Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 24

Network Printer සැකසීම

මෙයද Printers ඇප්ලට් එකෙන් හෝ ඉහත වෙබ් ක්‍රමය යන දෙයාකාරයෙන්ම සිදු කළ හැකියි. මෙහි සලකා බලන්නේ කෙලින්ම නෙට්වර්ක් ස්විචයකට සම්බන්ධවන ප්‍රින්ටරයක් ඉන්ස්ටෝල් කරන ආකාරයයි (shared printer නොව). මෙවිට, ප්‍රින්ටර් එකට මැක් ඇඩ්‍රස් එකක් (ප්‍රින්ටර් එකේ ඇති ඊතර්නෙට් නික් එකේ මැක් අැඩ්‍රස් එක) හා අයිපී ඇඩ්‍රස් එකක් ලැබේ. අයිපී එක ස්ටැටික් ක්‍රමයට හෝ DHCP ක්‍රමයට ඊට ලබා දිය හැකියි. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රින්ටරයක කුඩා LCD තිරයක් සමග සෙටිංස් සැකසීමට බට්න් කිහිපයක් ඇත. මේවා ආධාරයෙන් සෙටිංස් එම ප්‍රින්ටරයේම සැකසිය හැකියි. අවශ්‍ය නම්, ප්‍රින්ටරය නෙට්වර්ක් එකට සම්බන්ධ වූ පසුව, වෙබ් බ්‍රවුසර් එකක් හරහා එම ප්‍රින්ටරයේ අයිපී ඇඩ්‍රස් එකට ගොස් එම සෙටිංස් නැවත සැකසියද හැකියි (එහෙත් මෙලෙස කිරීමට නම්, ප්‍රථමයෙන්ම ප්‍රින්ටරය නෙට්වර්ක් එකට නිසි ලෙස කනෙක්ට් වී වැඩ කරන තත්වයෙන් තිබිය යුතුයි).

CUPS ක්‍රමය මඟින් නෙට්වර්ක් ප්‍රින්ටරයක් ඉන්ස්ටෝල් කිරීමේදී, ප්‍රෝටොකෝල් (තාක්ෂණ ක්‍රමවේද) තුනක් සපෝට් කරනවා. ඔබේ නෙට්වර්ක් ප්‍රින්ටරය මෙම ප්‍රෝටොකෝල් තුනෙන් එකක් හෝ යොදාගන්නා ජාතියේ එකක් විය යුතුයි. මෙම ක්‍රමවේද තුන නම්, AppSocket (හෝ JetDirect) Protocol, Internet Printing Protocol (IPP), හා Line Printer Daemon (LPD) වේ. ඇත්තටම කල්යත්ම තව තවත් ප්‍රෝටොකෝල් මීට එකතු විය හැකියි.

මෙයින් AppSocket ක්‍රමයට ප්‍රින්ටරයක් හඳුනාගන්නේ පහත ආකාරයට ලිවීමෙනි.

socket://ip-address-or-hostname:port-number/?option=value

මෙහි socket:// යන කොටසට පසුව ප්‍රින්ටරයේ අයිපී ඇඩ්‍රස් එක (හෝ ඊට අදාල හෝස්ට්නේම් එකක් පවතී නම්, හෝස්ට්නේම් එක) ඇතුලත් කළ යුතුය. සාමාන්‍යයෙන් AppSocket හි ඩිෆෝල්ට් පෝට් එක 9100 වේ. මෙම පොට් එක වෙනස් නොකර පවතී නම්, :port-number යන කොටස අවශ්‍ය නැත. එහෙත් ප්‍රින්ටරයේ සෙටිංස් සකසන විට, මෙම පෝට් අංකය වෙනස් කර ඇත්නම්, එම අංකය : ට පසුව ලිවිය යුතුයි. සාමාන්‍යයෙන් අවශ්‍ය වන්නේ එච්චරයි. එහෙත් සමහරවිට, ඔබට අමතර සෙටිංද මේ සමග ලිවිය හැකියි. එය තමයි ?option=value යනුවෙන් දක්වා තිබෙන්නේ. අමතර සෙටිං ලියන්නේ නැතිනම්, එම කොටස ඉවත් කරන්න.

