විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ . මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2026

ඒ වුනාට නලීන් ද සිල්වා මහත්තයානම් කීවෙ වෙන කතාවක්.
ReplyDeleteඇංග්ලිකන් ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයතුල සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයින් බිහිවී ඇත්තේ අඩුවෙන්.
බොහෝවිට සිදුවී ඇත්තේ වෙනත් සංස්කෘති තුල බිහිවූවන් ඇංග්ලිකන් සංස්කෘතියට හරවා ගැනීමයි. (මුස්ලිම් ආගමට හැරෙනවා වගේ)
උදාහරනයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් විද්වතා ඇමරිකා ඔරුමත්තුනාඩුවට සංක්‍රමණයවීම දැක්විය හැකියි.
මේ හේතුව නිසාම ස්ටීවන් හෝකින් මහතාට ඇංග්ලිකන් ශිෂ්ටාචාරය තුලින් ලොකු ප්‍රචාරයක් ලැබුනා.
එහිදී ඔහුගේ ආබාධිත තත්වයත් ප්‍රචාරක උපක්‍රමයක් හැටියෙට පාවිච්චි වුනා.
මටනම් ඔයගැන විචාරයක් දෙන්න තරම් විද්‍යා දැනුමක් නෑ.
කාලාම සූත්‍රයේ තියෙනවා නලීන් ද සිල්වා වගේ විඤ්ඤූන්ගේ උපදෙස්වලට ගරු කරන්න කියලා.
එහෙම අදහසක් තියෙන බවයි කිව්වේ.
උත්තරය හරිම සරලයි... යම් යන්ත්‍රයකින් නිපදවන භාණ්ඩ අතරින් එකක් නරක් වුවොත් බොහෝවිට එය අහඹු සිද්ධියක් විය හැකියි... එහෙත් එම භාණ්ඩ අතරින් බොහෝ ගණනක් නරක් වුවොත් එය යන්ත්‍රයේ වරදකි... සාමාන්‍ය සමාජය කෙසේ වෙතත් ලෝකප්‍රකට විද්‍යාඥයන් හා විද්වත් සභා විසින් ස්ටීව්ව පැසසීමයි සිල්වාගේ පැසසීමයි ගැනත් මට දැනෙන්නේ එලෙසය...
Deleteරදෆඩ්, කෙල්වින්, ෆැරඩේ, විලියම් තොම්සන්, ඩාර්වින්, ෆ්‍රැන්සිසි ක්‍රික්, ජේ ජේ තොම්සල්, ඩෝල්ටන්, පෝල් ඩිරැක්, මැක්ස්වෙල්, පීටර් හිග්ස්, රොබට් බොයිලි, අයිසැක් නිව්ටන්, චැඩ්වික්, ජූල් ආදි ලෙස බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් රැසකගේ නම් සිහිපත් වේ... එහෙත් මා සොයා නැත ඒ අය කුමන ආගමක් ඇදහූවාද කියා... එක එකාගේ ආගම, ජාතිය, කුලය සෙවීම සිල්වාගේ රාජකාරිය නිසා මා එම වැඩේ කරන්නට යන්නේ නැත... (එහෙත් ආගම් ජාති කුලමල සොයන ඔහුම පුදුමෙට මෙන් බුදු රදුන්ගේ අගසව් වන්නටද උත්සහ කරයි).
අනේ සිල්වා නොදිටි මොක්පුර!
සිල්වාගේ විඤ්ඥූ කතාව මාද අසා තිබෙනවා ඔහුම දොඩවන. විඤ්ඥු කවුරුදැයි තීරණය කරන්නේ කවුද? සිල්වාද? මාද? මෛත්‍රීපාලද? එය සමාජ සම්මතයකි. එද විද්වත්/බහුශ්‍රැත/ප්‍රඥා සමාජය විය යුතුය. එවිට විද්වත් සමාජයේ අර්ථ සීමනය කරන්නේ කවුරුන් විසින්ද? එය අතිසංකීර්ණ තත්වයකි. තත්වය කෙසේ සංකීර්ණ වුවත්, පොදු සමාජයේ අද වන විට මායිම් ගැසී තිබේ... එහි විවිධ ඓතිහාසික විවරණ එක එක්කෙනාට තිබිය හැකිය. සියල්ල තීරණය වන්නේ සමාජ අන්තර්ක්‍රියාවකින්ය. එහිදී සිල්වාගේ, ඔබගේ, මගේ මතයන්ටද බලපෑමක් ඇති කළ හැකියි; ඒවායේ බර තැබීම් අඩු වැඩි වේවි. සමාජ සම්මත හරියට ඒලෙවල් විභාගයේ ලකුණු කියන ඉසෙඩ් ස්කෝර් එක බඳුය. පවතින සමාජයේම හරස්කඩක් ලෙස සෑම දෙයක්ම ඉස්මතු වේ. එනිසා සියල්ල සාපේක්ෂ වේ. අදට වසර 2000කට පෙර සිටි විඤ්ඥුන්ට වඩා අද සිටින විඤ්ඥුන් අවශ්‍යයෙන්ම වෙනස් වේ. එය තේරුම් ගැනීමට හිටපු විද්‍යා මහාචාර්ය දැන් ආචාර්ය සිල්වාගේ ටියුබ් ලයිට් මොලයට නොහැකි වීම ඔහුගෙන් ඉගෙන ගත් සිසුන්ට සිදු වී තිබෙන සාධාරණ හෝ අසාධාරණ දැනුම් සංක්‍රමණයේ ස්වභාවය හා පරිමාව විසින් කවදා හෝ ප්‍රමාණ කළ හැකි වේවි (සමහරවිට නොහැකිද වේවි).
