Radio Beacon බීකන් යනු යම් සන්නිවේදන කාර්යක් සපුරාලන ඉතා පැරණි තාක්ෂණික උපක්‍රමයකි . යම් පනිවුඩයක් / සංඥාවක් ශබ්ද මාර්ගයෙන් හෝ දෘෂ්‍ය මාර්ගයෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ වෙනත් අයට පොදුවේ ලබා දිය හැකි ඕනෑම උපක්‍රමයක් බීකනයකි . ඒ අනුව අතීතයේදි ගිනි දැල් බීකන් ලෙස භාවිතා කර තිබෙනවා ( කඳු මුදුන්වල ගැසූ ගින්දරින් පිටවන දුම්වලින් යම් පනිවුඩ ලබා දී තිබෙනවා ). මීට අමතරව අප කවුරුත් දන්නා බීකනයක් තමයි නැව් ගමනාගමනයට උපකාරිවන lighthouse කියන්නෙත් . ඇම්බ්‍යුලන්ස් රථ , ගිනි නිවන රථ , පොලිස් රථ ආදියෙහි ඇති සයිරන් ශබ්ද හා / හෝ “වර්ණවත් සැලෙන එලි” ආදියද බීකන් වේ . විශාල කන්ටේනර් රථ ආදියෙහිද මෙවැනි බීකන් තිබෙනවා . Airport හා heliport ( හෙලිකොප්ටර් බස්සන තැන් ) වලත් මෙවැනි ආලෝකමත් බීකන් තිබෙනවා . එම බීකනයෙන් පිටවන වර්ණය අනුව පයිලට්ට පණිවුඩයක් ලැබෙනවා කුමන ජාතියේ යානා එහි බැස්සිය හැකිද කියාත් . එහෙත් අප මෙම පාඩමින් වැඩි විස්තර සොයන්නට යන්නේ ඉහත ආකාරවල බීකන් ගැන නොව . රේඩියෝ තරංග උපයෝගි කරගන්නා බීකන් හෙවත් radiobeacon ගැනයි . මීට පෙර හදිසි ආපදා සන්නිවේදනය ගැන කතා කරන විට හමු වූ EPIRB, ELT, PLB ද...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025