මෙලෙසම IPP ක්‍රමය ගැනත් කතා කළ හැකියි. එහෙත් එහි අනුක්‍රම 3ක් තිබේ (ඉහත තිබ්බේ එකම එක ක්‍රමය වන අතර එය socket:// ලෙස දැක්වූවා). එම අනුක්‍රම 3 වෙනස් වන්නේ ඉදිරියෙන් ලියන කොටසින් පමණි. පහත දැක්වෙන්නේ එම ක්‍රම තුනෙහිම සාමාන්‍යයෙන් ලියන ආකාරයි. මෙම ක්‍රමයේදී ඩිෆෝල්ට් පෝට් අංකය 631 වේ. වෙනත් පෝට් අංකයකට සෙට් කර ඇත් නම් පමණක්, එම අංකය :port-number යන්නට ආදේශ කරන්න. පෙර පරිදිම, අමතර සෙටිංස් ලියනවා නම්, ?option=value යන ස්ථානයේ ඒවා ආදේශ කළ හැකියි.

http://ip-address-or-hostname:port-number/resource?option=value
ipp://ip-address-or-hostname:port-number/resource?option=value
ipps://ip-address-or-hostname:port-number/resource?option=value

LPD ක්‍රමය පැරණි ක්‍රමයකි. එය සාමාන්‍යයෙන් ලියන ආකාරය පහත ඇත. පෙර විස්තර සමග මෙය කියවා තේරුම්ගත හැකියි නේද? මෙහි ඩිෆෝල්ට් පෝට් එක 515 වේ.

lpd://username@ip-address-or-hostname/queue?option=value

දැන් අපි බලමු නෙට්වර්ක් ප්‍රින්ටර් එකක් ඉන්ස්ටෝල් කරන අයුරු. ප්‍රින්ටරයේ අයිපී ඇඩ්‍රස් එක ඔබ සතුව තිබිය යුතුයි දැන්. මෙහිදීද මා Printers ඇප්ලට් එකයි භාවිතා කරන්නේ. සුපුරුදු ලෙසම එහි Add යන බට්න් එක ක්ලික් කරන්න. එවිට පහත වින්ඩෝ එක පෙනේවි. ඔබේ ප්‍රින්ටරය සපෝට් කරන ප්‍රෝටොකෝල් එක අනුව, ඉහත ආකාරවලින් සුදුසු ආකාරයකින් Enter URI යන්න තෝරා Enter device URI යන තැන ලියන්න. එසේත් නැතිනම්, වම්පස ඇති Network Printer යන්න මත ක්ලික් කර, එවිට මතුවන ලිස්ට් එකෙන් සුදුසු ප්‍රෝටොකෝල් එකක් තෝරාගන්න. එතැන් පටන් ක්‍රියාවලිය ඔබ පෙර උගත් පරිදිම වේ.


Shared Printer සැකසීම

ෂෙයාර්ඩ් ප්‍රින්ටරයක් ඉන්ස්ටෝල් කරගැනීමට පෙර, සාමාන්‍ය (ලෝකල්) ප්‍රින්ටරයක් ෂෙයාර් කළ යුතුයි. ලිනක්ස් ප්ලැට්ෆෝම් එකක පමණක් නොව, වින්ඩෝස් ප්ලැට්ෆෝම් එකක පවතින ලෝකල් ප්‍රින්ටරයක් වුවත් ෂෙයාර් කළ හැකියි. එනිසා පළමුව ඉගෙන ගමු ප්‍රින්ටරයක් ෂෙයාර් කරන ආකාරය ලිනක්ස්වල.
Printers ඇප්ලට් එකෙන් තමන් ෂෙයාර් කරන්නට කැමැති ප්‍රින්ටරය මත රයිට් ක්ලික් කර, Shared යන්න එනේබල් කරන්න (එය එනේබල් වූ විට, ඊට ඉදිරියෙන් හරි සලකුණක් වැටෙනු ඇත). දැන් ප්‍රින්ටරය ෂෙයාර් වී ඇත. එහෙත් එය කිරීම පමණක් මදියි. එම ඇප්ලට් එකේ Server මෙනුවේ Settings යන්න ක්ලික් කරන්න (පහත රූපය). එවිට එන වින්ඩෝ එකේ Publish shared printers connected to this system යන සෙටිං එකත් එනේබල් කළ යුතුයි. මෙය ඩිසේබල් කර ඇතිවිට, මෙම පරිගණකයේ ෂෙයාර් කරපු කිසිම ප්‍රින්ටරයක් නෙට්වර්ක් එකේ සිටින වෙනත් අයෙකුට භාවිතා කළ නොහැකිය. Allow printing from the Internet යන්න එනේබල් කිරීමෙන් අන්තර්ජාලය හරහා වුවද මෙම පරිගණකයේ ඇති ෂෙයාර් කරපු ප්‍රින්ටරයකට කනෙක්ට් වීමට හැකියාව ලබා දේ. මෙම සෙටිංස් ටික සැකසීම පමණක් සෑහේ වෙනත් ලිනක්ස් පරිගණකයකින් මෙම ෂෙයාර්ඩ් ප්‍රින්ටර් එක පාවිච්චි කිරීමට.