Deleteරදෆඩ්, කෙල්වින්, ෆැරඩේ,
Deleteඩාර්වින්, ෆ්‍රැන්සිසි ක්‍රික්, ජේ ජේ තොම්සල්, ඩෝල්ටන්, පෝල් ඩිරැක්, රොබට් බොයිලි, චැඩ්වික්, ජූල්
සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ නෙමෙයි.
මා ඔවුන් සෛද්ධාන්තික විද්‍යාඥයන් ලෙස හැඳින් වූයේද නැත... මා ස්ටීව්ගේ වටිනාකම ගැන පමනි කතා කළේ; එයත් උපමාවකින්ය...
Deleteතවද, එක්ස්පෙරිමන්ටල් හා තියරෙටිකල් යන්න 100% බෙදා වෙන් කළ හැකි එකක් නොවේ... එය හරියට දේදුන්නේ පාට 7ක් තිබෙනවා කිව්වත් එක් වර්ණයක් අනෙක් වර්ණයෙන් වෙන් වන්නේ කුමන තැනකින්ද යැයි හරියටම පැවසිය නොහැකියා සේය. පීටර් හිග්ස් හිග්ස් බෝසෝනය ගැන හෙලි කළේ පර්යේෂණයකින්ද? නිව්ටන් චලිත නියම හෙලි කළේ පර්යේෂනයකින්ද? ක්වන්ටම් න්‍යායන් ඉදිරිපත් කළ ඩිරැක් වැන්නන් ඒවා සියල්ල සිදු කළේ පර්යේෂන මඟින්ද?
ආණ්ඩුව ෆේස්බුක් ආයතනය සමඟ ඇතිකරගත් එකඟතා ගැන තොරතුරු , තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදෙනවද?
ReplyDeleteපුරවැසියකුට එය ලබා ගැනීමේ අයිතිය ඇත... එහෙත් රටේ බලාත්මක වන නීතියේ ආධිපත්‍යයක් නැති හෙයින් (ලේඩි ජස්ටිස්ව වෛශ්‍යා වෘත්තියේ යොදවන හෙයින්) ශක්තිමත් පුරවැසි සංවිධාන නොමැති හෙයින් ඒවා ලබා නොදීමට ආණ්ඩුව සමහරවිට කටයුතු කරාවි... ඉල්ලලම බලන්න.
Deleteහිග්ස් බෝසෝනය ගැන දැනගන්නෝන
ReplyDeleteක්වන්ටම් භෞතිකයේ තිබෙනවා ක්වන්ටම් ක්ෂේත්‍රයක් (quantum field) හිග්ස් ක්ෂේත්‍රය කියලා... ඒක මුලු විශ්වය පුරාම පැතිර පවතින්නක්. ඊට අමතරව තවත් ක්වන්ටම් ක්ෂේත්‍ර (හෝ ක්වන්ටම් අංශු) කිහිපයක්ම තිබෙනවා. හිග්ස් ක්ෂේත්‍රය අන්තර්ක්‍රියා කරනවා මෙම අනෙක් ක්ෂේත්‍ර සමඟත්.
Deleteහිග්ස් ක්ෂේත්‍රයේ තැනින් තැන "කැළඹිලි" ඇති වෙනවා. එම අවස්ථාවලදී තාවකාලිකව යම් ක්වන්ටම් අංශුවක් නිර්මාණය වෙනවා (පසුව නැවත එම අංශුව නැති වෙලා යනවා). හිග්ස් ක්ෂේත්‍රයේ ඇති වන මෙවැනි තාවකාලික අංශු තමයි හිග්ස් බෝසෝන් කියා හඳුන්වන්නේ.
