Skip to main content

ජනතා ආන්ඩුවක් ඇති කරමු

රටේ පවතින ජනතා සටන දැන් දැන් වෙනතකට යොමු වන බවක් පෙනෙනවා. එය වහම නිවැරදි ට්‍රැක් එකට නැවත ගෙන ආ යුතුයි.

සති ගනනාවක් තිස්සේ පැවති ජනතා උද්ඝෝසන උත්කර්ෂයට පැමිනෙමින් සිටින මොහොතක, මහා නායක හිමිවරුන්ද ඇතුලුව තවත් සමහර අය අන්තර්පාලන ආන්ඩුවක් හෝ එවැනි අටමගලයකට යා යුතු බව පවසනවා. එය නොවෙයි ජනතා අභිලාෂය. 

ව්‍යවස්ථානුකූලව හෝ පවතින නීතියට අනුව වැඩ කරන්නැයි කියන එකෙන් අනියමින් කියවෙන්නේම නැවතත් සිටිනා පාලකයන්ම එම තනතුරුවල සිටිය යුතු බවයි.

අන්තර්පාලන ආන්ඩුවට පවතින ව්‍යවස්ථාව අනුව පත්වන්නේ අනිවාර්යෙන්ම දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රින්ගෙන් පිරිසක්ම වේ. එය කිසිසේත් වෙනස් කල නොහැකියි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් පාර්ලිමේන්තු තුනෙන් දෙකක ඡන්දයෙන් එය සම්මත කර ගත්තත් එය වෙනස් කල නොහැකියි මොකද ඊට ජනමත විචාරනයක් අවශ්‍ය වේ. 

ජනමත විචාරනයක් මෙම අවස්ථාවේ කල හැකි නම් මහා මැතිවරනයක් වුවද කල හැකියිනෙ. එනිසා, අන්තර්පාලන යෝජනාව පිලිගත නොහැකියි.

මා යෝජනා කරන විසඳුමක් තිබේ. මා සිතන පරිදි පොදු ජනයාගේ අවශ්‍යතාවත් එයමයි. එනම්, මේ ජනතා උද්ඝෝෂනය ජනතා විප්ලවයක් ලෙස පිලිගෙන, ත්‍රිවිධ හමුදාවද ඊට අවනත විය යුතුයි. දැනට සිටින පාලකයන් හා දූෂිත අයුරින් ක්‍රියා කල ඉහල මට්ටමේ රාජ්‍ය නිලධාරින් තාවකාලිකව හෝ නිවාස අඩස්සියට පත් කල යුතුය.

විප්ලවයක් සිදු වූ පසු, රටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දිය හැකියි පාර්ලිමේන්තුව හරහා නොගොස් ඍජුවම ජනතා විචාරනයක් හරහා. එමඟින් චීනය, ඉන්දියාව, ඇමරිකාව, යුරෝපා සංගම් වැනි විදෙස් බලපෑම්වලින් තොරවද එම කටයුත්ත උගතුන් බුද්ධිමතුන් රටට අවශ්‍යම පරිදි එය සිදු කල හැකියි.

විප්ලවයෙන් පසු ජනතාව විසින්ම පිලිගත් දූෂන භීෂන චෝදනා නැති පිරිසක් භාරකාර ආණ්ඩුවක් ලෙස පත් කර ගත හැකිය. එම පිරිස විශ්ව විද්‍යාල ප්‍රජාවෙන්, වෙනත් වෘත්තික ප්‍රජාවෙන් හා පොදු ජනතාව අතරින් තෝරා ගත් හැකිය.

එක එකාගේ දේශපාලන න්‍යායන්ට හසු නොවෙමු. සුද්දාගෙන් නිදහස ලැබූ පසු ජනතාව ඇත්තටම තම බලය හඳුනාගත් අවස්ථාව මෙය වේ. එය අපතේ යැව්වොත් එය ලෝක අපරාදයකි. නැවත පරන අවජාතක දේශපාලුවන් තව මාස කිහිපයකින් පාලනය අතට ගන්න ඉඩ තියෙනවා.