එහෙත් වින්ඩෝස් ප්ලැට්ෆෝම් එකක් භාවිතා කරන කෙනෙකුට එය විතරක් ප්‍රමාණවත් නොවේ (ඔව්, ලිනක්ස්වල ෂෙයාර් කරපු ප්‍රින්ටරයක් වින්ඩෝස්වල ඉන්ස්ටෝල් කරගත හැකියි මෙන්ම, වින්ඩෝස්වල ෂෙයාර් කරපු ප්‍රින්ටරයක් ලිනක්ස්වල ඉන්ස්ටෝල් කරගත හැකිද වේ). වින්ඩෝස් හා ලිනක්ස් අතර ඍජු කනෙක්ෂන් එකක් සෑදීමට අප SAMBA නම් ක්‍රමවේදයක් භාවිතා කරන අතර, ඔබේ ලිනක්ස් පරිගණකයේ සම්බා සේවාව ක්‍රියාත්මකව පවතිනවා යැයි උපකල්පනය කරනවා (මේ ගැන විස්තරයක් පසුවට ඇත). ලිනක්ස්වල ෂෙයාර් කරපු ප්‍රින්ටරයක් වින්ඩෝස්වල ඉන්ස්ටෝල් කර ගැනීමට සම්බා හි යම් සෙටිං එකක් සැකසිය යුතුයි. මෙම සෙටිං එක සැකසිය යුතු ෆයිල් එක වන්නේ /etc/samba/smb.conf යන සම්බා සෙටිං ෆයිල් එකයි. එය ඕපන් කර (ඇඩ්මින් බලතල සහිතව) බලන්න. සෙටිංස් ගණනාවක්ම තිබෙනවා නේද? එහි විවිධ කොටස් යටතේ තමයි සෙටිංස් ලියා තිබෙන්නේ. ඔබ එහි [printers] යන කොටස බලන්න. එහි ඇති guest ok = no යන්නෙහි no එක yes බවට වෙනස් කරන්න (මින් කියන්නේ වින්ඩෝස්වල සිටින කෙනෙකුට ලිනක්ස් පරිගණකයේ ඇති ෂෙයා්ර්ඩ් ප්‍රින්ටර්වලට පිවිසෙන්නට ඉඩ දෙන්න කියාය). දැන් එම ෆයිල් එක සේව් කර ක්ලෝස් කරන්න. ටර්මිනල් එකක් ඕපන් කර පහත දැක්වෙන කමාන්ඩ් එක රන් කරන්න (මෙයින් සිදුවන්නේ සම්බා සර්විස් එක අලුතින් වෙනස් කරපු සෙටිංස් සමග රීස්ටාර්ට් වීමයි).

sudo service samba restart (හෝ sudo service smbd restart)

දැන් සියල්ල සූදානම්. බලමු එලෙස ලිනක්ස් පරිගණකයක ෂෙයාර් කරපු ප්‍රින්ටරයක් තවත් ලිනක්ස් මැෂින් එකක (නෙට්වර්ක් ප්‍රින්ටරයක් ලෙස) ඉන්ස්ටෝල් කරගන්නා අයුරු. සුපුරුදු ලෙසම Printers ඇප්ලට් එක (හෝ වෙබ් බ්‍රවුසර් ක්‍රමයෙන්ද වුවද මෙය කළ හැකි බව ඔබ දන්නවා) රන් කර, එහි Add යන බට්න් එක ක්ලික් කරන්න. එවිට එන වින්ඩෝ එකේ Enter URI (හෝ Internet Printing Protocol හෝ) තෝරාගෙන පහත දැක්වෙන ලෙස ප්‍රින්ටර් එකේ ඇඩ්‍රස් එක (URI) ලබා දෙන්න. මෙහිදී එම ප්‍රින්ටරය සම්බන්ධව ඇති පරිගණකයේ අයිපී එකයි ලියා තිබෙන්නේ (සාමාන්‍ය නෙට්වර්ක් ප්‍රින්ටරයකට මෙන් ෂෙයාර්ඩ් ප්‍රින්ටර් එකකට තමන්ගේම කියා අයිපී එකක් හෝ මැක් එකක් නැත). PRINTER_NAME යන තැන ෂෙයාර්ඩ් ප්‍රින්ටරයේ නම ලියන්න.

ipp://192.168.0.100:631/printers/PRINTER_NAME

ඉහත ඇඩ්‍රස් එක වෙනුවට, අවශ්‍ය නම්, පහත ආකාරවලින්ද ෂෙයාර්ඩ් ප්‍රින්ටර් එකේ URI ඇතුලු කළ හැකියි. මෙහි MACHINE_NAME යනු ලිනක්ස් පරිගණකයේ hostname එක වේ. මේ එකක්වත් වැඩ කරන්නේ නැති විට, ipp වෙනුවට ipp14 යන්න අදේශ කර බලන්න.

