙතෙක් රටේ සිටි සෑම රාජ්‍ය නායකයකුම බදහුදීන්, හකීම් වැනි එවුන්ගේ දාසයන් සේ වැඩකරනු පසුගිය දශකය දෙක තුල අපට දක්නට ලැබුණා. බදහුදීන් කැලෑ පිටින් වනසන විට පරිසර ඇමතිකමද දරන සිංහල ජනපති ඔහේ හිටං බලාගෙන සිටිනවා. ඇත්තටම ඌට හිටං ඉන්නව හැරෙන්නට නායකයකු සේ වැඩක් කරන්නට සක්‍යතාවක් තිබේදැයි සැකයක් ඇත. තවද සිවාජලිංගම් වැනි උග්‍ර ජාතිවාදින් ත්‍රස්තවාදින් මැඬපැවැත්වීමට කොන්දක් රට කරවන බල්ලන්ට නැත. දැන් ලංකාවේ නීතියේ ආධිපත්‍ය ගනිකාවගේ කන්‍යාභාවය මෙනි.

දෙමළ හා මුස්ලිම් ජාතිවාදින් අතලොස්සක් එලෙස හෝල් සේල් එකේ අන්තවාදීව කටයුතු කරද්දී සිංහලුන් සිල්ලරට එය කරයි. මේ සියල්ල මධ්‍යයේ රටේ ජාතික යැයි කියා ගන්නා පක්ෂවල සිටින අවජාතක දේශපාලුවන් හා නායකයන් තමන්ගේ විවිධ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඒවා භාවිතා කරනවා. ටීවී එක ඉදිරියේ බවුන් වඩන සුචරිතවාදී එවුන් තිරයෙන් පිටුපස ම්ලේච්ඡ වනචාරින් මෙනි.

තවද, කිසිදු වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නැතිව "වඳ පෙති" සංවාදය තවමත් ජයට යයි. මට පෞද්ගලිකවම ඇති ප්‍රශ්නය වන්නේ වෛද්‍යවරුන්, උගතුන් ආදිය (ඉඳහිට හෝ පැමින) වඳ පෙති කියා දෙයක් නැති බව සපථ කළත් එයම කියව කියවා සිටින සිංහලයන් අන්තර්ජාලය තුල මෙන්ම සාමාන්‍ය ජන සමාජයේත් බහුලව හමු වේ. එහෙත් නිල වශයෙන් රජය මේ ගැන දැනුවත් කිරීමක් ජනතාවට සිදු කර නැත. ඡන්ද කාලයේදී ආණ්ඩුවේ වියදමින් ටීවි ඇඩ් දැමූ එවුන්ට, හැම ඉලව්වකටම දෛනිකවම ප්‍රෙස් කන්ෆර්න්ස් තියන එවුන්ට මේ ගැන ජනතාව දැනුවත් කිරීමට අවශ්‍යතාවක් තිබී නැත. සයිටම් අහෝසි කරන්නට ලෙඩ්ඩු මරන වෛද්‍ය සංගමයට මේ ගැන කිසිදු වගකීමක් නැතිවා සේ උන්ද සිටී.

මහසොන් බලකාය, සිංහලේ වැනි විසුලු නම් (උන් සමහරවිට සිතාගෙන ඇති එවැනි නමක් දා ගත්තහම මිනිසුන් ඇත්තටම මහසෝනට බය වන්නා සේ බය වේවියි කියා) දමාගෙන විවිධ ජාතිවාදීන් බිහි වුවත්, ඒවා මැඬලීමට ආණ්ඩුව අසමත්ය. එවැනිම අන්තවාදී මුස්ලිම් කල්ලි සිටී. අමිත් වීරසිංහගේ දරුණු ජාතිවාදි පනිවුඩයක් මා හිතවත් ඉංජිනේරුවෙකු හරහා පසුගිය දවසක මගේ ෆේස්බුක් මැසෙන්ජර් එකටද ලැබුණි. එහිදී මා උගේ අම්මාගෙන් අවසර ගෙන ඉතා පෙරාපු සිංහලෙන් ඊට පිලිතුරු සැපයීමි. උගත් වුවත් මාගේ අර ඉංජිනේරු මිතුරා වැනි මී හරක්ද එවුන්ගේ වැඩවලට අනුබල දීම ඛේදනීය වේ (මිත්‍රයා වුවත් මී හරකෙක් සේ සිතන විට ඌට මී හරකා නොකියා බැරිය).

ලෝකය දෙස බලන විට මුස්ලිම්වරුන් ඒ බොහෝ ගැටුම්වල පාර්ශ්වයකි. එබැවින් සිංහලයන්ම වැරදි යැයි සිතිය නොහැකිය. ලංකාව තුලද ලෝක ප්‍රවණතා ඉස්මතු වෙනවා විය හැකිය. ඒකට තමයි රටක වෘත්තිමය බුද්ධි අංශ සිටින්නේ. අපේ ආරක්ෂක අංශ මෑතක නිම කළ උතුරේ යුද්ධයේදී දක්ෂතා පෙන්නුවත් සමස්ථයක් වශයෙන් පසුගාමී නොදියුණු ස්වභාවයක් පෙන්වයි. රතුපස්වල සිද්ධිය එය ප්‍රකට කළ එක් අවස්ථාවකි. යම් යම් සිද්ධි වැලැක්වීමට ඔවුන්ගේ ප්‍රථම උපක්‍රමය වන්නේ ඒ දේවල් වහම තහනම් කිරීමයි. ඕන ගොනකුට එය කළ හැකිය. අමුතුවෙන් වෘත්තිමය ආරක්ෂක අංශ ඊට අවශ්‍ය නැත. අමාරු නමුත් ඉතා ඵලදායි ක්‍රමවේදය වනුයේ ඒ ඒ දේවල් භාවිතා කරන්නට ඉඩ සලසා ඒවා මොනිටර් කිරීමයි. ඇත්තටම එමඟින් වරදකරුවන් පහසුවෙන් හඳුනා ගැනීමටද අවකාශය සැලසෙනවා. බොහෝ පිරිසක් යම් රහසිගත ව්‍යාපෘතියක සිටින විට ඉතා ඉක්මනින් හා පහසුවෙන් ඒවා හෙලිදරව් වීම ස්වාභාවිකය. එනිසා තහනම් කිරීමට වඩා වැදගත් වන්නේ ඒවා කරන හා මෙහෙයවන අයව හඳුනාගෙන උන්ට රජ කාලේ දඬුවම් දීමයි. එහෙත් අපේ ආරක්ෂක අංශ මොන්ටිසෝරි ලෙවල් එකේ නිසා සමහරවිට එය කිරිමට බැරිව ඇති.

මේ අල්ල පනල්ලේ රනිල්ගේ ව/මල්ල කරේය...  ඒකාට විරුද්ධව ආ විරෝධය හා විශ්වාස භංගයට වෙච්ච දෙයක් නැත. පුංචි ඡන්දෙන් රජයට මතක් කර දුන් පාඩම් දැන් ආයෙත් උන්ට අමතක වේවිද? මහා බැංකු හොරා අර්ජුන් මහෙන්ද්‍රන් ගැන වචනයක් කියවෙන්නේ නැත.

Comments

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...