මෙලෙසම තමයි වෙනත් ක්වන්ටම් ක්ෂේත්‍ර ගැනත් සිතිය යුත්තේ. ඒවායේ ඇතිවන තාවකාලික කැළඹිලි තත්වයන් තමයි ඒ ඒ ක්ෂේත්‍රයේ නමින් හැඳින්වෙන යම් අංශුවක් ලෙස සලකන්නේ. මෙවැනි කැළඹිලි නිසා ඇති වන තාවකාලික ක්වන්ටම් අංශු අතථ්‍ය අංශු (virtual particles) ලෙස හැඳින් වෙනවා. පරමාණුවක් වැනි ඉතා කුඩා අවකාශයක්/පරිමාවක් තුල මෙවැනි අංශු බිලියන ගණනින් තිබේවි.
එහෙත් ලස්සන තත්වයක් පවතිනවා. එනම්, ඕනෑම යම් කාල පරිච්ඡේදයක් ගත් විට යම් පරිමාවක් තුල යම් කිසි අංශු ප්‍රමාණයක් ස්ථිර ලෙසම පැවතිය හැකියි. මේවා අතථ්‍ය අංශු ලෙස සලකන්නේ නැත. මේවා තථ්‍ය/සත්‍ය අංශු (real particles) ලෙස පොදුවේ හැඳින්වේ. උදාහරණයක් ලෙස, පරමාණුවක් වැනි කුඩා ඉඩ අවකාශයක්/පරිමාවක් සලකන්න. එහි මෙලෙස ස්ථිරව පවතින ක්වන්ටම් අංශු 4ක් පවතිනවා යැයි සිතන්න. මෙතැන ස්ථිර යනු සදාකල් යන අර්ථය නොවේ.
ඉතිං ලස්සන වැඩේ වන්නේ අර අප ගත් උදාහරණයේදී තථ්‍ය අංශු ලෙස පැවතියේ අප් ක්වාර්ක් 2ක්, ඩවුන් ක්වාර්ක් 1ක්, හා ඉලෙක්ට්‍රෝන් 1ක් නම්, එය හයිඩ්‍රජන් පරමාණුව ලෙස සාමාන්‍ය විද්‍යාවේදී අප හඳුන්වනවා (ක්වාර්ක්, ඉලෙක්ට්‍රෝන් යනු ක්වන්ටම් අංශු දෙවර්ගයකි). එසේ වුවත්, එම හයිඩ්‍රජන් පරමාණුව තුල වර්චුවල් අංශු කෝටි ගණනක් වුව තිබිය හැකියි. මෙම වර්චුවල් අංශු නිසා පරමාණුවක් තුල තිබෙන ශක්ති ප්‍රමාණය ඉහල යනවා මොකද සෑම ක්වන්ටම් අංශුවක්ම යනු යම් ශක්ති ප්‍රමාණයකි.
අවසාන වශයෙන් තවත් කුඩා දෙයක් පැහැදිලි කරන්නම්. ඒ බෝසෝන හා ෆර්මියන් යන වචන දෙක ගැන. ක්වන්ටම් අංශු මූලිකව වර්ග දෙකකි. එක් වර්ගයක අංශුවලට යම් ස්කන්ධයක් පවතින අතර, අවකාශයෙන් යම් ඉඩක්ද ගනී. මෙවැනි අංශු තමයි ෆර්මියන් (fermion) කියන්නේ. ක්වාර්ක්, ඉලෙක්ට්‍රෝන, හා ඒවායේ ප්‍රති අංශු ලෙස දැනට අංශු වර්ග 24ක් තිබෙනවා ෆර්මියන් යටතේ. ඔබට පැහැදිලි වෙනවා ඇති අප පදාර්ථය ලෙස හඳුන්වන සියල්ල සෑදී තිබෙන්නේ මෙම ෆර්මියන් නිසා බව (අර ෆර්මියන් අංශු වර්ග 24නුත් 3ක් පමණි ඇත්තටම අප දකින පදාර්ථ සාදන්නේ - අප් ක්වාර්ක්, ඩවුන් ක්වාර්ක්, ඉලෙක්ට්‍රෝන). ස්කන්ධයක් නැති අංශු තමයි බොසෝන් (boson) ලෙස හැඳින්වෙන්නේ. එවැනි අංශු 12ක් පමණ තිබෙනවා. ශක්ති ලෙස අප හඳුනා ගන්නා සියල්ල සෑදෙන්නේ මෙම බොසෝන මඟිනි. උදාහරණයක් ලෙස, සියලුම විද්‍යුත් හා චුම්භක ශක්තින් (ආලෝකය, විදුලිය, චුම්භකත්වය, රේඩියෝ තරංග, රසායනික ශක්තිය) සෑදෙන්නේ ෆෝටෝන් (photon) කියන බොසෝනය මඟිනි.