ipp://MACHINE_NAME:631/printers/PRINTER_NAME
ipp://MACHINE_NAME.local:631/printers/PRINTER_NAME

එවිතරක් නොවේ; සම්බා ක්‍රමය ඔස්සේද ඉහත දේම සිදු කළ හැකියි. වින්ඩෝස් ප්ලැට්ෆෝම් එකක ෂෙයාර් කර ඇති ප්‍රින්ටරයක් ඉන්ස්ටෝල් කරගන්නේද මෙම ක්‍රමයෙන්ය (මෙවිට වින්ඩොස්වල එම ප්‍රින්ටරය ෂෙයාර් කර තිබිය යුතුයි). ඒ සඳහා Windows printer via SAMBA යන්න තෝරන්න. එහි Browse යන බට්න් එක ක්ලික් කරන්න. එවිට පහත අාකරයේ වින්ඩෝ එකක් ඒවි. මෙහි Refresh බට්න් එක ක්ලික් කළ විට, මෙම පරිගණකය සම්බන්ධ නෙට්වර්ක් එකේ ඇති සියලු පරිගණකවල ඇති සියලු ෂෙයා්ර්ඩ් ප්‍රින්ටර් දැක ගත හැකියි. ඉන් තමන් කැමැති ෂෙයා්ර්ඩ් ප්‍රින්ටරය තෝරාගෙන OK කරන්න. එවිට එම ප්‍රින්ටරයේ URI එක දිස්වනු ඇත. ඉන්පසු පහළින් ඇති Prompt user if authentication is required යන්න තේරුවොත්, ඉන් කියන්නේ, ෂෙයාර්ඩ් ප්‍රින්ටරය සහිත පරිගණකයට ඇතුලු වීමට පාස්වර්ඩ් එකක් අවශ්‍ය නම්, ප්‍රින්ටරයට කනෙක්ට් කරන මොහොතේ එම යූසර්නේම්/පාස්වර්ඩ් ඉල්ලා සිටින ලෙසයි. එවිට, එම පරිගණකයේ පවතින යූසර් එකවුන්ට් එකක යූසර්නේම්/පාස්වර්ඩ් ඇතුලු කළ පසු පමණයි එම ප්‍රින්ටරයට කනෙක්ට් වීමට අවසර ලැබෙන්නේ. අවශ්‍ය නම්, එම යූසර්නේම/පාස්වර්ඩ් පසුවට නොව, දැන්ම ලියා තැබිය හැකියි Set authentication details now යන ඔප්ෂන් එක එනේබල් කළොත්.


ඔබ ඉහත URI එක දැනටමත් දන්නවා නම්, මෙලෙස බ්‍රවුස් නොකර කෙලින්ම එය ලිවියද හැකිය. එහි සාමාන්‍ය ලියන ආකාර නම්,

smb://WORKGROUP_NAME/MACHINE_NAME/PRINTER_NAME
smb://MACHINE_NAME/PRINTER_NAME
smb://MACHINE_NAME.local/PRINTER_NAME
smb://IP_address/PRINTER_NAME

වේ. සම්බා ක්‍රමයේදී workgroup එකක් සෙට් කිරීමට සිදු වේ (වර්ක්ගෲප් යනු වින්ඩෝස් ප්ලැට්ෆෝම්වල තිබෙන දෙයක් වන අතර, වින්ඩෝස් පද්ධතියකට කනෙක්ට් වීමට සම්බා සේවාව මඟින් ලිනක්ස්වලටද වර්ක්ගෲප් එකක් ආරෝපණය කරයි). ඔබ ඉහත WORKGROUP_NAME යන්නට ලබාදෙන්නේ මෙන්න මෙම වර්ක්ගෲප් නමයි.

වින්ඩෝස් ප්ලැට්ෆෝම් එකක (XP, Vista, 7, 8) ලිනක්ස්වල ඇති ෂෙයාර්ඩ් ප්‍රින්ටර් එකක් ඉන්ස්ටෝල් කිරීම සිදු කරන්නේ, වෙනත් ඕනෑම නෙට්වර්ක්/ෂෙයාර්ඩ් ප්‍රින්ටර් එකක් ඉන්ස්ටෝල් කරන ආකාරයටමයි. ලිනක්ස්වල එය ෂෙයාර් කර තිබුණත් ඉන් කිසිදු වෙනසක් නැත. සම්බා ක්‍රමය ක්‍රියාත්මක නම්, එච්චරයි

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,