එනිසා, ජනපති, අගමැති ඇතුලු මුලු ආන්ඩුවම ඉවත් කල යුතුයි (බලෙන්). විප්ලවයක් ලෙස පිලිගන්නේ නම්, “අරක කරන්න බැහැ මේක කරන්න බැහැ නීතියට අනුව“ වැනි පුස් වැකි අවලංගු වේ. ජනතාවගෙන් පිරිසක් තෝරා ගෙන භාරකාර ජනතා රජයක් බිහි කල යුතුය. ඉන් අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දී, ප්‍රජාතන්ත්‍රවාදි ඡන්දයකින් නව ආන්ඩුවක් බිහි කල යුතුය.

 

Comments

  1. සිංහල දේශපාලකයෝ විතරක් නෙමෙයි හොරු.
    රිෂාද් බදියුදීන්, රවුෆ් හකීම්, තොන්ඩමන් පවුල
    උනුත් හොරු.

    ReplyDelete
    Replies
    1. හොරාගේ ජාතිය, ආගම, කුලය ආදි පස්මහා බැලුම් අවශ්‍ය නැහැ. මොකා වුනත් රට කෑව නම්, ඌව උල තියන්න ඕන. එච්චරයිනෙ.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

ඉරාන යුද්ධය හා ප්‍රවාද

සෑහෙන්න දවසක් තිස්සේ ලංකාවේ පවතින තත්වය ගැන ලිපියක් ලිවීමට සිතමින් සිටියත්, එය අරාබි නිසොල්ලාසය මෙන් ඉවරයක් නැති ඉතා දිගු ලිපියක් වීමට ඉඩ තිබුන බැවින් කල් දමමින් සිටියදි, ඇමරිකානු-ඊශ්‍රායල්-ඉරාන යුද්ධයද පැන නැඟීම නිසා, ඉතා කෙටි ලිපියක් ඒ ගැන ලිවීමට සිතුනි. විවිධ දෙස් විදෙස් ජනමාධ්‍ය හා විශේෂඥයන් හා අවශේෂ පුද්ගලයන් මෙම මැදපෙරදිග ගැටුම ගැන විවිධ අදහස් පල කරනවා. "මැදපෙරදිග" යන වචනයට අමතරව මෙම කලාපය හැඳින්වීමට "බටහිර ආසියා​ව"(Western Asia) යන වචනයද නිතර අසන්නට ලැබෙනවා (විශේෂයෙන් ඉංග්‍රිසි ජනමාධ්‍ය තුල). බොහෝ අය මෙම යුද්ධය ගැන විචාර කරන්න යොදාගන්නා මූලික ක්‍රමවේද දෙකක් පැහැදිලිවම ඉස්මතු වේ. 1. ලෝකයේ (විශේෂයෙන් ලංකාවේ) දැඩි ඇමරිකානු විරෝධි මිනිස් කොට්ඨාශයක් සිටී (මොහාන් සමරනායක වැනි). ඇමරිකාව ඍජුව හෝ ඔවුන්ගේ මූලිකත්වයෙන් බිහි කරන සියලු නූතන පහසුකම් හිරිකිතයකින් තොරව බුක්ති විඳිමින්, ඇමරිකාවට වෛර කිරීම ඔවුන්ගේ ජඩ පෞරුෂය වේ. ඇමරිකාව කුමක් කලත්, ඉන් ලෝකයට හොඳක් වුවත් විනාශයක් වුවත් ඇමරිකාවට සාප කිරීම ඔවුන්ගේ ලාක්ශනික ගතිගුනයයි. ඔවුන්ට අනුව ඇමරිකාව හා ඇමරිකන් ගැති ඊශ්‍රාලය තම...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...